දනුනා මහ දුකක්..
දුටුවා අවිදින් ගොස් ඇතිබව
නුඹ මටත් හොරෙන්..
ගැලුවා නෙත පිරි කඳුලක්
දෙකම්මුල් තෙත් කරමින්
කාටත් හොරාම..
හිතුනේ නැතිද
මොහොතකටවත් නුඹට..
අමතන්නට මා
එකම එක වතාවක්..
නොකර ඉන්නෙ නැහැ නුඹ
බලා සිටි අයුරු දන්නවානම්...
දෙනෙත් කඳුලින් පුරෝගෙන
ටික දිනක සමුගැන්ම
දැනුනා නම් මෙතරම්
වේදනාවක් වන වග...
දෙන්නෙ නෑ ඉඩක් නුඹ හට
මොහොතකටවත් ඈත් වන්නට...
ඉතින් සඳවතියේ....
එකම වරක් තව පායන්න,,
සැමදා සිත් අහසේම ඉන්න..
කිසිදා බැස යන්න,
එපා නුඹ මොහොතකටවත්
සිතන්න.....
....~වස්සාන සිහිනය~.....
දුටුවා අවිදින් ගොස් ඇතිබව
නුඹ මටත් හොරෙන්..
ගැලුවා නෙත පිරි කඳුලක්
දෙකම්මුල් තෙත් කරමින්
කාටත් හොරාම..
හිතුනේ නැතිද
මොහොතකටවත් නුඹට..
අමතන්නට මා
එකම එක වතාවක්..
නොකර ඉන්නෙ නැහැ නුඹ
බලා සිටි අයුරු දන්නවානම්...
දෙනෙත් කඳුලින් පුරෝගෙන
ටික දිනක සමුගැන්ම
දැනුනා නම් මෙතරම්
වේදනාවක් වන වග...
දෙන්නෙ නෑ ඉඩක් නුඹ හට
මොහොතකටවත් ඈත් වන්නට...
ඉතින් සඳවතියේ....
එකම වරක් තව පායන්න,,
සැමදා සිත් අහසේම ඉන්න..
කිසිදා බැස යන්න,
එපා නුඹ මොහොතකටවත්
සිතන්න.....
....~වස්සාන සිහිනය~.....
Comments
Post a Comment