Posts

Showing posts from April, 2014
හඳට යන එන අය ගැනත් තරු වලට හරි ප්‍රශ්නයක් ඉඳලා හිටාලා හරි උනත්   ඉරට කියනව කේලමක්
ආවොත් හොඳ ගානකට දෙන්න උන් ඉන්නවා පෝලිමට ජීවිතේ උනත් සින්න වෙනවා රුපියල් සත වලට
දැනටමත් හමුදා පොලීසි මහ ජනතාවට නොමනා ලෙස බලපෑම් කිරීම පටන්ගෙන ඇත. ඉස්සර අපේ ගමේ උන්දලා රාජ පුරුශයන්ට පාරේ ඉඩ දුන්නේ කානුවට බැහැලාය. දැන් ක්‍රමයත් එයත් අතර එතරම් වෙනසක් නැත. එදා සියලු ඉඩම් වල අයිතිය රජතුමා සතු විය, වර්තමාන තත්වයද එයමයි. මහාවංශය කුමක් කිව්වද රජවරුන් කලේ තමන්ට රිසිසේ රට පාලනය කරමින්. තම පවුල සංවර්ධනය කරගැනීමයි. ඒ සියලු කරදරවලින් පීඩාවිඳි ලාංකික ජනතාව විදෙස් පාලනයට නතු වෙයි. ඔවුන්ද රජාට දෙවනි නොවීය.. මේ මහාවංශයේ අලුත් වර්ශන් එකක් ලිවිය යුතු කාලයයි.. එයත් මහින්ද සමරසිංහලා අකුරට කරගෙන යයි.. නැවතත් ලංකාව 1815ට ගමන් කරන දිනය වැඩි ඈතක නොවෙයි.. _____________________________________________________ අපි ඉස්සර වත්ත බද්දට දීලා ඇස්සට දත නියෙව්වෙමු.... දැන් රට බද්දට දී අපිටම දත නියවාගමු..
ඉස්සර, දෙමව්පියන්ට දරුවෝ බයයි... දැන්, දරුවොන්ට දෙමව්පියෝ බයයි..

ඔන්ලයින් | Kottoruwa

ඉස්සර, කෙසෙල් කඳට කෙටුවම හොට පැටලුනා... දැන්, වේලුන කඳන් වලට කෙටුවත් හොට පැටලෙනවා
හන්තාන කඳු සිපගන්නට... එබී බැලුවෙමි මිහිදුම් සලු මෑත් කර... දුර සිට එබී බලන සඳවත... සැඟවුනා වලාකුළුත් තෙත් කර
ඉස්සර, විද්දේ හාවට වැදුනේ පඳුරට දැන්, විදින්නේ ස්ක්‍රීන් එකට වදින්නේ හාවොන්ට _______________ ඔන්ලයින් | Hunting

අපි

සමහර වෙලාවට බෙදාගෙන කනවා සමහර වෙලාවට බදාගෙන කනවා සමහර වෙලාවට නොකා, කෑවා වගේ ඉන්නවා සමහර වෙලාවට කාලා, නොකෑවා වගෙත් ඉන්නවා   ඔය කොයි *දේත් අපිට නොදැනීම අපිවම කනවා
හාන්දියක් හන්දියක් ගානේ ගෙයක් ගෙයක් ගානේ හිනා වෙවී ගිය මූණු... දැන් යනවා ලොකු වාහණවල වහගෙන කලු වීදුරු.....
විලට පියුම කෙතරම් අගනේද සිත් විලෙහි පිපි පියුම නුඹ නේද හිස් අහසට හඳ කෙතරම් අගනේද සිත් අහසේ නැගුන හඳ නුබ නේද
තව හුඟක් දුර *අපිට යන්න තියෙනවා...
ඈත් මැඇත් වූ විට දුහුල් කෙටි සලුව පොලවේ ඉන්න අපිටත් පේනවා හඳේ හාවාගේ හෙලුව
ඉස්සර, Fb ආවම කරන්න වැඩක් නෑ... දැන්, Fb ආවම වැඩක් කරන්න නෑ...
වෙලාව නෑ වෙලාව මදියි කියලා, කොයිවෙලෙත් කිව්වට ඇත්තටම තියෙන්නේ උවමනාවක් නැතිකම... රන් හා සමානයි කිව්වට ඕකට පඩේක වටිනාකමවත් දෙන්නේ කීයෙන් කීදෙනාද
ඔයා ගැන හිතද්දි ජීවිතේ ගැන කලකිරීමක් ඇතිවුනත්.... මම ගැන හිතද්දි ඇතිවෙන්නේ සැනසීමක්... ඉතින් මම, මම ගැනම හිතන්න පටන්ගත්තා
මගේ මාස් පඩිය එයා, වේටර්ගේ ටිප් එකට දුන්නා..
දවසෙම පෝන් එකේ එල්ලිලා විඳින දුක දැක්කාම මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එසේ  නොවීම ගැන සතුටු උනෙමි.. හැමතිස්සේම රන්ඩු වෙවී විඳින දුක දැක්කාම මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එසේ  නොවීම ගැන සතුටු උනෙමි.. ශොපින් ගිහින් දත් ගලවද්දී විඳින දුක දැක්කාම මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එසේ  නොවීම ගැන සතුටු උනෙමි.. බාගෙට ඇඳන් යද්දී වෙන කොල්ලන් රබර් ඇහැ දාන ඒවා බලලා විඳින දුක දැක්කාම මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එසේ  නොවීම ගැන සතුටු උනෙමි.. එයගේ වැඩවලට දුවලා පැනලා විඳින දුක දැක්කාම මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එසේ  නොවීම ගැන සතුටු උනෙමි.. අනිත් කෙල්ලන් දිහා බලනවා දැකලා , රන්ඩුවෙලා විඳින දුක දැක්කාම මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එසේ  නොවීම ගැන සතුටු උනෙමි.. ඒ ඔක්කොමත් කරලා කෙල්ල දාලා ගිහින් විඳින දුක දැක්කාම මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එසේ  නොවීම ගැන සතුටු උනෙමි.. _____________________ මේ සියල්ලටම වඩා මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති එක ගැන සතුටු උනෙමි කොයිතරම් නිදහස් ජීවිතයක්ද

ජීවිතය

වැටි වැටී හරි දිව්වේ නැත්නම් අපි රේස් එක පරාදයි....
විස පෙවූ ඊතල වගේ නුඹේ පෙම වැදුනු තැන් තව පැසවමින් කකියයි... ඉඳ හිටවුවත් නුඹ කියු වදන් එකිනෙක මතකයට විත් මුලු ගතම වෙවුලයි...
රටේ මිනිස්සු හැමදාම හිඟාකන එකේ....... උන් ඡන්දේ කාලෙට විතරක් හිඟාකෑවම මොකද.....
බොරැල්ල, කොටා පාරේ, දර්මපාල මාවතට හැරෙන තැනම තොයෙනවා ටිකක් ලොකුවට හදපු බුදු මැදුරක්.. අද හවස ඔතනින් එද්දී වැස්ස ලාවට පටන්ගෙනයි තිබුනේ.. බස් එකේ ජනෙල් වීදුරුව අස්සෙන් මම දැක්කා, විදේශික තරුණයෙක් කුඩෙකුත් ඉහලගෙන, බුදුමැදුර ඉස්සරහා හිටගෙන, වැඳගෙන මොනවදෝ කියනවා.. බොහෝ විට ඔහු බුදුන් වඳිනවා වෙන්න පුලුවනි.. බස් එකේ ඉඳපු මිනිස්සු, පාරේ ඇවිදන් ගිය උන්, ඒ මනුස්සයා දිහා හැරි හැරී, ඉස්සි ඉස්සි බැලුවේ, ජීවිතේ පලවෙනි වතාවට කොල්ලෙක් බුදුන් වඳිනවා දැක්කා වගේ... ඔව් ලංකාව වගේ ලොකුවට ලොරි ටෝක්දෙන බුද්දාගමික රටකට ඕවා මැජික් තමයි..
අලුතෙන් ගස් නොහිටෙව්වට කමක් නෑ.. තියෙන ඒවා කපන්නෙපා.. වතුර කියන්නෙ ලෝකේ ජීවය..

ඡන්දය

හැමදාමත් වගේ... උන් දින්නා... අපි පරාදයි...
හාන්දියක් හන්දියක් ගානේ ගෙයක් ගෙයක් ගානේ හිනා වෙවී ගිය මූණු... දැන් යනවා ලොකු වාහණවල වහගෙන කලු වීදුරු.....

Fb සීනිබෝල lives

එහෙයි කියන ඒවට like....... නැහැයි කියන ඒවට අන්like....

ජීවිතය

සොයන්නාට හම්බ වේ