Posts

Showing posts from December, 2012
මගේ ජීවිතෙත් එක්ක බැඳුනු හදවත පුරාම ලියවුනු සුඳරතම බලාපොරොත්තුවක් තිබුනා.. අදටත් තියෙනවා.. මගේ හදවතේ හැමදාමත් ජීවත් වෙන ඔයාව.. එකම එක මොහොතක් හරි ඇස් දෙකෙන් දැකගන්න.. හීනෙන් මවපු ඔයාගෙ සුවඳ එක මොහොතකට විඳගන්න...
මම යනවා ශොපින්.. මේ දවස් වල හමතැනම තියෙනවා සේල් පාට පාට හීන වලට සල්ලම් වෙන අපේ රුපියල්
කෙනෙක්ගේ හදවත විවෘත වෙන්නේ, ඒ හදවතට දැනෙන කෙනෙක් ඉස්සරහදි විතරයි..
දුටිමි කාටත් සෙවන දුන් කාටත් පෝෂනය දුන් මහා රූස්ස ගසක් මහ හයියෙන් හඬා වැලපෙමින් අවසන් වරට පොලව සිපගත් මොහොත.. නුඹ පළමු වැනියාවත් අන්තිමයාත් නොවෙයි.. අකාලයේ මියැදෙන තවත් ගසක් පමණයි... ගස් වැද්දන් හමුවේ නුඹලා අසරණ වනු ඇත... නමුත් දවසක නුඹ සැම වෙනුවෙන් මහ පොලව උත්තර බඳිනු ඇත... එදින තව බොහෝ ඈතක නොවෙයි...

අපේ ගමේ ජේපී ලා අතින් කාලා වැඩ කලාට.... ඔෆිස් වටේ ඉන්න උන් ගාන කපනවා හොඳට..
මේ දවස්වල හරියට වැස්ස.. | | | | | | | | | | | මම කැමතිම වැස්සේ තෙමි තෙමී යන්න.. ඒත් එයා කියන්නේම රේන් කෝට් එකක්වත් දාගෙන යන්න අනේ කියලා.. .. .. .. .. තෙමිලා අසනීපවෙයි කියලා
පෝය දින අද මගී සඳවත නුඹ මගේ වෙනවද ඉතින්.... වලාකුලු අද කලු නොවී නුඹ සඳට ඈතින් ඉඳින්.. පුංචි තරු අද නෑවිදින් හිටපන් මගේ සඳ එනවලු හොරෙන්....
පෝය දින අද මගී සඳවත නුඹ මගේ වෙනවද ඉතින්.... වලාකුලු අද කලු නොවී නුඹ සඳට ඈතින් ඉඳින්.. පුංචි තරු අද නෑවිදින් හිටපන් මගේ සඳ එනවලු හොරෙන්....
මම තාමත් ආසයි එදා වගේම කනට කොඳුරලා හෙමිහිට සිහින් හඬින් මුමුණන .. .. කීං.... .. ඔන්න කියනකොටම.. .... චපස්... ... තෝව මට අහුවෙනකන් තමයි හිටියේ... .. ඩෙංගු මාරාන්තිකයි... ඒ වගේම මාත් එක්ක විසීම තොපිට මාරාන්තිකයි..

_ආදර මධුරි

ඇඳිරි වැටෙන්නටත් කලියෙන් දොර පියන් වසා තැබුවාට නුඹ එනවා මගේ ලඟට හරියටම වෙලාවට ඇවිදින් කියනවා එක එක සින්දු තාලයට අඳුරේම සොයනවා නුඹව මම හමතැනම අහු උනොත් මරනවා දෙවරක් නොසිතාම....

__ජීවිත රෝල

පොලව ඇද උනා කියලා නටන්නේ නැතිව හිටියත් තණකොල නෑ කියලා කිතුල් ගහේ නොනැග හිටියත් වහල ඉහේ කඩන් වැටෙයි කියලා දේවාලෙට වඳින්න නොගියත් ටෝක් එක දෝලාවෙන් දුන්නේ නැත්නම් බඩගාගෙනවත් මේ ගමන යන්න වෙන්නේ නෑ...

__ජීවිත රෝදේ

හුලං තියෙන තරමට ගමන ලේසියි
දෑස නොපෙනෙන කෙනෙක්ගේ අතේ තියෙන සුදු සැරයටිය දෑස පෙනෙන කෙනෙක්ගේ අවයව කීයකට සමාන කරන්න පුළුවන්ද...?
කනගාටුයි, ඔබේ ගිණුම අත්හිටුවා ඇත, රීචාජ් කරගන්න.... පෝන් එකේ ක්‍රෙඩිට් තියෙනකම් හෙන ආදරෙන් ඉන්නේ..... ඒ උනාට කියන්නේ නම් "We Care Always" it should be corrected as "We care always till you have credits"
මම සාස්තර අහන්නේ නෑ... ඒ, උන් බොරු කියන හින්දා නමෙයි, .. .. මගේ හිත කියවයිද කියලා තියෙන බයට
දන්නවද... මේ දවස්වල දෙවියොයි කපුවොයි පට්ට බිසී... A's දහය ගන්න දෙවියන්ට භාර වෙන උන් එන්නේ පෝලිමේ
හදෙහි ඇඳි රූ සිත්තම වර්ණ ගලපන තුරු නොසිටම දියවෙලා යයි මටත් නොදැනීම කැඩුනු පැන්සල් තුඩෙන් යලි අඳිනු කොහොම