Posts

Showing posts from May, 2014
සමහර උන් ඇමට බයේ නොකා මාරු වෙනවා... සමහර උන් ඇම කාලා මාරු වෙනවා.... සමහර උන් ඇම ගිලිනවා ලෙසටම.. මාලු පව් නෙහ්... එතකොට ඇමට ගහන පනුවා.. ඌත් පව් නෙහ්... එතකොට මාලු අල්ලන එකා.. ..??

time

පොතේ වැඩට වෙලාව නැති අපිට මූණු පොතේ වැඩට යහමින් වෙලාව ඇති හැටි
අනිවාර්යෙන්ම තමන්ට තමන් පොරක් විය හැක.... නමුත් සමාජය බලන කෝනය අනුව එය වෙනස්විය හැක... තමන් පොරක් බව සමාජයට බලෙන් ඒත්තුගන්වන්නට උත්සාහ නොකල යුතුය... ____________ වේදිකාවක් මත ගී කියද්දී ශ්‍රාවකයන්ගෙන් ඇහෙන හූවේ ටෝන් එක හඳුනාගැනීම වටී
භාන්ඩ හුවමාරු ක්‍රමෙන් මුදල් බාවිතයට මාරු උනේ නැත්නම්.. අදටත් ගොවියෝ රජ වෙනවා හීනෙන් හරි.. ඒත් ඒක එහෙම උනු නිසා හොරු රජවුනා.. වැඩ කරන ජනතාව හැමදාම දුප්පත්..
බැසයන්න මොහොතකට මත්තෙන් අවසරයිද ආයෙත් සිපගන්න මගේ *හඳ
CHOGM 2013 එකට කොළඹ මාර්ග බොහොමයක් හදිස්සියේ සංවර්ධනය උනා. හරියට මගුල් ගෙදරකට පාර හදනවා වගේ. මාස 6ක් ගතවෙන්නත් කලින්, පේමට් එක ආයෙත් කඩනවා කේබල් අදින්න. ඉදිරි මාස 6ක් ගැනවත් දැක්මක් නැති පාලන ක්‍රමයක් තමයි දැන් මේකේ තියෙන්නේ... ලෝකේ නොයෙක් රටවල් වලින්, සංවිධාන වලින් ලංකාවට එනවා ආතල් ගන්න. මේක දැන් ලෝකේ උන්ට ආතල් දෙන රටක් වෙලයි තියෙන්නේ. *ඒත් අපි කන හැටි ලිපා දනී
ටිකෙන් ටික අප ලංව ගෙවෙයි කාලය නොදැනීම.. ගව්වෙන් ගව්ව ජීවිතය තරණය කලයුතුය එක්ව.. නොනැවතී අතරමග බෙදාගෙන විඳි‍ය යුතුය දුක සැප.. කතාකරමු තව විස්තර අප යන ගමන අතරමග..
දුර යන බස් වල, වැඩ කරන උන්, හමුදාවේ උන් කැම්පස් කෙල්ලන්ව ඇල්ලුවේ අද ඊයේ නෙමෙයි. අහුවුනොත් ආයෙත් ගැලවෙනවත් බොරු.. "සපත්තු මල ලා රතු පාටයි තුවක්කුවට ඔබ හැඩ පාටයි" ඉතින් ඊට පස්සෙ තමයි කතාවේ බයානක හරිය.. උන්ට ඉතින් නොමිලේ මල් කඩන්න උපහාරෙත් දුන්නනේ.. ණයිට් ඩියුටි වෙලාවට කරන්නේ ඉතින් මල් කඩන එක තමයි.. ඔය වැඩේ කරන්න පුලුවන් ඉතින් කරන්න කිසිම වැඩක් නැති උන්ට තමයි.. ජාතික වීරයන්ට අපහාස කිරීමේ වරදට අහ ුවෙයි දැන් සුරංගනා කතා කියෙව්වා වගේ නෙමෙයි, උන්ට පොඩ්ඩ ඇත්නම් මල පනිනවා. ඒ වෙලාවට එන්නෙත් මෝඩ අදහස්.. ඊයේ පෙරේදා ඇල්පිටියෙ උනෙත් ඒකම තමයි.. ගොඩක් වෙලාවට ගමෙන් ඈත ඉන්න හින්දා ආදර කතාවට කොයි වෙලෙත් සැකය එනවා.. ඊට පස්සෙ ටිකිරි මොලේ වැඩ කරන්න ගන්නවා..ඉට පස්සෙ ඉතින් මරාගෙන කනවා කියලා හිතන් තමයි ගමට එන්නේ.. ඒක තමයි ආදර කතාවෙ අන්තිම ෆයිට් එක.. මෝඩ වීරයා දිනනවා.. පසුවදන ලියන්න වෙන්නේ අහිංසක දෙමව්පියන්ට.. *හැම සොල්දාදුවම එහෙමයි කියන්නේ නෑ., හොඳ අය ඉන්නවා, හැබැයි උන්ගෙ හොඳ නමත් මුන් කනවා
වැසි වනාන්තර වගේද කොන්ක්‍රීට් වනාන්දර ඉස්සර එහෙමත් ගෙදරක තමයි ෆෑන් එකක්වත් තිබ්බේ, දුප්පත්කමටත් වඩා කාටවත් එහෙම අවශ්‍යතාවයක් දැනුනේ නෑ. සමහර සීලින් ෆෑන් වල මකුනු දැල් පවා බැඳිලා තිබුනා. අහස දිහා බලාගෙන හූල්ලන්න උනේ නෑ, කලට වැහි වැටුනා. දැන් අවුරුද්දට කොහා අඬන්නේ නැත්තේ ඇයි. ඌට අවුරුදු අමතක වෙලාද, නෑ දේශගුනේ වෙනස්වෙලා.. ඉස්සර වගේ ගොවිතැන් සරුවෙන්නෙ නෑ දැන්. රෑට වෙනසකට කියලා තියෙන්නේ ඉර පායන්නේ නැති එක විතරයි. දවල් කාලෙට තියෙන රස්නේ ඒ විදියටම රෑටත් තියෙනවා.. ඔක්කොම කැලෑ ටික අම්මා අප්පාගේ බූදලේ වගේ එලිකරලා. ගෙවල් හදාගෙන, බබ්බු වගේ අහසට බැන බැන ඉන්නවා වහින්නේ නැති එකට. වහින්න ඉතින් අහසට වතුර පොම්ප කරන්න වෙනවා.. අපි මේ කරන වැරදි වලට අපිටම වන්දි ගෙවන්න වෙයි, එක එක විදියට. පරිසර දින කියලා බොරු උත්සව තියන් ගස් හිටවන්නේ ඕනේ නෑ.. ඒ වගේ ගානට ස්වභාවිකවම වෙයි, හැබැයි ඉස්සරහට ඉපදෙන්න ඉන්න උන්ගේ අම්මලා තාත්තලා කපලා මරන්නේ නැතිව හිටියොත් තමයි.. මේ හිතන්න කාලයයි..
මහාවංශෙ කියවලා අපි පුදුම වෙනවා වගේ.. මහින්දවංශෙ කියවලා අනාගතේ උනුත් පුදුම වෙයි නෙහ්..
නැති එකාට දන්සලේ දංකුඩවත් නෑ.. ඇති උන් පෝලිම් වල අඩුවකුත් නෑ..
හැම කෑම වේලෙන්ම බදු ගෙවලා.. එක කෑම වේලක් හොඳට කන්න.. ________ ප්‍රීති වෙසක්..
ඔබත් දන්සැල් *ආතල් එක අහිමිවූ බෞද්ධයෙක්ද..
බාර් එකත් ඇරලා තිබ්බා නම් සියල්ල සම්පූර්ණයි.. ලබන අවුරුද්දේ මීට වඩා ආතල් එකක් ගමු
සිදුහත් කුමාරයාවත් මේ තරම් ඉහලින් *තමන්ගේ උපන්දිනේ සමරලා නැතිව ඇති
මෙවර වෙසක් තේමාව "දන්සැල් කෑම" ලබනවර මොකක් වේවිද..???
හිංසක මිනිසුන් ඇතුලට යැවීමද.. හොරුන් ආරක්ෂා කිරීමද.. අතීතයේ මෙන්ම වත්මන්, අනාගත පොලිසිය සතු වගකීමකි
අපේ කාලේ ප්‍රශ්න පත්‍රවල පින්තූර දීලා අහනවා, මේ මොකද්ද, හැදුවෙ කවුද, මොන රටින්ද.. බ්ලා බ්ලා බ්ලා.. රජවරුන්ගේ නම්, හදපු කාල, ස්තාන වල නම් ඔය ඔක්කොම මතක තියාගන්නෙපැයි.. ඒත් අනාගතේදි ඔය වැඩේ පට්ට ලේසියි.. Eg:- නම :- මහින්ද රාජපක්ෂ, කියලා පටන්ගත්තත් ඇති හදවපු රට :- චීනය _____ අනාගතේ පොඩි උන්ගේ පිටෙත් made in china, කියලා ගැහුවොත් පුදුම වෙන්න එපා
සෙමි ෆයිනල් ගහලා අවුරුදු 5යි.. . කොටිත් එක්ක.. . මෑන් ඔෆ් ද මැච්.. ?? . ෆයිනල් එක තාම ගහනවා.. . අපිත් එක්ක..
රාත්‍රිය දිගයි හිත කලබලයි
ඔබ සිත්තැවුලෙන් පසුවන්නේද... ආණ්ඩුවේ වැඩ ගැන කලකිරීමෙන්ද... ඔබේ දුක අපිට තේරෙනවා... එන්න හවසට පාර්ලිමේන්තු පාරේ ජොගින් පාරක් දාන්න... හිතේ අමාරුව යනකන් බැන බැන ඇවිදින්න ලොකු ඒරියා එකක් හදලයි තියෙන්නේ... ගමන අවසානයේදි සියලු ගැටලු ඔබට අමතකයි.. පස්සේ උන්ගේ කඩේකින්ම වැඩි ගානකට කාලා ගෙදර එන්න පුලුවන් කුරුල්ලා වගේ...
හිනා වෙන්න මතක් වෙන්න ඔයා ඇවිත් ලඟින් ඉන්න..

අද බිත්තිය අම්මට...

Image
අපි කවුරුත් අම්මාගෙන් බිහිවුන දරුවෝ වෙමු. ප්‍රශ්නය තියෙන්නේ ටිකක් උස්මහත් වෙනකොට තමන් ආවේ කොහෙන්ද යනවග පවා සමහරුන්ට අමතකවීමයි. තමන්ගේ තත්වයට අම්මා ගැලපෙන්නේ නැත. අම්මා තමන් තරම් උගත් නැත. අම්මාගේ දැන් ඇත්තේ වයසක පෙනුමකි. මේ ආදී ප්‍රශ්න ගනනාවක් හේතුකොටගෙන අම්මා තමන්ගේ ජීවිතයෙන් කෙමෙන් ඈත් කරදැමීමට දෙවරක් නොසිතන දරුවෝ එමටය. ඒ සියල්ලටම වඩා තමන්ගේ අම්මා ගැන සිතන දරුවෝද නැතිවා නොවේ. සියලු දුක් දරගෙන හිනාවෙන අම්මා තරම් කඳුලු සැඟවීමට තරම් තවක් දක්ශ කතක් මා මෙතෙක් දැක නැත්තෙමි. ඉස්කෝලේ යන කාලේ දනින් වැටී වැඳී මට, බුදුසරණයි කියූ අම්මා. අදටත් එසේමයි. "හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගෙයි," යන කියමන් අප සමාජයට එක්වෙඋනේද අම්මාගේ සෙනෙහස ඒ තරම් බලවත් නිසා විය යුතුය. අපේ තාත්ත පොඩි සන්දියේ සිටම මට පෙන්නුවේ යක්ස පෙනුමකි, බොහොමයක් අවස්තාවල තාත්තාගෙන් ගුටි නොකා බේටුනේ අම්මා ඉදිරියට පැන බේරාගත් නිසාවෙනි. තාත්තා තුල සැඟවසිටි අපූරු අහිංසක ආදරබර මනුස්සයාව හඳුනාගැනීමට මට බොහෝ කල් ගතවිය. දරුවන් වෙනුවෙන් හිනාවෙන දෙමව්පියන්ට වඩා හඬන දෙමව්පියන් මෙලොවතුල වැඩිය. ඒ කඳුලින් ඇනෙන බදාමයෙන
සසර මග අතර මග නිතර අප හමුව ඇති... හදට හද ලං වෙලා ආදරෙන් ඉන්න ඇති... සිහිනයකි ආදරය නුඹ නමින් පිදුනු හැටි....

සසර මග

Image
ලොකු ලොකු සතුන් පැනගියා *බල්ලන්ව ගනන් නොගෙනම.. අන්න රෑ කෑමට අල්ලගෙන හා පැටියෙක් හෙම්බත්වී ගෙදර යන..
වඩින තුරු සඳ මගේ අහසට බලා සිටියෙමි තුලින් අඳුරුපට ගලා එන මේ සිහිල් පවන් රොද නිවාලයි මා තනිය හෙමිහිට නෙතට නැගෙනා කඳුලු එකිනෙක වියලිලා යයි මටත් නොදැනිම දුක නොවෙයි ඒ සතුටෙ හිරිකඩ තෙමන මා සිත මටත් රහසින මගේ සවනත පිරෙයි නිතරම සොඳුරු වදනින් මුවින් ගිලිහෙන මිරිඟුව නොවී නුඹ දිය පහර වී මට අගෙයි මගෙ දිවි පහස නිවනට
වසල පවුලක් රජකම් කරන සඳ මිනිසුන් තිරිසනුන් මෙන් මරණ සඳ අහිංසක සතුන් විකුණාගෙන කන සඳ පායන්නේ ඇයිද මෙබිමට තවත් සඳ
ඔබ ගැන කියවෙන ඔබටත් නොකී කතා අනිත් උන්ගේ කටින් රහට, දුකට එකිනෙකාට මිමිනෙන හැටි.. තමන් නැති අඩුව උන්ට දැනෙනා හැටි.. විඳගන්නට කැමති නම්, ඔබ මළ දවසට ඔබේ මළගෙදර නයිටක් ගහන්න එන්න
සසර මග අසරණව සොයයි හිමි ගිය මගට යන කෙටිම මග
ලියවෙනා අකුරක උනත් කියවෙනා පදයක උනත් පිටවෙනා සුසුමක උනත් සිටිනවා නුඹ හෙට දිනත් දැනෙනවා මට උනුහුමත් ගෙනෙනවා මට සිසිලසත් විඳිනවා මම තව තවත් නුඹේ සෙනෙහසේ උපරිමත්
කපන්නට ඉනිත් නෑ.. දමන්නට ගඟකුත් නෑ.. _________ *සංවර්ධනය (after few years)
කපන ඉනි ගඟට.. ගඟ ගලන්නෙ රජ ගෙදරට.. _______ *සංවර්ධනය
මං පොඩි කාලේ ගොඩක් ආසයි ගෙදර අය එක්ක ඇවිදින්න යන්න... ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ පොඩි උන් යනවද මලගෙවල් වල, පොඩි උන් යනවද මගුල්ගෙවල් වල, පොඩි උන් යනවද පොලේ කියලා ගේම ඉල්ලපු එක... සමහරදාට මගේ ඇඬියාව අහන් ඉන්න බැරිම තැන, යං එහෙනම්, අඳුමක් දාගෙන එන්න කියනවා... මම සෙට් වෙලා එනකොට කට්ටිය හොර පාරෙන් ගිහින්.. ඒ වෙලාවට දැනෙන දුක කොච්චරක්ද කියන්න බෑ.. පොඩි එකත් එක්ක ආවා නම් කියලා හිතෙන්නේ පස්සේ, ඒත් එතකොට උගේ හිත රිදිලා ඉවරයි, *ආයෙත් හදන්න බැරි ගානටම _________________________________ පස්සේ කාලෙදි හෙන වදේ, අරෙහේ යං , මෙහේ යං, නොගිහින් හොඳ නෑ... ඒ වෙලාවට මං, මට ඉස්සර කියපු දේවල් ඒ විදියටම කියලා මගහරිනවා... මාත් ඉතින් ලොකු ශීන් එකේ ඉන්නෙපැයි...
ඉස්සර, දෙමව්පියන්ට දරුවෝ බයයි... දැන්, දරුවොන්ට දෙමව්පියෝ බයයි..
ලංකාවේ මැතිවරණ කියන්නේ, රටේම ඉන්න එපාමකරපු උන් ටික තෝරාගන්නා තවත් ක්‍රමයක්...
Image
සාදු කින්ග් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව්... ___________________ *කන්ඩිසන් බත් පැකට් එකයි ගල් කාලයි... එන්ට්‍රන්ස් ෆ්‍රී... යන්ට්‍රන්ස් කැමති විදියකට *අත්වැරදීමකින් පොලිස් ප්‍රහාරවලට ලක්විය හැක..

මැයි පලවෙනිදා

රියල් කම්කරුවෝ..., අද පෙලපාලි ගියොත් අපි බඩගින්නේ මහත්තයෝ.... නාමික කම්කරුවෝ... අද පෙලපාලි නොගියොත් අපි බඩගින්නේ මහත්ත්යෝ..