නොමියෙනා මුත් ඒ මතකයන්
නොමියෙනා මුක් ඒ සිහිනයන්
මැරි මැරී උපදින අපේ ජීවිත
පිරෙයිද කවදා සුන්දරත්වයෙන්..

නිදා සිටිනා අපේ ජීවිත
අවදි වේවිද කවදා
ඒ මතකයන් මතින්
ඇවිද යන්නට මදහසින්..

තවත් දවසක් උදා වෙනවා
සුපුරුදු පැතුමන් මතින්
මගේ හදවත් විඩා වෙනවා
එවන් දේ ගැනම සිතමින්..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021