Wednesday, September 4, 2013

ආපහු කියව කියව
වැරදි හදනවට වඩා ලේසියි,
අලුතෙන්ම ලියන එක...
ජීවිතේ කියන්නේ
පොත් කබඩ් එකක්...
හරි පොත තෝරගෙන
හිතේ හැටියට ලියන්න..,
එක එක්කෙනාට
පොත් පෙරලන්නේ නැතිව..
ගිවිසුම් නැති හවුල් ව්‍යාපාර
ඉක්මනින් නැසෙනසුලුය..
නොපමාව
තනි පුද්ගල ව්‍යාපාරම කරන්න...
අපි
ජීවිතේ ගොඩක් විභාග
අසමත් වෙන්නේ
නොදැනුවත්කම
නිසාම නෙමෙයි...
දන්නවා වැඩිකම නිසා...