Posts

Image
පෝයටත් රටේ මහ එකා දඩයමේ ගිය රටකට ඇවිත් ඇස් පෑදුවාට බොහොම ස්තූතියි..
මිනිස්සු හඳුනගන්නවාට වඩා මිනිස්සු හඳුනාගන්න එකයි වටින්නෙ... ---- දෙකම එකයි වගේ පෙනුනට, ලොකු වෙනසක් තියෙනවා..
අන්තිම පේලියේ උන් අතර තියෙන සහෝදරකම් ඉස්සරහා පේලියේ උන් අතර බලාපොරොත්තු වෙන්න එපා මචං මොකද ඒ පේලි දෙක අතරේ තවත් පේලි ගොඩක් තියෙනවා..
උඹ මම විතරක් නෙමෙයි මචං අපිත් හරි වෙනස්...
හැමෝම කැමති වීරයට, දුෂ්ටයට කවුරුත් කැමති නෑ. කතාවේ රඟපාන උන් විතරක් නෙමෙයි, බලන උනුත් එහෙමයි..
ගොයම් පාගා අස්වනු ගෙට ගත්දා හැමෝන්ටම කන්නට බත තම්බා දුන්නේ නුඹයි මැණිකේ.. ගංවතුරට කුඹුර යටවී කුඹුරට උඩින් ගම්මු ඔරු පදින අතරේ තිබුන දෙයක් තම්බා කුසගිණි නිව්වේ නුඹයි මැනිකේ... නියඟෙට අහුවෙලා කුඹුරු ඔක්කෝම වේලී ගියදා ගම්මුන්ගේ එල්ලේ ගහන අතර දුක බෙදාගන්නට ලඟ හිටියේ නුඹයි මැණිකේ..
පෝය ලබනකන් බලන් ඉන්නවට වඩා අමාරුයි.. එදාට හඳ පායනකන් බලන් ඉන්න එක.. මං කොහොමත් ආදරේ කරේ හඳට මිසක්  පෝයට නෙමෙයි..