Posts

Showing posts from February, 2013

Valantine

Image
මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ, මේ වගේ දවස් වලට, (වැලන්ටයින් දවසට ) උදේ පාන්දරම මීටිම තියෙනවා, එතකොට ඉස්කෝලේ ඉන්න ඔක්කොම ළමයි ටික එක තැනකට එකතු වෙන නිසා, පන්තිවල කවුරුත් නෑ.. ගුරුවරු සෙට් එකක් එක්ක එකතු වෙලා පන්තිවලට පැනලා ළමයින්ගේ බෑග් අවුස්සනවා වැලන්ටයින් තෑගි හොයන්න.. ඔහොම හොයාගන්න ඒවා එකතු කරලා ලොකු පෝර බෑග් මලු දෙක තුනක දාගෙන අරන් එනවා මීටිම තියෙන තැනට.. පිනා කරන්නේ ඒවා එලියට ඇදලා ළමයින්ට පෙන්නලා ආතල් ටෝක්ස් ටිකක් දීලා පොඩි සොමියක් ගන්නවා.. එතකොට අර එකතු කරපු චොකලට්, රෝස මල්, තෑගි වලට මොකද වෙන්නේ.... ? ඒවාට ඉතින් ස්ටාෆ් එකේ කට්ටිය වග කියනවා... අදත් ඉස්කෝලේ ඔහොම දෙයක් උනේ නැත්නම් ඉතින් ලෝක පුදුමයක්..

ඉබ්බන්ගෙන් උනත් පිහාටු ගන්න විදියක් තියෙනවා.

හොඳටම දන්න දෙයක් උනත් මම ඔයාගෙන් අහන්නේ දැනගන්න ඕනේ නිසා නෙමෙයි.. ඔයාව කතාවට අල්ලගන්න ඕනේ නිසා... ඔයා කතාව පටන්ගන්නේ "ඇයි අනේ ඕකවත් දැන්නේ නැද්ද" කියාගෙන.. ඒත් එතනින් පස්සේ ලොකු කතාවක් පටන් ගන්නවා... අන්න ඒකට මම කැමතියි...