Posts

Showing posts from August, 2011
දැනෙන දුක නිවාලන්න කඳුලකට සමු දෙන්න යලිත් ඔබ පැමිණෙන්න ආදරෙන් සිප ගන්න
කවියක් ලියා බලා සිටිමි මම like එකක් වැටෙන තුරු comment එකක් වටුනොතින් එදා දවස මරේ මරු දිරි දෙන ඔබ සැමට තුති පුදමි මගෙ මිතුරු ඔබයි මා ලබා ගත් ප්‍රගතියේ සහකරු
හමුවෙන හැම විටක ආදරෙන් අමතන්න නුඹේ ඔය වදනින් මා දෙසවන් පිනවන්න කවදාඩා ඔබ එන්නේ හඬන සිත සනසන්න එකම එක වතාවක් නලලත සිඹලා යන්න දුක් කඳුලු කිසිදා එපා අපේ මේ ලෝකයට සෙනෙහසින් පිරි ගිය අපූරු නිවහනකි එය ඔප්පු තිරප්පු කිසිවක් නොමැති එහි නුබ නොවෙද එකම හිමි කාරිය
නුඹේ සිතත් දිය ඇල්ල වගෙයි ගලන සෙනෙහෙ ජල කඳක් වගෙයි මගේ සෙනෙහෙ ඒ තුල සැඟවෙයි ලොවට හොරා අපි පෙම් කෙරුවයි විටෙක නුඹ වැසි දිය හා සම වෙයි විඩාබර මගේ හද සනසයි නුඹේ සෙනෙහෙ මහ මෙරක් වගෙයි සැම විටකදි මා ලඟම රැඳෙයි මා ලඟ නුඹ සඳ සාවි වගෙයි නුඹෙ සිරියෙන් මගෙ මුලු ලොව නැහැවෙයි දෝරෙ ගලා යන මගෙ සෙනෙහෙ ඔබයි මගෙ ආදර සඳ සාවි නුඹයි හුස්ම පවා අපි ගත්තේ එකටයි නුඹෙ සුසුමේ සුව මටද දැනෙයි මගේ ලොවට ඔබ මිනි කිරණයි ඒ කිරනින් මගෙ ලොව සැරසෙයි
හඳ වඩින තුරු අහසට මුලු රැයම මග බලයි ඉඟි මරන තරු රෑන යන්තමින් එලිය දෙයි ගලා එන සුලන් රොද මොන මොනවදෝ මුමුනයි ඔබ එවන පනිවිඩද ඒ මොහොතකට මට සිතෙයි ඉතින් නුඹ තවම නෑ මගෙ හිත රිදුම් දෙයි
ආයෙමත් ඔබ එන්න මට ජිවිතේ අරන් විඳගමු එහි සිසිල උනුහුමේ තුරුලු වෙමින්...
මතකයිද මාව ගෙනාපු උජාරුව මගේ ලස්සන ගැන වර්ණනා කර කර මම ඔයත් එක්ක කොහෙද නොගියේ සමහර දවසට මම තෙම්මලා ඔය නොතෙමි ගියා සමහර දවසට මම අව්වෙ වේලි වේලි යනවා ඔයා හෙවනෙ යනවා ඔයාට විහිළු කරන අයට ගහුවෙත් මම තමයි ඉතින් ඒ දවස් වල ඉතින් මම චන්ඩියා දැන් ඒ කිසි දෙයක් මතක නෑ නේද මගේ දිහාවත් බලන්නෙ නෑ ඔයා ඔව් මම දැන් වයසට ගිහින්නේ ඉස්සර තිබ්බ ලස්සන මගේ නැහැනේ කුනු දූවිලි පිරිලා හරියට මම කර ගත්තු දෙයක් වගේ අලුතෙන් ගෙනාපු කෙනා ලස්සනයිද මටත් වඩා ලස්සනයිද කමක් නෑ ඉතින් ඔයාට හොඳ නම් ඉතින් මගේ හිතට දුකක් නෑ මම ඉතින් කුනු මුල්ලට වෙලා ඉන්නම් තව වැඩි කල් ජීවත් වෙන්නෙ නෑ මං කොහොමත් ඇත්තටම මම කව්ද...?
ගිලිහුනු පෙත්ත තමන්ගේ වග මලටද අමතක උන හැඩයි ගිලිහුන මල තමන්ගේ වග නටුවටද අමතක උන හැඩයි දුර අදුන මුත් නුඹ සිත තවමත් මා සොයන බව සැබයි අවිලෙන ගිඳර රළු වුවත් පපුවට බර නැති හැඩයි
නෙතට උනන කඳුලැල් පිසලන්න ඉතින් නැගෙන සුසුම් වැල් නවතන්නෙමි ඉතින් කොතෙක් කල් මම දුරින් ඉන්නද ඉතින් නුඹ නැති දිවියක ලබන ජය කුමටද ඉතින්
ලස්සනයි සඳවතියේ නුඹේ සිනා මුව මඩල අහබ්බෙන් මෙන් මගේ සිත් අහසට පැමිනි විඳිමි මම ඒ ජීවිතයේ මිහිර කාටත් හොරෙන් මෙතෙක් කිසිදා නොවිඳි.. දුකක් නොම වෙයි කිසිත් නුම්බ මටද මම නුඹටඩ ආදරේ නිසාවෙන් අන් කිසිවකටත් වඩා.... මතකයේ රැඳෙයි සැමදා නුඹේ මුවින් පිටවූ දින ආදරෙයි නුඹ හට අන් සැම දේටත් වැඩියෙන් ලෙස.. නුම්බට හිතැති මගේ සිතද නුඹවම සොයයි ගෙවෙන හැම මොහොතක්ම හරිම සුන්ඳරයි ඔබ සැමගම රැඳෙමින්... යන්නට දිගු ගමනක් නුඹේ සඳ කිරනින් නැගෙන ආලෝකයෙන් මා දකින මාවත මතින්... ඉතින් නුඹවම සොයන සිත සනසවන්නට ආදරයෙන්.... බලාසිටිමි යලිත් වරක් වඩින තුරු මගේ අහස් ගැබට නුඹ ඉතින්...
පෙරුම් පිරුවට මම ඉන්නට නුඹ ලඟින් ඉඩක් නැ මට ලොව එරෙහි වූ නිසාවෙන් දුරින් ඉඳ සැනසෙමි මා අඩ නුඹේ නමින් තවමත් ඇත ඒ පතුමන් සැම එලෙසින්
රාළහාමි මාමේ.. අපි කොහේටද මේ ආවේ.. කොහෙද අපේ අම්මව ගෙනියන්න හදන්නේ.. මම තාම උදේට කිරි බිව්වෙත් නෑ.. ඇයි අද මාව බැඳල දාල බෙල්ල රිදෙනව මගේ.. අනේ ඇයි අපේ අම්මට ගහන්නේ.. කව්ද අර තව කෑ ගහනව ඇහෙන්නේ ඇයි එයාව බේර ගන්න කියන්නේ අනේ එයා ගොඩක් අමාරුවෙන් කෑ ගහන්නේ මගෙ සුදු අම්මේ... අපිත් එතනටද මේ ගෙනියන්නෙ.. අන්න රාළහාමි මාම අපි දිහ බල බල අර අලුගෝසුවට මොන්වද කියනව රාළහාමි මාම මොනවද අර ඉනේ ගහ ගත්තේ රාළහාමි මමේ.. රළහාමි මමේ... ඇහුනෙ නැඩ්ඩ මන්ද.. මාව ගහේ බැඳලනෙ නැත්තන් වෙනද වගේ පස්සෙන් දුවන්න තිබ්බා අන්න අම්මෙ අර අලුගෝසුව එනවා ඒයි ඒයි අපේ අම්මව අරන් යන්න හදන්නෙ කොහේද රාළහාමි මාමේ.... රාළහාමි මාමේ.... මෙන්න අපේ අම්මව ගෙනියනවා... අනේ මගේ සුදු අම්මට ගහන්න එපා.. ඕනෙම නම් මට ගහන්න.. අනේ අම්මෙ ඇඉ මගෙ දිහා ඔහොම බලන්නේ.. ඔයා මොනවද අමාරුවෙන් වගේ කියන්න හදන්නෙ අනේ ඇහෙන්නෙ නෑ මගෙ සුදු අම්මේ ඇඉ මේ ඇස් වල කඳුලු පුරවගෙන මගේ අම්ම ඇඉ අඬන්නෙ මොකඩ්ඩ ඒ සද්දේ.. අනේ ඩෙයියනෙ මගේ සුදු අම්ම නේඩ ඒ..... ඒ ගමන මාවත් ඇදගෙන යනවා.. අනේ ඩෙයියනේ මගේ සුදු අම්මා... ලේ හැම තැනම... ඔලුවට මොකද්ද උනා මග
ඉතින් නුඹ සැරසුනේ එලෙසින් දීගෙක යන්නද අළුත් දිවියක් එලෙස ඔහු සමඟින් අරඹන්නද මම ඉතින් සුභ පතනවා හැර මක් කරන්නද නව දිවිය ඔබට කොතරම් සොඳුරු වේවිද
සැබෑ වෙන සුන්ඳර සිහිනයක අත්දැකීම වින්ඳගන්නට ලඟදීම මම එනවා නුඹගෙ ඔය හද මඩලට ඇවිද යන්නට නුඹ සමගින්ම දිවිය නම් වූ දිගු ගමනේ බලා සිටිනෙමි දහසක් පැතුම් මතින් එදවස එනකන්ම
ඉතින් මම මෙහි තනි වෙලා විඳින දුක් ඔබ දන්නෙ නෑ හිතින් නුඹට පෙම් කරමින් දුරින් හිඳ ඔබ දෙස බලනවා එයද ඔබ දන්නෙ නෑ මගෙ හිස් අහස දෙස බලා ගත් නෙතු මතින් ගලා එන කඳුලු කැට මගෙ දෙකොපුල් තෙමන නිතර එයද ඔබ දන්නෙ නෑ පායන්න සඳ වතියේ එකම එක වතාවක් විඳින්නට ආසයි මමත් දිවිය එකම එක වතාවක් සුඳරත්වයෙන් සපිරුනු
හිතට එන හැම සතුටක්ම මහා දුකක් ඉතිරි කරල යන්නෙ ඇයි........ ඒ ඉතිරි වන දුක හැමදාමත් හිතේ ලගුම් ගෙන විඳවන්නෙ ඇයි...... පුන්චිම සැනසීමක් වත් හිතේ ඉතිරි නොවන්නේ ඇයි........ හිතේ ඇති වන එකම මලකට වත් එකම එක වරක් වත් පිපෙන්න ඉඩ නොදෙන්නෙ ඇයි......
හැමදාමත් ළඟ ඉදගෙන මගේ කියා මට කියන්න කල්ප කාලයත් මදි මට නුඹේ නමට කවි ලියන්න නැතත් තාල රිද්ම සොඳුරු මගෙ කටහඬ අසා ඉන්න හිතේ තාරුකා කැට ගෙන බැඳුණු කවක රස බලන්න මුමුණන තෙපුලක දහසක් ඔවදන් ඇත කළම්ඹන්න මිහිරි කවක ඇමුණුනු ගුණ නිමක් නොමැත කියාගන්න ලස්සන සඳ සාවිය ලඟ දිවි බඳුනම මුහුකරන්න ඉඩක් ඇත්ද මට කියන්න මට හිමි මල නෙළාගන්න
වස්සාන සිහිනයේ මමත් අද තනිවෙලා නුඹ නැතිව හඬා වැටෙන සිත මෙනි වැහි වලා ආයෙත් ඇවිත් නුඹ මගේ ලඟම දැවටිලා ඉන්නට එනවද සමගින්ම නිකිනි වලා
හිස්ව තිබූ මගේ සිත් අහසට නුඹයි පැයු සඳවතිය.... වියලි සුලඟින් දැවී ගිය සිත් අහසට නුඹයි ආ සිහිල් සුළන් රැල්ල.... අලෝකයක් නොමැතිව අඳුරු වු මගේ දිවියට නුඹයි පැමිනි සඳ කිරන... ඉතින් ඒ සඳ පායන තුරු බලා සිටින මමයි ඔබේ මිහිකත....
අප නිවහනේ පාලුව මැකූ රන් ටිකිරි සිනාවෙන් මුලු ගෙදරම සැනසූ ඒ සුරතලී දැන් පෙර පාසල් යනවා ටිකිරි සිනාවට ඩැන් සුරතල් කතාවත් එකතු වෙලා වචන එක ඩෙක ගලපමින් කතා කල ඈ   දැන් කවි සින්දුත් කියනවා එදා මගෙ උකුලේ දඟලපු ඈ අද බෝනික්කන් ඇගෙ උකුලෙ නලවනවා කාලය ඉක්මනින් ගෙවී ගියා වත්ද මට මේ විදියටම ඈව හැමදාමත් මගේ ලඟිම තියගන්න පුලුවන් නම්... ඒ සුරතල් කතාව මට හැමඩාමත් අහන්න පුලුවන් වෙයි.. ඒත් ඒක මහ අසාදාරන අසාවක්... හෙට දින ඈ තවත් ලොකු වෙයි තවත් ලස්සන වෙයි ලස්සන අනාගතයකට යයි එදාට මට අඬේ.... ඒ දුකට නෙමේ.. දරගන්න බරි සතුටට... ඔව් ඒ මගෙම මන්දකිනිය....
හැඟුම් පොකුරු ඉසිර විසිර රත් පියුමක එතෙන්නේ.. අහස පුරා තරු කැටගෙන පෙම් සිත්තම් අඳින්නේ.. පිණි පලසක අතොරක් නැති සීත හිතේ රැඳෙන්නේ.. මගෙ දෙව්දුව හීන අරන් එන අරුමය දැනෙන්නේ..
ඉපදුන දා ඉඳන් මට හරි මග පෙන්වුවා අද මා තනිව යන මග ගැන නුඹ නිතරම සෙව්වා පුතෙ නුඹගෙ ඩැන් වැටුප කීයද නුඹ නොවිමසුවා උදෙ එන විටත් මා අත කාසි ටිකක් තැබුවා... නුඹ විඳිනා දුක් ගැන මම නොදනිම්ද අම්මේ මම කල පව් වෙන්න අති නුඹ අද විඳවන්නේ මට හැකි කලට නුඹ හට මා සලකන්නේ මගේ ඇස් දෙක වගෙයි නුඹ මා රැක ගන්නේ මතු බුදු වන්නට මත්තෙන් ඔබ වෙනවා නේද මගෙ මව් ආයෙත් ඇත්තට මම නුඹේම පුතු වී එන්නම් එදාට රාහුල කුමරුගේ අඩුපාඩුව පුරවන්නට
අතරමන් වූ බව දනුනි යන්නට වෙන මගක් නැතිව ගිය සඳ ඔබ නොමැති බව දනුනි මගේ අත්වැලට පාලුවක් දනුන සඳ ... සිතට තනි කමක් දනුනි නුඹෙ සිතින් මා ඉවත් කල බව දනුන සඳ සිත් අහසම පාලුවෙන් තැවුනි මගේ සඳවත බැස ගිය බව දැනුන සඳ
මිනිත්තු කිහිපයක පොඩිම සතුටක් වෙනුවෙන් දිවි පුදන අපේ අයියලාට මන්ද නොතේරුනේ තවම දුම් පානයෙහි අරුම ... ඉදිරි පරපුර වත් බෙරගන්නට දුම් රකුසාගෙන් ගතයුතු පියවරක් දැන්ම ගතයුතු නොවෙද අපි
සන්සාර ගමනේ අත්වැලක් වු ඔබ මගේ දිවි ගමනේ ආලෝකයද විය ඒ අලොකයෙන් දුටු මගද ඔබම විය ඇතතටම දිවියෙ සෑම දෙයක්ම ඔබ නොවෙද..
මා උපන් පින් බර මව් බිමට කරන්නට යමක් මගේ කල පැමින ඇත නුඹෙන් ලද සෙනෙහස නම් නිමක් නැත දිවි පුදා රකිමි මගෙ මව හෙටට
ඔය නෙතින් ආදරේ කියනකම් මග බලා ඉන්නෙ මම පෙරුම් පුරන් හිත පුරා ඔබෙ ආදරේ අරන් එන්නේ කවදාද දකින්නට මන් ඇඳේ පෙරලි පෙරලි රැ එලිවෙනකන් හීන දකින්නේ නුඹ ගැනමයි මන් දකින හැම හීනෙකම නුඹ ඉතින් ඉන්නවා ආදරෙන් මා ලඟින්
අමතක නොවන මතකයන් අතරින් ගලා එයි ඔබේ සුවඳ දසතින් අවිද ගිය මග නුඹ නැති මුත් තනිව යමි ඒ මතකයද සමගින්
මට හොරා තැනුන පුන්චි පව්ල ලස්සනද ප්‍රියේ මම ඒ පුවත ලොවෙන් සඟවා ගමිද කෙසේ මා සමගින්ම හිඳින්නට දුන් සිහිනය අමතකද ප්‍රියේ ඒ සිහිනය මතින් මා වෙන් වී යමිද කෙසේ ජිවිතයේ මට අහිමි සතුට නුඹ හට ලැබෙන්නයි කිසිදා මෙවන් දුකක් නුඹ් හට නොලැබෙන්නයි සිතඟි පරිදි නුඹේ පැතුමන් සැම ඉටු වෙනනයි පතුමන් මා හදවතේ සැම්දා එලෙසින්මයි
හැර යන්නට සිතක් නොමැත මට නින්ඳ නොමැති එක රැයක් පමනි මෙය හඬමින් වලපෙන රැහැයි හඬ මැදින් නුඹගෙ හඬ මට සිහිනෙන් මෙන් ඇසේ ... දුක උරුම උනෙ ඇයි දැයි නොදනිමි වැරඩි කා අතඩ සෙවිම පල නැති දෙතැනක තනිවි හැඬුමෙන් පල නැති කල හැකි කිසිවක් ගැන සිතමුද අපි
උදා වන සැම දිනම එක වගේම සුන්දරයි පෙරදිනට වඩා යමක් අද දිනෙහි ලඟා කරගන්න
ඒ කලකට ඉහතදී දුටු සොදුරුතම සිහිනයක් පුළුවනිද දකින්නට තවත් එකම එක වතාවක් ඇත්තටම ඒක ගොඩක්ම සුන්දර කතාවක් අවසානය දරාගත නොහැකි තරම් දුක්බර උනත්
ඔබ සොයනා සොදුරු රුව එකල නම් මම තමයි දැන් ඉතින් නුඹේ සිත ගත ඔහු සතුය නුඹ හා බැදි කසාදය නම් යකඩ දම් වැල නමින්....
අනාගතේ අපේ සුභම නොවේමයි ඔබේ නෙතු දකින මටම සිතේ එක්ව යන මග කොතෙක් පැහදිලිද තවමත් ඔබ හට නොතෙරුනේ ඇයි
ඇහැකින් වැටෙන් කඳුළු බිඳු හිතකට බරක් අනට දැනූනත් නැතත්
උපන් කඳුල උනත් හොඳයි ඔබ වෙනුවෙන් උපන් දුක උනත් හොඳයි ඔබ වෙනුවෙන් නුපන් සතුට ගැනයි දුක මා වෙනුවෙන්
මහ මෙරක් සේ දුක දරා ගන්නම් දුරින් හිඳ ඔබ දෙස බලන්නම් ඔබ සතුටින් දිවි ගෙවයී නම් මමද සැන්සිමෙන් හිඳින්නම්
නුඹ අළුත් දිවියක් ඇරබි බව සැලයි එය මා දුටු නපුරුම හීනයක්මැයි සිදුවු සියළු දේ සිදුවී හමාරයි ඒ ගැන සිතා දුක් වීම මගෙ සිතට බාරයි සුභ පතමි මා හදවතින් ඔබට මගේ හිතෙ කහටක් නැ ඉතින් නොම වේවා කිසියම් දුකක් නුඹේ කවි සිතට ඉතින්
නිමා නොවනා කඳුලු අතරින් ගලා ඒ පද මගේ පන් හිඳෙන් විඩාබර මා නෙතු පියන් බලා හිඳී ඔබ දෙස නිදි වරන් ඉතින් ඒ කවි රස විඳිමින් බොහෝ අය කියයි එළකිරි මචන් දන්නෝ දනිති විරහවේ අරුමන් නොම වේවා තවත් මෙවන් හින්සනයන් පුලුවනි නම් අමතන්න එක කඳුලු කැටයකට පවසයි ඔබ මා හැර ගිය කතාවේ වග තුග අසන්නට කිසිවෙකුත් නැති එක ගැනයි දුක සිටිය එකම ශ්‍රාවිකාව ඔබයි මට
ගැහැනු ඉතින් ඔය හැට හතරෙන් දානවා හොඳ හොඳ සෙල්ලම් අපිත් එය දැන දැනම ඉතින් පනිනවා රැ වලේම මහ දවල්
නිමා නොවනා කඳුලු අතරින් ගලා ඒ පද මගේ පන් හිඳෙන් විඩාබර මා නෙතු පියන් බලා හිඳී ඔබ දෙස නිදි වරන් ඉතින් ඒ කවි රස විඳිමින් බොහෝ අය කියයි එළකිරි මචන් දන්නෝ දනිති විරහවේ අරුමන් නොම වේවා තවත් මෙවන් හින්සනයන් පුලුවනි නම් අමතන්න එක කඳුලු කැටයකට පවසයි ඔබ මා හැර ගිය කතාවේ වග තුග අසන්නට කිසිවෙකුත් නැති එක ගැනයි දුක සිටිය එකම ශ්‍රාවිකාව ඔබයි මට
ඔබෙ පන්හිඳ ගොලු වී ගිය නිසාවෙන් නෙතු නිරතුරු කඳුලින් පිරි නිසාවෙන් හදවත නිතර සුසුමන් හෙලු නිසාවෙන් භවයට දොස් නොනගනු ඒ නිසාවෙන් සැමදෙයක්ම හේතුවක් ඇතිවම සිදු වේ බුදු දහමෙන් එය මොනවට ඉගැන්වේ එය තේරුම් ගෙන විසුම කාටත් සුභ වේ නොදැන ගොසින් නොවැටෙනු මන් මුලවේ
මමත් දුටුවෙමි සිහින දහසක් මමත් පැතුවෙමු පතුම් සහසක් මමත් සෙව්වෙමි සොඳුරු දිවියක් මමත් ලිව්වෙමි සොඳුරු කවියක් ඒ සිහින මැද මා තනිවු හැඩැයි පැතු පතුමන් බොඳ වු හැඩැඉ සොඳුරු දිවියම නැවතුන හැඩැයි ලියු කවියද අතරමග නැවතුන හැඩැයි නිදි නොමැතිවම රැ පහන් වුවත් සිතද තනිවම සුසුම් හෙලුවත් ලොවට රහසින් මා හෙට දිනත් දකිමි ඒ සිහිනයම නැවත නැවතත්
ජිවිතේ හැටි මෙහෙම වෙන්න ඇති කියලා ඔයත් හිත හදාගන්න ඇති ඒ ජිවිතේ එයාට නම් කොහොමත් සුන්දර ඇති දැන් නම් ඔයා ගැන මතකයක් වත් නැතිව ඇති
පුන්චි උනත් හිත් පොඩිය අදරේ මහ මෙරටත් වැඩිය අහිමි වු දුක ඊටත් වැඩිය ඉතින් එහෙමයි බොලඳ ආදරය ඉතින් ඒ පුන්චි සාවිත් කියයි ඔය කවියම යලිත් දැනෙන එකක් නැ දුකක් කිසිත් දඩයමෙ යයි ඔහු යලි යලිත් සුන්ඳරයි නේද සිහිනය දහවලේදි උනත් අපි දකින සැබැ නොවෙනා බව දැන දැනම දකිනවා තව තවත් සිහින
පායනා නුබෙ රුවන් නුවණ් යුග දොඩමළු වේ සමගින් ම නුවණ් යුග දකින දස දහසක් අතරින් දුටු ඒ පිය කරු බව රැන්දේද කවදා වන තුරු මා සිත් අහස තුල.....
ලැබෙනවනම් අපි කැමති හැම දෙයක්ම නොලැබෙනවනම් අපි අකමැති හැම දෙයක්ම සුඳර වෙයි නේද මුළු ජිවිතයම එත් එහෙම වෙනවද ලොව කිසිම තැන
කඳුලක් උනත් ඇරබුම පැවත්මක් තිබුනි ලස්සන සිතුවෙ කෙලෙසකද කිව මැන දෙන්නට මෙවන් දුකක් අපමන සිටියා මතකද ඔබ ලඟින්ම පෙරදින සෙවනැල්ල සේ ඔබ පසු පසම යන විමසන්නෙ කිමද සැමදෙන එ ගැනම සිහිවෙන සැම විටම විඳවයි මගේ මන
කිසිවකට සමනොවන නුබේ ඔය කවි සිතද එයින් ගලා එන කවි වැල්ද පවසාවි සොඳුරුතම අදරේ අප බැඬුන එවන් කවි නැසෙන දිනක් නොම වේවා කිසිත් ගෙදර අග හිඟ කම් මැදින් පලා යන සිරි කත දුටිමි කල හැකි දෙයක් නොමැති කමින් මමද අසරණ උනිමි විසඳුමක් සොයන්නට පියවරක් නුම්බ තබුවා ගියත් දුර රටක නුබ නොම දැනෙවා කිසි දුකක් නුබෙ ඔය කවි සිතට....
යලි ඇරබුමක් නැති අවසනක් ද නැති අප පෙම් කතාවේ ඔබ මා සිටිනා තැන කොතැන..?
පැතු පැතුම් මෙලෙසින් බොද වී යද්දී මගේ ආදරය මා සිත තුලම ගොළු වෙද්දි නුඹෙ ආදරය වෙනකෙකු වෙත දිව යද්දී මම සිටිනෙමි සිතයට සිරකර මේ සිද්දී නුඹ ගැන අසන අය හට මට කියන්නට නුඹට හැකිද බොරුවක් මට කියන්නට නුඹ සමගින් සැමදා මට සිටින්නට එදා පෙලට ආවා උන් මට සුබ පතන්නට මගේ ආදරය සදහට අද ගොළු වූවා යලි නොම එන ‍ලෙසින් ඔබ මාගෙන් වෙන් වුවා දිවියේ අරුම මෙය යයි නුඹ පැවසුවා එය එලෙසදැයි දෙවියන්ගෙන් මා විමසූවා මගේ දිවියට දැන් කිසි වටිනා කමක් නැතී ඔබ නොමැතිව ගෙවන දිවියෙන් පලක් නැතී මා පැතු පැතුම් මසිතෙම ගොළු වෙලා යතී නුඹ දිවි පොතෙනේ මගේ වත දියවෙලා යතී හැකිනම් නුඹට තව එකවරක් වත් මා අමතන්න සිදුවුයේ කිමද මට පහදා දී යන්න වරදක් සිදුවුනා නම් එය මට පවසන්න දඩුවම මදක් වත් ලිහිල් කර යන්න
ඔබ ගියා දුර ඈත නොදන්වා ලග සිටි මටද පුළුවනිද හිනැහෙන්න බලමින් මගේ කදුළු දෙස නුඹට මදි උනා වත්ද මගෙන් ලද ආදරය සිතුනේ නැතිද මදකට විමසන්නට මගේ වත ඔබට මතකද අද වැනිම දවසක සතුටු උනා මම දිනු ලෙස ලොවම අද වගෙම මතකයි මටද නුඹෙ ආදරය දිනු දවස දිවියේ පලමු වතාවට වින්දෙමි ආදරයේ මිහිර එකතු කලා ඔබ දිවියට මතකයන් අති සුන්දර සිතුවේ කෙලෙසකද නුඹ මෙලෙස යන්නට මා හැර දරා ගන්නේ කෙලෙස මේ විරහව අසුන්දර නොමදැනේවා කිසි දිනක ඔබට මා විදිනා මේ දුක නොමදැනේවා මෙවන් දුකක් අන් කිසිවෙකුට නොමරැදේවා කදුළු කිසිදිනක නුඹේ නෙතු මත නොමවේවා නුඹට වරදක් කිසි විටෙක
අහිමි නුබෙ නෙත දකිමි මම - නුබ තිලිණ කල පුතු ඇසින් අහිමි නුබෙ සිනහව දකිමි මම - නුබ තිලිණ කල පුතු මුවින් අහිමි නුබෙ ප්‍රිය වදන අසමි මම - නුබ තිලිණ කල පුතු හඩින් අහිමි නුබෙ මව් සෙනෙහෙ දෙමි මම - පුතුට කෙලෙසක ඉතින්...
මහැර ඔබ ගොස් ඇත බොහෝ දුර එක්ව ආ මග මෙතෙක් කල් අප තනිව යන්නේ කෙලෙස කිව මැන කෙසේ පිලිගනිමිද තනිවු බව මම කෙලෙස ඔබ නෙතු පියා ඉන්නේ නොදුටු ලෙසින් මා නුවන් යුග කුරිරු වුනේ කිම අපේ දෛවය වෙන්කර ගන්නට මගෙන් රන් කද කෙසේ පිලිගන්නද ඔබ යන වග ඔබ මෙලෙස කර පිටින් මගේ මතින් සුදු පලස ඔබත් සමු ගන්නේ නෑ මමත් සමු දෙන්නේ නෑ සදු වුයේ කිමද තවම මම දන්නේ නෑ
සෝබරව ගෙවන ජීවිතේ හරිම විඩා බරයි ඔබ සමග ගෙවූ ජීවිතේ හරිම ආදර බරයි හිමි වුනා නම ඒ ජීවිතේ හරිම සුන්දරයි විදවමින් ගෙවන ජීවිතේ හරිම දුක් බරයි
මමත් හිතුවේ නෑ සිහිනෙකින් වත් ගෙවන්නට ඔබ නැතිව එක මොහොතක්වත් සිහිවෙනවාද මට මෙන් ඔබටත් අප දෙදෙනාම දුටු ඒ සිහිනය ගැනවත්.
නොමියෙනා මුත් ඒ මතකයන් නොමියෙනා මුක් ඒ සිහිනයන් මැරි මැරී උපදින අපේ ජීවිත පිරෙයිද කවදා සුන්දරත්වයෙන්.. නිදා සිටිනා අපේ ජීවිත අවදි වේවිද කවදා ඒ මතකයන් මතින් ඇවිද යන්නට මදහසින්.. තවත් දවසක් උදා වෙනවා සුපුරුදු පැතුමන් මතින් මගේ හදවත් විඩා වෙනවා එවන් දේ ගැනම සිතමින්..
එදා තමයි ජීවිතේ සතුටුම දවස එදා තමයි ජීවිතේ දැනුන දවස එදා තමයි ජීවිතේ ලස්සනම දවස ඉතින් කවදද මේ එදා දවස... ඔබට මතකද තවම...

අහිංසක ජීවිතයක්.....

වැටි වැටී නැගිටින්න හදන අහින්සක ජීවිතේකට මිරිගුවක් මුණගැහෙන එක මොන තරම් අවාසනාවක්ද දුවලා දුවලා හොදටම හති වැටිල තියෙද්දිත් ආපහු හැරෙන්න බැරි වෙද්දි ඒ අහිංසක ජීවිතේ මොනතරම් අසරණද ඒ අහිංසක ජීවිතේට ලස්සනයි කියන මේ ලෝකේ මොනතරම් නපුරුවට දැනෙනවද කියලා හිතාගන්නවත් පුළුවන්ද
සනසමින් සැම සිත් සැනසෙනු මැනවි නුඹත් නොසිතමින් මා ගැන කිසිත් ජය ගනු මැනවි ජීවිතය පරිදි නුඹ සිත්...

අද මා ලග නැත නුඹ.........

නුඹෙන් පණ ලද මගේ පණ්හිදෙන් කවි ලියවෙනා සද එය දකින්නට අද මා ලග නැත නුඹ මතකද අපි දොඩමළු උනා ගොතමින් කවි සන්හිද පාමුල හිද එය විදින්නට අද මා ලග නැත නුඹ එවන් කවියක් යලි ඔබෙන් යලි නොලියවෙනා සද දුක කියන්නට අද මා ලග නැත නුඹ ඹබ දුන් ඒ කවියේ අරුත තවමත් ‍මට නොතේරෙන සද එය පසිදන්නට අද මා ලග නැත නුඹ