හැමදාමත් ළඟ ඉදගෙන
මගේ කියා මට කියන්න
කල්ප කාලයත් මදි මට
නුඹේ නමට කවි ලියන්න

නැතත් තාල රිද්ම සොඳුරු
මගෙ කටහඬ අසා ඉන්න
හිතේ තාරුකා කැට ගෙන
බැඳුණු කවක රස බලන්න

මුමුණන තෙපුලක දහසක්
ඔවදන් ඇත කළම්ඹන්න
මිහිරි කවක ඇමුණුනු ගුණ
නිමක් නොමැත කියාගන්න

ලස්සන සඳ සාවිය ලඟ
දිවි බඳුනම මුහුකරන්න
ඉඩක් ඇත්ද මට කියන්න
මට හිමි මල නෙළාගන්න

Comments

Popular posts from this blog

Father's Day 2021