Posts

Showing posts from January, 2016

1st anniversary...

තැලී පොඩිවී රිදුන හද වෙත එබී බැලුවේ නුඹයි සඳවත ජීවිතේ නොපෙනෙනා ඉම වෙත යාමටයි නුඹ ගත්තේ මගේ අත සිනහවට වැඩියෙන් කඳුලු ඇත ජීවිතේ අප ආ ගමන් මග යාමටද තව බොහෝ දුර ඇත රැගෙන යමි නුඹ අනන්තය වෙත මසිත ලැතැවුල් නිවන ඔසුවකි නුඹ අඳුරු මාවතෙ පහන් සිල නුඹ දිවි ගමනේ පවසට සිහිල් පැන් නුඹ මා වටේ ගැවසෙන සිහිල් සුළඟයි නුඹ මා දකින සිහිනයක් වේ නම් මා විඳින යම් සුවක් වේ නම් මා දිනන යම් දෙයක් වේ නම් ඒ නුඹම බව හඬගා කියමි මං