Posts

Showing posts from April, 2013

දු ර යි ද | ත ව

දුර ගියත් නුඹ මට හිතින් දුර වැඩි නෑ... ලඟින් හිඳ ආදරෙන් කිව බස් තවම අමතක නෑ... මතක අතරින් නික්ම යන්නට සිතට හයියක් නෑ.. මගේ හිතේ නුඹ ගත්තු ඉඩ තව වැඩි මිසක් අඩු නෑ...

ම ල කි | නු ඹ ම ට _____~'~

සොඳුර අප ආ ගියපු තැන් වල මතක තවමත් තියෙනවා... මතක අතුරින් ඇවිදිනා මගේ ඇසට කඳුලුත් උනනවා... එදා අපහට සෙවන දුන් ගස් අදත් එලෙසම තියෙනවා... හමුවෙනා උන් කින්ඩියට මෙන් අද මොකද තනියම අහනවා... මලින් බර වුන ගස් අතර මම මගේ මල තව සොයනවා... අඬන මගේ සිත හදා ගන්නට එතූ මලක පිහිට පතනවා..
යාලුවොත් හරියට ෆේස්බුක් වගේ... හිටපු හැටියේ, update වෙනවා... අලුත් features add වෙනවා.. තියෙන ඒවා remove වෙනවා... deactivate වෙනවා... Activate වෙනවා etc...
බස් එකට ගොඩවෙද්දිම "මෙන්න ඊලඟට පිලිගන්න.... සුභානි හර්ශනී මුතුකුමාරන..." බෆල් හයකින් සහ සබ් එකකින් බස් එක දෙවනත් වෙන්න සද්දේ.. ඉස්සරහම එල්ලලා ඉන්නවා සියලු දෙවි දේවතාවරු, කරන්ට් එක වදිනවට බයේ ගුලිවේලා එල් ඊ ඩී ලයිට් අස්සේ... දෙපැත්තෙන් තියෙනවා පාට පාට මල් වැල්... ටිකක් ඉස්සරහට වෙන්න තියෙනවා තඩි ස්ක්‍රීන් එකක්... ගමනාන්තය තෙක් කන් දෙකට සැප... "පානදුර කලුතර අලුත්ගම අම්බලන්ගොඩ ගාල්ල මාතර..." නයිට් රයිඩර් කාර් එකේ මයිකල් අයියා එක්ක යනවා වගේ.. බස් එකෙන් බැහැලා ටික වෙලාවක් යනකන් කන් දෙක රීන් ගානවා... :D කොහොම උනත් දකුණේ උඹලට අපි ආදරෙයි බන්..
ක්ලික් ඩබල් ක්ලික් ස්ක්‍රෝල් ටයිපින් එක්ක පුටුව උඩ ගෙවෙන අපේ ජීවිත... සිගරට් එක මල ශොට් එක චැට් එක බෝක්කුව උඩ ගෙවෙන උඹලගේ ජීවිත... වෙනස පුටුව යටින් වතුර නොබහින එක විතරයි
ඔයත් හොයන්න මාත් හොයන්නම් හමුවන්නට අපට වෙලාවක් තැනක්

save the world.

කිරි උතුරලා බෝතල් කඩලා සුදිය දැම්මට.. දන්නවාද අපි තවමත් ණයයි මේ ලෝකයට....

no more sweet dreams.

නිදි පැදුරේම මිය යන්න හිතාගෙන නිදාගත්තට... මටත් තිබ්බා හීනයක් හෙට දවසේ දිනාගන්නට...
අඩියෙන් පටන් ගත්තු මම දැන් අඩියටම යට උනේ වැඩ බැරි නිසාම නෙමෙයි...
දුර ඉන්නා හඳට කවි ලිය ලිය උන්නාට.. පාලුවේ තනිකමේ තරු ගනිමින් උන්නාට.. ඈත එන වසන්තය ගැන හීන බලමින් උන්නාට... පිස්සු උනත් ආදරය හඳුනන හදවතක් හිමිය මට...

සුභ අලුත් අවුරුද්දක් වේවා...

Image
අවුරුදු බෝනස් ඉල්ලලා ඔෆිසියේ හෙන යුද්දේ... කුසුමගේ දුවගෙ පුක මිරිකලා බිල ගෙවන්න ඉන්නකොට රෙදි කඩේ පෝලිමේ.. බාර් එකේ අරක්කු නිකන් දෙනවා වත්ද මෙදා පොටේ... එතනත් මහ සෙනග හරි හරියට පෝලිමේ... වෙනදා නැති තරම් වට්ටම් දෙනවා කඩ කාරයින් මේ සැරේ... බැං කුවෙනුත් තෑගි දෙනවලු අවුරුදු ගණුදෙනු දවසේ... කිරි ඉතුරවන්නේ කාල්ටන් නිවසේමද මෙදා සැරේ.. යාපනේ කෑම මේසෙකින් කමු කිරිබත් වෙනසකට වගේ.. අවුරුදු උත්සව ගම පුරාවට හන්දියක් හන්දියක් ගානේ.. සංගීත ප්‍රසන්ගත් තියෙනවලු දවස අවසානේ.. මැසේජස් ඇවිත් එකසිය ගානට ගාල් වෙලා ඉන්බොක්ස් එකේ.. ජනාධිපති එවපු එකකුත් තිබිලා හම්බුනා ඒ ගොඩේ... ටැග් කරලා තිබුනා පොටෝස් වල එෆ්බී එකේ කැට පිටියට රොක් වෙනවා කට්ටිය අවුරුදු කටේ... රුපියල් සීයට පොඩි චෑන්ස් එකක් වත් නැද්ද මහතුන් අයියේ... පන්ච දාන්නට, චග්ගුඩු පනින්නට එකෙක් වත් ඇයි දැන් එන්නැත්හ්ටේ.. ඔංචිලි බඳින්නට ගස් නගින්නට මට බෑ අක්කේ... අවුරුද්දට වතාවක් එන නෑදෑයින් පිරිලා ගෙදර සාලේ... නැති නෑකමුත් අරඹන්නට මේකලු කාලේ... අපි නම් අවුරුදු කෑවේ ඔහොම නෙමෙයි මගේ පුතේ... සීයා කියා දෙනවා කොලුවාට අතීත විස්තරේ... වැඩ අල්ලන
වාලුකා කතරේ මිරිඟුව සොයා ගිය මුවැත්තිය මට හමුවුනා මිර්ඟුව නොවුනමුත් මා දිය පොදක් වී පිපාසය ඇගේ සිඳවුනා.. ලැබුනමුත් දිය සිඳුනමුත් පිපාසය සොයන්නේ ඇය මිරිඟුවක්මයි.. අවැසිනම් තව දිය බිඳක් හෝ යලිත් එන්නට අවසරයි...
හඳ ගැනම නුඹ ඇයිද කවි පද තරු වලට හෙන ජෙල ඉතින්... පොහොය දිනයට අහස ජය ගත් හඳට මොන උපමා ඉතින්... අමාවකටත් හඳම හෙව්වද තරු ඇවිත් රඟදෙයි ඉතින්.. ලඟ නැතත් හඳ දුර ඉඳන් මම කවි කරමි තව තව ඉතින්...

හාරත J

කාටත් හොරෙන් මම හඳට ලිව්ව කවි... බාගෙට වැහුනු ජනේලෙන් සුළඟ විත් කියවලා... කඩේ යන තරු එක්ක හිරුට ගෙනිහින් පවසලා... වෙනදා මෙන් එලිය දෙන්න හිරුත් අදිමදි කලා... අමාවකයි අද ඔන්න හඳ කොහේද හැන්ගිලා..
පැලේ පැදුර හොරු අරගෙන ගියාදෝ... බටනලාවේ හඬ සුළඟට ගියාදෝ... පණ මෙන් රැක්ක හේන අලි බිඳ දැමුවාදෝ... පිං ගත් දෙවියන්ටත් අප අමතක උනාදෝ... සත් දොහකි ඇත්තේ අවුරුදු ලබන්නට... පොඩී එකීගෙ සිහිනය අවුරුදු කුමරිය වන්න... තව කීප දොහයි ඇත්තේ ගේ උකසට සින්න වන්න.. දෙවියනේ මගේ නැතත් ඇගේ සිහින නොඹිදින්න... රට රකිනා මහතුනේ අපිටත් අවුරුදු එනවා රජ ගෙයි මෙන්ම පැල්පතෙහිද කිරි ඉතිරෙනවා.. කුසගින්නේම පොඩි පැටවුන් නිදියනවා... හිතේ ගින්දරෙන් දින සති ගතවෙනවා...
මෝඩයෝ රැලක් එක්ක එකතු උන ගමන් අපි එතන වීරයෝ... හැබැයි ටික කලක් යද්දි අපිත් ඒ ගානටම වැටෙනවා...
ස්ප්‍රයිට්.... පා ර ක්ලියර්... ඒ උනාට, පොඩ්ඩක් කැලේ වැවිලා...
ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක්... ඒ උනත් ඇට බෝලෙකුයි පොල් පිත්තකුයි තිබ්බත් අපි ක්‍රිකට් ගහනවා... පොටෝග්‍රැපිත් ඒ වගේම තමයි....

සිහිනයකි මට ඈදරේ..

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්ම මම හැමදාමත් බලන් හිටියේ ඔය දෙනුවන් දෙසම... නොදැක්ක ගානටයි නුඹ මා මගහැරියේ හැමදාම.. හිතාගන්නවත් බෑ.. ඇයි මම නුඹට ආදරේ තවම...

කලාකරුවාණෙනි ඔබට නිවන්සුව.... !!!

Image
ඇල්පිටිය, තණබද්දෙගමදී 1945 අගෝස්තු 7 වෙනිදා එල්ලමුල්ල කපුගේ ගුණදාස උපත ලබනවා. කරණ්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයෙ න් අධ්‍යාපනය අරඹන ඔහු පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විධ්‍යාලයට ඇතුලත් වෙනවා. මුලින්ම විද්‍යා අංශයෙන් ඉගෙනුම අරඹන ඔහු, පසුව සංගීත අංශය තෝරාගන්නවා ඒ 1963දි. ඉන්දියාවේදි සංගීතය පිලිබඳ වැඩිදුර ඉගෙනගන්නා ඔහු සංගීතය පිළිබඳ උපාධියක් ලබාගන්නවා. පසුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා එක්වෙනවා. ඒ 1969 දි. 1975දී ඔහු වැඩසටහන් නිශ්පාදකවරයෙක් විදියට වැඩ ආරම්භකරනවා. රජරට සේවයේ සංගීත අංශයේ ප්‍රධානියා විදියට 1981දී ඔහු වැඩ භාරගන්නවා.. 1978දී ප්‍රේමා විතානගේ සමගින් ඔහුගේ විවාහ දිවිය ඇරඹෙනවා.. ඔහුගේ පලමු සංගීත නිර්මාණය 1973දි "දෑස නිලුපුල් තෙමා" යනුවෙන් එලිදකිනවා.. බොහොම කෙටි කාලයක් තුල එය ජනප්‍රිය වෙනවා.. ඒ ශ්‍රේණියේ ගායකයෙකු විදියට රේඩියෝ සිලෝන් එකෙන් නම් කිරීමට තරම් ඔහු ඒ වෙද්දි උසස් තැනකට ඇවිත් තිබුනා.. ටෙලිනාට්‍ය සඳහා පසුබිම් සංගීතය සැපයීමේ ඇරඹුමක් විදියට "තුරඟ සන්නිය" ටෙලි නාට්‍යය සඳහා ඔහුගේ දායකත්වය ලබාදෙනවා.. තව ඉතා ප්‍රසිද්දියට පත්වුන වේදිකා නාට්‍යැයක් වන "තා

නු ඹ | ම ම

අන්න තියෙනවා කාමරේ මුල්ලක මම ලියපු කවි එකගොඩේ... දෙන්න පුලුවනිද තෝරලා කවියක් නොගෑවුනු අපෙ ආදරේ....

අ පේ | ආ ද රේ

ඔයත් හො ය න් න මමත් හො ය න් න ම්

හි මි | අ හි මි

දුන්නු සෙනෙහස මදි උනාවද උන්නු තැන අමතක උනාවද යන්න හිත හිත මොකට ඉන්නවද සින්න උන හිත අරගෙනම යනවද

ජී වි ත ය | ක වි ය ක් (ලු )

කොයි තරම් අමාරුවෙන් උනත් කිසිම තාලයක් නැතත්.. කිසිම රසවත්බාවයක් නැතත්... අහගෙන ඉන්නට කවුරුත් නැතත්.. තාමත් මම ලියන මගේ කවිය