Posts

ආපහු කියව කියව වැරදි හදනවට වඩා ලේසියි, අලුතෙන්ම ලියන එක... ජීවිතේ කියන්නේ පොත් කබඩ් එකක්... හරි පොත තෝරගෙන හිතේ හැටියට ලියන්න.., එක එක්කෙනාට පොත් පෙරලන්නේ නැතිව.. ගිවිසුම් නැති හවුල් ව්‍යාපාර ඉක්මනින් නැසෙනසුලුය.. නොපමාව තනි පුද්ගල ව්‍යාපාරම කරන්න...
අපි ජීවිතේ ගොඩක් විභාග අසමත් වෙන්නේ නොදැනුවත්කම නිසාම නෙමෙයි... දන්නවා වැඩිකම නිසා...
අහන් ඉන්න.. අහගෙන ඉන්න.. එනවද.. ආසයි මට... ඔහේ කියවන්න.. හිත අස්සේ ගුලිවෙච්ච.. යල්පැනගිය හැඟීම් එකින් එක පිලිවෙලට... පැන්නොතින් පෝලිම්.. තෙරපුම වැඩිකමට... සමාවෙයන් මගේ බ්‍රේක් නැති හදවතට..
දෙනවද මට ඔයාගේ පෑන පොඩ්ඩකට... මටත් ආසයි ලියන්න ඔයා වගේ ලස්සනට...
ගස්ලබු කනගමන්.. රට ඇපල් වලට ආදරය කරන අපි... ඇතිදේට වඩා නැතිදේ ගැන සිතන අපි...
නෙතට බර වැඩි කඳුලු බිඳුවක් කොයිවෙලෙත් නෙත තෙමනවා.. සිතට බර වැඩි හැඟුම් පොදි ගෙන නුඹට කවියක් ලියනවා... ලියවෙනා කවි එකක් නෑරම නුඹත් ඇවිදින් බලනවා... මට හොරෙන් නුඹ ආව ගිය වග සුපුරුදු නුඹේ සුවඳ මට කියනවා...
මට හරිම interesting ඔයාට පට්ට boring මගේ කතාව