Posts

Valantine

Image
මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ, මේ වගේ දවස් වලට, (වැලන්ටයින් දවසට ) උදේ පාන්දරම මීටිම තියෙනවා, එතකොට ඉස්කෝලේ ඉන්න ඔක්කොම ළමයි ටික එක තැනකට එකතු වෙන නිසා, පන්තිවල කවුරුත් නෑ.. ගුරුවරු සෙට් එකක් එක්ක එකතු වෙලා පන්තිවලට පැනලා ළමයින්ගේ බෑග් අවුස්සනවා වැලන්ටයින් තෑගි හොයන්න.. ඔහොම හොයාගන්න ඒවා එකතු කරලා ලොකු පෝර බෑග් මලු දෙක තුනක දාගෙන අරන් එනවා මීටිම තියෙන තැනට.. පිනා කරන්නේ ඒවා එලියට ඇදලා ළමයින්ට පෙන්නලා ආතල් ටෝක්ස් ටිකක් දීලා පොඩි සොමියක් ගන්නවා.. එතකොට අර එකතු කරපු චොකලට්, රෝස මල්, තෑගි වලට මොකද වෙන්නේ.... ? ඒවාට ඉතින් ස්ටාෆ් එකේ කට්ටිය වග කියනවා... අදත් ඉස්කෝලේ ඔහොම දෙයක් උනේ නැත්නම් ඉතින් ලෝක පුදුමයක්..

ඉබ්බන්ගෙන් උනත් පිහාටු ගන්න විදියක් තියෙනවා.

හොඳටම දන්න දෙයක් උනත් මම ඔයාගෙන් අහන්නේ දැනගන්න ඕනේ නිසා නෙමෙයි.. ඔයාව කතාවට අල්ලගන්න ඕනේ නිසා... ඔයා කතාව පටන්ගන්නේ "ඇයි අනේ ඕකවත් දැන්නේ නැද්ද" කියාගෙන.. ඒත් එතනින් පස්සේ ලොකු කතාවක් පටන් ගන්නවා... අන්න ඒකට මම කැමතියි...

බින්දු

සින්දු කඩේ අයියාට පෙම්බැන්ද බින්දු අද උදේ පැනලා ගිහින් බන්දූ එක්ක.. ලිඳ ලඟ උදේ පාන්දරම යනවා හොට් නිව්ස් එක.. නිව්ස් අහන්න කට්ටිය සෙට් වෙන්නේ රෑ අටට.. අටට ටී වී එක ලඟ ඉඳගත්තාම නැගිටින්නේ රෑ දහයට.. ඔරලෝසුව ටිං ටොන් ගානවා පැයෙන් පැයට... උඩ ගිහින් රෑට ඇහරෙනවා ඒකේ සද්දෙට.. සද්දේ දාගෙනම හිටපු සුනිල් අයියා ගිහින් ඇතුලට.. බිස්නස් කරනවලු මිනිහා දැන් එහෙත් හරි හරියට.. හරියට ඉඳහන් කියලා අම්මා කොච්චර කිව්වත් ඕකට.. කිව්ව දේ ඇහුවා නම් අද ඉන්නවා ගමේ යසට.. යසෝ නැන්දත් දැන් අසනීප වෙනවා නිතරම.. බෙහත් ගන්න යන්නේ අන්ඩුවේ ඉස්පිරිතාලෙට.. එකෙත් ඉන්න වෙනවා පෝලිමේ පැය දෙක තුන.. වෙලාව ගත වෙනවා මහ මගටම.. මහ පාරෙත් වලවල් දැන් හරියට.. තාර දාලා දෙන්නම් කිව්වා ඡන්දේ දවස්වල.. සින්දු කඩේ ලඟ තමයි එදා තිබ්බේ මීටිම... ඔය ජර මර අස්සේ තමයි වෙන්න ඇත්තේ මේ ඔක්කොම.. අයියෝ මගේ ලොකු අක්කා බින්දූ... කිය කියා අන්ඩනවා පොඩි නංගී චන්දූ.. දැන් ඉතින් අඬලා වැඩක් නෑ චන්දූ.. හෙට අනිද්දට එයි දරුවෙක් එක්කම බින්දූ..

පහේ කල්ලියේ මිශන්

ඒ දවස් වල ඉස්කෝලේ ඇරුනේ හවස දෙකට, උදේට කිරි කොකා වගේ ඉස්කෝලේ යන අපි ගෙදර එන්නේ මඩ කොකා වගේ.. මට මතක විදියට අපි එතකොට නමය වසරේ.. ඉස්කෝලේ ඉඳන් බස් එක නවත්තන හන්දියට කිලෝමීටරයක් විතර පයින් එන්න ඕනේ.. අපිට ඔය ගමන එන්න අඩුමගානේ පැය භාගයක් වත් යනවා.. වටේ ඉන්න කෙල්ලන්නට විහිලු කර කර තමයි එන්නේ.. ඔහොම ඇවිත් 2:45 විතර වෙද්දි එනවා අපේ බස් එක, සීසන් එකෙන් තමයි අපි ගියේ.. ඔහොම ගිහින් 3:15 වෙද්දි ගෙදරට යනවා, ගිහින් මූණ සෝදගෙන තේ බීලා බත් කාලා 3:30 වෙද්දි බඩියලාගේ ගෙදරට සෙට් වෙනවා.. එහේ තිබ්බ ලොකු මිදුලක් අඩුම ගානේ අක්කර කාලක් වත් ඇති, ඕක තමයි ඉතින් අපේ ක්‍රීඩාන්ගනේ.. පොල් ගස්, අඹ ගස් එහෙම තිබ්බා.. එදා මම යද්දි ටිකක් පරක්කු වෙලා වගේ, ඒත් එකෙක් වත් පේන්න හිටියේ නෑ.. කොච්චර ලස්සනට පාර තිබ්බත් පුරුද්දට වගේ කැලේ පාරෙන් තමයි යන්නේ.. ඒක තමය් ඉතින් ශූර්ට්ම කට් එක.. ඔහොම ගිහින් බඩියලගේ ගෙවල් පත්තට සෙට් වෙද්දිම, අප්පටසිරි පෙනේ පුප්ප ගත්තු නයෙක් එක පාරටම මගේ කකුල් දෙක ලඟට වැටුනා.. පුලුවන් තරම් හයියෙන් දුවන්න හැදුවත් කකුල් දෙක වැඩ කලේ නෑ.. මීටර් එක නවතින්න ඔන්න මෙන්න තියෙද්දි, සීබා පන්නා කැ...

පහේ කල්ලියේ මිශන්

හැමදාමත් දොර අරිද්දී බරාස් ගාලා සද්දේ අහෙන නිසා මම එදා දොර හෙමිහිට උස්සලා ඇරියේ ඉස්සරහා දොර පාමුල නිදාගෙන උන්නු ටොමියාගේ නින්දටත් බාධාවක් නොවෙන විදියට. කලු පාට ඇඳුමින් සැරසුන මම හෙමි හෙමිහිට බඩියලාගේ ගෙවල් පැත්තට ඇදුනා.. පාරට බැහැලා හැරෙන්න හම්බුනේ නෑ අල්ලපු ගෙදර බල්ලා ඉන්නවා දැක්කා කලුවරේම පාර මැද, ඇයි යකෝ මේ මහ රෑ මූ ආච්චිට හාල් ගරනවද.. ආපහු හැරෙන්නත් බෑ.. ලාවට චූස් චූස් පාරක් දාගෙන යද්දි ඌ නැට්ට වනාගෙන පැත්තකට උනා.. නොදකින් තොපි වගේ ගොන් බල්ලෝ.. හොඳ වෙලාවට ඌට සිංහල බෑ.. මන් හෙමිහිට බඩියලාගෙ ගෙවල් කිට්ටු කරද්දීම මම දැක්කා රතු පාට කනාමැදිරි එලි වගේ මොනවද නිවි නිවී පත්තු වෙනවා.. කොයි ලෝකෙද බොල රතු පාට කනාමැදිරි ඉන්නේ... ආහ් ඔය එන්නේ බොබාගේ පත්තුවෙන මලේ සුවඳ.. කට්ටිය බරටම වැඩ.. ඒයි බොබා කෝ බඩියා.. මම හෙමිහිට කනට කරලා ඇහුවා.. අර ඉන්නේ තොගේ ඇස් පොට්ටද.. ඌ කෑල්ල එක්ක මලක.. මැක්කා, සීබා එහෙමත් අද කලින්ම ඇවිලා.. පුදුමයි තොපි දෙන්නා අද වෙලාවට ඇවිලා... එහෙම තමයි ඕයි අද මගුලක යන්නනේ ආවේ.. මගුලක් වෙයිද මලගෙයක් වෙයිද.. කෙල්ලගේ තාත්තා එහෙම හිටියොත් උඩ දාලා වෙඩි තියයි ඕයි.. ...
මියදෙන්නට යන හදවතට ඉසින්නට සෙනෙහෙ දිය බිඳක් නුඹ මැලි උනාට.... මතකද එදියෙන්ම නුඹේ හද නැහැව්වා මම පෙර දවස..
මගේ ජීවිතෙත් එක්ක බැඳුනු හදවත පුරාම ලියවුනු සුඳරතම බලාපොරොත්තුවක් තිබුනා.. අදටත් තියෙනවා.. මගේ හදවතේ හැමදාමත් ජීවත් වෙන ඔයාව.. එකම එක මොහොතක් හරි ඇස් දෙකෙන් දැකගන්න.. හීනෙන් මවපු ඔයාගෙ සුවඳ එක මොහොතකට විඳගන්න...