ඔබ ගියා දුර ඈත නොදන්වා ලග සිටි මටද
පුළුවනිද හිනැහෙන්න බලමින් මගේ කදුළු දෙස
නුඹට මදි උනා වත්ද මගෙන් ලද ආදරය
සිතුනේ නැතිද මදකට විමසන්නට මගේ වත

ඔබට මතකද අද වැනිම දවසක
සතුටු උනා මම දිනු ලෙස ලොවම
අද වගෙම මතකයි මටද
නුඹෙ ආදරය දිනු දවස

දිවියේ පලමු වතාවට වින්දෙමි ආදරයේ මිහිර
එකතු කලා ඔබ දිවියට මතකයන් අති සුන්දර
සිතුවේ කෙලෙසකද නුඹ මෙලෙස යන්නට මා හැර
දරා ගන්නේ කෙලෙස මේ විරහව අසුන්දර

නොමදැනේවා කිසි දිනක ඔබට මා විදිනා මේ දුක
නොමදැනේවා මෙවන් දුකක් අන් කිසිවෙකුට
නොමරැදේවා කදුළු කිසිදිනක නුඹේ නෙතු මත
නොමවේවා නුඹට වරදක් කිසි විටෙක

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...