රාළහාමි මාමේ..
අපි කොහේටද මේ ආවේ..
කොහෙද අපේ අම්මව ගෙනියන්න හදන්නේ..
මම තාම උදේට කිරි බිව්වෙත් නෑ..
ඇයි අද මාව බැඳල දාල
බෙල්ල රිදෙනව මගේ..
අනේ ඇයි අපේ අම්මට ගහන්නේ..
කව්ද අර තව කෑ ගහනව ඇහෙන්නේ
ඇයි එයාව බේර ගන්න කියන්නේ
අනේ එයා ගොඩක් අමාරුවෙන් කෑ ගහන්නේ
මගෙ සුදු අම්මේ...
අපිත් එතනටද මේ ගෙනියන්නෙ..
අන්න රාළහාමි මාම අපි දිහ බල බල
අර අලුගෝසුවට මොන්වද කියනව
රාළහාමි මාම මොනවද අර
ඉනේ ගහ ගත්තේ
රාළහාමි මමේ.. රළහාමි මමේ...
ඇහුනෙ නැඩ්ඩ මන්ද..
මාව ගහේ බැඳලනෙ
නැත්තන් වෙනද වගේ පස්සෙන් දුවන්න තිබ්බා
අන්න අම්මෙ අර අලුගෝසුව එනවා
ඒයි ඒයි අපේ අම්මව අරන් යන්න හදන්නෙ කොහේද
රාළහාමි මාමේ.... රාළහාමි මාමේ....
මෙන්න අපේ අම්මව ගෙනියනවා...
අනේ මගේ සුදු අම්මට ගහන්න එපා..
ඕනෙම නම් මට ගහන්න..
අනේ අම්මෙ ඇඉ මගෙ දිහා ඔහොම බලන්නේ..
ඔයා මොනවද අමාරුවෙන් වගේ කියන්න හදන්නෙ
අනේ ඇහෙන්නෙ නෑ මගෙ සුදු අම්මේ
ඇඉ මේ ඇස් වල කඳුලු පුරවගෙන
මගේ අම්ම ඇඉ අඬන්නෙ
මොකඩ්ඩ ඒ සද්දේ..
අනේ ඩෙයියනෙ මගේ සුදු අම්ම නේඩ ඒ.....
ඒ ගමන මාවත් ඇදගෙන යනවා..
අනේ ඩෙයියනේ මගේ සුදු අම්මා... ලේ හැම තැනම...
ඔලුවට මොකද්ද උනා මගේ....
ඇස් දෙක බොඳ වේගෙන යනවා...
අනේ මගේ අම්මේ...... උම්ම්ම්බෑඈඈඈ.........

මගේ උත්සාහය සාර්ථක යයි සිතමි......

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...