ඔබෙ පන්හිඳ ගොලු වී ගිය නිසාවෙන්
නෙතු නිරතුරු කඳුලින් පිරි නිසාවෙන්
හදවත නිතර සුසුමන් හෙලු නිසාවෙන්
භවයට දොස් නොනගනු ඒ නිසාවෙන්

සැමදෙයක්ම හේතුවක් ඇතිවම සිදු වේ
බුදු දහමෙන් එය මොනවට ඉගැන්වේ
එය තේරුම් ගෙන විසුම කාටත් සුභ වේ
නොදැන ගොසින් නොවැටෙනු මන් මුලවේ

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021