Posts

Showing posts from 2012
මගේ ජීවිතෙත් එක්ක බැඳුනු හදවත පුරාම ලියවුනු සුඳරතම බලාපොරොත්තුවක් තිබුනා.. අදටත් තියෙනවා.. මගේ හදවතේ හැමදාමත් ජීවත් වෙන ඔයාව.. එකම එක මොහොතක් හරි ඇස් දෙකෙන් දැකගන්න.. හීනෙන් මවපු ඔයාගෙ සුවඳ එක මොහොතකට විඳගන්න...
මම යනවා ශොපින්.. මේ දවස් වල හමතැනම තියෙනවා සේල් පාට පාට හීන වලට සල්ලම් වෙන අපේ රුපියල්
කෙනෙක්ගේ හදවත විවෘත වෙන්නේ, ඒ හදවතට දැනෙන කෙනෙක් ඉස්සරහදි විතරයි..
දුටිමි කාටත් සෙවන දුන් කාටත් පෝෂනය දුන් මහා රූස්ස ගසක් මහ හයියෙන් හඬා වැලපෙමින් අවසන් වරට පොලව සිපගත් මොහොත.. නුඹ පළමු වැනියාවත් අන්තිමයාත් නොවෙයි.. අකාලයේ මියැදෙන තවත් ගසක් පමණයි... ගස් වැද්දන් හමුවේ නුඹලා අසරණ වනු ඇත... නමුත් දවසක නුඹ සැම වෙනුවෙන් මහ පොලව උත්තර බඳිනු ඇත... එදින තව බොහෝ ඈතක නොවෙයි...
දුටිමි කාටත් සෙවන දුන් කාටත් පෝෂනය දුන් මහා රූස්ස ගසක් මහ හයියෙන් හඬා වැලපෙමින් අවසන් වරට පොලව සිපගත් මොහොත.. නුඹ පළමු වැනියාවත් අන්තිමයාත් නොවෙයි.. අකාලයේ මියැදෙන තවත් ගසක් පමණයි... ගස් වැද්දන් හමුවේ නුඹලා අසරණ වනු ඇත... නමුත් දවසක නුඹ සැම වෙනුවෙන් මහ පොලව උත්තර බඳිනු ඇත... එදින තව බොහෝ ඈතක නොවෙයි...
අපේ ගමේ ජේපී ලා අතින් කාලා වැඩ කලාට.... ඔෆිස් වටේ ඉන්න උන් ගාන කපනවා හොඳට..
මේ දවස්වල හරියට වැස්ස.. | | | | | | | | | | | මම කැමතිම වැස්සේ තෙමි තෙමී යන්න.. ඒත් එයා කියන්නේම රේන් කෝට් එකක්වත් දාගෙන යන්න අනේ කියලා.. .. .. .. .. තෙමිලා අසනීපවෙයි කියලා
පෝය දින අද මගී සඳවත නුඹ මගේ වෙනවද ඉතින්.... වලාකුලු අද කලු නොවී නුඹ සඳට ඈතින් ඉඳින්.. පුංචි තරු අද නෑවිදින් හිටපන් මගේ සඳ එනවලු හොරෙන්....
පෝය දින අද මගී සඳවත නුඹ මගේ වෙනවද ඉතින්.... වලාකුලු අද කලු නොවී නුඹ සඳට ඈතින් ඉඳින්.. පුංචි තරු අද නෑවිදින් හිටපන් මගේ සඳ එනවලු හොරෙන්....
මම තාමත් ආසයි එදා වගේම කනට කොඳුරලා හෙමිහිට සිහින් හඬින් මුමුණන .. .. කීං.... .. ඔන්න කියනකොටම.. .... චපස්... ... තෝව මට අහුවෙනකන් තමයි හිටියේ... .. ඩෙංගු මාරාන්තිකයි... ඒ වගේම මාත් එක්ක විසීම තොපිට මාරාන්තිකයි..

_ආදර මධුරි

ඇඳිරි වැටෙන්නටත් කලියෙන් දොර පියන් වසා තැබුවාට නුඹ එනවා මගේ ලඟට හරියටම වෙලාවට ඇවිදින් කියනවා එක එක සින්දු තාලයට අඳුරේම සොයනවා නුඹව මම හමතැනම අහු උනොත් මරනවා දෙවරක් නොසිතාම....

__ජීවිත රෝල

පොලව ඇද උනා කියලා නටන්නේ නැතිව හිටියත් තණකොල නෑ කියලා කිතුල් ගහේ නොනැග හිටියත් වහල ඉහේ කඩන් වැටෙයි කියලා දේවාලෙට වඳින්න නොගියත් ටෝක් එක දෝලාවෙන් දුන්නේ නැත්නම් බඩගාගෙනවත් මේ ගමන යන්න වෙන්නේ නෑ...

__ජීවිත රෝදේ

හුලං තියෙන තරමට ගමන ලේසියි
දෑස නොපෙනෙන කෙනෙක්ගේ අතේ තියෙන සුදු සැරයටිය දෑස පෙනෙන කෙනෙක්ගේ අවයව කීයකට සමාන කරන්න පුළුවන්ද...?
කනගාටුයි, ඔබේ ගිණුම අත්හිටුවා ඇත, රීචාජ් කරගන්න.... පෝන් එකේ ක්‍රෙඩිට් තියෙනකම් හෙන ආදරෙන් ඉන්නේ..... ඒ උනාට කියන්නේ නම් "We Care Always" it should be corrected as "We care always till you have credits"
මම සාස්තර අහන්නේ නෑ... ඒ, උන් බොරු කියන හින්දා නමෙයි, .. .. මගේ හිත කියවයිද කියලා තියෙන බයට
දන්නවද... මේ දවස්වල දෙවියොයි කපුවොයි පට්ට බිසී... A's දහය ගන්න දෙවියන්ට භාර වෙන උන් එන්නේ පෝලිමේ
හදෙහි ඇඳි රූ සිත්තම වර්ණ ගලපන තුරු නොසිටම දියවෙලා යයි මටත් නොදැනීම කැඩුනු පැන්සල් තුඩෙන් යලි අඳිනු කොහොම
උදේට කුකුළා අතින් එල්ලගෙන ඔෆිස් එන අපි... හවස ගෙදර යන්නේ වවුලෝ ඇඟේ එල්ලගෙන
මම තාමත් ආසයි එදා වගේම කනට කොඳුරලා හෙමිහිට සිහින් හඬින් මුමුණන .. .. කීං.... .. ඔන්න කියනකොටම.. .... චපස්... ... තෝව මට අහුවෙනකන් තමයි හිටියේ... .. ඩෙංගු මාරාන්තිකයි... ඒ වගේම මාත් එක්ක විසීම තොපිට මාරාන්තිකයි...

__ගොළු හදවත

දුටුව මුල් දිනේම බැඳුනා සෙනෙහෙන් මුළු හදින්ම නුඹේ දෙනුවන් දුටුවනම දොඩමලු උනා මා නෙත් සමග ඔබට නොදැනුනාට මම එන්න ඇති නුඹ පසු පසම නුඹේ සෙවනැල්ලත් සමග පොරබදමින කතාවකට එක් වන්නට සිතුවත් මා සෑම උදෑසනකම එය සිහිනයක් වුනා නුඹ නෙත ගැටෙන සෑම මොහොතකම දරාගත්තේ බොහොම අමාරුවෙන් නුඹයි මගේ පළමු පෙම නුඹ දුටුවාද බියෙන් ගොළු වූ දෙතොල් නුඹට ඇසුනාද වේගවත්ව නැගෙන ලබ් ඩබ් හඬ නුඹත් මා දෙසම හැරි හැරී බැලුවාට මමත් නුඹ මත්තෙම නැහි නැහී උන්නාට තව තවත් ආදරෙන් මා බැඳුනාට නුඹට නොවේ දැනුනේ මගේ ගොලු හදවත කාලය අප අතරින් ගෙවී ගිය සඳ අයිති වෙලා නුඹ ගට ඇති තවෙකෙකුට තනි වෙලා මා ගොළුවූ හදත් සමගම තවත් දන්නේ නෑ නුඹ, මා නුඹට පෙම් කල බව
හරියට වෙලාවට වැඩ කරන්නේ බඩේ ඉන්න පණුවෝ ටික විතරයි.... හරියට වෙලාවට බෙල් එක ගහනවා...

__කොතනද වැරදුනේ

මයිකල් ජැක්සන් හූ කිව්වත් පට්ට ලස්සනයි... අපේ එවුන් හෙන කික් එකේ අහනවා... ඒත්... අපේ එකෙක් හොඳ සින්දුවක් කොච්චර ලස්සනට කිව්වත්.. මෙලෝ රහක් නෑ...

නොසිතූ මොහොතක

සඳ බැස යන්නටත් කලියෙන් ඉර හොරෙන් කරයි එබිකම් දෙකම එක වර පෑව්වාම ඉවරයි ඉතින් මගේ කන්

ගොසිප්

සඳ ඇවිදින් වලාකුලුත් ඈත් මෑත් කර එබී බලයි ඉරට හොරෙන් මට ඉඟි කර කර තරුද ඇවිත් හෙමි හෙමිහිට එබී බලයි අර ඉරට ගොසින් කේලම දී ගිණි තියයිද තව

ආදරේ...

කාටත් හොරෙන් ඇතුලට රිංගලා දිරච්ච ඇඳ පුරා දාඩිය දාගෙන මහන්සිවෙලා හෙව්ව ආදරේ කාටවත් හම්බුනාද මන්දා.... වැරදිලාවත් ගියොත් ඒ පැත්තේ හම්බුනොත් කියනවද ආදරේ...

:O

Image

වරදින තැන්

Image

__අඳුරේ ලොව දකිනා නුඹ වෙනුවෙන්

මුලින්ම මම දුටුවේ නුඹ වර්ශ දෙසහස් අටේ කොල්ලු පිටිය හන්දියේ රැකියාවට ආ දිනේ දෑස අහිමි නුඹ සිටියේ කොට්ටන් ගහ හෙවනේ අද හවසත් මම දුටුවා නුඹේ රුව කලු අම්මේ උදේ ඉඳන් රෑ වෙනතුරු ගහ මුල නුඹ රැක්කේ බඩ ගින්දර නිවාගන්න නුඹේ හා නුඹේ පුතුගේ දෑස නැතත් අම්මේ නුඹේ වෙර වීරිය අගේ අනෙකුන් මෙන් නුඹේ පුතාද අකුරට නුඹ යැව්වේ වසර ගනන් ගෙවී ගියත් නුඹ තාමත් ගහ සෙවනේ වෙනදා වගේම කාගෙත් පිහිටෙන් දිවියම රැකුනේ දින ගෙවිලා ගොස් නුඹේ පුතු හපනෙකු වෙයි අම්මේ එදිනට වත් නුඹේ ඔය බර සැහැල්ලුවෙද අම්මේ.. *කවදා හරි දවසක කොල්ලුපිටිය හන්දියට ගියොත්, බැන්කුව ඉස්සරහා, පාරෙන් අනිත් පැත්තේ තියෙන කොට්ටඹ ගහ යට ඉන්න මේ ඇස් නොපෙනෙන වයසක අම්ම නුඹගේ නෙතටත් අසු වේවි...

__මැශිමක් අවශ්‍යයි

කාමරේ පුරවලා විසිරුණු මගේ කවි සිතිවිලි එකතු කරන්.. දාලා තිබ්බා පස්සේ ගන්නට රිසයිකල් බින් එකට.. අද උදේ ඇහැරිලා බලනකොට මෙන්න තියෙනවා හිස් වෙලා ඒක.. කෝ යකෝ මගේ සිතිවිලි ටික.. අම්මා ගෙනිහින් ඒවා දාලා නගර සභාවේ කුණු ලොරියට.. දැන් ඉතින් කොහොමද වෙන් කරගන්නේ මගේ කවි සිතිලි ටික.. එක එක ඒවා දාලා හදපු කොත්තුවකින් පුළුවනිද වෙන් කරගන්නට දාපු දේවල් වෙන වෙනම.. හම්බ උනොත් ඔබට කොහෙන් හරි එහෙම මැශිමක්.. දෙනවද මටත් දාලා බලන්නට ට්‍රයි එකක්..

සොහොන හන්දිය - 2

කලින් කොටස මිස් උන අය  මෙතනින් බලන්න.. මේ වෙද්දි වෙලාව රෑ දොලහ කිට්ටු කරලා ඇති, බල්ලෝ උඩබුරලන සද්දෙයි, රැහැයියන්ගේ සද්ද, වවුල් බකමූනු සද්ද ඇරුනාම වෙන සද්දෙකට කියලා තිබ්බේ මගේ ඉක්කාවේ සද්දෙයි, අඩි සද්දෙයි විතරයි.... ඉක්කයි මමයි ගාලු ගියා, ඉක්කා තියලා මං ආවා... සිය පාරක් කිව්වත් ඉක්කා නෙමෙයි මාව දාලා ගියේ.. ඔහොම ඉස්සරහට ඇවිදන් යද්දි යාන්තමට වගේ මම දැක්කා පහන් එලියක් වගේ මොකක් හරි සොහොන් පිටියේ ඈත කෙලවර හරියෙන්.. මගේ උසට හැදුන තන කොල / තණ කොල (අකුර ශුවර් නෑ ) අස්සෙන් යන්තම් තමඉ මන් ඔය එලිය දැක්කේ... මට මතක විදියට සොහොන් පිටිය මැද්දෙන් ගියත් දුර මීටර් පන්සීයකට වඩා අඩු උනේ නෑ. මේ වෙලාවට ඉතින් ඕකේ ගානක් නෑ.. මොකෝ වැඩි දුරක් පේනවා කියලයැ.. මෙහෙම වෙලාවට ඉතින් පුරුද්දට වගේ සින්දුවක් කිය කියා තමයි යන්නේ. තව ටිකක් විපරමෙන් බලද්දි මම දැකා ගොක් කොල වාගේ මොනවා හරි ලාවට හමාගෙන ගිය හුලඟට නටනවා.. මම යන පාර වැටිලා තිබ්බෙත් ඔය පේන එලිය පැත්තෙන්. යකාටවත් බය නෑ කිව්වට මගේ හිතටත් පොඩි බයක් නොදැනුනා නෙමෙයි. ආපහු හැරිලා යන්නත් කම්මැලියි.. ඕන මගුලක් කියලා, ඔන්න ඔහේ ඉස්සරහට ඇවිදන් ගියා පුට

සොහොන හන්දිය - 2

ක   කලින් කොටස මිස් උන අය  බලන්න.. මේ වෙද්දි වෙලාව රෑ දොලහ කිට්ටු කරලා ඇති, බල්ලෝ උඩබුරලන සද්දෙයි, රැහැයියන්ගේ සද්ද, වවුල් බකමූනු සද්ද ඇරුනාම වෙන සද්දෙකට කියලා තිබ්බේ මගේ ඉක්කාවේ සද්දෙයි, අඩි සද්දෙයි විතරයි.... ඉක්කයි මමයි ගාලු ගියා, ඉක්කා තියලා මං ආවා... සිය පාරක් කිව්වත් ඉක්කා නෙමෙයි මාව දාලා ගියේ.. ඔහොම ඉස්සරහට ඇවිදන් යද්දි යාන්තමට වගේ මම දැක්කා පහන් එලියක් වගේ මොකක් හරි සොහොන් පිටියේ ඈත කෙලවර හරියෙන්.. මගේ උසට හැදුන තන කොල / තණ කොල (අකුර ශුවර් නෑ ) අස්සෙන් යන්තම් තමඉ මන් ඔය එලිය දැක්කේ... මට මතක විදියට සොහොන් පිටිය මැද්දෙන් ගියත් දුර මීටර් පන්සීයකට වඩා අඩු උනේ නෑ. මේ වෙලාවට ඉතින් ඕකේ ගානක් නෑ.. මොකෝ වැඩි දුරක් පේනවා කියලයැ.. මෙහෙම වෙලාවට ඉතින් පුරුද්දට වගේ සින්දුවක් කිය කියා තමයි යන්නේ. තව ටිකක් විපරමෙන් බලද්දි මම දැකා ගොක් කොල වාගේ මොනවා හරි ලාවට හමාගෙන ගිය හුලඟට නටනවා.. මම යන පාර වැටිලා තිබ්බෙත් ඔය පේන එලිය පැත්තෙන්. යකාටවත් බය නෑ කිව්වට මගේ හිතටත් පොඩි බයක් නොදැනුනා නෙමෙයි. ආපහු හැරිලා යන්නත් කම්මැලියි.. ඕන මගුලක් කියලා, ඔන්න ඔහේ ඉස්සරහට ඇවිදන් ගියා පුටාර්

__ආදරයක් හින්දා

මට ඔයාව දැක්ක ගමන් අනිත් සේරම වැඩ අමතකයි ඔයාට පොඩි වැඩක් සෙට් උන ගමන් මාව අමතකයි
ඥරස්..... ඌහ්.. ... ඇයි යකෝ.. තාත්තාගෙන් වෙලෙනුත් බේරිලා.. වේලපු වෙලාවෙත් බේරිලා.. හුලන් කරපු වෙලාවෙත් බේරිලා... කොටන්න ගෙනියපු මෝලෙනුත් බේරිලා.. ගරපු අම්මාගෙනුත් බේරිලා.. මුට්ටියෙන් මගේ පිඟානටම බෙදිලා... උඹ ආවානේ ඉතින් මගේ දතටම කෙලින්න... අම්මේ.... මේන්... බාගෙට තැම්බුන ගල් කැටයක්.... :(
මම හරි ආසයි හවසට නුවර වැව වටේ ඇවිදින්න යන්න මාලිගාව දිහා දුර ඉඳන් බලාගෙන ඉන්න ඒත් මම ආස නෑ මාලිගාව ඇතුලට ගිහින් වඳින්න මෙතන ඉඳන් බලාගෙන ඉද්දි පේන්නේ කොට සායවල්, සුදු කකුල් විතරයි හිත පොඩ්ඩක් හරි පාලනය කරගන්න පුළුවන් ඒත් මාලිගාවේ ඇතුලට ගිහින් වාඩිවෙලා වඳිනකොට හිත ඇහැ කොහේ යනවද කියලා මමවත් දන්නේ නෑ කොටින්ම එතනට ගිහින් පුරවගන්න වෙන්නේ මහා පව් ගොඩක් මේක බලන උන් කියයි මං මහා පවු කාරයෙක් ලංකාවේ උතුම්ම තැනට අපහාස කලා කියලා ඒත් මම එහෙම කලාද...?
දුටිමි යන්තම් කඩුව හසුරුවන්නට දත් තැනැත්තියක් බිම දමාගෙන මොට කඩුවෙන් කොටනවා තවත් අහිංසක වයසක තැනැත්තියකට

අගක් මුල නැති කතාවක් - 3

ක.. කව්ද ඔය.. අහුනේ හීන් කෙඳිරියයි ලොකු කැස්සකුයි එක්ක... අද එලිවෙනකන් ඉන්න වෙන්නෙ මට මූත් එක්ක තමුසෙට ක්ශය රෝගෙද ඕයි.. අහන්න හිතුනට ඇහුවේ නෑ.. මේක මුගේ ගම නාකිවෙලා හිටියට මොකද මුගේ බැල්ම එච්චර හරි නෑ.. ඒ උනාට මමත් පොඩ්ඩක් සැරෙන් වගේ ඉන්න ඕනේ.. මේ මම... මම එහෙම කිව්වට ඌට ඒක ඇහුනෙත් නෑ හීනෙන් වගේ දොඩවනවා හීනෙන් දොඩවන එක මහ වදයක් ඕයි... අපේ ගෑනි දවසක් මට ඕක කිව්ව හීනෙන්වත් නිදහසේ කතා කරන්න ඉඩක් නැති හැටි.. ඔය නිදහස කියන එක හම්බුනේ සෑහෙන කාලෙකට උඩදිලු හම්බුනා කිව්වට ඕක කොහේ හන්ගලා තියෙනවාද මන්දා.. හැන්ගි මුත්තන් කෙලියේ අපි පොඩි කාලේ මට මතකයි ඒ කාලේ අපේ ගමේ එවුන් එක්ක හරි හරියට විසේ කොලා දැන් කාලේ උන්ට ඕවට වෙලාවක් නෑ... අර වෙලාවල් බලන උන්දැත් ඊයේ පෙරේදා මියදුනානේ උන්දෑගේ පුතා තමයි දැන් වැඩේ කොරන්නේ... ඕකා මහ බොරු කාරයා... ලොකු මේසයක් තියෙද්දි අර යකා පොඩි බන්කුවක ගුලි වෙලා බුදි... එලියේ බන්කුවක් තියෙද්දි බල්ලා ගුලි වෙලා බිම බුදි... හ්ම්ම්... ඕන් එහෙනම් මමත් බුදි..

අගක් මුල නැති කතාවක් - 2

සිගරට් බොන එක මහ නරක පුරුද්දක් පිලිකා හැදෙනවලු ඕයි.. ගුලිවෙලා නිදියන ඌට කෑ ගහලා කියන්න හිතුනා මට ඒත් වැඩක් නෑ... ඌට ඒක හැදුනා කියලා අමුතුවෙන් මොනවා වෙන්නද අඩු ගානේ ඒ ගැන කියලා කීයක් හරි හොයාගන්නවත් පුලුවන් ඔය මීදුම කියන එක... ආහ් මීදුම ගලන වෙලාවට තමයි එයා ආවෙ උනු උනු කෝපි එකක් අරන් එයා ඇඳලා හිටියේ දිගම දිග ගව්මක් මම බය උනා ඒක පෑගිලා වටෙයි කියලත්... ආහ් ඔය ගව්ම අරන් තිබ්බේ ඉරිදා පොලෙන් ඔය පොලට තමයි ගමේ කවුරුත් බඩු ගන්න ආවේ පොල තිබ්බ තැනට පොඩ්ඩක් එහායින් තිබුනා ලොකු තාප්පයක් ඕකේ ලොකුවට ගහලා තිබුනා මෙහි මුත්‍රා කිරීම තහනම් කියලා ඒක මට පේන්නෙම හරියට මෙහි මුත්‍රා කරපන් කියන්න වගේ.. මෙන්න ඒකම ගහලා ඉස්ටේශමෙත් මෙච්චර හොඳ වැසිකිලියක් තියෙද්දි අයි මේ මිනිස්සු ඒකෙ බිත්තියටම ඕක කරන්නේ... ආයෙත් මම ආවා අර කාමරේ දොර ලඟට ආවේ පොඩි කෙඳිරියක් විතරයි.. ඒ කියන්නේ ඌ තාමත් පන පිටින්...

අගක් මුල නැති කතාවක්

වෙලාවා පාන්දර හතරයි තිහයි.. කෝච්චිය නැවැත්තුවා නානුඔය ඉස්ටේසමේ.. මං ආපු කෝච්චිය මාවත් පහු කරන් ගියා මීදුමේම නොපෙනී හූවක් කියාගෙන වේදිකාවේ දෙපැත්ත බැලුවේ කවුරුත් ඉන්නවාද බලන්න ඒත් පේන මානේ කිසි කෙනෙක් නෑ.. සීතලේ ගුලි වෙලා නිදන බලු කුක්කෙක් ඇරුනාම පට්ටම සීතලයි මට දැනුනේ හරියට ෆ්‍රිජ් එකක් ඇතුලේ ඉන්නවා වගෙයි.. ටිකක් දුර වේදිකාව දිගේ ඇවිදන් යද්දි මට හම්බුනා වතුර කරාමයක් ඒකෙන් එන්නෙත් කූල් වතුර... ටිකක් එහායින් පෙනෙන්න තිබුනා මහතුන්ගේ විවේක කාමරය කියලා පොඩි බෝඩ් එකක් ගහපු කාමරයකට ඇතුල් වෙන දොරටුවක්... ඔය දොරටුව අයිනේම වැටිලා තියෙනවා දැක්ක යන්තම් පන අදින, නිවීගෙන යන සිගරට් කොටයක්... ඒ කියන්නේ මම තනි නෑ...

වියපත් වූ පසු

දැරිය නොහැකි බර ඇද්දෙමි දිවිය පුරාවට හෙටක් ගැන අදහසක් නැත අද නින්දට යන මට කොතරම් ගැරහුම් ලැබුනත් සමාජයෙන් මට කිසි තරහක් නම් නෑ නුඹලා ගැන මට වියපත් වෙලා මා සිටිනා ඉසව්වේ ගොදුරක් සොයා දවසම සැරිසැරුවේ බඩගින්නත් වදයක් ලෙස මට සිතුනේ දෙවියන් වුවද නොබලති වියපත් අප දේසේ අඹු දරුවන් රැක්කෙමි මම දිවි පුරාවට ඇති හැකි ලෙසින් සෙත සැදුවෙමි ලක් මවට මම සිටවූ පැල උස ගොස් අහස උසට ගෙඩියක් කඩන් කන්නට වාරුව නැත මෙමට

සොහොන හන්දිය - 1

අපේ ගෙදරට යන පාර තිබුනේ ගමේ සොහොන් පිටිය ලඟින්, ඇත්තම කිව්වොත් ශොර්ට්ම කට් එක තිබ්බේ සොහොන් පිටිය මැදින්.. හවස හයෙන් පස්සේ ඕක මැද්දෙන් ගියොත් ඉතින් ඩෝප් කාරයෙක්, නැත්නම් සතෙක් සිව්පාවෙක්, නැත්නම් ලොකු හදිස්සියකට දුවන හිත හයිය එකෙක්.. කාලෙක ඉඳන් රාත්‍රී කාලෙ එක එක දේවල් ඔතන උනා කියලා කට කතා තියෙනවා... ඇවිදින මලමිණී එහෙම දැකපු උදවියත් හිටියා, වැඩේ කියන්නේ බය වෙන එකා එතනම සිහි නැති වෙලා වැටෙනවා.. ඊට පස්සේ ඌට සිහිය ගත්තේ අහල ගම් හතේම නම් දරා සිටි මණි කට්ටාඬියා කියන ගුරුන්නන්සේ.. ගාල්ලේ කරණ්දෙනිය අවට කරක් ගහපු කෙනෙක් ඉන්නවා නම් උන්දෑ ගැන අහලා ඇහි... ඉතින් සිහිය ආවට පස්සේ ඌට උන් හිටි තැන් මතක නෑ. ඉතින් කොහෙද වෙච්චි දෙයක් දැනගන්නේ.. ඒලෙවල් කරන කාලේ ගෙදරට හොරා වල බහින එක සාමාන්‍ය දෙයක්, ඉතින් ඔහොම කොහේ හරි ගුබ්බෑයමක රින්ගුවාට පස්සේ රෑ වෙන්න කලින් ගෙදර යනවා බොරු.. අන්තිම බින්දුව දක්වාම සටන් කරලා තමයි එන්න වෙන්නේ.. කට්ටියම ෆුට් බයිසිකලෙන් තමයි ගමන.. හෙල්මට් ඕනේ නෑ, ලයිසන් ඕනේ නෑ, වැඩිපුර මගීන් පටවන් ගියා කියලා දඩ ගහන්නේ නෑ... ඔය කොහේ යන අතරවාරෙ පැච් එකක්, චේන් එක කැඩීමක් වගේ අබ

__සත්කාරයට කෙටි වදනක්.

කොළඹ හතේ ලොකු ගෙවල් වල පොහොර කකා හැදෙන, ඉංගිරිසි නම් වලින් හඳුන්වන සුපිරි මල් ගස් වගේම, ඒවා හිටි ගමන් අපිට හම්බෙනවා ගම්මාන වල කලෑවල් ඇතුලේ තිබිලා... හැබැයි ඒවාට පොහොර, වතුර දානේ නෑ කවුරුත්... ඉබේටම හැදෙනවා බොහොම දුප්පත් විදියට... නියන් කාල වලදි යන්තම් තමයි පණ ගැටගහගන්නේ... ඉතින් අපේ මේ වෑයම එවන් මල් පැල කිහිපයකට අපිට හැකි අයුරින් වතුර ටිකක්, පොහොර ටිකක් ගෙනිහින් දාන්නයි.... හෙට දිනයේ සුපිපෙන මලින් ගම රට සුවඳවත් වෙයි... හටගන්නා ගෙඩි වලින් රටට සේවයක් වෙයි... අපේ වෑයමේ සාර්ථකත්වය අපිට දකින්නට නොලැබුනත් වතුරින් පොහොරින් පණ ගහලා නැගිටින පැල දැකලා අපිට සතුටුවෙන්න පුළුවන් අනාගත කාලෙදි ලොකු සේවයක් කරයි කියන බලාපොරොත්තුව උඩ අපි අපේ සත්කාරයට කරගහමු... ඔබ අප කාගේත් ගඩොලින්, බදාමෙන් ඉදිවන රූ පවුලට උනුසුම් සුභපැතුම්... ජයෙන් ජය
කවිකාර හිත ගාව නවතින්න හිතුවාට පව්කාර කම ගාව අසරණයි මගේ හිත දඟකාර ඇස ගාව නතර උනි මගේ සිත නොපෙනෙන්න කිසිවකුට මල්ලක දමා ගුලි කොට විසි කරනු පාර පැත්තට නොපෙනෙන්න කිසිවකුට පාරේ යන ලොරියකට යටවී මැරී යන්නට ඇසුනාට මර හඬ එන්න එපා පාර දිහාවට කියන්නට එපා කිසිවකුට විසිකෙරුවේ නුඹ වග නොපෙනීම කිසිවකුට පාවෙලා යාවි දුර ඈතකට
පුර පෝය දවසකට එන්න සිටියේ අහසට වලාකුලු විත් කලුවට වසා ගති මුලු අහසම ආයෙත් එන්න වෙන්නෑ කාලෙකට පෝය ලබන්නේ එක දවසයි මාසෙකට යන්නට උනි මට නුඹටත් නොකියාම
දුක් බර හීනයක අනන්තය සොයාගෙන ඇවිද ගිය මගේ සිත නතර උනි එක තැනක දැක නුඹේ නෙත් සඟල නැත කිසි විටක පාලුව ඇත හැම විටම ආදරය හඳුනාගතිමි මම ප්‍රේමය ඉන්නට දෙනවාද ටිකක් මට නුඹේ ඔය තුරුලේම

වැලිකන්දේ සෆාරිය අංක 4

ඉතින් දවසම වැලිකන්දේ කැලේ වැස්සේ තෙමි තෙමීම කරක් ගැසූ අපි ජීවාගේ නවාතැන්පලට විත් නාගෙන, කඩිමුඩියේ ලෑස්ති වී දහවල් ආහාරය ගෙන සමුගැනීමේ මොහොත හෙවත් සෆාරියේ දුක්බරම අවස්ථාවට සූදානම් උනා.. ජීවාගේ විතරක් නෙමෙයි අම්මාගෙත් මූන ඇඹුල් වෙලයි තිබුනේ.. හවස හතරයි කාලට තමයි කටුවන්විල සිට වැලිකන්ද බලා ධාවනය වන බස් රථය ඒමට නියමිතව තිබුනේ... ඒලියට බැහැලා සමුගැනීමේ පින්තූරෙට මුහුන දෙන්න අපි සූදානම් වන අතරතුරේ නිලා පොටෝ මැශිම පුටුවක් උඩ තියලා වැඩේට සූදානම් උනා. ඉතින් පොටෝ එක එහෙම අරගෙන අපි පාරට බහින්න සෙට් වෙද්දිම බස් එක ගියයි කියමුකෝ :( ජීවාගේ අදහස නම් උනේ රෑ දොලහේ බස් එකේම අපි පිටත් විය යුතු බව. ඒ දෙන්නාම කමතියි අපි හැමදාම උනත් එහේ ඉන්නවට, ඒත් ඉතින් අපේ ජීවිකාව කරගන්න කොළඹ එන්න එපැයි.. ඇඬූ කඳුලින් ජීවයි අම්මයි බලාගෙන ඉද්දි අපි ඒ දෙන්නාගෙන් සමු අරගෙන ඇවිදින පය දහස් වටී කියලා එන්න පිටත් උනා. තෙත රෙදි නිසා බෑග් එක තවත් බරයි. ඒකටත් හරියන්න මගේ බෑග් එකේ පටිත් කැඩිලානේ තිබුනේ.. අපි ඉතින් ජීවිතේ එක එක දේවල්, විශ්මය ජනක දේවල් එහෙම කතා කර කර කැලේ මැදින් වැටුන පාර දිගේ ඉස්සරහට ඇදුනා.. වැඩි

වැලිකන්දේ සෆාරිය ආංක 3

මට හිටි හැටියේම උවමාම දේ අමතක වීම සාමාන්‍ය දෙයකි.. මනම්පිටිය කියන නම මතක් කර කරම ආවේ ඒකත් අමතක විය හැකි බැවිනි... බස් එකට නැග්ග ගමන් දුටු දේවල් නිසා පොඩ්ඩක් විතර හිත ගැස්සුනා කිව්වොත් මම නිවැරදිය. කොන්දා ලඟටවිත්... අයියේ කොහේටද.. කිව්වාම මම උඩ බිම බැලුවේ බහින තැන මතක් කිරීමටයි... ම මනම්පිටිය හන්දියට.. බහින තැන පොඩ්ඩක් මතක් කරන්න යයි අන්තිමට කිව්වේ මනම් පිටිය සෙවීමට ගූගල් මැප් එක ලඟ නොතිබුනු නිසාවෙනි... මනම්පිටියට කලින් තියෙන නගරය ගැන විමසා ජීවාට යැවූ මැසේජ් එක තාමත් ඩිලිවරි පෙන්ඩින්ය... ජාතික දුරකතන ජාලයේ උන්ගේ අම්මලා තාත්තලාට නියුමෝනියාව නොහැදුනොත් පුතුමය.. බස් එක්ක එන්ටර් වූයේ පට්ට කැලෑවකටයි.. දෙපැත්තේම ගස් වැවී පාර උඩින් වහලක් මෙන් වැසී ඇත.. කොළඹත් මෙහෙම උනා නම් මරු ඇහ්... මම මටම කියාගතිමි... නගර කිහිපයක් පසු කරමින් බසය ඉදිරියට ඇදුනි.. දෙසාට කෙලවෙන්න මට හරියන්න... අප්පටසිරි කස්සාට ඉඳගන්නට සීට් එකක් සෙට් විය.. වාඩි උන ගමන්ම ලන්ග ඉඳපු මාමාගෙන් ඇසුවේ කොහේට වෙනකන් යනවාද කියායි. මාමා: බස් එකද..? මම: නෑ ඔයා.. මාමා: මඩකලපුව හන්දියට මම: මනම්පිටිය හන්දිය කොයි හරියෙද..

වැලිකන්දේ සෆාරිය ආංක 2

දෙසාගෙන් ඇමතුමක් එනතුරු මද වේලාවක් බලාසිටි මම, සිග්නල් ආවරන කලාපයේම දුරකතනය තබා, වැව පැත්තට ගියෙමි. වේලාව උදේ හයයි තිහ පමණ ඇතැයි අනුමාණ කරමි. වැස්ස නිසා වැවේ වතුර මට්ටමටම මීදුම බා තිබුනි. මෙවන් අවස්ථාවක වැවකට බසින්නට තරම් මා පිං කොට තිබුනි. වහා කැමරාව මානා පැනෝරමා දෙක තුනක් ගත් මම, වැව අවට තිබූ ගස් වල, මල් වල පින්තූර කිහිපයක් ලබා ගතිමි.. ඉර දෙවියෝ නම් වඩින්න තියා ඒ ගැන අදහසක් වත් නැති පාටය.. මම එතැන පැය එක හමාරක් වත් ගත කරන්නට ඇත... නැවතත් රාත්‍රී නවාතැන් ගත් නවාතැන්පොල වෙත අකමැත්තෙන් වුවද පිය මැන්නෙමි.. බොහෝ දෙනෙකු සූදානම්ව බස් රථයට ගමන් මලු රැගෙන එමින් සිටියහ... කොහේද මල්ලි ගියේ අන්න උඹේ පෝන් එක කෑගහනවා... මිස් කෝල් බරගනනකි... එස් එම් එස් දෙක තුනක්ද විය... "කෝ යකෝ තෝ... නිලා තාම මග, යනගමන්ලු... " ඒ දෙසාගෙනි.. දෙසාට ඇමතුමක් ගෙන සීන් එක හරිහැටි දැනගතිමි.. ට්‍රින්කෝ යනගමන් සිටි නිලාව පොලොන්නරුවට ගෙන්වා ගැනීමට දෙසා සමත් වී ඇත... පොඩ්ඩක් හිටු තව පාරක් කල්පනා කර බැලිය යුතුය.. ආයෙත් මම සෙට් උනේ වැටක් උඩටය... මුන් එක්ක දුන්හිඳ යනවාද, උන් එක්ක පොලොන්නරු යනවාද... උ

වැලිකන්දේ සෆාරිය ආංක 1

පහුගිය විසිහය වැනිදා දින තුනක විනෝද චාරිකාවක් සඳහා කාර්යාලයේ මිතුරන් සමග යාමට ඔවුන් සියලු කටයුතු සූධානම් කොට තිබුනත් අවසාන මොහොත වන තෙක්ම මාගේ සාහභාගීත්වය තිබුනේ වැට උඩය. උදේ පාන්දරම සගයන්ගේ දුරකතන ඇමතුම් වලින් අඩුවක් නොවූ හෙයින් අතට අසු වූ අඳුම් කිහිපයක් ගමන් මල්ලක ඔබාගෙන ගමන යන්නට සූදානම් උනෙමි. අන්තිම මොහොත දක්වා ගෙදරට නොදන්වා සිටීම බරපතල වැඩ ඇතිව දඬුවම් ලැබිය යුතු වරදකි. හොඳ වෙලාවට ගෙදර සිටියේ අම්මා පමණකි. වෙනදා නොවැඳි වැඳුම් කර කෙසේ හෝ අවසර ලබාගෙන ගෙදරින් පැන ගතිමි. ලාබ බඩු වල හිල් තිබීම සාමාන්‍ය දෙයකි ඒත් සිදු වූයේ නිකන් ලැබුන බෑග් එකේ පටිය ගෙදරින් එලියට බැසීමටත් පෙර කැඩීමය. ආපසු හැරෙන්නට වෙලා නොතිබුනු හෙයින් කෙසේ හෝ කුදලාගෙන ඔෆීසියට ගොඩ වැදුනෙමි. *මෙතනට අදාල නොවන හෙයි කතාවේ මැද කොටස මග හරිමි... දින දෙකක් මහියංගනය ප්‍රදේශයේ නොයෙකුත් තැන් වල සිරි නරඹමින් කාලය ගත කලෙමු.. තුන් වෙනි දින උදේ පාන්දරම පොල් ගෙඩි සයිස් වතුර වැටෙන වරුසාවකි.. හදිසි කටයුත්තක් සඳහා දෙසා පොලොන්නරු ප්‍රදේශයේ සැරිසරන බව ආරංචි වූයේ පෙරදින රාත්‍රියේදීය.. දුරකතනය අතට ගෙන සිග්නල් සොයා දැවන්ත මෙහෙය
විල්ලුව දිගේ මම ඇවිද සෙව්වෙමි නුඹ කොහේදෝ හැන්ගුනේ උන්නු තැන නුඹේ සලකුනක්වත් ඉතිරි කරනම් නෑ අනේ.. කූඩුවත් නෑ ගසත් නෑ අද පළාතම පාලුයි පණේ යන්න හැකිනම් පියඹලා මට නුඹ සොයා එමි මගේ ප්‍රියේ සිහි සුන් වෙලා මම තවම සොයනෙමි මගේ පණ කොහිදෝ අනේ කිව්ව දේ මම අහුවනම් නුඹ අදත් ඇත මගේ කූඩුවේ නුඹ නොමැති ලොව තනි වෙලා කිම මමත් මිය යමි ගං දියේ

කෝ මගේ නින්ද

කෝ මගේ නින්ද නින්ද නෑ මට උන්නු දා නුඹ දෙගොඩ හරියෙත් වැඩ තමයි යන්න ගියදා දාලා ගිය නුඹේ ඇඳුම් තාමත් මගේ ලඟයි දුන්නු සැප මට තවම මතකයි කන්නවත් හිත නෑ තමයි එන්න හැකිනම් ඇවිත් යන්නට නුඹේ සුව මට තාම මතකයි ඇත්තමයි
එදා ගමේ සිටි සුට්ටි කෙල්ලන් ලොකු මහත් වී මොඩ් වෙලා... ඒක විතරද ගමන එහෙමත් එන්න එන්නම පොශ් වෙලා... කලින් දැකලා නැතිව වාගේ මූන ඩින්ගක් ඔරවලා... අඳුන ගන්නට බැරි උනා වද නංගි මම අර ජැක් සනා....
නොසිතූ දවසක නොසිතු මොහොතක නොසිතු අයුරින් හමුවූ ඔබ... මටත් හොරෙන් මගේ හදින් සෙනෙහේ විඳිමින් මගේම වෙලා ඔබ...
ම ම අපේ ජීවිතේ පාට කරනවා හිමි හිමිහිට.. ඔ යා පාට කෑලි එක දෙක විසිකරනවා හිමි හිමිහිට

ගමේ සුවඳ

ගමේ සුවඳ කහවනුවලට දිය කර.. හිරිවැටුනු බඹර තුඩට සුවය සදන.. ගමේ සිහිල හැරදා කොළඹ ආ ඇය.. කොළොම්පුරේ සිට සැදු සිහින මාලිගාව අහිමිව.. මාරයා සමග සටන් කරමින්.. අන්න ජාතික රෝහලේ ඇඳක් උඩ... රොන් ගත් බඹරුන් එයිද පිළිසරණට... ගමේ නෑයන් එයිද මලගමට...
මගේ හදවත පිච්චෙනවා.. මට මේ කිසිදෙයක් තේරෙන්නේ නෑ.. ලන් වෙන්න පැතුවාට සෙවනැල්ල වගේ.. සුලඟක් වෙලා වත් දැවටෙන්න අවසරද.. නුබේ ඔය වතේ.. මුව පුරා හිනැහෙන්න ආසයි මට ඉතින්.. ඒ නැතත් නුඹෙ සිනහවම පතමි මම ප්‍රියේ... තරහක් නෑ නුඹ විඳින්න මට අහිමි ජීවිතේ...
දැන් ආදරේ විකිනෙන්නේ තුට්ටු දෙකට කොටුවේ පේමන්ට් එකේ.. ඉස්සර තමයි ලන්සු තිබ්බේ වෙන්දේසියේ...
ඔයා දන්නවද, මගේ ආදරේට ඩොලර් රේට් එක පරාදයි.... රුපියලට හැරෙන්නවත් බෑ ඒකත් එක්ක
ඔයා අහක බලාගෙන ගැහුවත් හරියටම වදින්නේ මගේ නිල වලට.... මම හරියටම ඉලක්කේ අල්ලලා ගැහුවත් වදින්නේ කොහේවත් තියෙන පඳුරකට...
මට කතා කරන්න බෑ උපතින්ම ගොලුයි මම ජීවත් වෙන්නේ කුලී වැඩ කරලා මගේ අත් දෙකම නෑ.. මම ජීවත් වෙන්නේ වලන් හදන වැඩපලක කකුල් දෙකෙන් මැටි අනලා හම්බවෙන මුදලින්... මම උපතින්ම අන්දයි මම ජීවත් වෙන්නේ පාරේ සින්දු කියලා හම්බෙන මුදලින්... මගේ කකුල් දෙකම නෑ.. මම ජීවත් වෙන්නේ.. රෝද පුටුවෙන් පාරවල් ගානේ ගිහින් ලොතරැයි විකුණලා... මම හොඳට ඉගෙනගෙන කාර්‍යාලයක ගිණුම් වැඩ කරන්නේ... මම කැතයි, කලුයි, කොටයි කියලා එයා මට කැමති උනේ නෑ, මට ඉතින් මෙහෙම ජීවත් වෙලා වැඩක් නෑ, මං යනවා මැරෙන්න... *කවියක් නම් නෙමෙයි, කියවලා ගන්න තියෙන දෙයක් ගන්න... එහෙම දෙයක් හම්බුනේ නැත්නම් කතා කරන්න.. :)
මම අමාරුවෙන් ඔයා කැමති දේවල් වලින් තරාදිය බැලන්ස් කරන්න හදද්දි... ඔයා මං අකමැති දේවල් දාලා එක පැත්තක බර වැඩි කරනවා... ඇයි දෙයියනේ අපිට මීට වඩා ආදරෙන් ඉන්න බැරි...?

අඬන්නට කඳුලු නෑ මට

නුඹට දුන්නු ජීවිතේ නුඹට එපා නම් නුඹට දුන්නු ආදරේ නුඹට එපා නම් නුඹට දුන්නු මෙ හිත නුඹට එපා නම් නුඹට මා මෙන් මටද නුඹ අහිමි නම් රැගෙන යන්න සියලු මතකයන් තවත් අඬන්නට කඳුලු නෑ මට නම්..

නුඹේ රුව

ගලවලා දැම්මා මම බිත්ති පුරා තිබුන දූවිල්ලෙන් වැසුන පින්තූර ඔක්කොම... කැත පින්තූර මොකටද සුදු පාට බිත්තියට බලන බලන තැන නුඹේ රුවම පෙනෙනකොට දෑස් පියා සිටියත් දෑස් ඇර බැලුවත් පෙනුනේ නුඹේ රුවමයි තව තවත් පින්තූර එල්ලන්නේ නෑ මම තවත්
තීන්ත ඉහිරිලා සැමතැන පින්සල් විසිරිලා තැන තැන බාගෙට නිමවූ සිතුවම් ගොඩ අතන ඒත්, තාමත් ආදරෙන් අඳිනවා මගේ පළමු සිත්තම....

ඒ සඳ ගැනයි

බොහෝ විට වලාකුලු විත් වසා සිටියත් නුඹ... දකින සුලු මොහොතක පවා සනසයි මගේ හද නුඹ...

කවි පොත Missed

පරන කුණු ඔක්කොම හොඳ හැටි අතුගාලා ගුලිකර තඩි බක්කියකට තද කර ඔබාලා විසි කෙරුවා ලොබ කම් පැත්තක තියාලා අද උදේ නැගිට බලුවෙමි කවි පොත සොයාලා මලකෙලියයි ඒකත් මම කුණු ගොඩටම විසි කරලා නොදැනිම මගේ අත ලොකු වරදක් කරලා මගෙ තනිකම ගැන නුඹ විතරයි දැනගෙන උන්නේ.. හිතට ආපු හැම මගුලම එතනනෙ තිබුනේ... දුටුවොත් මගදි මගහැරදා නුඹ නොයන්නේ... පිං සිදුවෙයි පොත හැකිනම් රිටර්න් කරන්නේ...
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා...
මගේ හතවත ලිපේ තියලා ඔයා යන්න ගියා... හැඟීම් සිතුම් ගිණි දලු ලා හොඳටම ඇවිලෙනවා... දරාගන්නට බැරි තරමටම හදවත පිච්චෙනවා... හඳුනාගත්තොත් ඉතින් ඔබ මා....

එකම concept එක, වෙනස් විදියට

ගමේ කඩේ _________________ ණයට ඉල්ලා අමනාප නොවන්න... නගරේ කඩේ _________________ VISA/ Master card accepted
හිතාගත්තාට වහලාම තියන්න අදත් අමතක උනා යතුර ගන්න හැම එකාම ට්‍රයි හොරෙන් රින්ගන්න අහුමුලුවල කුනු හොයන්න
තනිකමින් හමදාම මම උන්නේ කාමරේ ලඟකදි ඉඳන් දැල් බැඳන් මකුලුවෙක් කෙලවරේ ඊයේ වෙනකන්ම ඌ හිටියා පාඩුවේ අද මෙන්න පැටලිලා තව එකෙක් උගේ දැලේ තනිකඩව හිටි වෙලේ ඌ හිටියා මං වගේ ඌත් දැන් හිනාවෙන්නේ මට කින්ඩියට වගේ ඇයි යකෝ බොටත් දැන් මුල අමතකයි වගේ දැන ගනින් උඹ ඉන්නේ තවම මගේ කාමරේ කේන්තියෙ නිසා මන් කිව්වේ සැරයෙන් වගේ දැල දමා උන් ගිහින් බලනකොට අද උදේ මට පුරුදු තනිකමේ ආයේ තනි උනා වගේ ගිය තැනක සතුටින් ඉඳින් මගෙ මකුලු යාලුවේ..
වතුර 1%කුත් හැඟීම් 99%ත් එකතු වෙලා හැදුන කඳුලක් ඔන්න දැනුත් වැටුනා...
පාළුවයි තනිකමයි ගොඩ ගැහුන කාමරේ... ආදරේ අරගෙනම ආවොත් අද උනත් ඉඩ තියේ... මහ දවල් දුටු හීන එසැනෙකින් සැබෑවේ.. මගේ හීන ලෝකෙටත් හොඳ කලක් උදාවේ...
කාමරේ මුල්ලක තනිවෙලා උන් සිතුම් පොදි එකිනෙක අරන් තුඩු කැඩී පරන වී ගිය පැන්සල් කොටත් එකතු කරන් කෙලවරක් මීයන් කා දැමු කැන්වස් රෙද්දකුත් දිගහැරන් රැයක් නිදිවරා ඇන්ද සිතුවම මෙන්න බොලේ අද හොරු අරන්...
පිළිවෙලක් නැති මගේ සිතිවිලි එකින් එක ගෙන අමුනලා ලියූ කවි ඇති හැම කොලේකම කාමරේ හැමතැන විසිරිලා මගෙන් අවසර නොගත් සුළඟක් අද හවස මෙහි පැමිනිලා නුඹට ලියු කවි එකක් නෑරම හිරු සඳුට ගෙනිහින් පවසලා කවිත් නෑ මට නුඹත් නෑ අද මගේ කාමරේ මම තනිවෙලා තනිකමත් මට අහිමි කර අද හිරු සඳුත් එකවර පායලා
නිකන් තිබිලම වල් වැදීලා පාලු වී ගිය හදවතක් සින්නක්කරව ලබාගෙන සංවර්ධනය කිරීමට කැමති අයෙක් වෙතොත් අමතන්න..
දෑසත් පියා සුදුවතින් සැරසිලා දෑතත් එකට බැඳ තබා නුඹ ඉඳියි අද සැතපිලා.. වෙනදා නුඹ සිටියා මා එනතුරු දොරකඩට වෙලා සිනහව කතාව නැවතිලා නුඹ ඉඳියි අද සැතපිලා.. මා තවමත් හිඳියි නුඹ ලඟටම වෙලා මගේ රන් කඳ ඇයි මා තනි වෙලා නුඹ ඉඳියි අද සැතපිලා.. මගේ ජීවිතෙත් මග නැවතිලා නුඹේ චරිතය හදිසියේම නවතලා යන්නේ කොහේද ප්‍රියේ මා දමා නුඹ ඉඳියි අද සැතපිලා..
ඇති එකා වෙත පෝලිමේ එති කෙල්ලෝ ආදරේ ඉල්ලලා... නැති එකා හට මොකෙක්වත් නැති හිතෙහි ආදරේ පල් වෙලා..

ආයුර්වේද සම්බාහන

ඇඟ අතගාගන්න 1000යි... ඇඟ අතගානවනම් තව 1000යි අඟත් අතගාගන්නවනම් තවත් 500යි අනිත් ඒවා ඔප්ට්ශනල්
අතට අසුවන හැඩ ගලපමින් මවා ගත්තෙමි නුඹේ රුව මම කනට ඇසෙනා හඬ ගලපමින් මවා ගත්තෙමි නුඹේ හඬ මම තනිවෙලා මම අඳුරු ලෝකෙක එළිය කවදද දකින්නේ මම දහසකුන් නෙක ප්‍රශ්න අසමින ලොව දකින්නට වෙර දරමි මම නිරතුරා මගේ ලඟම රැඳෙමින අඳුරු ලෝකෙට පහණ වුනි ඔබ හෙට දිනක යලි එලිය දකිනට දිරිය දුන් ඔබේ හඬ නොමැත අද වෙනදා උදයෙම ලඟට විත් හිඳ නලලත සිඹ උනි මා තුරුල් කර මහ සෙනග විත් කෑ ගසන හඬ සමහරෙකු ඉඳහිට ඉකි ගසයි තව ඇසුනි සමහරු විමසනා හඬ අර ඉන්නේ තනි වුන කොලු පැටියා නෙව දින දෙකක් ගතවුනි නොනිදාම මම ඔබේ හඬ තවම නෑ ඇසුනේ මගේ කනට මටත් නොකියා නුඹ ගොසින් ඇත මගේ ලොව තිබු එකම පහණ් සිල පතමි නුඹ හට උතුම් බුදු බව මතු සසරෙ උපදිනා භවයෙක
මම ගැහුවා වඳුරු තඩියෙකුට තඩි ගලකින්.... ඩෝං..... අප්පටසිරි... ජනෙල් වීදුරුව කුඩු... ගල ගහලා තියෙන්නේ වීදුරු ජනේලෙන් මෙහා පැත්තේ ඉඳන්නේ.... :(
අලුතෙන් හැදුන පාලම දෙස කඳුලු මුසු සතුටකින් පාලු පාරුව මත ඉඳ බලා සිටින තොටියා නුඹ.... අලුත් පාලමේ උජාරුවෙන් ඇවිද යන මුල අමතක නැහැදිච්ච කොල්ලා මම... ලෝක දෙකක තනිවූවද එකම ඉර හඳෙන් එලිය ලබන අප....
ඇවිද යන්නට නුඹත් සමගම එන්න හිතුනද ඉඩක් නෑ මට සිහින අහසක තනිවෙලා මම නුඹ මගහැරුනු තැන ඉතින් නුඹත් සමු ගන්නේ නෑ මමත් සමුදෙන්නේ නෑ පරව යනමුත් සිහින පැතුම් ගිලිහෙන්නේ නෑ..
හිතට නිවනක් නැති උනොත් මම ඔහේ කවියක් ලියනවා ලියන්නට කවි වදන් නැති විට පරණ ගොනුවෙත් සොයනවා සොයාගත් කවි එකින් එක ගෙන වැරෙන් පොලවේ ගසනවා එවන් විටකදි මගේ හිතටත් ලොකුම අඩුවක් දැනෙනවා ඉතින් ආයෙම වරක් ඔබ ලඟ තුරුලු වෙන්නට හිතෙනවා
කොලේ, මලේ, ගෙඩියේ බර වැලට ගානක් නැති උනාට.... බලන් ඉන්න උන්ට තමයි අමාරුව...
පුළුවනි නම් ඔයාට එකම අවස්ථාවක් දෙන්න ජිවිත කාලයක්ම ඔයාගෙ හිත ලඟට වෙලා ඉන්න මට ඔයා ලඟට වෙලා මොහොතක් ඉන්න...
හිතෙහි කොනකින් පටන් ගෙන හිතේ හැටියට අමුනා ගත් භාගයක් පිරුමටත් මත්තෙන් උදුරා ගලවාගෙන ගිය කොලය තවමත් නුඹ ලඟය... කොලය අහිමි පන්හිද තවමන් මං ලඟය...
බෙහෙතක් තවම සොයනවා මම... තැන තැන වැදී සීරුන.... රලු පරලුවන්ගේ පහර කා ඉදිමුන.... සිත සුවපත් කිරීමට... බැරි උනොත්, මාරු වෙනවා වෙනත් රෝහලකට...
ආදරයෙන් මා පැතු සඳවත.. නුඹ මගෙම වෙලා දැන් ඇත්තට.. මා දෙවනි කොට රැකගන්නට.. නුඹමයි මට ඇත්තේ සදහට..._kaZza.~♥~
මට ආසයි, පොලිස් කාරයෙක්ගේ තුවක්කුව උදුරගෙන දුවන්න... ගමේ එවුන් ඉස්සරහා අහසට දෙකක් තියලා පොරවෙන්න... එතකොට, මටත් ඉන්න පුලුවනි වෙඩි ගුණේ වගේ.. කුඩු නිහාල් වගේ.. ඉන්න.. පච්චෙකුත් කොටාගන්න ඕනේ... එතකොට මටත් ප්‍රසිද්ද වෙන්න පුළුවන්... ඒත් අමාරුම වැඩේ තුවක්කුවක් උස්සන එක නෙමෙයි... පත්තුවෙන තුවක්කුවක් අතේ තියෙන පොලිස් කාරයෙක් සොයාගන්න එක...:(
උඹ දික් වෙන දික් වෙන පාරට කපලා ඇති වෙලා තියෙන්නේ මට... කපන හැම පාරටම සල්ලි ගෙවන්නත් එපැයි.... එයේ පෙරේදත් කැපුවනේ... පස්සෙ වෙලාවක කපමු ඇහ්... .. සල්ලි නෑ ඕයි... එතකන් වද නොදී ඉඳහන්... අනිත් උන් කිව්ව පලියට ඔහොමත් කපන්න පුලුවන්ද .. කො න් ඩ..
Image
ඔයා මාත් එක්ක එන්න එක පයින්ම කැමති උන වෙලාවෙදි, ඇයි යකෝ.. මට හිතුනේ නැත්තේ අනිත් පය වෙන එකෙක් ලඟ ඇති කියලා... :P
පර්ස් එකට ඉබි ගමනින් එන සල්ලි.. ආපහු යන්නේ අශ්ව ගමනින්...
ඔෆිසියේ තේ හදන්නේ වයසක කෙනෙකි.. ඔහු ලඟට එනවිට මගේ තාත්තාගේ රුව මැවුනී.. ඔහුට දාව උපන් දරුවන් පස් දෙනෙක් වෙතී.. තවමත් ඔහු බඩ වියත වෙනුවෙන් වැඩ කරතී.. දරුවන් වෙනුවෙන් මුලු ජීවිතය පුදා.. සතුටු කඳුලු හෙලයි උන් මහතුන් වනදා.. ඇයි දරුවනේ මුල අමතක රජ උනදා... උඹලගේ පියා තවමත් වැඩ වගෙයි පෙරදා.. උඩ සිටිනා දිවියන් මේවා දිටිය යුතුය.. මෙවන් එවුන් දඬු කඳේවත් ගැසිය යුතුය.. කිසිවිටෙකත් මුල අමතක නොකල යුතුය... මුල අමතක එකා රජ වූවත් කම් නැතිය..
Image

__රජකම Vs ගොවිකම

රජකම අහිමි නුඹ තවමත් මඩ පිටින් රජකම හිමි උන් යයි රිය පෙරහරින්

තාරේ සමීන් පර්

Image
මට මතකයි මම ප්‍රාථමික පන්තිවල ඉගෙනගන්න කාලේ, වෙනම ලමයින් කොට්ටාශයක් හිටියා අකුරු බැරි අය කියලා වෙන් කරලා. ඒ සෙට් එකම පන්තියෙන් කොන් කරලා වගේ හිටියේ. උගන්නන ගුරුවරු පවා උන්ව ගනන් ගන්නේ නෑ. කොච්චර කියලා දුන්නත් අකුරු ලියන්න කියන්න බෑ.. ගුරුවරු උගන්වන්න උත්සාහ නොකලාම නෙමෙයි.. ඒ ලමයින්ට ගුරුවරු තේරුම් ගන්න බැරි කමද, නැත්තන් ගුරුවරුන්ට ඒ ළමයින්ව තේරුම් ගන්න බැරි කමද, පහ වසරට යනකනුත් සිංහල හෝඩියේ අකුරු බෑ කියන්නේ ලොකු ප්‍රශ්නයක්, වගකීව යුත්තෝ කවුරුන් වුවත් මේ ළමයින්ගේ අනාගතේට මොකද වෙන්නේ. කවුරුත් නෑ ඒ ගැන කතාවක්.. මට මතක විදියට ඒ ළමයින්ගේ බොහොම පිරිසක් ඉස්කොලේ ගමන අතෑරියා. සමහරක් අය සෑමාන්‍ය පෙල විභාගෙටත් මුහුණ දුන්නා.. "තාරේ සමීන් පර්" ගුරුවරයෙක් හා ළමයෙක් අතර ගෙතුන ලස්සන කතාවක්, බොහෝ දෙනෙක් මේක නරබලා ඇති. ඉගෙනගන්න බෑ කියලා කවුරුත් කොන් කරලා ඉඳපු ළමයෙක්ව ලඟින් ආශ්‍රය කරලා. තේරුම් අරගෙන ඔහුටම ගැලපෙන ඉගෙනීම් රටාවකට හුරුකරවන සාර්ථක උත්සාහයක යෙදෙන ගුරුවරයෙක්. සැබෑ ජීවිතයේදී නම් කවදාවත්ම දැකලා නෑ.. හැබැයි අදටත් මේ වගේ ළැමයින් ඕනෙ තරම් ඉන්නවා. එයාලගේ අනාගතේ කොහොම විසඳෙයිද..? ජීවිත කතා

ඔන්න ඔහොමයි උනේ..

කොච්චර බලන් හිටියත් කොච්චර හිනාවුනත් කොච්චර කතා කලත් හිතට මදි හැටි... එකම පචේ දෙතුන් වතාවක් කිව්වත් ඔයාට මීටර් නැති හැටි... මගෙන්ම පුරුදුවෙලා ඔයත් හිටි ගමන් නයි අරින හැටි... මමත් ඉතින් නොතේරුනා වගේ අහගෙන ඉන්න හැටි... ඒ වෙලාවට ඉතින් ඔයාටත් මාර කික් ඇති... කොහොම උනත් අපේ ආදරේ නම් මාර ගති...

ඇත්ත\Reality

හිතත් ලො කු යි පතත් ලො කු යි.... ඒ උනාට, බඩ පොඩියි...
හිතට එන  හැමදේම  ගලපන්න බෑ  අකුරු, වචන වලට.. ලියන්න කියන්න බැරි  හැමදේම  ඔයාට මට  දැනෙන එක තමයි  ඒ සොඳුරුතම බැඳීම..
ගෙනාපු මුල්ම දවසේ අත තියනකොටම සුදු පාටට ආවා.. ඉට පස්සේ ටික ටික වැඩිපුර මිරිකන්න සිද්ද උනා.. ඊයේ ගත්තේ කට ලඟින්ම අල්ලගේන තදින්ම මිරිකලා.. අද උදේ ගත්තේ අන්තිම කොන කපලා... අම්මේ.... දත් බෙහෙත් එක ඉවරායි....

විදු මවුණි දයාබර...

නුඹේ සෙවනින් මිදී සය වසක් ගත වුවද... තවමන් නුඹේ සෙනෙහස නොඅඩුව දැනේ මට... නුඹ අසලින් මා යනෙන විට ඉවත බලාගනු කෙලෙස... නුඹ තුරුලේ එකට උන් මිතුරු කැල අද විහිදිලා ඇත සැම අත, උන් උන්ගේ ලෝකවල... අපි ආගිය තැන් වල අළුත් මුහුණු අද ඇත... නුඹත් සුපුරුදු ලෙස උන්ගේ නැණ වඩනු ඇත... පිදුමට අවසරයි නුඹේ දෙපා සුපුරුදු ලෙස... තවමත් ආදරෙයි මම විදු මවුණි දයාබර...
ආදරණීය වස්සානේ නුඹ ලමැද සුව යහනේ සැමදා නවතින්නට සිත දෙන්නේ.. සුන්දර කොදෙව්වේ අප තනිවන්නේ.. තනිකම නැහැ කිසිවිට දැනෙන්නේ.. මගෙ තනියට නුඹ - නුඹෙ තනියට මම එකමෙන් සිටින්නේ..
yea, i think some one's heart is the better place to stay, because, more than one person can't stay in one heart for the same purpose.....
Image
බලා සිටිමි මම තවමත්, එනතෙක්, ජීවිතයේ රස දැ නෙ න විය....

__මගේ ලෝකේ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ.

මං ඉපදුන දවසේ එලියේ බංකුව උඩ නොඉවසිල්ලෙන් ඉඳගෙන ඔයත් අඬන්න ඇති, මං අඬන සද්දේ ඇහිලා, ලෝකෙටම ඇහෙන්න සතුටෙන් කෑගහන්න ඇති, ඒ දවස මට නැතත් ඔයාල දෙන්නටම මතක ඇති... එතනිනුයි කතාව පටන් ගන්නේ... එතනිනුයි මම ජීවිතයේ මුල් අඩිය තියන්නේ... දිව රෑ නොබලා දැරූ මහන්සියේ ප්‍රථිඵල ගෙදර ගේන්න ඇති, මොනවත් නොදන්න ගානට මමත් ඒ හැමදෙයක්ම විඳගන්න ඇති... හැමදාමත් මගේ ලෝකේ හැඩකරන්න, සියල්ල අවංක හදවතින් කැප කල නුඹගේ තතු කියන්නට, ගුණ ගයන්නට මා සතු වචන ප්‍රමාණවත් නැත.... තවත් බොහෝ කල් මගේ ලෝකයේ රජ කරන්නට ශක්තිය දහිර්යය ලැබේවා..
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්... බලා උනිමි මා නුඹේ සෙනෙහෙ බර දෙනුවන්.. විඳගන්නට සිත්සේ, ලැබදෙන්නට සිත්සේ, ජීවිතය... බලා හිඳිමි මම තවමත් කෲර වලා පෙල හමා යන තෙක්...
අපි, නොයෙක් ප්‍රදේශ වල, අනේක විද පාරවල් වල ඇවිදලා ඇති සමහරක් පාරවල් අළුතෙන් අඳුනගන්නේ, සමහර විට නොදන්න පාරවල් කාගෙන් හරි අහගන්නවා.. ඔය යන අතරෙදි පාරවල් වරදිනවත් එක්ක සමහරක් පාරවල් වල නිතරම යනවා... තුන්මන් හංදි, හතරමන් හංදි, පස්මන් හංදි ඕනේ තරම් පහු කරන්න ඇති.... නොයෙක් ස්ථාන වල ගිහින් ඇති... අනේක විද පුද්ගලයෝ හම්බවෙලා ඇති... හරියට අපේ ජීවන ගමන වගේමයි..
ලෝකෙ වෙනස් කල චරිත කිහිපයක් තියෙනවා, එහෙම කෙනෙක් වෙන්න නෙමෙයි, තමන්ගේ ලෝකෙ වෙනස් කල චරිතයක් වෙන්න උත්සාහ කරමු...

__Looking 4 gd people.

කොච්චර හෙව්වත් තාමත් හම්බුනේ නෑ... .. .. මිනිසුන් අතරින්, නොමිනිසුන් පෙරලා, අයින් කරන්න පුළුවන්.. පෙ නේ ර ය ක්...
Image

__ඔබ හා මෙමා

පැතුම් මල් එකිනෙක පරිස්සමෙන් නෙලාගෙන දෙසිත් එක්කොට තැනූ නූලේ යස අගේට ඇමිනෙන මල් මාලය දෝතින් ගෙන පළඳවන්නට නුඹේ ගෙලේ... බලා හිඳිමි මම එන තුරා නුඹ අපිට නුපුරුදු මාවතේ කෙලවරක බංකුවක් මතට වී... ඉතින්, මුමුණන්නට අවසරයි නුඹේ කනට කර.. නුඹ වෙනුවෙන්ම ලියවුනු, මගේ කවිය..

__සතුට

දැන් මගේ ලඟ.... හෙට ඔයාගේ ලඟ... අනිද්දට තව එකෙක් ලඟ... ඊට පස්සේ දවසේ ආයෙත් මගේ ලඟ... එක තැනක එකෙක් එක්ක ඉන්න බැරි උඹට කියන්න හොඳ නමක් මම මේ කල්පනා කරන්නේ..

__ඔන්න ඔහොමලු උනේ

වල බොර උනාම පේන්නේ මඩ පාට වතුර විතරයි.. ඒත් හැමදාම කෙල හල හල ඉඳපු බුවා දන්නවා වලේ මාලු ඉන්න බව.. ඉතින් දාලා බලනවා පිත්ත....

_කතාව

මකනෙන් වැරදුන තැන් මකලා අළුතෙන් ලියන්න පුළුවන්... ටිපෙට්ස් වලින් වැරදුනු තැන් වහලා අළුතෙන් ලියන්න පුළුවන්.... ඒ දෙකම අවශ්‍ය නොවෙන විදියට ලියන්න පුළුවන් නම්, කතාව සාර්ථකයි...

ඔබ හා මෙමා

Image
පහසු ගෙවීමේ ක්‍රමේට බඩු දෙනවා දැන් හැමෝම..... අවුරුදු ගානක් තිස්සේ ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා ඉවරවෙද්ද.. .. .. .. .. බඩුව නරක් වෙලා... :(
Image
මඩෙහි පිපුන නෙළුමේ... කවුරු නෙලා ගනිවිද.. කාගෙ අතට පත් වෙයිද.. කවුරු රොන් උරා බෝවිද... කොතැනක කුමන සැරසිල්ලක් වෙයිද... කවුරුද දන්නේ.... හ්ම්..... කෙදිනක හෝ පරවී යන බව පමණක්ම දනිමි...
අම්මට තාත්තට වඳින ගාථාව අමතක පොඩි එවුන්... මෙඝා නාට්‍ය වල තේමා ගීත අපූරුවට තාලයට ගායනා කරන හැටි....

__පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී.

කුසට හරි හැටි අහරක් නැතිව ඇඟට හොඳ ඇඳුමක් නොඇඳ මහන්සිවී උපයාගත් මුදලින් ඔබ ජීවිතය රැගෙන ආවා අපිට කාලය ගෙවී ගොස් ඇත බොහෝ දුර යුතුකම් ඇත අද මා වට කර සිහිවෙයි නුඹ ගුණ කඳ නිතර සීමා කල හැකිද කවි කතාවකට

__මතක සැමරුම්

මියැදුන මතක යලි සිහිගන්වන සිතේ කොනක ඉදි වූ සොහොන් කොත්..

__සුන්ඳර සැඳෑවකි

අහන් ඉන්න ආසයි නුඹේ දෑස කියන කතා මගේ නෙතත් නුඹත් එක්ක හරි හරියට කතා අහන් ඉන්න හිත පුරාම හීන ගෙනෙන කතා කාටත් හොරෙන් මුමුණන්නද ආදරෙ ගැන කතා කවුරුවත්ම නොයෙනා අර රේල් පාර දිගේ ඇවිද යමුද හැඳෑවක තුරුලු වෙමින් ඔහේ සිහින් පින්න වැටුනෝතින් දේදුන්නත් තියේ පාට ගනිමු තරඟෙට අපි පුංචි එවුන් වගේ උඩරට මැණිකෙත් හූ කිව්වේ නෝන්ඩියට වගේ අපි දෙන්නව කවදාවත් දැකලම නෑ වගේ රතු අහසින් සැන්ඳෑ ඉර බැස යන්නා වගේ නොපෙනි ගියේ ගස්ස ගස්ස උජාරුවෙන් වගේ පාළු කපන කුරුළු රෑන අද නිහඬයි වගේ මලින් මලට යන ඹබරුත් ගෙදර ගිහින් වගේ අපි එන බව කලින් ඉඳන් දැනන් උන්නා වගේ පරිසරයම අද නිහඬයි කතා බහට අගෙයි

__කාලය මැව් වෙනසක අරුමේ

පොඩි කාලේදි බඩගිණි දැනෙනකොට අපිට මතක් වෙන්නේ අම්මව ... ඒත් දැන්, බඩගිණි දැනෙද්දි අපිට මතක් වෙන්නේ රට කරවන එවුන්ගේ අම්මලා තාත්තලාව..

__හිත මිතුරු සුළඟ

වෙල් ඉපනැල්ලේ දුවමින් සරුංගල් අහසේ යවමින් වක්කඩේ තිත්තයන් සොයමින් කෙලි සෙල්ලමේ යෙදුන මිතුරන් කාලයාගෙන් අවෑමෙන් වීලා සමාජයේ ලොකු කුඩා මිනිසුන් මිතු දම් සිතින් පහව ගොසින් ඉඳ හිට එකෙක් මූණු පොතේ සැරි සරමින් හිටි හැටියේ කියයි හායි මචං ඉස්සර හැමුව හිත මුතුරු සුළඟ අද කෝ ඉතින්

__මෙහෙම කාලෙකුත් තිබුනා

වෙනදාට වඩා ගොඩක් ප්‍රමාද උනත් බලා ඉන්නේ මම ලෑලි බංකුව උඩ ඉඳගෙන කාසි නැති සාක්කුවේ සීසන් එකත් ඔබාගෙන කීයට හරි ඒවි කියලා හිතාගෙන

__විරහවේ ගිණිදැල්

එදා අප ඇවිද ගිය වැලි පාර මත රැඳුන දුහුවිල්ල වසාගත් පිය සටහන් එමට ඇත පා සටහන් නැතත් මතක සටහන් අතර අදත් ගොළු උනා මම අහිමි නුඹ නෙත් අබියස විඩාබර මගේ නෙතු සැරසුනත් සුපුරුදු කඳුලකට ලොවෙන් සඟවාගන්නට යෙදිමි මම අසාර්ථක උත්සාහයක කාලය රැගෙන ගියත් අප මතකයන් බොහෝ දුර බුර බුරා නැගෙනු ඇත විරහවේ ගිණිදැල් එමට

_ගනු දෙනු

අම්මා ලිඳත් එක්ක ගෙදර ඔක්කොම තාත්තත් එක්ක අපි ඔක්කොම බැංකුවත් එක්ක අම්මට ලිඳෙන් නොමිලේ වතුර හම්බෙනවා අවුරුද්ද පුරාවටම... තාත්තගෙන් ආදරය, රැකවරණය හැමදෙකම හැමදාටමත් නොඅඩුව ලැබෙනවා... එතකොට, බැංකුවෙන් අපිට හම්බෙන්නේ අහවල් එකක්ද.... කව්ද යකෝ මේ කැත වැඩ අපිට පුරුදු කලේ..?

__Original Vs duplicate

පොත්ත එකයි ඒත් ඇතුල වෙනස් ඉතින් කල් පවැත්මත් අඩුයි

__සල්ලි.

එක තැනක නොරැඳෙන තැන තැන තාවකාලිකව වසන වසන තැන විසුමක් නැති අන් සැම අල්ලේ නටවන පට්ටම බඩුවක්...

__ඔන්ලයින් ඕප දූප

තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලෙට වඩා ලොකුවට අනුන්ගේ ඇහේ තියෙන කෙස් ගහ පේන හැටි..
Image
ජීවිතය සොයා ප්‍රාර්ථනා මල්ල අතින් ගෙන... යන්නට ඇත දිගු ගමනක්.... අරඹමු ඉතින්... දකුණු කකුල පෙරට තබා....

__පසු වදන

මම නම් නාලා ගෙට ආවා... ඔයාට තාම අව්ලක් නෑ නේද...
කියාගන්නට ඇති දහසකුත් දේ අතරින් එකිනෙක ගෙන පවස්සන්න මට රහසින් හෙමි හෙමිහිට ඇසෙන නුඹ ආදර වදනින් සනසන්න මා සිත කොයි කාටත් රහසින්

__අවුරුද්ද

මට අද වගේම මතකයි මම පොඩි කාලේ මග බලන් උන්නා අවුරුදු කුමාරයා එනකන් නෙමෙයි තාත්තා අවුරුදු අරන් එනකන්.. අපිට හැමදාමත් අවුරුදු ගෙනාපු තාත්තා, අවුරුද්දට අළුත් ඇඳුමක් ඇන්ඳ බවක් මට මතක නෑ... අද, තාත්තා මග බලන් ඉන්නවා... අවුරුදු ගේනකන් නෙමෙයි, මම ගෙදර එනකන්.... ඒත්, එදා තාත්තා නොවිඳි අවුරුද්ද අද මට දෙන්න පුළුවන් නම්....
ජීවිතයේ වෙනසක් සොයා පියමැන්නෙමු අපි වසන්තයේ සොඳුරු ඉසව්වක... ඔබ මා අතර එදා නොදුටු බාධක... අද අද ඇයි මතු වන්නේ අප සිත් පාරවා..

__හීනියට හාර්ඩ් ටෝක් එකක්

අරමුණු විවිධ උනත් අවසානය එකයි... හැබැයි අපි කාගෙවත් ලඟ අවසානය ගැන අරමුණක්, දැක්මක් නෑ... ඒක කොයි වෙලාවේ, කොතන, මොන විදියට වෙනවද කියන්න අපි කවුරුත්ම දන්නේ නෑ... ඒත් කවදා හරි අපි යන්නේ එතනටයි... යන දවසට ගෙනියන්න කෙසේ වෙතත් ඉන්න ටිකේ ජීවිතේ ගැට ගහගන්නත් පුදුම ගේමක් දෙන්න ඕනේ... ජීවිතේ අපි කාටත් අභියෝගයක් වෙලා... ඒක එන්න එන්නම දරුණු වෙනවා... වගකිව යුත්තෝ හොයලවත්, උන්ට ගහලා බැනලාවත් වැඩක් නෑ... කොහොමින් හරි ජීවිතේ ගැටගහගන්න අපි දැනගන්න ඕනේ... වැඩේ හිතන තරම් ලේසි නෑ... හැබැයි ඒ හැටි අමාරුවකුත් නෑ... ලිඳේ වැටුන මිනිහ ලින් කටින්ම ගොඩ එන්න ඕනෙ කියලා, කම්මලි කමට ගෙම්බෝ වගේ ඒක ඇතුලටම වෙලා හිටියේ ඉස්සර... දැන් පොඩ්ඩක් වෙනස්, මොලේ ඇති එකා ලින් කටින් බැරිනම්, වෙන ක්‍රමේකින් හරි ගොඩට එනවා... මට මතකයි මම සාමාන්‍ය පෙල කරලා, ප්‍රතිඵල එහෙම නිකුත් වෙලා, ඉස්කෝලෙට ගියා, උසස් පෙළට අයදුම්පත් බාර දෙන්න... අමාරුම වැඩේ උනේ, උසස් පෙළ කරන්නේ මොනවගෙන්ද කියලා තෝරගන්න එක... ගණිත අංශයෙන් බෑ වගේ, ගණන් හදන්න එපයි... විද්යෑ අංශෙනුත් බෑ වගේ, ගණන් මදිවට ගෙම්බො කපන්නත් තියෙනවා කියලා ආරන්චියක් ආවා.. කලා අංශ