Posts

ඉස්සර මම කියන ඒවා හදවතටම දැනුනත්... දැන් කියන ඒවා යන්තම් හරි ඇහෙන්නෙත් ඉඳ හිට

පව්කල ගොනෙ ඇදපන් හපුතල් යනවා.. චහ්.. චහ්..

රුපියලේ අගය නැවතත් දෙකයි දශම ගනනකින් අවප්‍රමාණය වී තිබේ.. එක් කොටසක් කැසිනෝ හරහා රටේ ඇති කරන්නට බලාපොරොත්තුවන සංවර්ධනයක් ගැන කතා කරන අතර තව කොටසක් එහි අඩු පාඩු ගැන කතා කරති.. වර්තමාන ආන්ඩුව ගත් තීරණයක් කිසිම හේතුවක් නිසා වෙනස්වූ අවස්තාවක් නම් මට මතක නැත.. කැසිනෝ ශාලා හරහා තවත් බොහෝ රැකියා අවස්තා ඇතිවන බව ආන්ඩුවේ ආර්ථික ෆකීර්ලාගේ අදහසයි.. ඔව්, රුපියල් දෙතුන් දාහට දීපු උන්ට, ඩොලර් වලට දීමට හැකිවනු ඇත.. (යූ නෝ වට් අයි මීන්..) කොළඹ කොටුවේ හා, කොම්පඤ්ඤවීදියේ මේවා ඉදිවීමට නියමිතයි.. ලංකාවේ අයට තහනම් යයි පැවසුනද, කල් ගතවන විට පෙනේර වල සිදුරු ලොකු වීම එහතුවෙන් ලංකාවේ සල්ලිකාර අයියලාත් ගේමට බහිනු ඇත.. ආන්ඩුව කොහොමත් ලොස් වෙන්නේ නැත, ගමේ කෝපි කඩේ දාන් අදින උන්ගෙන් බදු අයකරගෙන හෝ සියලු අලාඹයන් පියවාගන්නට පුලුවන.. "රටේ පාරවල් ටික හැදෙනවා, පාලම් බෝක්කු ටික හැදෙනවා, ගුවන්තොටුපල වරායවල් හැදෙනවා හවසට ජොගින් යන්න ට්‍රැක් හැදෙනවා.. රනිල් හිටියා නම් ඕකවත් කරයිද... යුද්දේ අවසන් කරපු එකම කොයිතරම් නම් දෙයක්ද.." අපේ ගොන් බයියලාගේ තර්ක අතර ඕවා ප්‍රධාන තැනක් ගන්නවා.. කෙසේවෙතත් ...
මල් බයිසිකල් කස කාරයන් ඉස්සර කරන් එන පෙරහැරවල් ගිහින් ඉවරයි කියලා අපි දැනගන්නේ බලන්න ආපු උන් ආපහු යනවා දකිද්දි _____________ පසුවදන මිසින්ග්
අපි ලව් කරමුද නැගෙනහිරින් නගින ඉරට හඳට බස්නාහිරෙන් බැස යන බව අමතක කොට
ඇවිදගෙන ගිහින් අනන්තය වෙත.. වෙනද වාගෙම අතින් අල්ලගෙන.. කොච්චර ලඟින් උන්නාද අප.. අපිටම වෙන්වූ සොඳුරුම ලෝකෙක.. ඇහැරුනේ මට එලාම් එකේ සද්දෙට..

ඇනුම්පද

වාඩිවී සිටිනා තුරු ඒක තමයි තියෙනා වටිනම අත්ත... වෙන අත්තකට පැනගත් දා ඒක තමයි තියෙනා වටිනම අත්ත... තාච්චියේ සිටි හැටි ආප්පෙට අමතක වීමයි ඇත්ත...
සාමලා අමරලා පොත්වල තව ඇත එන එන අය හා යාලු වෙතේ...