Posts

Showing posts from 2015
ගොනා හැරෙන්න කලින්, පොල් පැලේ දැනගන්න ඕන ශේප් එකේ මාරු වෙන්න...
කාටත් හොරෙන් උදේ රැයින් හීනෙන් ගිහින් ඉඳගන්න ආසයි හුරුපුරුදු ඩෙස්ක් එකෙන්... හතිවැටෙනකන් උනුන් සමගින් දුවන්නට ආසයි පැන වැට කඩුලු මතින්.. අපි බැහැපු වලේම ඉන්නවා මචං තව උන් ඉඩක් නෑ අපිට දැන් එක්ස්පයර් වෙලා බන්
සඳ නොමැති සමහර දිනක දිලුනත් අහසේ තරුකැට දසත පිරවිය හැකිද එකඳු තරුවකට සඳ නොමැතිව දැනෙන අඩුව අහසට
එක පතේ කාගෙන හිටියත්, දෙකට තුනට බෙදෙන්න එක හේතුවක් උනත් ඇති අපේ උන්ට...
ජීවිතේ පහුකරගෙන ආපු සමහර දේවල් හරියට සොහොන් ගල් වගේ....  මතක සැමරුම් ඉතිරිවෙලා තිබුනට, මතක නෑ..

අම්මා...

දවස පුරාවට මේරූ කඳුලු කැට මහ වැස්සක්වී බිමට හෙලන අම්මා...
නිවා සරතැස මගේ දිවිමග ගෙනා සිසිල අගෙයි නුඹ මට අඳුරු අහසට පැමිණ පුරපස මගේ දිවියට කසුන් සඳ නුඹ
සුවද රඳවා ආත්මයේ පතුලේම ආදරයේ නාමයෙන් දැල්වූ පහන් සිල… නොනිමේවා මේ සසර පුරා හමුවූ අප නෙතු පියෙන තුරා…!
මෙදා පාර කවුරු දිනයිද...? මහින්දට නොමිනේශන් හම්බෙයිද..? යූඑන්පී එකම දිනයිද..? ____ මේ අපි වැඩියෙන්ම කතා කරන, අපිට තියෙන ලොකුම ප්‍රශ්න.. _____ අද රෑට කන්නෙ මොනවද.. ගෙවල් කුලී ගෙවාගන්නෙ කොහොමද... ____ මේ අපි අඩුවෙන් කතා කරන, අපිට තියෙන පොඩි ප්‍රශ්න...
පෑව්වාට හඳ එක එක විදියට එක එක දවසට.. ලෝකෙට හඳ එක එක විදිය නෑ එක එක දවසට... අදට වඩා ආදරෙයි හෙට දවසට..
මම නුඹේ හිත කියෙව්වාට මගේ හිත නුඹට මගහැරෙන්න ඇති..
දවසින් දවස බොහෝ පාඩම් උගෙන අඩියෙන් අඩිය පඩියෙන් පඩිය නොවැටී යන්න එක්වුන නුඹයි මගේ අත්වැල
සඳට දුර හිඳ ලියූ කවි ඇත මහ පොතක පිටු පුරවලා... ඊට නොදෙවෙනි පැතුම් පොදි ඇත හිතේ හැමතැන විසිරිලා... එකින් එක ගෙන අමුන ගන්නට හොඳම කාලය පැමිනිලා... අපට නොදැනිම ගෙවුන කාලය තව තව අප ලං කලා..