වැහිදාට
කඩදාසි ඔරුවක් හදන්න
ඒකෙ නැගල
ගම වටේ රව්මක් යන්න

හඳ නැති රැයක
පහනක් දල්වන්න
එ එලියෙන්
නුඹේ මුව මඩල දකින්න

පාලු දැනෙන හැන්ඳෑවක
ගීයක් කියන්න
නුඹ එන විට
තනුවත් අරගෙන එන්න

මුලු ජීවිත කාලෙම
සතුටින් ඉන්න
නුඹ එන විට
ආදරේ අරගෙන එන්න

Comments

Popular posts from this blog

අද මා ලග නැත නුඹ.........