Posts

Showing posts from September, 2011
අලුතෙන් ගෙනා බිරිය සතුටින් තියන්නට
ඇගෙ නැන්ඳම්මා පැන්නුව ගෙදරින් එලියට
ඒ තමන්ගේ මව බව දැනුනෙ නෑ උගෙ හිතට
බිව් කිරි වල රස අමතක උනා වත්ද පුතුට
ලෝකේ ගෝලාකාරයි නම්..
මිනිස්සු විවිධාකාරයි නම්..
ඒක තේරුම් ගන්න බැරි නම්...
රෑ වලේම දවල්ටත් පනිනවා නම්...
උඹට ඉතින් තවත් කියන්නේ නැ මං නම්...

දවසක් සැන්ඳෑ යාමෙක බලා උන්නා මම මහ සයුර දෙස...
උඩ බැලුවම හිතෙනවා.. අහස තියෙන්නේ කොච්චර නම් දුරින්ද කියලා......
ඒත්..
ඈත මුහුද කොහොමද අහසෙ ගෑවෙන්නේ...
මම පොඩි කාලෙ අම්මගෙන් ඇහුවා මට තාම මතකයි...
එදත් මේ මුහුද ඒ වගේමයි.... මට දැනෙන්නේ එහෙමයි..
මිනිස්සු කොච්චර නම් වෙනස් වෙලාද...
ටිකක් ලොකු රැල්ලක් දැක්කම මගේ මතකයට ආව සුනාමි දවස.....
කවදාවත් නැතිව මුහුද ගොඩක් ඈතට ගිය.... එ ටික වෙලාවට කී දෙනෙක් නම් මායිම් ගහගෙන තමන්ගෙ ඉඩම් කොටසට රන්ඩු උනාද...
වැඩි වෙලාවක් ගියේ නෑ... මුහුද ගොඩට ආවෙ ඒ මායිම් විතරක් නෙමෙයි හැමදෙයක්ම අකුලගෙන.... ජීවිත දහස් ගනනක් බිලිගෙන....
මගෙ ජීවිතේ ලබපු පුදුමාකර අත්දකීමක්...
එත් ඒක ආයෙත් විඳගන්න නම් මගේ හිතේ කිසිම අදහසක් නෑ....
මුහුදට විතරක් නෙමෙයි මිනිස්සුන්ටත් දැන් ඒකෙ වගක් නෑ....
පරන කෝන්තර හිතේ තියන් ඉන්න එක කොහොමත් හොඳ නෑ....
මම කවදාවත් ඔයාට එහෙම
නොකරන නිසා....

ඒක කොච්චර අමාරු
වැඩක්ද කියලා ඔයාට
තේරෙන්නේ නෑ....

ඔයා ඒක කරද්දි
මම ඒක කොච්චර
ආමරුවෙන්ද
නොකර ඉන්නේ කියලා ඔයාට
දැනෙන්නේ නෑ....

ඒ ඉවසන ඉවසීම
කොච්චරක්ද කියල ඔයාට
කව්දාවත් දැනෙන්නේ නෑ...

මම වගේම ඔයාටත්
ඒක කරන්න කියලා
මට ඔයාට බල කරන්නත් බෑ....

ඒක එච්චරම
අමාරු වැඩක්
නෙමෙයිනෙ නේද......
.
.
.
.
චැට් එකක් එව්වම
පුලුවන් ඉක්මනින්
රිප්ලයි කරන්න
පුරුදු වෙන්න........
මගේ හිත
රත්ත්වුන
කබලක් වගෙයි...

බලාපොරොත්තු
පිපිරිලා යන්නේ
අබ ඇට වගෙයි...
ටික් ටික් හඬ
ඇහුනද ඔයාට.....

ඉතින්....

ඇයි මේ තවත්
අබ ඇට ගොඩක්
අතේ තියාගෙන

දාන්නද යන්නෙ
කබලට....

ආසයිද අහන්න
ඒ ටික් ටික් හඬ...

ම්.... ම්......

එහෙනම් දාන්නකො බලන්න....
මොකටද
අප්පා
මෙහෙම
ජීවත් වෙලා...

කොයි තරම්
නම් හිතිල
ඇත්ද මට...
එහෙමට
මැරුණ නම්
මම........
.
.
.
.
.
.
ඔයා ඔන්ලයින් ඉන්නවා දැක්කම
මම කරන්නේ
ඔක්කොම වැඩ
පැත්තකට දාලා
ඔයත් එක්ක
චැට් කරන එක....

ඔයා කරන්නේ
මාව පැත්තකට දාල..
අනිත් වැඩ
ඔක්කොම කරන එක...
නුඹ එනතෙක් බලා හිඳින
මා නෙත් තෙත් වූයේ කිම
ඒ නෙත් මත නුඹේ රුවම
සිත්තම් වී දිලුනේ කිම
ලියන්නට ආසයි මට
පෙම් හසුනක්.....
දහසක් සිතිවිලි
එක් තැන් කරමින්...
එත් ඒක කවදා
ඔයාගෙ අතට ලැබෙයිද
කව්ද දන්නේ

නෑ නෑ...

එවන්නම් මම
එස් එම් එස් එකක්....
ඒත් එච්චර කෙටියෙන්
කොහොමද හැමදෙයක්ම
කියන්නේ මම

නෑ නෑ....

ගන්නවා මම
කෝල් එකක්....
ඒත් ඉතින්
ඔය විනාඩි දෙක තුනට
මොනවා කියන්නද...

නෑ නෑ....

අපි හම්බවෙලාම
කතා කරමු....
නිදහසේ...
මොනවා කතා
කරගන්න බැරිද....

පියුම් කාරයගෙ
ආඩම්බර බලන්න ඔනත් නෑ...
ඩයලොග් කාරයට
ණය ගෙවන්න ඔනත් නෑ...

ඒක කොච්චර සිම්පල්
ප්ලෑන් එකක්ද....


~~වස්සාන සිහින~~
දෙයක් හම්බකර ගන්නවට වඩා
අමාරුයි ලු ඒක
රැකගන්න එක......

සිල් සමාදන් වෙනවට වඩා
අමාරුයි ලු ඒක
රැකගෙන ඉන්න එක....

රජ වෙනවට වඩා
අමාරුයි ලු රජකම
රැකගෙන ඉන්න එක....

ඊට හපන්
මේක.....
....
....
....
අද කාලෙ
යන්තම් හරි
ජීවිතේ ගැටගහගෙන
ඉන්න එක.....


ආලෝකය දෙන
පහන්සිලේ.....
ආසයි ඉතින් මට
බලා හිඳින්නට...
සුළගට වැනෙනා
නුඹේ වත දෙස...
කහ පැහ වතට උඩින්
විටකදි දිස් වේ නිල්
පැහ එලියක්...
ලඟින්ම ඉඳගෙන
විඳින්නෙමි නුඹේ
පහස මම...
නුඹට නොරිදෙන්නට
මා සිත් සේ....

~~වස්සාන සිහින~~
සුළඟක් වෙලා
ඔබ ගියාට නොකියාම...
මා සිත තුලම
රැඳුනා නුඹ් පෙරසේම......
නුඹ සිත රිදී
ඇති බව මට දැනුනාම...
හඬා වැටුනි
මම කාටත් රහසේම....

සඳ බැස ගියා වත්ද
අහසට නොකියාම...
හඬන සිත මගෙන්
විමසනවා නුඹ ගැනම....
මසිත සනසවන්නට
එන්නෙද නුඹ පෙරසේම....
කෙදිනක හෝ යලිත්
නුඹ එන වග දනිමි මම....

සිතට දැනෙනා දුක
නුඹට පවසන්නේ කොහොම...
එයද නුඹට දුකක්
ගෙනදේවි අපමන...
නොහඬනු මැනවි
මා වෙනුවෙන් කිසිදාක...
හිනැහෙනු මැනවි
නුඹ සිත්සේ හැමදාම...

ජීතයට ඇති එකම
සැනසුම නුඹයි මට...
නුඹ වෙනුවෙන් මම
ගෙතුවෙමි පදවැල් එමට....
නුඹ මගෙම වී
මා වෙත එනදාට....
සිත සතුටින් ඉපිල යයි
කිසිදා නොවුන විලසට...


~~වස්සාන සිහින~~





Image
සතියකට වරක් පමනක් මම දකින මගේ අම්මා නුබේ සිත මම ලඟ බව දනිමි මම නිම්මා මතු බුදු වන්නට එපා මගෙ රත්තරං අම්මා ලබනා හැම භවයෙදිම මගෙම වෙන්න අම්මා....
සිත තුල
ගොලු උන
දහසක් සිතිවිලි
කැටි කොට ලිව්වෙමි
පොතක් පිරෙන තුරු...

කඳුලෙන් තෙත් වූ
දෑස් පිහ බැලුවෙමි
නැවත වරක් මම...

ලියූ කවි
කිසිත් නැති..
පොත පුරාවටම
අත්තේ නුඹේ නම
පමනකි....

අත්තටම එයත්..
ලස්සනම
කවියක් නොවෙද මට...


~~වස්සාන සිහින~~



සිත රිදවන පද වැල්ම
ඇයි නුඹගෙන් ලියවෙන්නේ...
එය දකිනා මා සිත
රිදෙනා වග නැතිදෝ
දැනුනේ....
රෝදෙක හුලන් ගියත්...
ගහක අත්තක් පාත් උනත්..
ටිවී එකට ඇන්ටනාව හයි කරන්නත්..
කොම්පියුටර් එකෙන් සින්දු අහන්නත්...
බස් එකකේ කෝච්චියේ ගියත්.....
...
අපේ කට්ටිය ගහන්නෙම ඉතින්.....
.....
.....
.....
.....
.....
.....
.....
.....
ජැක් එක තමයි........
ඇසුනේ නෑ මට අද
නුඹේ කට හඬ තවම....

තුන් හිතම පාලුවට
ගිහින් වගෙයි....

කෙලෙස නුඹෙ තතු
දැනගන්නෙමිද
මම.....

බලා හිඳිමි තවමත්
අසරන කමින්
දවමින් මගේ හද....

වැහි බරයි නිල් අහස අද...
සෝ බරයි මා සිත් අහස අද...
කෙසේ ගෙවමිද දවස අද...


~~වස්සාන සිහින~~
රැකියාවට ආවත් මම කොළඹ රටේ මා සිත නුඹ වෙත දිව යයි හොර රහසේ දැනෙනා පාලුව තනිකම නම් ඉමක් නැතේ නුඹ දකිනා දින තෙක් අතැඟිලි ගනිමි මෙසේ
කාලය හෙමිහිට දිව යයි හොර රහසේ නුඹ මගෙන් උදුර ගන්නට තවෙකෙකු සැරසේ කාටත් වැඩියෙන් නුඹ මට විශ්වාසයි පණ සේ දිවි මෙන් රකිමි දුන් සෙනෙහස නුඹ කාටත් රහසේ
නෙතඟින් ගලන්නට උනු කඳුලක් සැරසේ පිහදා දමමි මම කාටත් හොර රහසේ නුඹ දැකුමට එන්නට මට නිතර සිතේ සෙනෙහෙ විඳින්නට ඔබගේ මා සිත් සේ
~~වස්සාන සිහින~~
දහසක් බොරු මවා
නුඹව රවටන්නේ නැහැ මං

ආදරේ මිස දුක නුඹ
වෙත ගෙනෙන්නේම නැහැ මං

හිරිහැර කර නුඹෙ සිරුරට
දුක් දෙන්නේ නැහැ මං

සැමදාමත් නුඹෙ ආදරයේ
උල්පත වී ඉමි මං

~~වස්සාන සිහින~~

අමාවකට අව සිහියෙන්
සඳ බලන්න
දිව්වෙමි මං....

පාලු රැයක හිතේ දුකට
කවි පද වැල්
ගෙතුවෙමි මං....

මගෙ සිතට සඳක් වෙන්න
සොඳුරු හදකට
පුලුවනි නම්...

ආදරයට කවි දහසක්
නුඹ වෙනුවෙන්
ලියනෙමි මං....

මල් කඩලා අහවරයි....
ලයින් එක කපලා...

චැට් කරලා අහවරයි..
ඩොන්ගල් එකත් කැඩිලා...

හම්බවෙලත් අහවරයි...
ගෙදරින් තහන්චි දාලා...

සිතින් පෙම් කරමු අපි..
ඔක්කොටම කොලේ වහලා...
සද්දේ ඇහුනෙත් නෑ
හුඟ කාලෙකින්
දකින්නවත් බැරි උනා
හුඟ කාලෙකින්
කෑවද බිව්වද
දන්නෙත් නෑ....
සනිපෙන් ඉන්නවද
දන්නෙත් නෑ....
....
....
....
....
....
....
....
කෝ මේ බලු පැටියා
හැබෑටම.......
ඉවසුම් නැති මට
සමා කරන්.......

සිදුවුනි නම්
ඔබ සිත රිදවෙන
යමක්

නුඹ සමගින් ඉන්නට
බැඳි පතුමන්
අහිමි නොකරන්
මා සිත රිදවමින්

ඉවසුම් නැති මට
සමා කරන්......


~~වස්සාන සිහින~~
හදේ
සියුම් තැන්
ආදරෙන් පිරිමදින්නට

සිතේ
සිතිවිලි
හදේ කුරුටු ගාන්නට

ජීවිතයේ
මිහිර
එක්ව වින්දගන්නට

අවසර
දෙනවාද
සැමදා ලඟින් ඉන්නට


~~වස්සාන සිහින~~
ගලා එන මතකයන් අතරින්
සැඟවුනු රුවක සේයා දුටිමි
බොඳ වී යන සිහිනයන් අතරින්
පැතුමන් අහිමි වී යනු දුටිමි......

ගෙවුනු යුගයක සුන්ඳරත්වය
ඔබ මා එක්ව ගිය මගක අසිරිය
මතකයට එන්නේ මන්ද නිතරම
දෙනත් කන්දුලින් බොඳ කරන්නද.....
එකමදේ සිය ගමනක් අහද්දි
ඔයා ඇහුනෙ නෑ
දැක්කෙ නෑ
වගේ
ඉන්න හැටි.....

මොහොතකට
හිතුනද
මගේ හිත
රිදෙයි කියලා....

මොහොතකට
හිතුනද
මම ඔයාට
කොච්චරනම්
ආදරෙයිද කියලා.....

තවමත් ඉතින්
මම
බලාගෙන ඉන්නවා
ඇස් දෙකත්
අමාරුවෙන් ඇරගෙන.......


නුඹේ කඳුලැල් මතින් දුටිමි
ආදරයක නැවුම් බවක්
තවමත් සිහිනෙන් දකිනෙමි
ජිවිතයේ සොඳුරු බවක්
අවිදින් යන්නට හැකි නම්
හද මඩලට එකම වරක්
දැනේවි ඔබටත් මිහිරියේ
ජීවිතයේ මිහිරි බවක්
හාවා වගේ ලඟින්ම ඉන්න පින් නොකලත්
නුඹ දිහා බලාගෙනම ඉන්නම්....
නුඹ වටා තරු දහසක් දිලුනත්
එය නොදැක්කා වගේ ඉන්නම්....
ඉන්ද හිට නුඹ වසා ගන්නා වලකුලටත්
බැන වදින්නම්....
නුඹ නැති අමාවකක් ගැන
හීනෙකින්වත් නොසිත ඉන්නම්.......


......මගේ සඳවත......
දිනෙන් දින
ඉහ වහා යන
ආදරෙ මහිමයෙන්....
මා දකින හැම සිහින
සරසවයි නුඹ ඉතින්......
කොතෙක් දුරක
සිටියමුත් ඔබ
සිතින් මා ලඟ තමයි......
ගෙවෙන හැම මොහොතකම
මා සිතන්නෙ
නුඹ ගැන තමයි.....
මගෙ සිහිනය
මට දකින්න
එකම වරක්
ඉඩ හරින්න..

මගෙ සැනසුම
මට ලබන්න
එකම වරක්
ඉඩ හරින්න...

මගෙ ආදරෙ
මට විඳින්න
එකම වරක්
ඉඩ හරින්න...

මගෙ දිවියේ
එකම සැනසුම
එපා මගෙන්
උදුරගන්න...

හමා යන සුළන් රොදේ...
ඇය සතුටින් දැයි බලන්න...
ආයෙත් මා වෙත අවිදින්....
ඇගෙ තතු පවසාල යන්න...

අවසරනෑ ඇ වෙත යන්න...
මුහුණ ටිකක් බලා ගන්න...
ආදරයෙන් ලඟට වෙලා...
මොහොතක් සිත සනසවන්න...

ඇගෙ සියොලඟ දැවටෙමින්ම....
ඇගේ සොඳුරු හද දකින්න...
ආසයි මට තවත් වරක්...
ඇගෙ සියුමලි මුව සිඹින්න...

අවසරනෑ හිතුන විටදි...
ඇගෙ දෙස වත් බලා ඉන්න...
පුලුවනි නම් ඔබ එන විට...
ඇගෙ සුවඳත් අරන් එන්න...

නිදි නැති රැය ගෙවා ගන්න..
මගෙ සිහිනෙට ඇය එවන්න...
දෙවියනි මගෙ දුක් ගීයට...
එකම වරක් සවන් දෙන්න...
දවසේ වැඩ කටයුතු නිමවි මා එනතුරු
මග බලා සිටින්නේ නුඹමයි නිරතුරු
දකින විට නුඹගෙ මුහුණ පියකරු
සියලු විඩාවන් නිවි යයි අම්මේ සැනෙකිඳු

මතකයි තවමත් නුඹ කියාදුන් හැටි මුලකුරු
තිබුනේ නැහ නුඹ ලඟ කිසිදිනක මුශ්ටිය ගුරු
මගේ සෙවනැල්ල මෙන් මා පසු පස ආ නිරතුරු
තවමත් නුඹගෙ බැල්ම මා වෙතමයි නිරතුරු
නුඹේ සිනහව
නුඹේ කතාව
නුඹේ සුවඳ
නුඹේ ආදරය

වෙන කවරදාටත්
වැඩියෙන්
දැනුනා
මට අද...

ජීවිතයේ තවත්
සුන්ඳරතම
දවසක් උනා
මට අද....


ඒත්....

ඒක රහසක්....

දන්නෙ
ඔයයි
මමයි
විතරමයි....
නින්දට යන්නට මත්තෙන්
කියනවද මට ආයෙත්
එකම එක වතාවක්
කාටත් රහසින්.....
කවි සිතිවිලි හිත පුරාම අරක් ගෙන....
නිතරම සිත දිව යයි නුඹම සොයාගෙන....
ගෙවෙන සම දිනම මට ලොකු අරුතක් අරගෙන....
පායන සඳ නුඹමයි මගෙ ලොවට එලිය දෙන....

ගලා හැලෙන දිය ඇල්ලක සිරිය විදහ ගෙන....
සුලන් රැල්ලෙ දඟ කරනා කෙහෙරැල් මිටට ගෙන....
පිරිමදින්න ආසයි නුඹ ලඟින්ම ඉඳගෙන.....
එනවද නුඹ තව සැරයක් උනුසුම අරගෙන....
ඔයාට පුළුවන්ද මට කියල දෙන්න
ෆෝන් එක රින්ග් වෙනකොට
මැසේජස් එනකොට
චැට් එකක් එව්වම
....................
.....................
.....................
දැක්කෙ නෑ,
ඇහුනෙ නෑ
වගේ ඉන්නෙ
කොහොමද කියලා.......
මගෙ ජිවිතේ මට දැනුනා රත්තරනේ
ඔය ආදරෙ මගේ හදවතට පැමිනි දිනේ
මගේ පැලට නුඹ කැන්දන් ගෙනෙන දිනේ
එයම තමයි මමත් සැමදා දකින සිහිනේ
නුඹ හා එක්ව දිවි ගෙවනදා
සතුටක් දැනේවි මට නොවිඳි කිසිදා
අප දෙදෙනා අති නත් බඳෙන දා
එනතුරු පෙරුම් පුරමි මම සැමදා
පව් කියලා හිතුනේ නැද්ද ඉතින් මම
මග බලාගෙන හිටියා මුලු දවසෙම
ලැබුනේ නෑ කිසි තොරතුරක් ඔබ ගැන
රිදුනා මගේ හිත හොඳටම

... කිසි වැඩක් කෙරුනෙ නැ අද දින
බැනුම් අහුව ඉතින් හොඳටම
ඔබ දන්නේ නෑ කිසිත් ඒ ගැන
දන්නවා නම් මට කරයිද මෙහෙම

කිසිම කේන්තියක් නෑ ඔබ ගැන
ඔයත් හිරවෙලා ඉන්න ඇති හොඳටම
හැමදෙයක්ම හොඳින් තේරුම් ගෙන
ආදරෙන් ඉඳිමු අපි සැම දින
මට රිද්දන එක ඔයට සතුටක් නම්
ඔයා එහෙම කරන්න.....
ඒ වෙන මොකවත් නිසා නෙමෙයි....
ඔයාගෙ සතුට මට අනිත් හැමදේටම වඩා
ගොඩක් වටිනවා......
ආසයි මට හැමදාමත්
ඔබ ලඟටම වෙලා ඉන්න....

ඔය සුන්වඳේ දැවටෙමින්ම
ඔබෙ උනුසුමෙ තුරුලු වන්න.....

රැය ගෙවිලා සඳ නැගුනත්
මට බැහ ඉතින් නික්ම යන්න.....

අද සමුගන්නට මත්තෙන්
තවත් වරක් ආදරේ කියන්න.....

නුඹෙ නලලත සිප හෙමිහිට
හිස අතගා සනසවන්න.....

යලි එනවග හිත තියාන
මා එනමග බලා ඉන්න.....

පිය සෙනෙහසෙ උතුරා යන
සෙනෙහෙ දියෙන් ගලා බසින
දිය දෝතින් නහවා ගත්
කිරි කැටියා දොයි........
බර ගානක් දීලයි ෆෝන් එක ගත්තේ,
කැමරාව සුපිරි...
සව්න්ඩ් එල...
ලොකු මෙමරි එකකුත් තියෙනවා..
අරවද මෙව්වද නැත්තේ...
වොශින් මැශින් එකයි
අවන් එකයි ඇරුනම
අනිත් ඔක්කොම තියෙනවා..
ඒ උනාට.......
කෝල්ස් ගන්න නම් බෑ...
කෝ ඉතින් රීලොර්ඩ් දාන්න සල්ලි.....
ජීවිතේ හැමදෙයක්ම
රුපියල් සත මතම
තීරණය වන වග
දැනුන පළමු දින
ගොඩක්ම අසරණ උනා මම.....
අරඹුන තැනම ජීවිතේ
අයි මේ ලෙස විරහවෙන්
යලිදු එක වතාවක් වත්
උත්සාහ ගනින් නැගනියේ...
ලියන්නට හිතෙනවා මට
මහා කවි පොතක්...
ඒත්.....
පන්හිඳ මගේ ලඟ
කවි සිත නුඹේ ලඟ....

ගයන්නට හිතෙනවා මට
ලෝකෙටම අහෙන්නට
ඒත්....
ගීතය මගේ ලඟ
තනුව නුඹෙ ලඟ....

දිනන්නට හිතෙනවා මට
මුලු ලෝකයම
ඒත්....
ඇරඹුම මගෙ ලඟ
දිනුම් කනුව නුඹෙ ලඟ....

ඉතින්...
මා සැනසුම
නුඹ ලඟම නොවෙද...


ජීවිතය දකින්නට පෙරුම් පිරූ මම
පිරුව එකම පාරමිතාව
නුඹ නොවෙද......

සතුට සොයා ගිය මාවතේ
හමුවු එකම නවාතැන්පල
නුඹ නොවෙද.....

වියලී ගිය දෙතොලට
සිහිල් දිය බිඳක් වූයේ
නුඹ නොවෙද.....

වේදනාවෙන් පිරී හදවතට
සැනසුමක් ගෙන ආවේ
නුඹ නොවෙද.....
~~~වස්සාන සිහින~~~
පාර සොයන් එන්නෙමි මම
සඳ සාවියේ නුඹ දකින්න....
දෝත පුරා සෙනෙහෙ අරන්
මා එන මග බලා ඉන්න...
අඩ අඳුරේ සඳ එලියෙන්
... නුඹෙ දිදුලන රුව දකින්න...
ආසයි මට හැමදාමත්
ලඟට වෙලා ගී කියන්න....


~~~වස්සාන සිහින~~~
ජීවිතය දකින්නට පෙරුම් පිරූ මම
පිරුව එකම පාරමිතාව
නුඹ නොවෙද......

සතුට සොයා ගිය මාවතේ
හමුවු එකම නවාතැන්පල
නුඹ නොවෙද.....

වියලී ගිය දෙතොලට
සිහිල් දිය බිඳක් වූයේ
නුඹ නොවෙද.....

වේදනාවෙන් පිරී හදවතට
සැනසුමක් ගෙන ආවේ
නුඹ නොවෙද.....
සිහිනයත් මෙලෙස මියැදෙන්නටම සරසේ
දකින්නට උත්සාහ ගනිමි පෙරලෙසේ
කඳුලින් නෙතඟ බොඳ කරන් මෙලෙසේ
අහිමි නුම්බෙ රුව දකිනෙමි මා ලොවට රහසේ

යන්නට නොහැක ඇවිද දිවි ගමන පෙරසේ
අඩාල වී ගිය සොඳුරු අප දිවි පෙවෙතේ
දකින්නට නොහැක සතුටු කඳුලක් දෙනෙතේ
මා කල පවක් වෙන්නට ඇති පෙර සසරේ

සිටින්නට නොහැක මට තවත් මෙලෙසේ
විඳිමින් සියලු දුක් ගිනි මහ මෙරක් ලෙසේ
පින් ගත් දෙවියනුත් නොමැත ඒ මොහොතේ
බලන්නට සිටියේ අවිනින්සක අප දෙස කිසි ලෙසේ

රැකගන්නට තිබූ එකම වස්තුව නුඹයි මගේ
එයද මාගෙන් උදුරා ගත් කරුමයක මහිමේ
දුටු සිහිනය මතකයි තවමත් රත්තරන් මගේ
එලිවන දිනක් නැත නින්ඳක් ලබා කිසි ලෙසේ

~~~වස්සාන සිහින~~~
දනුනා මහ දුකක්..
දුටුවා අවිදින් ගොස් ඇතිබව
නුඹ මටත් හොරෙන්..
ගැලුවා නෙත පිරි කඳුලක්
දෙකම්මුල් තෙත් කරමින්
කාටත් හොරාම..

හිතුනේ නැතිද
මොහොතකටවත් නුඹට..
අමතන්නට මා
එකම එක වතාවක්..

නොකර ඉන්නෙ නැහැ නුඹ
බලා සිටි අයුරු දන්නවානම්...
දෙනෙත් කඳුලින් පුරෝගෙන
ටික දිනක සමුගැන්ම
දැනුනා නම් මෙතරම්
වේදනාවක් වන වග...
දෙන්නෙ නෑ ඉඩක් නුඹ හට
මොහොතකටවත් ඈත් වන්නට...

ඉතින් සඳවතියේ....
එකම වරක් තව පායන්න,,
සැමදා සිත් අහසේම ඉන්න..
කිසිදා බැස යන්න,
එපා නුඹ මොහොතකටවත්
සිතන්න.....

....~වස්සාන සිහිනය~.....
මා නෙතඟට
කඳුලක් එක් කරන්න
මොහොතකටවත්
එපා නුඹ සිතන්න

මගේ සතුට
නුඹ පමනක්ම බව සිතන්න
නුම්බ සැමදා
සතුටින් හිඳින්න

ජිවිතයේ
දිගු ගමනක් එක්ව යන්න
සිතේ ඇති
බලාපොරොත්තුව පුබුදන්න

ආදර වදනින්
මා සිත සනසවන්න
සැමදාම
මා ලඟටම වී හිඳින්න
රැය දහවල
වෙනසක් නොමැතිව ඉන්න
තවත් වටක්
නුඹ මගේ සිත් අහසට පායන්න

පාලු කොදෙව්ව
සුන්දරතම තැනක් කරන්න
තවත් වරක්
නුඹ මෙහි අවිදින් යන්න

වියලී ගිය හද මඩල
සෙනෙහෙ දියෙන් නහවන්න
තවත් වරක්
නුඹ පැමින මා සිප ගන්න

ගොලු වී ගිය මගේ කවි සිත
යලිත් පුබුදන්න
තවත් වරක්
ආදරෙන් මා අමතන්න

වැහිදාට
කඩදාසි ඔරුවක් හදන්න
ඒකෙ නැගල
ගම වටේ රව්මක් යන්න

හඳ නැති රැයක
පහනක් දල්වන්න
එ එලියෙන්
නුඹේ මුව මඩල දකින්න

පාලු දැනෙන හැන්ඳෑවක
ගීයක් කියන්න
නුඹ එන විට
තනුවත් අරගෙන එන්න

මුලු ජීවිත කාලෙම
සතුටින් ඉන්න
නුඹ එන විට
ආදරේ අරගෙන එන්න
සඳ
පායන තුරු...


පොලව
මග බලාසිටි අයුරු...


අහස
දන්නවානම්.....

වලකුලු
වලින් වසාගෙන ඉඳීවිද...
අඳුර කෙමෙන් ලන් උනා
අදට සමු ගනිමි මා.....
හෙට දින යලිත් පමිණිලා
හිඳිමු අපි අපේ වෙලා.....

ආයෙත් ලියනවා මම මගේ කවිය
හැකිතාක් දුරට වැරදි හදාගෙන
පුළුවනිද උන වැරදි වලට සමා දෙන්න
පොරොන්ඳු වෙමි යලිත් නොකරන්න
මට තප්පරයක් දැනුනෙ පැයක් වගේ
මිනිත්තුවක් දනුනෙ දවසක් වගේ
පැයක් දනුනෙ අවුරුද්දක් වගේ
ඔබ එනතුරු මග බලා සිටි මොහොතේ.........
පුලුවනි නම් යලිත් එන්න
ජිවිතයට සතුට අරන්
නැතිනම් ඔබ අරන් යන්න
මගේ මේ ජිවිතයත්
නැති නම් හෙට එලිවන විට
මටවත් එය නැතිව යාවි
උන වරදට සමාවෙන්න
පින් සිදුවෙයි නුඹට බොහොම
නොදැනම උන මගෙ වරදට
එකම වරක් සමාදෙන්න
මදහසින් පිරී ගිය නෙතකට
කඳුලු එක් කලේ කවුරුද.........

සෙනෙහසින් ඉතිරී ගිය හදකට
දුක් සුසුමන් එක් කලේ කවුරුද.......

පතුමන් මතින් ගලා ගිය දිවියට
ලතැවුලක් එක් කලේ කවුරුද...........

නුඹ සමග අරඹුනු ඒ දිවි මග
තනිව යන්නෙ කෙලෙසකද........
නැතිද පොඩි දුකක් වත් දැනුනෙ
හැරයන්න මගේ සිත
ලොව දෙස නෙත් යොමන්නේ කෙලෙස
සඟවමින් මගේ දුක
විඳින්නට එක වතාවක්...
ආදරයේ සුමුදු පහස
එන්නේද ඔබ එකම එක වතවක්
අපෙ සුපුරුදු කොදෙව්වට
විඳගන්න නම් සැරසෙන්න
දුක සැප දෙකම සමබරව
හැකිවේවිද දකින්න
ජිවිතයේ මිහිර
සිතින් තරුනයි නොවෙද අප
නර කෙසක් නැගි මුත් හිසේ
අතරින් පතර