Posts

Showing posts from 2013
මම දන්නේ නැතිවග ඔයා දන්නවද කියලා මම දන්නේ නෑ ඔයා දන්නේ නැතිවග මම දන්නවද කියලා ඔයා දන්නේ නෑ
දස මාසයක් කුසේ තියන් හැමදේම නුඹත් සමග බෙදාහදාගත් අම්මාට මෙලොව එලිය දකින්නටත් මත්තෙන් උපන් ගෙයිම නුඹගේ නික්ම යාම නුඹැ දෑතට වඩින තෙක් නොයිවසිල්ලෙන් බලාසිටින ඇයට මම කොහොමද පැහැදිලිකරදෙන්නේ පුතේ...
Everyone likes to successors stories… But I like to read failures stories… Because I can learn something from week points of them.
කාලය ගෙවී ගිහින් නුඹටත් මටත් හොරෙන්... මම නැවතුනත් එතනින්... බොහෝ දුර නුඹ ගොසින්...
ඔයා යන්න ඕන කරන හේතු හොයාගනිද්දි... මම ඉන්න ඕන කරන හේතු හොයාගත්තා... අවසානේ ඔයා ගියා මම නැවතුනා
ඔයා මට ගොඩක් දේවල් මතක් කරලා දුන්නා... ඔයා මාව අමතක කලාට පස්සේ....
කතා කරලා ආදරේ ගැන වඩා ඕනෑවට.. මගහැරිලා දේවල් මට ඕසෙට.. —
මලේ වටිනකම, ලස්සන තියෙන්නේ අතුඅග තියෙනකම් විතරයි.. මලක් නෙලීමෙන් අප කරනුයේ යම් ආකාරයක ගබ්සාවක් නොවෙද..
මම බලා උන්නේ පුර පෝය දින එනකන්... නුඹ බලා උන්නේ අමාවක දින එනකන්...
හඳ දිහා බලන් කවි කල වරදට... මෙන්න හැදිලා අතපුරා කරගැට....
එයා දැන් හුඟක් වෙනස්වෙලා...
හඳේ හාවටත් ඉරට මාරුවීමක් ලැබිලා....
ඔයාට මගහැරුන දේවල් අතර මමත් ඉඳලා...
සොරි සොරි.... අමතකවෙලා ස්විච් එක දැම්මේ... ____________________ හපොයි මෙහෙමත් ටියුබ්ලයිට්
ලොකෙ රවුම් නම් ඇයි අපිව හැලෙන්නෙ නැත්තේ... මුහුදේ වතුර ඇයි හැලෙන්නේ නැත්තේ... රෑට තියෙන තරූ දවල්ට මොකද නැත්තේ... සමහර දවසට හඳේ කෑලි අඩු ඇයි... රේඩියෝ එකේ රූප පේන්නේ නැත්තේ ඇයි... මම තාත්තගෙන් අහපු දාහක් ගොන් ප්‍රශ්න අතරින් කීපයක් ඒ.. තාත්තටත් නොපෙනෙන කොයිතරම් නම් දේවල්, මාව කරේ තියන් මට පෙන්නලා ඇත්ද.. කොච්චර බඩගිණි තිබ්බත්, මම කන්න ආස දේවල් අරන්දීලා, මං කන දිහා බලන් ඉඳලා සතුටුවෙලා ඇත්ද.. තාත්තටත් යන්න බැරි උන් කොච්චරක් නම් තැන් වල මාව යවලා ඇත්ද... ඒකාලේ මට කියලා දීපු ජාතියේ මිනිස්සු මම දැක්කේ එදා විතරයි තාත්තේ.. ලෝකේ කැරකෙනවා තමයි.. ඒත් ඇයි අපිත් කැරකෙන්නේ..
ඔයා මට ගොඩක් දේවල් මතක් කරලා දුන්නා... ඔයා මාව අමතක කලාට පස්සේ....
අපි ජීවිතේ කීවතාවක් අලුතෙන් පටන්ගෙන ඇතිද... එක ජීවිතයක් ඇතුලේ ජීවිත කතා ගොඩක්... හරියට කෙටිකතා පොතක් වගේ.. එක එක ජාතියෙ කතා.. ගොඩක් ඒවගේ අවසානය දුකක්.. සතුටින් කෙලවරවුන කතාවක් උනත් අවසානයේ ඉතිරිකරන්නේ දුකක්.. සාරාංශය ගත්තොත් ජීවිතේ කියන්නේ දුකක්...
ඇති නැති බේදයකින් තොරව අපි කවුරුත් කරන දෙයක් තමයි අනුන්ගේ බත් පත දිහා බලන එක... ඒකයි තමන්ගේ එකයි සන්සන්දනය කරන එක... මේ තියරිය හැමදේකටම වගේ පොදුයි...
මම ආයෙත් දවසක එනවා විල්ලුවට... පොප්ලර් ගස් මියදිලා ඇති... තණ පිටියේ ගෙවල් හැදිලා ඇති.. දොල පාර හරහා පාලම් හැදිලා ඇති... ඒත් අපේ මතක දලුලමින් ඇති... නේද අල්තිනායි..
හීනියට කඩලා හීනියට ඔතලා හීනියට ඇදලා පැත්තකින් වාඩි උන ගමන් ගිහින්ලු පැය ගානක්.. ඒත් තාම මං පටන්ගත්තු තැනමයි...
ආදරය කියන්නේ ගීතයක් නම්... ඔබ එහි පදරචනයද... ඔහු \ ඇය එහි තනුව විය යුතුයි.. එ දෙකෙහි නිවැරදි සමිශ්‍රනය මත ගීතයේ සාර්තකත්වය රඳාපවතියි...
පායපු හඳෙන් කුමටද අහස පුරා කලු වලාකුලු නම්
අද 2013 අන්තිම 1වෙනි දවස... මේ අවුරුද්දේ අකවුන්ට් බැලන්ස් කරන්න මාසයක්ම තියෙනවා.. දුක සතුට ගිණුම්ගත කරලා.. සතුට බැලන්ස් එක විතරක් ඉස්සරහට ගෙනියන්න.. ඉගෙනගත් පාඩම්, වත්කම් ගිණුමකට දාලා තියාගන්න...
මට ආසයි  ආදරේ කරන්න, ඇබ්බැහිවෙන්න...
මගේ හිත  කෝලම් මඩුවක්.. ඔයා  හිතේ හැටියට රඟපු...
නාමල් අයියේ.. අපිටත් පොඩි චාන්ස් එකක් දෙන්න CNR එකේ වැලි කොට්ටෙකටවත් ඉන්න..
ටිකෙන් ටික අපි ගිහින් හුඟක් දුර... විටෙන් විට හමුවුනත් ගල් පර... ටිකෙන් ටික ඈත් වන බව මා මගහැර... දැනුනේ මට හුඟක් ඉස්සර... බිව්වත් බෙහෙත් හොරෙන් උගුරට... කටට දැනෙනා තිත්ත රසත් අමතක කර... හිනැහුනා අපි අපේ සිත්වලටම හොරකර... එදා ආදරේ මේකයැයි කී ඔබම අද කියනවා ඒක නෙමෙයි මේක බව... මම තාම හොයනවා හරියටම කෝකද වග... වැටහුනොත් කියනවද කාටත් හොරෙන් මට.. ආදරේ මොනවගේද කියන වග...
මට තාමත් බැරිඋනා ඉගෙනගන්න... ඔයාගේ ආදරේ මිලකරන්න..........
මට මාව මගහැරුනේ ඔයා හම්බෙන්නටත් කලියෙන්...
මගුල් ගෙදර අවසන්... ආපු උන් කාලා බීලා ගෙවල් වලත් ගිහින්.. වැඩ කරපු උන් ඉතිරි ඒවා ගෙවල් වලත් ගෙනිහින්... _______________________ ගත්තු ණය විතරක් ඇයි අපි ගෙවන්නේ...
වැටිලා තිබ්බ තැනින් ඇහිඳගෙන.. පාට කොල අලවලා හැඩ කලේ මම වග අමතක උනාට අහසේ හැමතැනම නිදහසේ පාවුනාට අමතක කරන්නෙපා නූලේ එක කෙලවරක් මගේ අතේ වග... __________________ අකුරු හතරේ සරුංගලේ
සෙල්ලම් කරන කාලේ අමතකව ගිය බුදුබණ... මතක වස්ත්‍ර පූජාකර මතක් කර පිංදෙමු අකාලයේ අවුට් උන උන්ට... යලිත් හොඳ තරඟ බිමකට පිවිසීමට වරම් ගනුවස්
හන්දිවල, කහ ඉරි ලඟ ඉන්න පොලිස් බුවාලා හිතන් ඉන්නේ, උන්ව ඒ තැන්වල ඩියුටි දාලා තියෙන්නේ, කොට සායවල්, ලෙජින්ස් ඇඳන් යන කෙල්ලන්ගේ ඇටෙන්ඩස් මාක් කරන්න කියලා... කහ ඉරි ලඟ මිනිස්සු වේලෙනවා, හන්දිවල වාහන පෝලිම.. උන් දැක්කේ නෑ වගේ ඉන්නේ...
ගොවි විශ්‍රාම වැටුපේ සහ රාජ්‍ය සේවක වැටුපේ සොච්චම් වැඩිවීම පිළිබඳව ලොකුවට කතා කරලා තිබුනා, පත්තරවල පොල් ගෙඩි අකුරෙන් දාලා තිබුනා. නමුත් හාල්, පොල්, සීනි, අල, පරිප්පු වගේ අත්‍යාවශ්‍ය භාන්ඩ වල බදු වැඩිවීම් පිළිබඳව කිසිම කතාවක් නෑ.. පෝන් බිලටත් ගේම දීලා.. මේ විදියට රටේ මිනිස්සුන්ව හූරගෙන කන, කන කෑම වේලටත් අසාමාන්‍ය විදියට බදු අය කරන රටක් මේ ලෝකේ තවත් ඇති කියලා මං හිතන්නේ නෑ.. පාරට බැහැලා හිඟාකන්න වෙන කාලය වැඩි ඈතක නොවේ.. කොච්චර හොඳ රටක් උනත්, මේ වගේ පාලනයක් පවතින කාලෙක මේ රටේ ජීවත් වෙන්න සිද්ද උන එකම ලොකු පවක්...
ආදරණීය ෆෙලා, මට හිතාගන්න බෑ අලුත් දේවල් වේගයෙන් එහා මෙහා යන හැටි... මම ඉස්සර කාර් එකක් දැක්කේ කලාතුරකින්.. ඒත් දැන් ඒවා හැමතැනම... ලෝකය පුදුම ඉක්මනට ඉස්සරහට ගිහින්... _________________________ වසර 50ක් හිරේ ඉඳලා ආපු බෲක්
අපි මුවින් කතා නොකලේ කතා කරන්න දෙයක් නැති නිසාම නෙමෙයි... ඒත් බලපු එක බැල්මේ වචනෙන් කියන්න බැරි ගොඩක් දේවල් තිබුනා
ගියා නම් මමත් තාත්තාගේ අඩි පාරේ... මහ මග මැරිලා වැටිලා මෙලහකට... කොයින්ද ඒ තරම් හයිහත්තියක්.. දරාගන්න, ඒ තරම් සැඩ සුලන්... හැබැයි තෝරගත්තා මම වෙනම පාරක් ගොඩයන්න පුලුවන් කියලා හිතන් ලේසියෙන් හිතන තරම් ලේසි නෑ, ඒකත් හිතපු තරම් සුන්දර ගමනක් නෙමෙයි... ඒත් හිතක් නෑ අත්හරින්නට මට සුභ ගමන්..
ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඩ කලේ නැත්නම්..... මේ වෙනකොට බුද්ධාගම හබක්.... මොකද මේ වෙද්දි බුදු බණ ඉතිරිවෙලා තියෙන්නේ පොත්වලම විතරයි... ආගම ධර්මය රකින්නට යන පුද්ගලයන් විසින්ම ආගම ධර්මය නසන කාලයයි මේ..
කාමරේ පුරා විසිරුන මතකසැමරුම් එකතුකර මම අමාරුවෙන් හෝ හිත හදාගෙන කුනු බඳුන පිරෙව්වා... එකින් එක නැවතත් බලා මම අහිමි වී ගිය ජීවිතේ සෙව්වා

සමනල සංධවනියෙන් ඔබ්බට..

ජීවිතේ කියන්නේ  පිපාසයක්...  ඒ පිපාසේ  තරමකටවත් සංසිඳෙන්නේ  ආදරය නිසා..  ඒකයි අපි හැමෝම  ආදරය සොයන්නේ...  හැබැයි පිපාසෙට මඩ වතුර බීලා හරියන්නේ නෑ... 
ඔයාටත් හොරෙන් ඔයාගේ හිත මම කියවන්න ඇති... කාටත් වඩා හොඳින් මම දන්නවා මූඩ් ෆික්ස් කරන හැටි.. ආදරේ වැඩිකමට මොනවා හෝ කියවෙන්න ඇති.. මගේ අතෙත් වැරදි නැතිවා නොවෙන්න ඇති... පුදුමයි මට තවමත් ඔයා බුම්මගෙන ඉන්න හැටි..
සියල්ල සිදුවී හමාරය.. අශ්වයන් සියල්ල පැනගොස්ය... ඒත් මම ඉස්තාලය වසාදැමුවෙමි....
Image
දරාගන්නට බැරිතරම් වූ සෙනෙහස විඳගනිපු අතීතෙකුත් මට තිබුනා.. මතක් වෙන හැම වාරයක් ගානෙම සතුටු කඳුලක් නෙතින් වැටුනා... මතකයට නුඹ ආව ගියමුත් ආගන්තුකවූ ගතියක් හිතට දැනුනා... අනංතය ලඟ මා දමා නුඹ වෙනකෙකුත් සමගින් ඈතකට ඇදුනා.. ලියා තැබු කවි නුඹත් ඉඳහිට කියවා බැලූ බව දැනගන්න තිබුනා...
දෙන්නත් එක්ක හති දාගෙන බැඳපු බැම්මේ බදාම, පොඩි වැස්සටත් දියවෙවී යද්දි තමයි දැනෙන්නේ, බදාම අනලා තියෙන්නේ හොරට වග....
පිටිපස්සේ දොර ලොක් කරලා තිබ්බට.... ඉස්සරහා දොරෙන්ම පැනලා ගිහින්... මාසේ පඩිය පරක්කුවට.... ___________ උඹේ ආදරේ
ඔබගේ කිලුටු ඇඳුම් නොමිලේම සෝදාගන්න.... ___ චැට් බොක්ස් — at ඔන්ලයින් ලොන්ඩරි.
කාලයකට ඉහතදී රූපවාහිනියේ විකාශය උනා "එකට ගැටුම" කියලා ටෙලි නාට්‍යක්, ඕක පටන් ගනිද්දී තේමා ගීතයත් එක්ක ගිය වීඩියෝ දර්ශනයට පෙන්නුවේ, බ්ලේඩ් තල, උල් පිහි, දැලි පිහි වගේ ඇනකොටාගන්න පාවිච්චිවෙන ආයුද වගයක්.. ඒකාලේ විකාශය වුන නාට්‍ය අතරින් ගොඩක් සාර්තක හා අපේ ජීවිතය හා බැඳුන නාට්‍යක් විදියට, එදාට වඩා අද මට ඒක දැනෙනවා, මොකද ඒ දවස්වල මම ඉස්කෝලේ යනගමන්, නමුත් දැන් කාර්යාල තුල සිද්ද වෙන දේවල් අත්විඳින නිසා . ඒ දේවල් ගොඩක් ප්‍රායෝගික විදියට දැනෙනවා.. එකිනෙකා පරයා ඉහලට එන්න, දීමනා සහ තවත් වාසි වෙනුවෙන් දාන සෙල්ලම් ටික දැක්කාම ඇතිවෙන්නේ කලකිරීමක්.. ඔය අතරින් කේලම් කීම, පන්දම් ඇල්ලීම, ලොක්කන් සමග නින්දට යාම වගේ දේවල් ඉහලින්ම සිද්ද වෙනවා.. අලුතෙන් තැනකට යද්දී අපි යන්නේ සෑහෙන බලාපොරොත්තු ඇතිව, කලින් ඉඳපු තැනට වඩා ගොඩක් හොඳ තැනක් වෙයි කියලා හිතාගෙන, ඒත් ගිහින් ටික දවසක් වැඩ කරගෙන යනකොට තමයි තේරෙන්නේ කොතනත් එකයි කියලා.. අපි දුවන්නන් වාලේ දුවන හරක්ට එහා...
මං ආදරේ කරන්න ඉගෙනගන්න හිතනකොට ඔයා මාව ෆේල් කරලා ඉවරයි.... හොඳ වැඩේ මට මුලදි මුලදි පන්ති කට් කලාට...
හදවත ඇතුලට මටත් හොරෙන් ඔයාගේ ආදරේ රිංගුවට... හීනෙන් ඇහැරුනේ ආපහු යද්දි දොර වැහුන සද්දෙට...
මාර ආතල් කාටත් හොරෙන් ලව් කරනකොට.... පට්ට චාටර් කෙල උනාම තැන තැන කියවනකොට... __ මේ වගේ..
තනිව ඇවිදන් ගිය දුරට වඩා එක්ව ඇවිදන් ගිය දුර අඩු උනත්... ඒ මතකයත් එක්ක ඇවිදන් යනවා මම තව හුඟ දුරක්... ආයෙත් ඇවිදන් යන්නට හිතුනොත් ඔබට නැවතුන තැන ඉඳන්... ආපසු හැරි එනවා මම කොයිතරම් දුර උනත්...
සියල්ල සිදුවී හමාරය.. අශ්වයන් සියල්ල පැනගොස්ය... ඒත් මම ඉස්තාලය වසාදැමුවෙමි....
ඉස්සර මම කියන ඒවා හදවතටම දැනුනත්... දැන් කියන ඒවා යන්තම් හරි ඇහෙන්නෙත් ඉඳ හිට

පව්කල ගොනෙ ඇදපන් හපුතල් යනවා.. චහ්.. චහ්..

රුපියලේ අගය නැවතත් දෙකයි දශම ගනනකින් අවප්‍රමාණය වී තිබේ.. එක් කොටසක් කැසිනෝ හරහා රටේ ඇති කරන්නට බලාපොරොත්තුවන සංවර්ධනයක් ගැන කතා කරන අතර තව කොටසක් එහි අඩු පාඩු ගැන කතා කරති.. වර්තමාන ආන්ඩුව ගත් තීරණයක් කිසිම හේතුවක් නිසා වෙනස්වූ අවස්තාවක් නම් මට මතක නැත.. කැසිනෝ ශාලා හරහා තවත් බොහෝ රැකියා අවස්තා ඇතිවන බව ආන්ඩුවේ ආර්ථික ෆකීර්ලාගේ අදහසයි.. ඔව්, රුපියල් දෙතුන් දාහට දීපු උන්ට, ඩොලර් වලට දීමට හැකිවනු ඇත.. (යූ නෝ වට් අයි මීන්..) කොළඹ කොටුවේ හා, කොම්පඤ්ඤවීදියේ මේවා ඉදිවීමට නියමිතයි.. ලංකාවේ අයට තහනම් යයි පැවසුනද, කල් ගතවන විට පෙනේර වල සිදුරු ලොකු වීම එහතුවෙන් ලංකාවේ සල්ලිකාර අයියලාත් ගේමට බහිනු ඇත.. ආන්ඩුව කොහොමත් ලොස් වෙන්නේ නැත, ගමේ කෝපි කඩේ දාන් අදින උන්ගෙන් බදු අයකරගෙන හෝ සියලු අලාඹයන් පියවාගන්නට පුලුවන.. "රටේ පාරවල් ටික හැදෙනවා, පාලම් බෝක්කු ටික හැදෙනවා, ගුවන්තොටුපල වරායවල් හැදෙනවා හවසට ජොගින් යන්න ට්‍රැක් හැදෙනවා.. රනිල් හිටියා නම් ඕකවත් කරයිද... යුද්දේ අවසන් කරපු එකම කොයිතරම් නම් දෙයක්ද.." අපේ ගොන් බයියලාගේ තර්ක අතර ඕවා ප්‍රධාන තැනක් ගන්නවා.. කෙසේවෙතත්
මල් බයිසිකල් කස කාරයන් ඉස්සර කරන් එන පෙරහැරවල් ගිහින් ඉවරයි කියලා අපි දැනගන්නේ බලන්න ආපු උන් ආපහු යනවා දකිද්දි _____________ පසුවදන මිසින්ග්
අපි ලව් කරමුද නැගෙනහිරින් නගින ඉරට හඳට බස්නාහිරෙන් බැස යන බව අමතක කොට
ඇවිදගෙන ගිහින් අනන්තය වෙත.. වෙනද වාගෙම අතින් අල්ලගෙන.. කොච්චර ලඟින් උන්නාද අප.. අපිටම වෙන්වූ සොඳුරුම ලෝකෙක.. ඇහැරුනේ මට එලාම් එකේ සද්දෙට..

ඇනුම්පද

වාඩිවී සිටිනා තුරු ඒක තමයි තියෙනා වටිනම අත්ත... වෙන අත්තකට පැනගත් දා ඒක තමයි තියෙනා වටිනම අත්ත... තාච්චියේ සිටි හැටි ආප්පෙට අමතක වීමයි ඇත්ත...
සාමලා අමරලා පොත්වල තව ඇත එන එන අය හා යාලු වෙතේ...
ඔබේත් මගේත් නොව, අපි අපේ ඇසින් දකිමු, අපේ ජීවිතය...

උසාවිය

යුශ්මතා කල වරදට දඬුවම විදියට මරණ දන්ඩනය නියම කරනවා, අවසාන වශයෙන් තමාට කැමති දෙයක් කිව හැකියි... මට පොඩ්ඩකට ෆේස්බුක් එකට යන්න පුලුවන්ද... ම්.. මේ.. මම මලා කියලා, ස්ටේටස් අප්ඩේට් කරන්න....

FaceBook

ඉහල සිට පහලටත් පහල සිට ඉහලටත් ස්ක්‍රෝල් කර කර බලන්න ගියාම ඕපදූප... චැට් එකට සෙට්වෙලා කෝප්ප හෝදන්න ගත්තහම... කොහෙන්ද ඕයි වෙලාවක් වතුර එකක් ගේන්න තියා පයිප්පය ලඟටවත් යන්න
ලංකාව කියන්නේ පට්ට සර්වර් එකක්... ඕඑස් එක කරප්ට් උනාට... ෆුල් ෆොර්මැට් එකක් දාන්නම වෙනවා...
කාලයක් පවතියි කියලා හිත හදාගත්තට.. තාවකාලිකයි සියල්ලම බොරුව කියන්නේ තාවකාලිකව ගහන ජැක් එකක් විතරයි.... ඒක පැන්නම හීන මාලිගාවම බකස්

so i love my pc

අපි ඉපදෙනකොට බයි ඩිෆෝල්ට් එන්නේ ඕඑස් එකත් එක්කම... පස්සේ කාලේක ඩ්‍රයිවර්ස් එහෙම අප්ඩේට් කරන්න, එක එක සොෆ්ට්වෙයාර්ස් ගහගන්න පුලුවන් අවශ්‍යතාවල් වල හැටියට... උදා :- පෙනීම අඩු අය කන්නාඩි දානවා වගේ.. ඒ වගේම සමහර හාර්ඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් ඩැමේජස් තියෙනවා හදන්න අමාරු... තමන් දැනගන්න ඕන තමන්ගේ මැශිම හරියට මේන්ටේන් කරගන්න... අලුතෙන් සොෆ්ට්වෙයාර්, හාර්වෙයාර් ඉන්ස්ටෝල් කරගන්න කලින් දෙතුන් පාරක් හිතන්න ඕන.. ෆෝරම්ස් වල රෙවීව්ස් බලන්න ඕන... ඕවත් එක්ක වයිරස් එන්නත් පුලුවන්.. සමහර ඩැමේජස් රිකවර් කරන්න අමාරුයි, නැත්නම් රිකවර් කරන්නම බෑ.. so i love my pc

ජීවිතය

විඳවීමකින් තොර විඳීමක් නැත... _____________ ජීවිතය

සතුට යනු

සතුට යනු .. .. .. .. .. .. .. .. .. .. හෙල්මට් වර්ගයකි..

දණ ගැසීම

දුටු ගෙදර බුදුන් ඉදිරියේ දන ගැසීමට මැලිවන අප නොදුටු දෙවියන් බුදුන් ඉදිරියේ කෙතරම් නම් දන හසනවද....

ඉගිලෙන මාලුවෝ..

"සිද්ධාර්ථ කුමාරයා යශෝදරා දේවිව දාලා ගියාම, යශෝදරා දේවි ඇඬුවද... වෛර කලාද.... නැහැනේ.. රාහුල කුමාරයා ඉපදුනා විතරයි එතකොට... ඒත් යශෝදරා දේවි රාහුල කුමාරයා උස්මහත් කරලා ආපහු ශාසනේටම පූජ කලානේ... නේද..." "යශෝදරාට තිබ්බ දේවල් මට නෑනේ හාමුදුරුවනේ..."
දොර ජනෙල් හොඳට වහගෙන කොච්චර හොරෙන් නිදාගත්තත්... මට තාමත් බැරිඋනා හීන වලට සිග්නල් එන එක නවත්තගන්න... මම බයයි හීන වලට.. ක්‍රෙට්ඩිට් ලිමිට් එක පැන්නාම ඩිස්කනෙක්ට් වෙන
පෝයදාට රෑ අහසේ ලස්සනට තිබුන හඳ... බලන් හිටියේ අරන් එන්න උඩට ගිහින් මම.. රොකට් එකක් හදන් ඇවිත් අද බලද්දි උඩ... අනේ කවුද කපන් ගිහින් දකුණු පැත්තේ කොන..
වැලි ඔරලෝසු, කටු දුවන ඔරලෝසු, ඩිජිටල් මොන විදියෙන්.. බැලුවත් වෙලාව ගතවෙන්නේ එකම විදියට... කොහොම උනත් සමහර වෙලාවට, රත්තරන් වටින වෙලාව, සමහර වෙලාවට තඹ සතයක් වත් වටින්නේ නෑ... හැබැයි අපි ඔය වෙලාවල් දෙක ගැනම දුක් වෙනවා.. රත්තරන් වටින වෙලාව ඉක්මනින් ගෙවිලා ගිය එකටයි.. තඹ සතයක් වත් වටින්නේ නැතිව වෙලාව ගෙවිලා ගිය එකටයි.. — at තවත් දවසක් තව ටිකකින් ඉවරයි.. :/.
චුයින්ගම් තියෙන්නේ  හපලා විසිකරන්න මිසක්  කටේ තියන්  හුරතල් කරන්න නෙමෙයි..
එෆ්බී එකෙන් නොමිලෙම කරගන්න පුලුවන් එකේ, මොකටද රෙජිස්ටාර්ට 5000ක් දෙන්නේ... ________________ Relationship
මොන භාෂාවෙන් කිව්වත් වැඩක් නෑ, හදවතට දැනෙන්නේ නැත්නම්... __________ ආදරය
මොන භාෂාවෙන් කිව්වත් වැඩක් නෑ, හදවතට දැනෙන්නේ නැත්නම්... __________ ආදරය
දුප්පත්කම ගෙයි ඉස්සරහා දොරෙන් එනකොට ආදරේ පිටිපස්සේ දොරෙන් පැනලා දුවනවලු.. ඒත් ඒවා හිතන්න ඕනේ ගෙට වෙන්න කලින්.. ඒත් මට නම් ඔය කතාව අවලංඟුයි..
ඉඳහිට හෝ ඔය හිතට ආවොතින් මම හොරෙන්වත්... ඇසුනොතින් මගේ හඬ නුඹ දකින හීනෙකින්වත්... සුපුරුදු මගේ සුවඳ සුළඟවත් ගෙනාවොත්... සමාව දෙනවා නේද මට ආදරේ කරනවට තවත්...
ආපහු කියව කියව වැරදි හදනවට වඩා ලේසියි, අලුතෙන්ම ලියන එක... ජීවිතේ කියන්නේ පොත් කබඩ් එකක්... හරි පොත තෝරගෙන හිතේ හැටියට ලියන්න.., එක එක්කෙනාට පොත් පෙරලන්නේ නැතිව.. ගිවිසුම් නැති හවුල් ව්‍යාපාර ඉක්මනින් නැසෙනසුලුය.. නොපමාව තනි පුද්ගල ව්‍යාපාරම කරන්න...
අපි ජීවිතේ ගොඩක් විභාග අසමත් වෙන්නේ නොදැනුවත්කම නිසාම නෙමෙයි... දන්නවා වැඩිකම නිසා...
අහන් ඉන්න.. අහගෙන ඉන්න.. එනවද.. ආසයි මට... ඔහේ කියවන්න.. හිත අස්සේ ගුලිවෙච්ච.. යල්පැනගිය හැඟීම් එකින් එක පිලිවෙලට... පැන්නොතින් පෝලිම්.. තෙරපුම වැඩිකමට... සමාවෙයන් මගේ බ්‍රේක් නැති හදවතට..
දෙනවද මට ඔයාගේ පෑන පොඩ්ඩකට... මටත් ආසයි ලියන්න ඔයා වගේ ලස්සනට...
ගස්ලබු කනගමන්.. රට ඇපල් වලට ආදරය කරන අපි... ඇතිදේට වඩා නැතිදේ ගැන සිතන අපි...
නෙතට බර වැඩි කඳුලු බිඳුවක් කොයිවෙලෙත් නෙත තෙමනවා.. සිතට බර වැඩි හැඟුම් පොදි ගෙන නුඹට කවියක් ලියනවා... ලියවෙනා කවි එකක් නෑරම නුඹත් ඇවිදින් බලනවා... මට හොරෙන් නුඹ ආව ගිය වග සුපුරුදු නුඹේ සුවඳ මට කියනවා...
මට හරිම interesting ඔයාට පට්ට boring මගේ කතාව

කියනවාද මටත් හිත හදාගන්න හැටි

Image
  මට වගෙම ඔයාටත් දුක දැනෙනවා ඇති ඒත් නොදැනුන ගානට ඉන්නවා ඇති මගේ අතෙත් නොකියූ වැරදි තව ඇති කියනවාද මටත් හිත හදාගන්න හැටි සංසාරේ කල පව් තව බොහොම ඇති එකින් එක මේ පලදෙනවා වෙන්න ඇති එක්වීමට තරම් පිනක් මට නැතිව ඇති කියනවාද මටත් හිත හදාගන්න හැටි අහිංසක ඇස් තවත් නුඹ සොයනු ඇති නේනා බව දැන දැනත් තවත් මග බලනු ඇති දැනුනොත් අඩුවක් කෙදින හෝ මම නැති ආපසු හැරී බලුවොතින් එතන මම ඇති මතකයි තවමත් ආදරේ කියාදුන් හැටි ආදරේ මුලකුරු ගොත ගහ ගහ කිව් හැටි මගේ අතෙත් නොකියූ වැරදි තව ඇති කියනවාද මටත් හිත හදාගන්න හැටි

නුඹට නොකී කවි

ආදරේ ගැන නොකී කවි මම තව හිතේ ඇති හැංගිලා... ආවොතින් නුඹ තව වතාවක් කියමි එකිනෙක ගලපලා....
බෙහෙත් ඕනේ අසනීප වෙලාවට... ආදරෙත් බෙහෙතක් තමයි, සමහර ලෙඩ වලට....

ස ඳ ව ති ය | ඔ බ යි

හරි ඉතින් මම මග තොටෙදී හඳ ගැනම හිත හිතම උන්නා.. හිතට එන කවි එකින් එක මම හදෙහි පිටුවක ලිය ලියා උන්නා.. මගේ සඳවත නුඹ බවට මම සිත් කොනේ හන්ගාන උන්නා.. තරු ඇවිත් කී බස් අසා අසා නුඹ වලාකුලු අතර හැන්ගීම උන්නා..

ආදරේ මිස වෙන දෙයක් නෑ

එකම එක වතාවක්  මේ අහිංසක ඇස් දිහා  හොරෙන් හෝ ඔබ බැලුවොතින්... ආදරේ මිස  වෙන දෙයක් නෑ  සිතෙයි සත්තයි නුඹ හට ඉතින්.... නුඹේ ගැන මම  සිතන්නේ කෙලෙස  වැරදිලා හෝ නුඹ සිතූවොතින්... දැනෙයි නුඹ හට මම ඇස් පියන් ගසනා වාරයන් ගනන් කර බැලුවොතින්

බැඳලා අවුරුදු හතරකට පස්සේ මේච්චර ආදරයක්...

Image
බැඳලා අවුරුදු හතරකට පසේ මෙච්චර ආදරයක්....  ඔයා එහෙම එක පාරටම අහද්දී මගේ මතකය අවුරුදු හතරකට නෙමෙයි, පහ හයක් ඈතට දුවලා ගියා.. අපි හම්බුන හැටි, කතා කරපු හැටි, ආදරේ කරපු හැටි, ඔයා නැති එක මොහොතක් මම අමාරුවෙන් කාගෙන ඉඳපු හැටි.. ඇත්ත, වෙනදා වගේ  දැනෙන්න ආදරේ කරන්න මට බැරි උනා.. "අද මොකද මෙච්චර පරක්කු, ඔෆිස් එකේ කෙල්ලෝ එක්ක කියව කියව හිටියද, ඇයි මම ගත්තු වෙලාවේ අන්සර් නොකලේ, කෙල්ලෙක් වත් ලඟ හිටියද..." මම දන්නව ඔයා මේ දේවල් මගෙන් අහන්නෙ මං ගැන ඇතිවුන සැකයක්ම නිසා නොවන වග. "මම කිව්වේ උයන්න මොනවා හරි ගේන්න කියලනේ, ඇයි මේ කඩෙන් කෑමත් උස්සන් ආවේ, බලන්න වෙලාව කීයද කියලා, කීයට උයලද දැන් කන්නේ.." "මම කාලා ආවේ, ඔයා කන්න.." "මම මෙහේ බඩගින්නේ ඔයා එනකන් බලන් හිටියා, ගේන මොනවා හරි උයන්න.... මෙයා හොඳට කාලා ඇවිත්.." ඇත්තටම මම එදා හිටියේ ලොකු බඩගින්නකින්.. ඔෆිස් එකේ වැඩ එක්ක එන්න පරක්කු උනා.. මම හොඳටම දන්නවා ඔයා මං එනකන් බඩගින්නේ බලන් ඉන්න ඉව්ත්තිය. උයන්න ගියොත් තවත් රෑවෙන හින්ද්දයි කෑම අරන් ආවේ. ඒත් ඔයා ඉඳපු කේන්තියත් එක්ක මට ඒක කියන්න පුලුවන් කමක් තිබ්බේ නෑ

සල්ලි Vs ලියුම්

අපේ අතට එන  සල්ලිත්  අනුන්ගේ නමට එන  ලියුම් වගේ....  ගත්තා...  Address එක බැලුවා...  දුන්නා....

හමුවේවිද ආයෙත් ඔබ

Image
අදත් මම එනකොට පන්සල පාරෙ දුර තියාම එයා ඉන්නවා පෙනුනා බස් හෝල්ට් එකේ... ඒ වෙලාවට සමනල්ලු ඉන්නවා මල් ගස්වල පාර දෙපැත්තේ... උන්ගේ පොටෝ ගන්න එකත් මගේ පුරුද්දක් වෙලා තිබුනේ... පොටෝ ගන්නවද, එයාව බලන්න යනවද... මම පලවෙනි ඔප්ශන් එක තෝරගත්තා, දැන්ම බස් එකක් එන එකක් නෑ කියලා හිතාගෙන... පොටෝ එකක් අරගෙන බස් හෝල්ට් එක දිහා බලද්දිම නවත්තලා තිබ්බ බස් එකක් ඇද්දා... හුටා.. එයත් පේන්න නෑ.. බස් එකේ ගියා වත්ද.. හිත හදාගෙන බස් හෝල්ට් එකට එද්දිම මෙන්න එයා ඉන්නෝ.. හම්බුන දෙවනි දවස නිසා අදත් හිනාවක් දෙකක් විතරක් දාලා ශේප් උනා... හෙටත් ඒ වෙලාවටම එයා එයි නේහ්...?

ඔ යා | ම ම | අ පි | අ පේ ආ ද ර ය

මගේ හිතත් දැන් හරියට උසාවිය,පොලීසිය වගෙයි... දවස පටන් ගන්නෙත්, දවස ඉවර වෙන්නෙත් ප්‍රශ්න වලින්... ඒත් මට ඕන මගේ හිත පන්සලක් කරන්න... අපි දෙන්නගෙ ආදරේ වෙනුවෙන් හැමදාම මල් පහන් පූජා වෙන, සෙත් පිරිත් නිතර ඇහෙන... ඔයා ඒ පන්සලේ එකම දායිකාව, එකම උපාසිකාව වෙන්න... හැමදාම සිල් සමාදන් වෙන්න... භාවනා කරන්න... ඉතින් ඔයා එනවා නේද පන්සල හදන්න මුල් ගල තියන්න... මම මග බලන් ඉන්නවා නැකත් සීට්ටුව හදන්න...
ඔබට මතකද ඔය ආදරේ වෙනුවෙන් සතුටු කඳුලක් මේ ඇස් දෙකෙන් වැටුනා... අදත් ඒ වගෙම කඳුලක් දුකට මේ ඇස් දෙකෙන් වැටුනා... හැබැයි වෙනදට වඩා මට අද ලුණු රස වැඩිවෙන්න දැනුනා...

ඔ බ | ම ගෙ ම යි

සිතුවේ වත් නැති දිනෙක නුපුරුදු නුඹව මට සුපුරුදුම තැනකදි හමුවුනා... පුරුද්දට වගේ හැමදාකමත් සුපුරුදු ලෙසින් අප හමුවුනා... මටත් නුපුරුදු ආදරේ නුඹ විටින් විට මට හුරු කලා.. පුරුදු ආදරේ නැතිඋනෙන් මට නුහුරු දුක අද හිමිවෙලා... පුරුදු විදියට සතුටින්ම ඉන්න මගේ පණ ආදරෙයි මම පෙරටත් වඩා..
නුඹේ හදගැස්ම පවා ඔය පපුවට තුරුලුවී මම වින්දා... දකින සිහිනෙකින් පවා නුඹ ලඟටම වී මම උන්නා... හෙලන සුසුමකින් පවා නුඹේ සුවඳ මට දැනුනා... ඇත්තමයි මගේ ජීවිතේම නුඹවමයි මට දැනුනා...
එදා අපි  ඇවිදන් විත්  වැටී සිටියේ  ගස් දෙක ලඟ  ඔහේ නිල් කඳු යායම  නුඹේ උනත් පොප්ලර් ගස් දෙක නම්  මගේ....
සෙවනල්ල වාගේ ලඟින් ඉන්නට තවත් කවුරුත් නෑ ඉතින්... මෙතුවක් කල් ලැබුන සෙනෙහස නැතිව ඉනු කෙලෙසක ඉතින්... මගේමැයි සිතු මැණික වෙනතක යන්න යනවලු ඉතින්... හදවතත් සිතත් නැවතී මියදූනානම් යයි සිත කොඳුරයි සෙමින්...

feeling - ආදරේ මා නිවාලයි....

වලාකුලක් නැති අහසට... වස්සානයේ බලාපොරොත්තුව වෙන්න... වෙනදාටත් වැඩි ආදරයෙන්.. අවසානය තෙක් මා ලඟින්ම ඉන්න... මතකයන් අතර අමතක නොවී ඉන්න... පුලුවනිද නුඹට පොරොන්දු වෙන්න..  
විඳින්න තියෙන ජීවිතේ විඳවන්න වෙලා තියෙන්නේ සල්ලි නිසා... අපි හිත හදාගන්න කියනවා  "තුහ්... බල්ලොත් නොකන සල්ලි"  කියලා... ඔව්.. සල්ලි නැත්නම් බල්ලෙක් වත් අපි දිහා බලන්නේ නෑ තමයි..
i know that you should use more focusing points to get better shots of me (inside) — feeling hopeful.

මෙ හෙ ව් | ර ටේ..

විදුලි බිල අඩු කරගන්න ගෙදර වටේ, ඇතුලේ ලයිට් ඔක්කෝම ඕෆ් කරගෙන සාලේ පොඩි සීඑෆ් එල් එකක් පත්තු කරන් අඟල් විසිහතරේ පොඩි රීවී එකෙන් අයිටීඑන් එකේ "විමසුම" බලන අපේ උදවිය
ණය බරින් පීඩිතව දින සති ගනන් ගෙවෙනවා... ජීවිතේ මිහිරියි කියන කාලේ අමිහිරිව ගෙවෙනවා... විරැකියාවෙන් ගෙවෙන ජීවිත ලෝකයටත් බරක් බව හැඟෙනවා... කොහේවත් ඉන්න දෙවියන්ට පිං දෙන එකත් අද ඉඳන් මම නවත්තනවා... රුපියල් සත වලට මුලු ජීවිතයම සින්න කරනවා.....
දිනුම් ඇදලා හම්බෙන කෝටියට වඩා... අතේ තියෙන රුපියල් විස්ස වටින නිසා මම ලොතරැයි ගත්තේ නෑ....
මූණට රවාගෙන යන ගොඩක් මිනිස්සු කවදාහරි හිනාවෙන්න බලාගෙන ඉන්න බව මම දන්නවා.... හිතවත්කමට නෙමෙයි... කින්ඩියට..
අපි කතා නොකරම ඉමු ආයෙත් අපේ ආදරේ ගැන.... තනිකම හොඳයි මට ඇති නුඹේ මතකයම... මා වෙනුවෙන් නුඹේ නෙතට කඳුලක් ඇති උනොත් හෙම... සමාවෙයන් මට මමමයි වැරදි සැමටම.... හඬන මගේ හිත හදාගන්නට බැරි උනොත් හෙම.. ලියන්නම් කවි අතට හසුවන හැම කොලේකම... එපා නුඹ කියවන්නට ඒ කවි කිසිම දින... හැඬුවොතින් නුඹ දරාගන්නේ කොහොම මම... ආදරයට ආදරයෙන්ම සිටියෙමි මම.. නැති උනදා තනි වෙලා අපෙ ලෝකයෙම.. කිසිදා මම නුඹේ මතකයට ආවොතින් හෙම... නැවතත් හැරී බලන්න මම ඉඳිමි එතනම...
සිහින පොතේ හිස් පිටුවක් සොයලා.. ආයෙත් අලුතෙන් ලියමුද වැරදුන තැන් හදලා... හැම සිහිනෙකම නුඹ මා ලඟ සිටි හන්දා... හිස් පිටුවක් සොයන්නට හැකි වෙයිදෝ මන්දා..
සීමා නැතිව ආදරය දුන්නත් නුඹ මට... නොසිතූ ලෙසින් සිදුවූ වරදේ පාපයට... නුඹ වෙනුවෙන් තව වද වෙනු බැරිය මට... වරද මගෙන් සඟවාපන් ලෝකයට...
පුලුවන් වෙයිද  මං වෙනුවෙන්  වෙන් කරගන්න  අඩුම තරමින්  මාසෙකට එක  මිනිත්තුවක්.... ඔයා ලඟ  මොහොතක් ඉන්න එකත් මට දැන් ලොකු  බලාපොරොත්තුවක්...
බිල ගෙවන්නට  ගෙදර ටීවී එකත්  උකස් කරපු  හන්දා.. සුජාත දියනිය මාත් එක්කත් තරහා වේවිද මන්දා.. උගේ පිටපත බලා සැනසෙන්නට විදියකුත් නැති හන්දා.. සුරංගනා කතා නැතිව පොඩි උන් අප්සට් ගනීද මන්දා..
හෙට අනිද්දා බිල ආවම දැනෙයි අපිට රඟේ මහා රජාණෝ අපි වෙනුවෙන් දුන්න සහන අගේ ඡන්දේ දුන්න උන්දැලටත් කරන්ට් වැදිලා වගේ ලාම්පුවත් හිනා උනේ කින්ඩියටම වගේ

වැස්ස එදා වගේමයි...

වැහි වතුරෙන් මූණ තෙමුනම ඇහෙන් වැටෙන කඳුලු කාටවත් පේන එකක් නෑ... ඒක නිසා අදත් මම තෙමි තෙමීම යනවා... ඉක්මනින් යන නිසා එදා අපි ගියා වගේ කුඩේ යටින් යන අයව මට පෙනෙන එකක් නෑ... වැස්ස එදා වගේමයි... සීතලත් එදාට නොදෙවෙනියි...

සිටියා නම් ඔබ

සිටියා නම් ඔබ එදා වාගෙම අදත් තෙමි තෙමි නොතෙමී යන්නට තිබුනා පොඩි කුඩේ යටින්....
Image
බෝල මිටියට පෙම් බැන්ද කරගැට වලින් පිරි මගෙ අත්... සියුමැලි නුඹේ අතට තද වැඩි වෙයිද මන්දා... අව්වට පිලිස්සුන, දහඩියෙන් නැහැව ගිය මගේ මේ උර මඩල නුඹට තද වැඩිදෝ මන්දා... වැහිලිය ගෙතුලටම විත් අදත් නුඹව පිලිගනීවිදෝ මන්දා... කට කැඩුන, අඬුව නැති මගේ කෝප්පයේ වතුර නුඹේ ඔය පිපාසෙට පිහිටක් වේවිදෝ මන්දා... ගල් ගැහුන මගේ හද නුඹේ ඔය සෙනෙහෙ දියෙන් කවදා තෙත් වේවිදෝ මන්දා... කිසිවකුගේ අනුකම්පා නැති මට නුඹ මෙතරම් ආදරේ මොකදෝ මන්දා
රෑ සිහිනෙන් නුඹ එනවද මගේ සිහිනෙට පාට දෙන්න.... රෑ අහසට නුඹ එනවද මාත් එක්ක තරු ගනින්න.. හඳ පානේ ඇවිද යමුද දෙවැට දිගේ දෙමන්සලට... අපේ කතා අහන් ඉන්න කවුරුත් නෑ ඒ යාමෙට.. හමා ඇදෙන සුලන් රොදට දහසක් කන් ඇති උනාට... අහගෙන ගෙනිහින් කියන්න කටක් නැත්තේ අපේ හොඳට... කවි මුමුනන නුඹෙ තොල්පෙති තවත් වරක් සිපගන්නද... අද වේවිත හොඳම දවස නුඹ සිටිනා මගෙ තනියට..

නු ඹේ | සු ව ඳ

මතක අතරින් එකින් එක ගෙන තවම මම හැඩ බලනවා.... අතට අසුවන හැම කොලේකම පුංචි කවියක් ලියනවා... ලියවෙනා හැම කවක් ගානෙම අපේ ආදරේ තියෙනවා... සොඳුර නුඹේ සුවඳ තාම මා වට ගැවසෙනා බව දැනෙනවා...

දු ර යි ද | ත ව

දුර ගියත් නුඹ මට හිතින් දුර වැඩි නෑ... ලඟින් හිඳ ආදරෙන් කිව බස් තවම අමතක නෑ... මතක අතරින් නික්ම යන්නට සිතට හයියක් නෑ.. මගේ හිතේ නුඹ ගත්තු ඉඩ තව වැඩි මිසක් අඩු නෑ...

ම ල කි | නු ඹ ම ට _____~'~

සොඳුර අප ආ ගියපු තැන් වල මතක තවමත් තියෙනවා... මතක අතුරින් ඇවිදිනා මගේ ඇසට කඳුලුත් උනනවා... එදා අපහට සෙවන දුන් ගස් අදත් එලෙසම තියෙනවා... හමුවෙනා උන් කින්ඩියට මෙන් අද මොකද තනියම අහනවා... මලින් බර වුන ගස් අතර මම මගේ මල තව සොයනවා... අඬන මගේ සිත හදා ගන්නට එතූ මලක පිහිට පතනවා..
යාලුවොත් හරියට ෆේස්බුක් වගේ... හිටපු හැටියේ, update වෙනවා... අලුත් features add වෙනවා.. තියෙන ඒවා remove වෙනවා... deactivate වෙනවා... Activate වෙනවා etc...
බස් එකට ගොඩවෙද්දිම "මෙන්න ඊලඟට පිලිගන්න.... සුභානි හර්ශනී මුතුකුමාරන..." බෆල් හයකින් සහ සබ් එකකින් බස් එක දෙවනත් වෙන්න සද්දේ.. ඉස්සරහම එල්ලලා ඉන්නවා සියලු දෙවි දේවතාවරු, කරන්ට් එක වදිනවට බයේ ගුලිවේලා එල් ඊ ඩී ලයිට් අස්සේ... දෙපැත්තෙන් තියෙනවා පාට පාට මල් වැල්... ටිකක් ඉස්සරහට වෙන්න තියෙනවා තඩි ස්ක්‍රීන් එකක්... ගමනාන්තය තෙක් කන් දෙකට සැප... "පානදුර කලුතර අලුත්ගම අම්බලන්ගොඩ ගාල්ල මාතර..." නයිට් රයිඩර් කාර් එකේ මයිකල් අයියා එක්ක යනවා වගේ.. බස් එකෙන් බැහැලා ටික වෙලාවක් යනකන් කන් දෙක රීන් ගානවා... :D කොහොම උනත් දකුණේ උඹලට අපි ආදරෙයි බන්..
ක්ලික් ඩබල් ක්ලික් ස්ක්‍රෝල් ටයිපින් එක්ක පුටුව උඩ ගෙවෙන අපේ ජීවිත... සිගරට් එක මල ශොට් එක චැට් එක බෝක්කුව උඩ ගෙවෙන උඹලගේ ජීවිත... වෙනස පුටුව යටින් වතුර නොබහින එක විතරයි
ඔයත් හොයන්න මාත් හොයන්නම් හමුවන්නට අපට වෙලාවක් තැනක්

save the world.

කිරි උතුරලා බෝතල් කඩලා සුදිය දැම්මට.. දන්නවාද අපි තවමත් ණයයි මේ ලෝකයට....

no more sweet dreams.

නිදි පැදුරේම මිය යන්න හිතාගෙන නිදාගත්තට... මටත් තිබ්බා හීනයක් හෙට දවසේ දිනාගන්නට...
අඩියෙන් පටන් ගත්තු මම දැන් අඩියටම යට උනේ වැඩ බැරි නිසාම නෙමෙයි...
දුර ඉන්නා හඳට කවි ලිය ලිය උන්නාට.. පාලුවේ තනිකමේ තරු ගනිමින් උන්නාට.. ඈත එන වසන්තය ගැන හීන බලමින් උන්නාට... පිස්සු උනත් ආදරය හඳුනන හදවතක් හිමිය මට...

සුභ අලුත් අවුරුද්දක් වේවා...

Image
අවුරුදු බෝනස් ඉල්ලලා ඔෆිසියේ හෙන යුද්දේ... කුසුමගේ දුවගෙ පුක මිරිකලා බිල ගෙවන්න ඉන්නකොට රෙදි කඩේ පෝලිමේ.. බාර් එකේ අරක්කු නිකන් දෙනවා වත්ද මෙදා පොටේ... එතනත් මහ සෙනග හරි හරියට පෝලිමේ... වෙනදා නැති තරම් වට්ටම් දෙනවා කඩ කාරයින් මේ සැරේ... බැං කුවෙනුත් තෑගි දෙනවලු අවුරුදු ගණුදෙනු දවසේ... කිරි ඉතුරවන්නේ කාල්ටන් නිවසේමද මෙදා සැරේ.. යාපනේ කෑම මේසෙකින් කමු කිරිබත් වෙනසකට වගේ.. අවුරුදු උත්සව ගම පුරාවට හන්දියක් හන්දියක් ගානේ.. සංගීත ප්‍රසන්ගත් තියෙනවලු දවස අවසානේ.. මැසේජස් ඇවිත් එකසිය ගානට ගාල් වෙලා ඉන්බොක්ස් එකේ.. ජනාධිපති එවපු එකකුත් තිබිලා හම්බුනා ඒ ගොඩේ... ටැග් කරලා තිබුනා පොටෝස් වල එෆ්බී එකේ කැට පිටියට රොක් වෙනවා කට්ටිය අවුරුදු කටේ... රුපියල් සීයට පොඩි චෑන්ස් එකක් වත් නැද්ද මහතුන් අයියේ... පන්ච දාන්නට, චග්ගුඩු පනින්නට එකෙක් වත් ඇයි දැන් එන්නැත්හ්ටේ.. ඔංචිලි බඳින්නට ගස් නගින්නට මට බෑ අක්කේ... අවුරුද්දට වතාවක් එන නෑදෑයින් පිරිලා ගෙදර සාලේ... නැති නෑකමුත් අරඹන්නට මේකලු කාලේ... අපි නම් අවුරුදු කෑවේ ඔහොම නෙමෙයි මගේ පුතේ... සීයා කියා දෙනවා කොලුවාට අතීත විස්තරේ... වැඩ අල්ලන
වාලුකා කතරේ මිරිඟුව සොයා ගිය මුවැත්තිය මට හමුවුනා මිර්ඟුව නොවුනමුත් මා දිය පොදක් වී පිපාසය ඇගේ සිඳවුනා.. ලැබුනමුත් දිය සිඳුනමුත් පිපාසය සොයන්නේ ඇය මිරිඟුවක්මයි.. අවැසිනම් තව දිය බිඳක් හෝ යලිත් එන්නට අවසරයි...
හඳ ගැනම නුඹ ඇයිද කවි පද තරු වලට හෙන ජෙල ඉතින්... පොහොය දිනයට අහස ජය ගත් හඳට මොන උපමා ඉතින්... අමාවකටත් හඳම හෙව්වද තරු ඇවිත් රඟදෙයි ඉතින්.. ලඟ නැතත් හඳ දුර ඉඳන් මම කවි කරමි තව තව ඉතින්...

හාරත J

කාටත් හොරෙන් මම හඳට ලිව්ව කවි... බාගෙට වැහුනු ජනේලෙන් සුළඟ විත් කියවලා... කඩේ යන තරු එක්ක හිරුට ගෙනිහින් පවසලා... වෙනදා මෙන් එලිය දෙන්න හිරුත් අදිමදි කලා... අමාවකයි අද ඔන්න හඳ කොහේද හැන්ගිලා..
පැලේ පැදුර හොරු අරගෙන ගියාදෝ... බටනලාවේ හඬ සුළඟට ගියාදෝ... පණ මෙන් රැක්ක හේන අලි බිඳ දැමුවාදෝ... පිං ගත් දෙවියන්ටත් අප අමතක උනාදෝ... සත් දොහකි ඇත්තේ අවුරුදු ලබන්නට... පොඩී එකීගෙ සිහිනය අවුරුදු කුමරිය වන්න... තව කීප දොහයි ඇත්තේ ගේ උකසට සින්න වන්න.. දෙවියනේ මගේ නැතත් ඇගේ සිහින නොඹිදින්න... රට රකිනා මහතුනේ අපිටත් අවුරුදු එනවා රජ ගෙයි මෙන්ම පැල්පතෙහිද කිරි ඉතිරෙනවා.. කුසගින්නේම පොඩි පැටවුන් නිදියනවා... හිතේ ගින්දරෙන් දින සති ගතවෙනවා...
මෝඩයෝ රැලක් එක්ක එකතු උන ගමන් අපි එතන වීරයෝ... හැබැයි ටික කලක් යද්දි අපිත් ඒ ගානටම වැටෙනවා...
ස්ප්‍රයිට්.... පා ර ක්ලියර්... ඒ උනාට, පොඩ්ඩක් කැලේ වැවිලා...
ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක්... ඒ උනත් ඇට බෝලෙකුයි පොල් පිත්තකුයි තිබ්බත් අපි ක්‍රිකට් ගහනවා... පොටෝග්‍රැපිත් ඒ වගේම තමයි....

සිහිනයකි මට ඈදරේ..

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්ම මම හැමදාමත් බලන් හිටියේ ඔය දෙනුවන් දෙසම... නොදැක්ක ගානටයි නුඹ මා මගහැරියේ හැමදාම.. හිතාගන්නවත් බෑ.. ඇයි මම නුඹට ආදරේ තවම...

කලාකරුවාණෙනි ඔබට නිවන්සුව.... !!!

Image
ඇල්පිටිය, තණබද්දෙගමදී 1945 අගෝස්තු 7 වෙනිදා එල්ලමුල්ල කපුගේ ගුණදාස උපත ලබනවා. කරණ්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයෙ න් අධ්‍යාපනය අරඹන ඔහු පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විධ්‍යාලයට ඇතුලත් වෙනවා. මුලින්ම විද්‍යා අංශයෙන් ඉගෙනුම අරඹන ඔහු, පසුව සංගීත අංශය තෝරාගන්නවා ඒ 1963දි. ඉන්දියාවේදි සංගීතය පිලිබඳ වැඩිදුර ඉගෙනගන්නා ඔහු සංගීතය පිළිබඳ උපාධියක් ලබාගන්නවා. පසුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා එක්වෙනවා. ඒ 1969 දි. 1975දී ඔහු වැඩසටහන් නිශ්පාදකවරයෙක් විදියට වැඩ ආරම්භකරනවා. රජරට සේවයේ සංගීත අංශයේ ප්‍රධානියා විදියට 1981දී ඔහු වැඩ භාරගන්නවා.. 1978දී ප්‍රේමා විතානගේ සමගින් ඔහුගේ විවාහ දිවිය ඇරඹෙනවා.. ඔහුගේ පලමු සංගීත නිර්මාණය 1973දි "දෑස නිලුපුල් තෙමා" යනුවෙන් එලිදකිනවා.. බොහොම කෙටි කාලයක් තුල එය ජනප්‍රිය වෙනවා.. ඒ ශ්‍රේණියේ ගායකයෙකු විදියට රේඩියෝ සිලෝන් එකෙන් නම් කිරීමට තරම් ඔහු ඒ වෙද්දි උසස් තැනකට ඇවිත් තිබුනා.. ටෙලිනාට්‍ය සඳහා පසුබිම් සංගීතය සැපයීමේ ඇරඹුමක් විදියට "තුරඟ සන්නිය" ටෙලි නාට්‍යය සඳහා ඔහුගේ දායකත්වය ලබාදෙනවා.. තව ඉතා ප්‍රසිද්දියට පත්වුන වේදිකා නාට්‍යැයක් වන "තා

නු ඹ | ම ම

අන්න තියෙනවා කාමරේ මුල්ලක මම ලියපු කවි එකගොඩේ... දෙන්න පුලුවනිද තෝරලා කවියක් නොගෑවුනු අපෙ ආදරේ....

අ පේ | ආ ද රේ

ඔයත් හො ය න් න මමත් හො ය න් න ම්

හි මි | අ හි මි

දුන්නු සෙනෙහස මදි උනාවද උන්නු තැන අමතක උනාවද යන්න හිත හිත මොකට ඉන්නවද සින්න උන හිත අරගෙනම යනවද

ජී වි ත ය | ක වි ය ක් (ලු )

කොයි තරම් අමාරුවෙන් උනත් කිසිම තාලයක් නැතත්.. කිසිම රසවත්බාවයක් නැතත්... අහගෙන ඉන්නට කවුරුත් නැතත්.. තාමත් මම ලියන මගේ කවිය
මට නම්  එපා උඹ  සින්නක්කර... ගෙවන්නම්  කුලිය වේලාව ගනන් කර... ආදරේ කලාද මන් නුඹට කොච්චර... කෝ ඉතින් දැන් උඹේ සූත්තර...
ඊයේ හවස  බස් එකේ යද්දි මට හම්බුනා  පට්ට කෑල්ලක් දන්නවද..... මම නිදාගත්තේ එයත් එක්ක ... ඇහැරුනේ උදේ අම්මා කෑගහන සද්දෙට.. අද ඔෆිස් යන්නේ නැද්ද යකෝ...
පොඩි කාලේ  ඔංචිලි පැදපු චූ දාපු පොරවගෙන නිදාගනිපු කොනක එල්ලිලා රවුම් ගහපු සුවඳටත් මම ආදරේ කරපු තද උන වෙලාවට අම්මත් කියන... .. .. අම්මගේ රෙද්ද

මට එපා නුඹ ගැන තවත්..

ලියවෙන්නේ නෑ  කිසිම ලෙසකින් විඳින්නට හැකි  පදවැලක්... කියවෙන්නේ නෑ  සිහිනයකවත් නුඹ ගැන  කිසිවක් තවත්... එදා සිට ලිව්  කවි එකින් එක බැලුවොතින් මම තව වරක්... නැවත නැවතත්  අඬන්නට හැකි නොනැවතී තව  හත් දොහක්... අන්න තියෙනවා  කාමරේ මුල්ලේ මට වඩා ලොකු  පෙට්ටියක්... විසිකරමි මම  ඒකෙ මුල්ලට නුඹට ලිව් කවි  පොත් හත අටක්.. ආවොතින් නුඹ  වැරදිලාවත්  ඇවිත් යන්නට තව වරක්.. අරන් පලයන්  තියෙන ඔක්කොම මට එපා නුඹ  ගැන තවත්..
මුහුදේ ඉඳලා දැලට අහුවෙලා බෝට්ටුවේ ෆ්‍රිජ් එකේ ඉඳලා ගොඩට ඇවිත් හාබර් එකෙන් ලොරියට ඇවිත් ලොරියෙන් ලෑල්ලට ඇවිත් ලෑල්ලෙන් ගෙදර ඇවිත් හට්ටියේ ලුණු මිරිස් එක්ක තැම්බිලා පස්සේ තෙල් තාච්චියේ බැදිලා දීසියෙන් මේසෙට ඇවිත් පිඟානට එන මා ලු... ගොඩ ජීවත්වෙන එකෙක් වතුරේ ගිලිලා මැරෙන එකත්.. වතුරේ ජීවත් වෙන එකෙක් ගොඩට ඇවිත් මැරෙන එකත් පුදුමාකාර දුකක්...

ඔයා දන්නවද..?

මේ දවස් වල හිටපු හැටියෙම හීනෙනුත් මම දොඩනවා... මොකෝ බන් උඹ හීනයක් දැක්කද අම්මා ඇවිදින් අහනවා... එදා වාගෙම මගේ හීනෙක ඔයා තවමත් සිටිනවා... හීනෙකින් වත් නොසිතු ලෙස ඔබ ගියේ ඇයි මම සිතනවා.... හීන අතරින් ඇවිද යන්නට සිටී නම් නුඹ වටිනවා... එදා මෙන් මගේ හදේ තවමත් නුඹෙ පෙමට ඉඩ තියෙනවා...