දවසක් සැන්ඳෑ යාමෙක
බලා උන්නා මම මහ සයුර දෙස...
උඩ බැලුවම හිතෙනවා..
අහස තියෙන්නේ
කොච්චර නම් දුරින්ද කියලා......
ඒත්..
ඈත මුහුද කොහොමද
අහසෙ ගෑවෙන්නේ...
මම පොඩි කාලෙ
අම්මගෙන් ඇහුවා
මට තාම මතකයි...
එදත් මේ මුහුද
ඒ වගේමයි....
මට දැනෙන්නේ එහෙමයි..
මිනිස්සු කොච්චර නම්
වෙනස් වෙලාද...
ටිකක් ලොකු රැල්ලක් දැක්කම
මගේ මතකයට ආව
සුනාමි දවස.....
කවදාවත් නැතිව
මුහුද ගොඩක් ඈතට ගිය....
එ ටික වෙලාවට
කී දෙනෙක් නම් මායිම් ගහගෙන
තමන්ගෙ ඉඩම් කොටසට
රන්ඩු උනාද...
වැඩි වෙලාවක් ගියේ නෑ...
මුහුද ගොඩට ආවෙ
ඒ මායිම් විතරක් නෙමෙයි
හැමදෙයක්ම අකුලගෙන....
ජීවිත දහස් ගනනක් බිලිගෙන....
මගෙ ජීවිතේ ලබපු
පුදුමාකර අත්දකීමක්...
එත් ඒක ආයෙත් විඳගන්න නම්
මගේ හිතේ කිසිම අදහසක් නෑ....
මුහුදට විතරක් නෙමෙයි
මිනිස්සුන්ටත් දැන්
ඒකෙ වගක් නෑ....
පරන කෝන්තර හිතේ
තියන් ඉන්න එක
කොහොමත් හොඳ නෑ....
Comments
Post a Comment