වැලිකන්දේ සෆාරිය අංක 4

ඉතින් දවසම වැලිකන්දේ කැලේ වැස්සේ තෙමි තෙමීම කරක් ගැසූ අපි ජීවාගේ නවාතැන්පලට විත් නාගෙන, කඩිමුඩියේ ලෑස්ති වී දහවල් ආහාරය ගෙන සමුගැනීමේ මොහොත හෙවත් සෆාරියේ දුක්බරම අවස්ථාවට සූදානම් උනා..
ජීවාගේ විතරක් නෙමෙයි අම්මාගෙත් මූන ඇඹුල් වෙලයි තිබුනේ.. හවස හතරයි කාලට තමයි කටුවන්විල සිට වැලිකන්ද බලා ධාවනය වන බස් රථය ඒමට නියමිතව තිබුනේ...
ඒලියට බැහැලා සමුගැනීමේ පින්තූරෙට මුහුන දෙන්න අපි සූදානම් වන අතරතුරේ නිලා පොටෝ මැශිම පුටුවක් උඩ තියලා වැඩේට සූදානම් උනා. ඉතින් පොටෝ එක එහෙම අරගෙන අපි පාරට බහින්න සෙට් වෙද්දිම බස් එක ගියයි කියමුකෝ :(
ජීවාගේ අදහස නම් උනේ රෑ දොලහේ බස් එකේම අපි පිටත් විය යුතු බව. ඒ දෙන්නාම කමතියි අපි හැමදාම උනත් එහේ ඉන්නවට, ඒත් ඉතින් අපේ ජීවිකාව කරගන්න කොළඹ එන්න එපැයි..

ඇඬූ කඳුලින් ජීවයි අම්මයි බලාගෙන ඉද්දි අපි ඒ දෙන්නාගෙන් සමු අරගෙන ඇවිදින පය දහස් වටී කියලා එන්න පිටත් උනා. තෙත රෙදි නිසා බෑග් එක තවත් බරයි. ඒකටත් හරියන්න මගේ බෑග් එකේ පටිත් කැඩිලානේ තිබුනේ..
අපි ඉතින් ජීවිතේ එක එක දේවල්, විශ්මය ජනක දේවල් එහෙම කතා කර කර කැලේ මැදින් වැටුන පාර දිගේ ඉස්සරහට ඇදුනා.. වැඩි දුරක් ඇවිදින්න උනේ නෑ දෙසා කකුල් රිදෙනවා කිය කිය නහයෙන් අඬන්න ගත්තා... මෙහෙම උන් එක්ක කැලෑ වදින්න බෑ කියලා නිලා කිව්වේ කින්ඩියට වගේ.. මමත් ඉතින් කට පියන් උන්නේ නෑ. එහෙම කරන එක හරි නැහැනේ..

ඔහොම කිලෝමීටර් කිහිපයක් යද්දි සෙට් උන කඩේකින් නිලා ගිහින් චොකලට් බෝල එකක් ගෙනාව. වැඩිය කන්න හොඳ නෑ කියලා දුන්නේ එකාට එක ගානේ.. ඒහා සම්බඳ රස කතාවකුත් එවෙලේ කිය උනා.. ඒවා ඉතින් උගේ කටින්ම ඇහුවම තමයි ගති.. තවත් ටිකක් දුර ගියාඅ පොඩි තුන්මන් හන්දියක් සෙට් උනා. එතන නවත්තලා තිබ්බා ත්‍රීවීලර් දෙකක්, එකක් රතු, අනික නිල්.. දෙසාගෙ ඇඬියාව නිසාම අපි ගාන අහලා බැලුවා.. ඌ කැත නැතිව කිව්ව හාරසීයක් කියලා... ගාන අහුවාම දෙසාගෙ ගමන් මහන්සිය ඇරුනා වගෙයි, මොකද උන් දෙන්නා වැලිකන්දේ ඉඳන් ඉස්පිරිතාලෙටම ගිහින් තියෙන්නේ තුන්සීයක් දීලා..

වෙර වීරිය අරන් ආයෙත් අපි පඉන්ම ගෑටුවා, මොකද අපි දැන් ගමනෙන් බාගයක්වත් එන්න ඇති කියලා තමයි අපි හිතුවේ.. දෙයියනේ කියලා පාර පේනවා කිලෝමීටර් හතර පහක් දුරට.. පට්ට කලේ මැදින් ඇවිදගෙන යද්දි ටික ටික අඳුර වැටීගෙන ආවා.. ඉඳලා හිටලා තමයි බයිසිකලයක් හරි හම්බුනේ... ඔහොම යද්දි ටවුමේ ඉඳන් එන බස් දෙකක්ම අපිට හම්බුනා, ඒත් ටවුම පැත්තට යන එකක් වත් නෑ.. දැන් නම් හොඳටම කලුවරයි, වැස්ස නිසා වෙන්න ඇති. ඉස්සරහට හම්බුන බයිසිකල් දෙක තුනකම ගිය උන් කිව්වා, මල්ලි ඉස්සරහා අලි හිටියා යන්න එපා කියලා... ඔහොම කිව්ව ගමන් දෙසා පාර මැද හිටියා ගල් උනා වගේ.. මටත් පොඩි බයක් දැනුනත් ඒක නැතිව ගියේ අලි එxපර්ට් ඉන්නේ අපිත් එක්ක නිසා... නිලා කිව්වා බය වෙනා එපා, අලි ආවොත් කරන්න ඕන දේ මන් කියන්නම් කියලා.. ඒ කොහොම වෙතත් දෙසා නම් ගියේ මර බයෙන් කියලා දැනුනා.. ඌ ඉස්සරහට ඇදුනේ කිසිම සද්දයක් නැතිව..

ඔහොම යද්දි අපිට හම්බුනා ලොකු පලාතක් පුරා විහිදුන විල්ලුවක්. මනුස්ස කටහඬක් නෑ.. පොඩි එලියක් වත් පේන හරියක නෑ.. නිලා ලඟ තිබ්බා හොඳ ටෝච් එකක්, ඒකෙ එලිය වදිනවා ගොඩක් දුර.. සැරින් සැරේ ඒක ගහලා බලුවා අලි එහෙම ඉන්නවද කියලා...

විල්ලුව ඉවර වෙද්දිම තරමක් ලොකු කලුවර කැලයක් මැදින් යන්න පටන් ගත්තා... පට්ටම කලුවරයි.. පාර කොයි තරම් දුරකට පෙනුනත්, හිටියේ නම් අපි තුන්දෙනා විතරයි කියලා හොඳටම ශුවර්.. ඒත් හිටිහැටියේම අපිට ඇහුනා අතු බිඳෙන සද්දයක්...

නිලේ ඒ නම් අලි.. දෙසා කෙන්දිරිවේ මර බයෙන්..

දැන් නම් මටත් බයයි... වන්ගුවට අපි අතුලුවෙද්දිම,

මෙන්න පාර පුරා අලි රන්චුවයි...

සද්ද නොකර පාර අයිනට වෙන්න කියලා නිලා කෙන්දිරුවත් දෙසා ආපස්සට හැරිලා දිව්වේ බෑග් දෙකත් පාර මැද විසිකරලා..
ඒ සද්දෙට අලි සෙට් එක කලබල වෙලා අපි ඉන්න පැත්තට එන්න සෙට් උනා.. මම නිලා එක්ක එහෙන්ම පාර අයින තිබුන ලොකු ගහකට මුවා වෙලා හැන්ඩුනා.. කලබලයෙන් වගේ දෙසා දුවපු පැත්තට වේගයෙන් පිඹගෙන අලි තුන් දෙනෙක් විතර දිව්වා,
වැඩි දුරක් නොගිහින් උන් ආයෙමත් කැලේ පැත්තට ඇදුනත්, දෙසා පේන මානෙක උන්නේ නෑ...
ඒ වෙලාවෙ නම් අපි දෙන්නාම බය උනා.. පාරට ඇවිත් ටෝච් එක හමතැනම ගැහුවා, උගේ බෑග් දෙක තිබුනත් ඌ පේන්න හිටියේ නෑ..
අපි ඉක්මනින් ආපස්සට ඇවිදගෙන ආවා... මීටර් පනහක් වගේ එද්දි හති අරින සද්දයක් ඇහිලා බලද්දි, දෙසා ඉන්නවා පාර අයිනේ කලෑ පඳුරු අස්සේ වැටිලා හති ඇර ඇර...
දැන් තමයි අපේ ඇඟට ලේ ටිකක් ඉන්නුවේ..
නිලා ඌට බැනගෙන බැනගෙන ගියා ඇයි ගොන් හරකෝ තෝ දිව්වේ, අරුන්ට අහු උනා නම් තෝ පොලවේ ගහනවනේ.. උන් කලබල උනේ තොගේ සද්දෙට කියලා...
ඔහොම ටිකක් ඉද්දි දුර පෙනුනා වාහනයක එලියක්.. ඒක අපි ලඟට එන්න විනාඩි දහයක් වත් වෙන්න ඇති... අපේ හොඳ වෙලාව.. ආවේ හමුදා ට්‍රක් එකක්.. ජීවාගේ ඉස්පිරිතාලේ ලඟ කෑම්ප් එකෙන්..
උන් ඇහුව මොකද මල්ලි මේ මහ රෑ කැලේ මැද්දේ කරන්නෙ, අලි ඉන්නවා මේ වෙලාවට දන්නේ නැද්ද කියලා.. වැඩි කත නොකර අපි ට්‍රක් එකට ගොඩ උනා, වැලිකන්ද දිහාට අපිව ඇරලවන්න කියන ඉල්ලිමත් එක්කම...
ඒ අතර වාරේ අරුන් දෙන්නා ට්‍රක් එක අතුලෙත් මරාගන්න හදනව සිද්ද උන දේ ගැන කිය කියා...
ට්‍රක් එක ප්‍රධාන පාරට ඇවිත් මගින් හැරෙව්වා..
ඉතිරි ටික මගදි හම්බුන ත්‍රීවීල් එකක නැගලා ගියා... අපි ඉස්ටේශමට ලඟාවුනා..
කෝච්චියට වෙලාව තිබ්බ හින්දා, ඉස්සරහා තිබුන හෝටලේට ගියා කන්න මොනව හරි ගන්න.. ඒකෙ බාර් එකකුත් තිබ්බ...
මහන්සිය යන්නත් එක්කඉ, එලිවෙනකන් යන්නත් තියෙන නිසයි.. බියර් ටින් දෙකක් ගත්තා... බයිට් එකට බැදපු කොරලි දෙන්නෙක්ව ගත්තා.. කූල් එකේ බොනකොට ගතියක් තියෙන නිසා, එකක් කඩාගෙන් ඉස්ටේශමේදිම බිව්වා..
ඒතනත් පොටෝ දෙක තුනක් අරන්, අපි ඇතුලට ගියා...
ඉස්ටේශම එහාපැත්තටත් අලි තුන් දෙනෙක් ඇවිත් එලවනවා අපි ඇතුල් වෙද්දි.. අලි දකිනකොටත් දෙසා වෙවුලනවා..
ටික වෙලාවකින් ආපු කෝච්චියට තුන් දෙනාම ගොඩ උනා.. අපි ඉඳගන්න සෙට් උන තැනට එහා පැත්තේ සුද්දෙඋයි සුද්දියෙකුයි ඉඳගෙන හිටියා.. දෙන්නාම බියර් බිබී හිටියේ...
කෝච්චිය ඇතුලේ බියර් බොන එක අව්ලක් වෙයි කියන දිගිඩියාවෙන් හිටි අපිට ඒක දැක්කම පොඩි හිනාවක් ගියා...
ඔහොම ටිකක් දුර යද්දි කෝච්චියේ ඉඳපු ගාර්ඩ් කෙනෙක් එක්ක පොඩි හුටපටයක් උනා....

ඊටපස්සේ මොකද උනේ...?
---------------------------------------------------

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...