Posts

Showing posts from February, 2014
අද හවස කාමරේ අස් කරනකොට... වෙනදා වගේම හූනන්, කැරපොත්තන්, මකුනන් දිව්වා දස අත... වෙනදට ලොකු සීන් එකෙන් දුවන හූනන් සැම මෙන්න අද කෑගහමින් කියපි අපි "කිඹුල්" හූනන් නොවන වග... _________ ආවොතින් හොඳ ගනනකට... අම්මා තාත්තා වුව විකුණන බොදු පුතුන් වෙසෙන රටකි මේක.. _________ හැබැයි අපි විරුද්ධයි ගව ඝාතනයට..
මහා මනාප වෙන්දේසිය.. ____________________ බස්නාහිර පළාතෙන් ඡන්ද 2යි මනාප 6යි... දකුණු පළාතෙන් ඡන්ද 5යි මනාප 15යි... වැඩිම ලන්සුව සලකා බැලේ... ____________________ වැඩිවිස්තර සඳහා ඉන්බොක්ස්
මටත් මගහැරුන තැන් ඇති ඔබේ සිත් කොනේ නුඹත් මගහැරුනමුත් මගේ හිත තවමත් නුඹේ.. ටික කලෙන් විඩාපත් නොමේරුනු අපෙ ආදරේ.. තවම හිත දවනවා මතකෙට ගෙනෙමින් දෑසත් නුඹේ..
පට්ට අව්වට කාලයක් තිස්සේ වේලිලා කරවී ගිය මහ පොලවට හදිසියේම ඇද වැටුන කෙටි වැස්සේ සිසිලසින් ඉපිලගොස් ගස් වැල් දූවිල්ල පරයා නැගී සිට නැටූ හැටි.. පස්සේ ආයෙත් සුපුරුදු අව්වට වේලිලා කරවුන හැටි... _______________ ඒ වැස්සත් - නුඹේ ආදරයත් වියලි පොලවත් - තනිවුන මමත්
ඉස්සර කොළඹට කිරි ගමට කැකිරි දැන් රජ පවූලට කිරි රටටම කැකිරි
නුඹ නොදන්නවා උනත් තවමත් මගේ සිත නුඹ සොයනවා... ඉස්සර අපි ගිය මගෙහි තවමත් තනිව මම සැරිසරනවා... බලන හැම අතම තවමත් නුඹේ රුවම මට පෙනෙනවා... එදා සිටි තැනම නුඹ තවමත් සිතෙහි හොල්මන් කරනවා...
ඕනම දෙයක පූර්ණ නිරුවතට වඩා අඩ නිරුවත මාකට් ය
අවුරුද්දක් තිස්සේ බලාපොරොත්තුවෙන් ඉඳපු පාසැල් ක්‍රීඩා උලෙල මෙවරත් අවාසනාවන්ත ලෙස මගහැරුණි. වසරකට වතාවක් පාසැලතුල නිදහසේ සැරිසැරීමට, පරණ මිතුරන්, ගුරුවරුන් හමුවීමට ලැබෙන එකම අවස්ථාවද මෙයයි...
වෙනදා එක දිගට ඇසුන ටින් ටින්, චික් චික්, කිචි බිචි හඬ අතරට බෲම් බීප් බීප් හඬ එකතුවී ඇත. එදා මා දුටු පොඩි පොඩි කැලෑ ඉඩම් වල අද ගෙවල් ඉදිවී ඇත. එදා සරුසාර වෙල් එලිය අද පුරන් වී ඇත. පායන කාලෙට එල්ලේ ගසන්නට රොක්වූ කොල්ලන් අද නැත. විසිල් එකකින් හූවකින් එක්වූ මා මිතුරන් ආගිය අතක් නැත. හුලන් ඇති කාලයට අහසේ තිබූ සරුන්ගල් අද නැත. ඉස්සර එක වාරෙකට සරුන්ගල් පනහක් හැටක් වුව සෑදීමට මා මැලි නොවුනි. එය ඒතරම්ම සුන්දරවූ අත්දැකීමකි. ගෙදර ගස්වල ගෙඩි තිබියදී අල්ලපු ගෙදරක වත්තකට පැන හොරෙන් කුරුම්බා බිව්වේ, හොර කුරුම්බා එතරම් රසවත් බැවිනි. "යාලුවෝ අද නැත, වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ" ____ මතුසම්බන්දයි
ඔන්න මහ රජා ඇතුලු පිරිස නම් පාවෙන චන්ද ටිකයි, ගමේ චන්ද ටිකයි එකතුකරන ගේමට බැහැලා.. හදිසියේම තරුණ ප්‍රතිපත්ති එලිදැක්මක්, ඊයේ පෙරේදා එකසිය ගානට වැඩිකරපුවාගේ සොච්චම් අඩු කිරීමක් ඔන්න ඔහොමයි ඕයි ලංකාවේ දේශපාලනේ කරන්න ඕනේ.. "ඉල්ලලා ගනිල්ලා.. අරන් ඉගෙනගනිල්ලා"
පළමුවැනියා මමයැයි සිතාගෙන.. දැමුවා 1501ක් වැනි ලයික් එක, ඇගේ පින්තූරෙට...
අපිට වැරදුන බොහෝ තැන් අප පසු කරන් යලි යනු ඇතී... අතරමග තව රලු පරලු ගල් මාවතේ යහමට ඇතී.... දැන දැනම අප තව විටෙක රෑ වලෙත් දහවල ඔහේ පනිතී.. වැරදි මාවත් අතර යහමග සොයා යන උන් ඉඳහිට වෙතී...
ඔන්න අද හවසක් එකියක් සාරියෙන් එල්ලිලා.. කැඩී ගිය ෆේස් බුක් පෙමක් දරා ගනු බැරිවෙලා... කැඩෙන හැටියට එල්ලුනා නම් මේකෙ හැම එකාලා.. බේතකටවත් ගන්නට සාරියක් තියේවිද සොයාලා...
නුඹත් එක්ක ඇවිදන් ගියපු මගතොට තාමත් යැවෙනවා මම තනියම ඉඳහිට නුඹත් මමත් ගොඩනැගූ මතක එකිනෙක රිදවනවා තවමත් ඇවිත් මගෙ හිතට
අද හවස කාමරේ අස් කරනකොට... වෙනදා වගේම හූනන්, කැරපොත්තන්, මකුනන් දිව්වා දස අත... වෙනදට ලොකු සීන් එකෙන් දුවන හූනන් සැම මෙන්න අද කෑගහමින් කියපි අපි "කිඹුල්" හූනන් නොවන වග... _________ ආවොතින් හොඳ ගනනකට... අම්මා තාත්තා වුව විකුණන බොදු පුතුන් වෙසෙන රටකි මේක.. _________ හැබැයි අපි විරුද්ධයි ගව ඝාතනයට..
මිහිදුම් සලුතිර අතරින් එබී බලන කඳු දෙස නෙත් යොමා සිටියා සඳවත තවත් එක් පාලු රාත්‍රියක... නැතිදා ඇගේ හිමිසඳ __________________ ඔන්ලයින් ජීවිත
හිතට බර වැඩි දුක පිරුන කවි තවම ඉඳ හිට හිතට එනවා නෙතට බර වැඩි දුක පිරි කඳුලු තවම ඉඳහිට නෙතට එනවා හිතට එන කවි කඳුලින් අකුරු කර නුඹේ නමින් මෙහි ලියා තබනවා.. නුඹත් ඉඳහිට හෝ ඇවිත් මෙහි බලා යන බව මට දැනෙනවා.. වෙනදටත් වැඩියෙන් හෙටත් මට නුඹේ ආදරේ නැති දුක තව දැනෙනවා...
ඕනම දෙයක පූර්ණ නිරුවතට වඩා අඩ නිරුවත මාකට් ය
නිදහස් වෙන්න හිතාගෙන මම එකතුකරලා අපේ මතක ඔක්කොම පිරෙව්වා ලොකු බෝතලයක් පිරෙන්නම විසිකලා හිත හදන් මහ මුහුදේ ඈතටම ආපහු ඇවිත් ගෙදරට හිස් අතින් මම එබිලා බැලුවා මොකද කලබලේ ගේ පුරාවටම දෙවනි ලෝක යුද්දෙට දෙවනි නෑ එතන මට කලින් ගෙදරවිත් මතකයන් ඔක්කොම වනසනවා ආයෙත් මගේ හිත පෙර පරිදිම පිං සිදුවෙයි අරන් යන්න මේ මතක ඔයා එක්කම
කර මට්ටමේ සිට අඩිය තෙක්ම මා සෙවූ "සැනසුම" හමුවුනේ නැත තවම හමුවුනොත් කියනවද හිතවත නුඹට
අතීතෙත් එක්ක ගණුදෙනු කරන්න මට පුරුදු කලේ ඔයා... ඒත් ණයට.. ගොඩක් දේවල් මගේ පස්සෙන් ආවේ හරියට සල්ලි පොලී කාරයෝ වගේ... මම ගොඩක් වෙලාවට කලේ පොලිය ගෙවලා ශේප් උන එක මොකද ඒ ණය ගෙවලා දාන්න මම අකමැති නිසා ඒ ණයත් එක්ක මම ජීවත් උන නිසා.. මට ඉඩදෙන්න ලොකුම ණයකාරයා වෙන්න අපේ අතීතේ..
එකම ස්ටේසමෙන් එකම දුම් රියට ගොඩවෙලා එකම අසුනක ඉඳගෙන එකම දිසාවට ගිහින් එකම ස්ටේසමෙන් බැස්සට අපි ඇවිදගෙන ගියේ වෙනම දිසාවන් වලට...
ගල් මුල් වලින් උඹලා මට ගහපු අන්න තියෙනවා ගේ මම හදාපු ඉස්සර තමයි කෑවේ පාන් පරිප්පු දැන් කන්නේ ඉඳිආප්ප කොත්තු මොකද උඹලා වීලා තක්කු මුක්කු බීලා වගේ නානගේ කසිප්පු එල්ලෙන වැල් නැතිව ඉඳපු මම තමයි පහල ගමේ සුදු අප්පු
දන්නවද මට අද චොකලට් එකක් හම්බුනා... ඔව් රට ඉඳන් ආපු කෙනෙක්ගෙන්... මෙහේ ඒවට වැඩිය ඒවා රසයිලු.. නෑ මම තාම කෑවේ නෑ.. ඔයාට මතකයිද මීට කලිනුත් ඔහොම එකක් මට හම්බුනා... මාසෙකට වැඩිකාලයක් හංඟගෙන ඉඳලා ඔයාට ගෙනත් දුන්නා.. තෑන්ක්ස් කියන්නත් අමතක උනාට.. මන් ගොඩක් ආසාවෙන් බලන් හිටියා ඔයා කන හැටි... ඒත් දැන් මම මේකට මොකද කරන්නේ...
මේ සතියේ මාතෘකාව කිරිපිටි මිල වැඩිවීම... ඇයි ඉතින් අපි ඔය හරකුන්ගේ ලොකු සීන් බලන්නෙ.. උන්ගේ කිරි උන්ටම බොන්න ඉඩ ඇරලා.. පලතුරු බීමක්, තැඹිලි ගෙඩියක් බීලා ශේප් වෙමු... ___________________ හිත හදාගැනීමේ කලාව අපිට සුද්දා උගන්නලා තියෙන්නේ...
යුද්ධ කාලේ කොටියට බයේ පෙන්ශන් ගිය උන් අද හන්දියක් හන්දියක් ගානේ පෝස්ටර් වල... "රණවිරු _____ දිනවමු" එකා මත්තේ එකා මැරිලා වැටෙද්දි ඉස්සරහට ගිය උන් පොලව යට නැත්නම් ආභාධිතව ඇඳන් වල.. උන්ට කවුද වීර පදක්කම් දෙන්නේ...
හදවත සිතත් සමගින් තවමත් යුද්දේ...... නුඹ නම් තවත් නෑ ඒ ගැන කිසි සද්දේ....... නුඹ නැති දා ඉඳන් තව නෑ නින්දක් ගත්තේ...... මට විතරක් මොකද නුඹහට ඇයි දුක නැත්තේ.....
එකා පිට එකා මැරී වැටී නුඹ.. ගත් නිදහස අගේ නෑ එදා වගේ අද.. ආවොත් නැගිටලා ආයෙත් වලෙන් නුඹ.. සත්තයි ගසා දමනවා මහ රජාගෙ හිස... නිදහස කියා කිව්වත් හැමතැනම අද.. ජීවිත යුද්දය ඉවර නෑ තවමත් එහෙම වෙත... කොසොල් රජුනි සිටියා නම් නුඹත් අද.. මේවා නේද දුටුවේ මම කියනු ඇත.. අම්මව මරාගෙන කනවා රජ පවුල අද.. මේ අවනඩුව විසඳන්නේ කවුද හෙට.. හෙට උපදිනා උන් හට මෙහි ඉඩක් නැත.. පස මහ බැලුමේ මේ දේශය තවත් නැත.. අහස දෙස බලා හඬනා ලක් මෑණි නුඹ.. කියනා දේ අසන්නට උන් සිටීද හෙට.. ____________________ රට වෙනුවෙන් කැපවූ සියලු විරුවණි, නුඹ ඇදහූ ආගමකට අනුව මතු උපදින භවයකදී සැනසීම ලැබේවා
දන්නවද මට අද චොකලට් එකක් හම්බුනා... ඔව් රට ඉඳන් ආපු කෙනෙක්ගෙන්... මෙහේ ඒවට වැඩිය ඒවා රසයිලු.. නෑ මම තාම කෑවේ නෑ.. ඔයාට මතකයිද මීට කලිනුත් ඔහොම එකක් මට හම්බුනා... මාසෙකට වැඩිකාලයක් හංඟගෙන ඉඳලා ඔයාට ගෙනත් දුන්නා.. තෑන්ක්ස් කියන්නත් අමතක උනාට.. මන් ගොඩක් ආසාවෙන් බලන් හිටියා ඔයා කන හැටි... ඒත් දැන් මම මේකට මොකද කරන්නේ...
ගල් මුල් වලින් උඹලා මට ගහපු අන්න තියෙනවා ගේ මම හදාපු ඉස්සර තමයි කෑවේ පාන් පරිප්පු දැන් කන්නේ ඉඳිආප්ප කොත්තු මොකද උඹලා වීලා තක්කු මුක්කු බීලා වගේ නානගේ කසිප්පු එල්ලෙන වැල් නැතිව ඉඳපු මම තමයි පහල ගමේ සුදු අප්පු
එකම ස්ටේසමෙන් එකම දුම් රියට ගොඩවෙලා එකම අසුනක ඉඳගෙන එකම දිසාවට ගිහින් එකම ස්ටේසමෙන් බැස්සට අපි ඇවිදගෙන ගියේ වෙනම දිසාවන් වලට...