දන්නවද

මට අද චොකලට්
එකක් හම්බුනා...

ඔව්
රට ඉඳන් ආපු කෙනෙක්ගෙන්...

මෙහේ ඒවට වැඩිය ඒවා රසයිලු..

නෑ මම තාම කෑවේ නෑ..

ඔයාට මතකයිද
මීට කලිනුත්
ඔහොම එකක් මට හම්බුනා...

මාසෙකට වැඩිකාලයක්
හංඟගෙන ඉඳලා

ඔයාට ගෙනත් දුන්නා..

තෑන්ක්ස් කියන්නත්
අමතක උනාට..
මන් ගොඩක් ආසාවෙන් බලන් හිටියා

ඔයා කන හැටි...

ඒත් දැන් මම මේකට මොකද කරන්නේ...

Comments