Posts

1st anniversary...

තැලී පොඩිවී රිදුන හද වෙත එබී බැලුවේ නුඹයි සඳවත ජීවිතේ නොපෙනෙනා ඉම වෙත යාමටයි නුඹ ගත්තේ මගේ අත සිනහවට වැඩියෙන් කඳුලු ඇත ජීවිතේ අප ආ ගමන් මග යාමටද තව බොහෝ දුර ඇත රැගෙන යමි නුඹ අනන්තය වෙත මසිත ලැතැවුල් නිවන ඔසුවකි නුඹ අඳුරු මාවතෙ පහන් සිල නුඹ දිවි ගමනේ පවසට සිහිල් පැන් නුඹ මා වටේ ගැවසෙන සිහිල් සුළඟයි නුඹ මා දකින සිහිනයක් වේ නම් මා විඳින යම් සුවක් වේ නම් මා දිනන යම් දෙයක් වේ නම් ඒ නුඹම බව හඬගා කියමි මං
ගොනා හැරෙන්න කලින්, පොල් පැලේ දැනගන්න ඕන ශේප් එකේ මාරු වෙන්න...
කාටත් හොරෙන් උදේ රැයින් හීනෙන් ගිහින් ඉඳගන්න ආසයි හුරුපුරුදු ඩෙස්ක් එකෙන්... හතිවැටෙනකන් උනුන් සමගින් දුවන්නට ආසයි පැන වැට කඩුලු මතින්.. අපි බැහැපු වලේම ඉන්නවා මචං තව උන් ඉඩක් නෑ අපිට දැන් එක්ස්පයර් වෙලා බන්
සඳ නොමැති සමහර දිනක දිලුනත් අහසේ තරුකැට දසත පිරවිය හැකිද එකඳු තරුවකට සඳ නොමැතිව දැනෙන අඩුව අහසට
එක පතේ කාගෙන හිටියත්, දෙකට තුනට බෙදෙන්න එක හේතුවක් උනත් ඇති අපේ උන්ට...
ජීවිතේ පහුකරගෙන ආපු සමහර දේවල් හරියට සොහොන් ගල් වගේ....  මතක සැමරුම් ඉතිරිවෙලා තිබුනට, මතක නෑ..

අම්මා...

දවස පුරාවට මේරූ කඳුලු කැට මහ වැස්සක්වී බිමට හෙලන අම්මා...