Posts

දැනෙන දුක නිවාලන්න කඳුලකට සමු දෙන්න යලිත් ඔබ පැමිණෙන්න ආදරෙන් සිප ගන්න
කවියක් ලියා බලා සිටිමි මම like එකක් වැටෙන තුරු comment එකක් වටුනොතින් එදා දවස මරේ මරු දිරි දෙන ඔබ සැමට තුති පුදමි මගෙ මිතුරු ඔබයි මා ලබා ගත් ප්‍රගතියේ සහකරු
හමුවෙන හැම විටක ආදරෙන් අමතන්න නුඹේ ඔය වදනින් මා දෙසවන් පිනවන්න කවදාඩා ඔබ එන්නේ හඬන සිත සනසන්න එකම එක වතාවක් නලලත සිඹලා යන්න දුක් කඳුලු කිසිදා එපා අපේ මේ ලෝකයට සෙනෙහසින් පිරි ගිය අපූරු නිවහනකි එය ඔප්පු තිරප්පු කිසිවක් නොමැති එහි නුබ නොවෙද එකම හිමි කාරිය
නුඹේ සිතත් දිය ඇල්ල වගෙයි ගලන සෙනෙහෙ ජල කඳක් වගෙයි මගේ සෙනෙහෙ ඒ තුල සැඟවෙයි ලොවට හොරා අපි පෙම් කෙරුවයි විටෙක නුඹ වැසි දිය හා සම වෙයි විඩාබර මගේ හද සනසයි නුඹේ සෙනෙහෙ මහ මෙරක් වගෙයි සැම විටකදි මා ලඟම රැඳෙයි මා ලඟ නුඹ සඳ සාවි වගෙයි නුඹෙ සිරියෙන් මගෙ මුලු ලොව නැහැවෙයි දෝරෙ ගලා යන මගෙ සෙනෙහෙ ඔබයි මගෙ ආදර සඳ සාවි නුඹයි හුස්ම පවා අපි ගත්තේ එකටයි නුඹෙ සුසුමේ සුව මටද දැනෙයි මගේ ලොවට ඔබ මිනි කිරණයි ඒ කිරනින් මගෙ ලොව සැරසෙයි
හඳ වඩින තුරු අහසට මුලු රැයම මග බලයි ඉඟි මරන තරු රෑන යන්තමින් එලිය දෙයි ගලා එන සුලන් රොද මොන මොනවදෝ මුමුනයි ඔබ එවන පනිවිඩද ඒ මොහොතකට මට සිතෙයි ඉතින් නුඹ තවම නෑ මගෙ හිත රිදුම් දෙයි
ආයෙමත් ඔබ එන්න මට ජිවිතේ අරන් විඳගමු එහි සිසිල උනුහුමේ තුරුලු වෙමින්...
මතකයිද මාව ගෙනාපු උජාරුව මගේ ලස්සන ගැන වර්ණනා කර කර මම ඔයත් එක්ක කොහෙද නොගියේ සමහර දවසට මම තෙම්මලා ඔය නොතෙමි ගියා සමහර දවසට මම අව්වෙ වේලි වේලි යනවා ඔයා හෙවනෙ යනවා ඔයාට විහිළු කරන අයට ගහුවෙත් මම තමයි ඉතින් ඒ දවස් වල ඉතින් මම චන්ඩියා දැන් ඒ කිසි දෙයක් මතක නෑ නේද මගේ දිහාවත් බලන්නෙ නෑ ඔයා ඔව් මම දැන් වයසට ගිහින්නේ ඉස්සර තිබ්බ ලස්සන මගේ නැහැනේ කුනු දූවිලි පිරිලා හරියට මම කර ගත්තු දෙයක් වගේ අලුතෙන් ගෙනාපු කෙනා ලස්සනයිද මටත් වඩා ලස්සනයිද කමක් නෑ ඉතින් ඔයාට හොඳ නම් ඉතින් මගේ හිතට දුකක් නෑ මම ඉතින් කුනු මුල්ලට වෙලා ඉන්නම් තව වැඩි කල් ජීවත් වෙන්නෙ නෑ මං කොහොමත් ඇත්තටම මම කව්ද...?