___මගේ සිහිනය..

පාලුව දැනෙන
හැඳෑවක
අත් අල්ලාගෙන..

ඇවිද යමුද
අපි අපේම
සිහින කොදෙව්වට...

සැමට හොරෙන්
යෙදෙමුද අපි
සොඳුරු කතාවක..

ඒ සැමගෙන්
ලියමුද අපෙ
ජීවිත පොත....

සුන්ඳරතම
කතා පොතක්
නොවෙද මිහිරියේ එය....

වැස්සේ නැතත්
අප සිටිනා
සොඳුරු ඉසව්වට....

කුඩේ යටින්
ඇවිද යන්න ආසයි මට
අරගෙන නුඹේ අත....

මතක නේද
මම ආසම කරන
වචන තුන....

තවත් වරක්
මුමුනනවද
මගේ කනට කර....

Comments