Posts

Showing posts from June, 2012

__රජකම Vs ගොවිකම

රජකම අහිමි නුඹ තවමත් මඩ පිටින් රජකම හිමි උන් යයි රිය පෙරහරින්

තාරේ සමීන් පර්

Image
මට මතකයි මම ප්‍රාථමික පන්තිවල ඉගෙනගන්න කාලේ, වෙනම ලමයින් කොට්ටාශයක් හිටියා අකුරු බැරි අය කියලා වෙන් කරලා. ඒ සෙට් එකම පන්තියෙන් කොන් කරලා වගේ හිටියේ. උගන්නන ගුරුවරු පවා උන්ව ගනන් ගන්නේ නෑ. කොච්චර කියලා දුන්නත් අකුරු ලියන්න කියන්න බෑ.. ගුරුවරු උගන්වන්න උත්සාහ නොකලාම නෙමෙයි.. ඒ ලමයින්ට ගුරුවරු තේරුම් ගන්න බැරි කමද, නැත්තන් ගුරුවරුන්ට ඒ ළමයින්ව තේරුම් ගන්න බැරි කමද, පහ වසරට යනකනුත් සිංහල හෝඩියේ අකුරු බෑ කියන්නේ ලොකු ප්‍රශ්නයක්, වගකීව යුත්තෝ කවුරුන් වුවත් මේ ළමයින්ගේ අනාගතේට මොකද වෙන්නේ. කවුරුත් නෑ ඒ ගැන කතාවක්.. මට මතක විදියට ඒ ළමයින්ගේ බොහොම පිරිසක් ඉස්කොලේ ගමන අතෑරියා. සමහරක් අය සෑමාන්‍ය පෙල විභාගෙටත් මුහුණ දුන්නා.. "තාරේ සමීන් පර්" ගුරුවරයෙක් හා ළමයෙක් අතර ගෙතුන ලස්සන කතාවක්, බොහෝ දෙනෙක් මේක නරබලා ඇති. ඉගෙනගන්න බෑ කියලා කවුරුත් කොන් කරලා ඉඳපු ළමයෙක්ව ලඟින් ආශ්‍රය කරලා. තේරුම් අරගෙන ඔහුටම ගැලපෙන ඉගෙනීම් රටාවකට හුරුකරවන සාර්ථක උත්සාහයක යෙදෙන ගුරුවරයෙක්. සැබෑ ජීවිතයේදී නම් කවදාවත්ම දැකලා නෑ.. හැබැයි අදටත් මේ වගේ ළැමයින් ඕනෙ තරම් ඉන්නවා. එයාලගේ අනාගතේ කොහොම විසඳෙයිද..? ජීවිත කතා

ඔන්න ඔහොමයි උනේ..

කොච්චර බලන් හිටියත් කොච්චර හිනාවුනත් කොච්චර කතා කලත් හිතට මදි හැටි... එකම පචේ දෙතුන් වතාවක් කිව්වත් ඔයාට මීටර් නැති හැටි... මගෙන්ම පුරුදුවෙලා ඔයත් හිටි ගමන් නයි අරින හැටි... මමත් ඉතින් නොතේරුනා වගේ අහගෙන ඉන්න හැටි... ඒ වෙලාවට ඉතින් ඔයාටත් මාර කික් ඇති... කොහොම උනත් අපේ ආදරේ නම් මාර ගති...

ඇත්ත\Reality

හිතත් ලො කු යි පතත් ලො කු යි.... ඒ උනාට, බඩ පොඩියි...
හිතට එන  හැමදේම  ගලපන්න බෑ  අකුරු, වචන වලට.. ලියන්න කියන්න බැරි  හැමදේම  ඔයාට මට  දැනෙන එක තමයි  ඒ සොඳුරුතම බැඳීම..
ගෙනාපු මුල්ම දවසේ අත තියනකොටම සුදු පාටට ආවා.. ඉට පස්සේ ටික ටික වැඩිපුර මිරිකන්න සිද්ද උනා.. ඊයේ ගත්තේ කට ලඟින්ම අල්ලගේන තදින්ම මිරිකලා.. අද උදේ ගත්තේ අන්තිම කොන කපලා... අම්මේ.... දත් බෙහෙත් එක ඉවරායි....

විදු මවුණි දයාබර...

නුඹේ සෙවනින් මිදී සය වසක් ගත වුවද... තවමන් නුඹේ සෙනෙහස නොඅඩුව දැනේ මට... නුඹ අසලින් මා යනෙන විට ඉවත බලාගනු කෙලෙස... නුඹ තුරුලේ එකට උන් මිතුරු කැල අද විහිදිලා ඇත සැම අත, උන් උන්ගේ ලෝකවල... අපි ආගිය තැන් වල අළුත් මුහුණු අද ඇත... නුඹත් සුපුරුදු ලෙස උන්ගේ නැණ වඩනු ඇත... පිදුමට අවසරයි නුඹේ දෙපා සුපුරුදු ලෙස... තවමත් ආදරෙයි මම විදු මවුණි දයාබර...
ආදරණීය වස්සානේ නුඹ ලමැද සුව යහනේ සැමදා නවතින්නට සිත දෙන්නේ.. සුන්දර කොදෙව්වේ අප තනිවන්නේ.. තනිකම නැහැ කිසිවිට දැනෙන්නේ.. මගෙ තනියට නුඹ - නුඹෙ තනියට මම එකමෙන් සිටින්නේ..
yea, i think some one's heart is the better place to stay, because, more than one person can't stay in one heart for the same purpose.....
Image
බලා සිටිමි මම තවමත්, එනතෙක්, ජීවිතයේ රස දැ නෙ න විය....

__මගේ ලෝකේ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ.

මං ඉපදුන දවසේ එලියේ බංකුව උඩ නොඉවසිල්ලෙන් ඉඳගෙන ඔයත් අඬන්න ඇති, මං අඬන සද්දේ ඇහිලා, ලෝකෙටම ඇහෙන්න සතුටෙන් කෑගහන්න ඇති, ඒ දවස මට නැතත් ඔයාල දෙන්නටම මතක ඇති... එතනිනුයි කතාව පටන් ගන්නේ... එතනිනුයි මම ජීවිතයේ මුල් අඩිය තියන්නේ... දිව රෑ නොබලා දැරූ මහන්සියේ ප්‍රථිඵල ගෙදර ගේන්න ඇති, මොනවත් නොදන්න ගානට මමත් ඒ හැමදෙයක්ම විඳගන්න ඇති... හැමදාමත් මගේ ලෝකේ හැඩකරන්න, සියල්ල අවංක හදවතින් කැප කල නුඹගේ තතු කියන්නට, ගුණ ගයන්නට මා සතු වචන ප්‍රමාණවත් නැත.... තවත් බොහෝ කල් මගේ ලෝකයේ රජ කරන්නට ශක්තිය දහිර්යය ලැබේවා..
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්... බලා උනිමි මා නුඹේ සෙනෙහෙ බර දෙනුවන්.. විඳගන්නට සිත්සේ, ලැබදෙන්නට සිත්සේ, ජීවිතය... බලා හිඳිමි මම තවමත් කෲර වලා පෙල හමා යන තෙක්...
අපි, නොයෙක් ප්‍රදේශ වල, අනේක විද පාරවල් වල ඇවිදලා ඇති සමහරක් පාරවල් අළුතෙන් අඳුනගන්නේ, සමහර විට නොදන්න පාරවල් කාගෙන් හරි අහගන්නවා.. ඔය යන අතරෙදි පාරවල් වරදිනවත් එක්ක සමහරක් පාරවල් වල නිතරම යනවා... තුන්මන් හංදි, හතරමන් හංදි, පස්මන් හංදි ඕනේ තරම් පහු කරන්න ඇති.... නොයෙක් ස්ථාන වල ගිහින් ඇති... අනේක විද පුද්ගලයෝ හම්බවෙලා ඇති... හරියට අපේ ජීවන ගමන වගේමයි..
ලෝකෙ වෙනස් කල චරිත කිහිපයක් තියෙනවා, එහෙම කෙනෙක් වෙන්න නෙමෙයි, තමන්ගේ ලෝකෙ වෙනස් කල චරිතයක් වෙන්න උත්සාහ කරමු...

__Looking 4 gd people.

කොච්චර හෙව්වත් තාමත් හම්බුනේ නෑ... .. .. මිනිසුන් අතරින්, නොමිනිසුන් පෙරලා, අයින් කරන්න පුළුවන්.. පෙ නේ ර ය ක්...
Image

__ඔබ හා මෙමා

පැතුම් මල් එකිනෙක පරිස්සමෙන් නෙලාගෙන දෙසිත් එක්කොට තැනූ නූලේ යස අගේට ඇමිනෙන මල් මාලය දෝතින් ගෙන පළඳවන්නට නුඹේ ගෙලේ... බලා හිඳිමි මම එන තුරා නුඹ අපිට නුපුරුදු මාවතේ කෙලවරක බංකුවක් මතට වී... ඉතින්, මුමුණන්නට අවසරයි නුඹේ කනට කර.. නුඹ වෙනුවෙන්ම ලියවුනු, මගේ කවිය..

__සතුට

දැන් මගේ ලඟ.... හෙට ඔයාගේ ලඟ... අනිද්දට තව එකෙක් ලඟ... ඊට පස්සේ දවසේ ආයෙත් මගේ ලඟ... එක තැනක එකෙක් එක්ක ඉන්න බැරි උඹට කියන්න හොඳ නමක් මම මේ කල්පනා කරන්නේ..