Posts

Showing posts from November, 2012
උදේට කුකුළා අතින් එල්ලගෙන ඔෆිස් එන අපි... හවස ගෙදර යන්නේ වවුලෝ ඇඟේ එල්ලගෙන
මම තාමත් ආසයි එදා වගේම කනට කොඳුරලා හෙමිහිට සිහින් හඬින් මුමුණන .. .. කීං.... .. ඔන්න කියනකොටම.. .... චපස්... ... තෝව මට අහුවෙනකන් තමයි හිටියේ... .. ඩෙංගු මාරාන්තිකයි... ඒ වගේම මාත් එක්ක විසීම තොපිට මාරාන්තිකයි...

__ගොළු හදවත

දුටුව මුල් දිනේම බැඳුනා සෙනෙහෙන් මුළු හදින්ම නුඹේ දෙනුවන් දුටුවනම දොඩමලු උනා මා නෙත් සමග ඔබට නොදැනුනාට මම එන්න ඇති නුඹ පසු පසම නුඹේ සෙවනැල්ලත් සමග පොරබදමින කතාවකට එක් වන්නට සිතුවත් මා සෑම උදෑසනකම එය සිහිනයක් වුනා නුඹ නෙත ගැටෙන සෑම මොහොතකම දරාගත්තේ බොහොම අමාරුවෙන් නුඹයි මගේ පළමු පෙම නුඹ දුටුවාද බියෙන් ගොළු වූ දෙතොල් නුඹට ඇසුනාද වේගවත්ව නැගෙන ලබ් ඩබ් හඬ නුඹත් මා දෙසම හැරි හැරී බැලුවාට මමත් නුඹ මත්තෙම නැහි නැහී උන්නාට තව තවත් ආදරෙන් මා බැඳුනාට නුඹට නොවේ දැනුනේ මගේ ගොලු හදවත කාලය අප අතරින් ගෙවී ගිය සඳ අයිති වෙලා නුඹ ගට ඇති තවෙකෙකුට තනි වෙලා මා ගොළුවූ හදත් සමගම තවත් දන්නේ නෑ නුඹ, මා නුඹට පෙම් කල බව
හරියට වෙලාවට වැඩ කරන්නේ බඩේ ඉන්න පණුවෝ ටික විතරයි.... හරියට වෙලාවට බෙල් එක ගහනවා...

__කොතනද වැරදුනේ

මයිකල් ජැක්සන් හූ කිව්වත් පට්ට ලස්සනයි... අපේ එවුන් හෙන කික් එකේ අහනවා... ඒත්... අපේ එකෙක් හොඳ සින්දුවක් කොච්චර ලස්සනට කිව්වත්.. මෙලෝ රහක් නෑ...

නොසිතූ මොහොතක

සඳ බැස යන්නටත් කලියෙන් ඉර හොරෙන් කරයි එබිකම් දෙකම එක වර පෑව්වාම ඉවරයි ඉතින් මගේ කන්

ගොසිප්

සඳ ඇවිදින් වලාකුලුත් ඈත් මෑත් කර එබී බලයි ඉරට හොරෙන් මට ඉඟි කර කර තරුද ඇවිත් හෙමි හෙමිහිට එබී බලයි අර ඉරට ගොසින් කේලම දී ගිණි තියයිද තව

ආදරේ...

කාටත් හොරෙන් ඇතුලට රිංගලා දිරච්ච ඇඳ පුරා දාඩිය දාගෙන මහන්සිවෙලා හෙව්ව ආදරේ කාටවත් හම්බුනාද මන්දා.... වැරදිලාවත් ගියොත් ඒ පැත්තේ හම්බුනොත් කියනවද ආදරේ...

:O

Image

වරදින තැන්

Image

__අඳුරේ ලොව දකිනා නුඹ වෙනුවෙන්

මුලින්ම මම දුටුවේ නුඹ වර්ශ දෙසහස් අටේ කොල්ලු පිටිය හන්දියේ රැකියාවට ආ දිනේ දෑස අහිමි නුඹ සිටියේ කොට්ටන් ගහ හෙවනේ අද හවසත් මම දුටුවා නුඹේ රුව කලු අම්මේ උදේ ඉඳන් රෑ වෙනතුරු ගහ මුල නුඹ රැක්කේ බඩ ගින්දර නිවාගන්න නුඹේ හා නුඹේ පුතුගේ දෑස නැතත් අම්මේ නුඹේ වෙර වීරිය අගේ අනෙකුන් මෙන් නුඹේ පුතාද අකුරට නුඹ යැව්වේ වසර ගනන් ගෙවී ගියත් නුඹ තාමත් ගහ සෙවනේ වෙනදා වගේම කාගෙත් පිහිටෙන් දිවියම රැකුනේ දින ගෙවිලා ගොස් නුඹේ පුතු හපනෙකු වෙයි අම්මේ එදිනට වත් නුඹේ ඔය බර සැහැල්ලුවෙද අම්මේ.. *කවදා හරි දවසක කොල්ලුපිටිය හන්දියට ගියොත්, බැන්කුව ඉස්සරහා, පාරෙන් අනිත් පැත්තේ තියෙන කොට්ටඹ ගහ යට ඉන්න මේ ඇස් නොපෙනෙන වයසක අම්ම නුඹගේ නෙතටත් අසු වේවි...

__මැශිමක් අවශ්‍යයි

කාමරේ පුරවලා විසිරුණු මගේ කවි සිතිවිලි එකතු කරන්.. දාලා තිබ්බා පස්සේ ගන්නට රිසයිකල් බින් එකට.. අද උදේ ඇහැරිලා බලනකොට මෙන්න තියෙනවා හිස් වෙලා ඒක.. කෝ යකෝ මගේ සිතිවිලි ටික.. අම්මා ගෙනිහින් ඒවා දාලා නගර සභාවේ කුණු ලොරියට.. දැන් ඉතින් කොහොමද වෙන් කරගන්නේ මගේ කවි සිතිලි ටික.. එක එක ඒවා දාලා හදපු කොත්තුවකින් පුළුවනිද වෙන් කරගන්නට දාපු දේවල් වෙන වෙනම.. හම්බ උනොත් ඔබට කොහෙන් හරි එහෙම මැශිමක්.. දෙනවද මටත් දාලා බලන්නට ට්‍රයි එකක්..

සොහොන හන්දිය - 2

කලින් කොටස මිස් උන අය  මෙතනින් බලන්න.. මේ වෙද්දි වෙලාව රෑ දොලහ කිට්ටු කරලා ඇති, බල්ලෝ උඩබුරලන සද්දෙයි, රැහැයියන්ගේ සද්ද, වවුල් බකමූනු සද්ද ඇරුනාම වෙන සද්දෙකට කියලා තිබ්බේ මගේ ඉක්කාවේ සද්දෙයි, අඩි සද්දෙයි විතරයි.... ඉක්කයි මමයි ගාලු ගියා, ඉක්කා තියලා මං ආවා... සිය පාරක් කිව්වත් ඉක්කා නෙමෙයි මාව දාලා ගියේ.. ඔහොම ඉස්සරහට ඇවිදන් යද්දි යාන්තමට වගේ මම දැක්කා පහන් එලියක් වගේ මොකක් හරි සොහොන් පිටියේ ඈත කෙලවර හරියෙන්.. මගේ උසට හැදුන තන කොල / තණ කොල (අකුර ශුවර් නෑ ) අස්සෙන් යන්තම් තමඉ මන් ඔය එලිය දැක්කේ... මට මතක විදියට සොහොන් පිටිය මැද්දෙන් ගියත් දුර මීටර් පන්සීයකට වඩා අඩු උනේ නෑ. මේ වෙලාවට ඉතින් ඕකේ ගානක් නෑ.. මොකෝ වැඩි දුරක් පේනවා කියලයැ.. මෙහෙම වෙලාවට ඉතින් පුරුද්දට වගේ සින්දුවක් කිය කියා තමයි යන්නේ. තව ටිකක් විපරමෙන් බලද්දි මම දැකා ගොක් කොල වාගේ මොනවා හරි ලාවට හමාගෙන ගිය හුලඟට නටනවා.. මම යන පාර වැටිලා තිබ්බෙත් ඔය පේන එලිය පැත්තෙන්. යකාටවත් බය නෑ කිව්වට මගේ හිතටත් පොඩි බයක් නොදැනුනා නෙමෙයි. ආපහු හැරිලා යන්නත් කම්මැලියි.. ඕන මගුලක් කියලා, ඔන්න ඔහේ ඉස්සරහට ඇවිදන් ගියා පුට

සොහොන හන්දිය - 2

ක   කලින් කොටස මිස් උන අය  බලන්න.. මේ වෙද්දි වෙලාව රෑ දොලහ කිට්ටු කරලා ඇති, බල්ලෝ උඩබුරලන සද්දෙයි, රැහැයියන්ගේ සද්ද, වවුල් බකමූනු සද්ද ඇරුනාම වෙන සද්දෙකට කියලා තිබ්බේ මගේ ඉක්කාවේ සද්දෙයි, අඩි සද්දෙයි විතරයි.... ඉක්කයි මමයි ගාලු ගියා, ඉක්කා තියලා මං ආවා... සිය පාරක් කිව්වත් ඉක්කා නෙමෙයි මාව දාලා ගියේ.. ඔහොම ඉස්සරහට ඇවිදන් යද්දි යාන්තමට වගේ මම දැක්කා පහන් එලියක් වගේ මොකක් හරි සොහොන් පිටියේ ඈත කෙලවර හරියෙන්.. මගේ උසට හැදුන තන කොල / තණ කොල (අකුර ශුවර් නෑ ) අස්සෙන් යන්තම් තමඉ මන් ඔය එලිය දැක්කේ... මට මතක විදියට සොහොන් පිටිය මැද්දෙන් ගියත් දුර මීටර් පන්සීයකට වඩා අඩු උනේ නෑ. මේ වෙලාවට ඉතින් ඕකේ ගානක් නෑ.. මොකෝ වැඩි දුරක් පේනවා කියලයැ.. මෙහෙම වෙලාවට ඉතින් පුරුද්දට වගේ සින්දුවක් කිය කියා තමයි යන්නේ. තව ටිකක් විපරමෙන් බලද්දි මම දැකා ගොක් කොල වාගේ මොනවා හරි ලාවට හමාගෙන ගිය හුලඟට නටනවා.. මම යන පාර වැටිලා තිබ්බෙත් ඔය පේන එලිය පැත්තෙන්. යකාටවත් බය නෑ කිව්වට මගේ හිතටත් පොඩි බයක් නොදැනුනා නෙමෙයි. ආපහු හැරිලා යන්නත් කම්මැලියි.. ඕන මගුලක් කියලා, ඔන්න ඔහේ ඉස්සරහට ඇවිදන් ගියා පුටාර්

__ආදරයක් හින්දා

මට ඔයාව දැක්ක ගමන් අනිත් සේරම වැඩ අමතකයි ඔයාට පොඩි වැඩක් සෙට් උන ගමන් මාව අමතකයි
ඥරස්..... ඌහ්.. ... ඇයි යකෝ.. තාත්තාගෙන් වෙලෙනුත් බේරිලා.. වේලපු වෙලාවෙත් බේරිලා.. හුලන් කරපු වෙලාවෙත් බේරිලා... කොටන්න ගෙනියපු මෝලෙනුත් බේරිලා.. ගරපු අම්මාගෙනුත් බේරිලා.. මුට්ටියෙන් මගේ පිඟානටම බෙදිලා... උඹ ආවානේ ඉතින් මගේ දතටම කෙලින්න... අම්මේ.... මේන්... බාගෙට තැම්බුන ගල් කැටයක්.... :(
මම හරි ආසයි හවසට නුවර වැව වටේ ඇවිදින්න යන්න මාලිගාව දිහා දුර ඉඳන් බලාගෙන ඉන්න ඒත් මම ආස නෑ මාලිගාව ඇතුලට ගිහින් වඳින්න මෙතන ඉඳන් බලාගෙන ඉද්දි පේන්නේ කොට සායවල්, සුදු කකුල් විතරයි හිත පොඩ්ඩක් හරි පාලනය කරගන්න පුළුවන් ඒත් මාලිගාවේ ඇතුලට ගිහින් වාඩිවෙලා වඳිනකොට හිත ඇහැ කොහේ යනවද කියලා මමවත් දන්නේ නෑ කොටින්ම එතනට ගිහින් පුරවගන්න වෙන්නේ මහා පව් ගොඩක් මේක බලන උන් කියයි මං මහා පවු කාරයෙක් ලංකාවේ උතුම්ම තැනට අපහාස කලා කියලා ඒත් මම එහෙම කලාද...?
දුටිමි යන්තම් කඩුව හසුරුවන්නට දත් තැනැත්තියක් බිම දමාගෙන මොට කඩුවෙන් කොටනවා තවත් අහිංසක වයසක තැනැත්තියකට

අගක් මුල නැති කතාවක් - 3

ක.. කව්ද ඔය.. අහුනේ හීන් කෙඳිරියයි ලොකු කැස්සකුයි එක්ක... අද එලිවෙනකන් ඉන්න වෙන්නෙ මට මූත් එක්ක තමුසෙට ක්ශය රෝගෙද ඕයි.. අහන්න හිතුනට ඇහුවේ නෑ.. මේක මුගේ ගම නාකිවෙලා හිටියට මොකද මුගේ බැල්ම එච්චර හරි නෑ.. ඒ උනාට මමත් පොඩ්ඩක් සැරෙන් වගේ ඉන්න ඕනේ.. මේ මම... මම එහෙම කිව්වට ඌට ඒක ඇහුනෙත් නෑ හීනෙන් වගේ දොඩවනවා හීනෙන් දොඩවන එක මහ වදයක් ඕයි... අපේ ගෑනි දවසක් මට ඕක කිව්ව හීනෙන්වත් නිදහසේ කතා කරන්න ඉඩක් නැති හැටි.. ඔය නිදහස කියන එක හම්බුනේ සෑහෙන කාලෙකට උඩදිලු හම්බුනා කිව්වට ඕක කොහේ හන්ගලා තියෙනවාද මන්දා.. හැන්ගි මුත්තන් කෙලියේ අපි පොඩි කාලේ මට මතකයි ඒ කාලේ අපේ ගමේ එවුන් එක්ක හරි හරියට විසේ කොලා දැන් කාලේ උන්ට ඕවට වෙලාවක් නෑ... අර වෙලාවල් බලන උන්දැත් ඊයේ පෙරේදා මියදුනානේ උන්දෑගේ පුතා තමයි දැන් වැඩේ කොරන්නේ... ඕකා මහ බොරු කාරයා... ලොකු මේසයක් තියෙද්දි අර යකා පොඩි බන්කුවක ගුලි වෙලා බුදි... එලියේ බන්කුවක් තියෙද්දි බල්ලා ගුලි වෙලා බිම බුදි... හ්ම්ම්... ඕන් එහෙනම් මමත් බුදි..

අගක් මුල නැති කතාවක් - 2

සිගරට් බොන එක මහ නරක පුරුද්දක් පිලිකා හැදෙනවලු ඕයි.. ගුලිවෙලා නිදියන ඌට කෑ ගහලා කියන්න හිතුනා මට ඒත් වැඩක් නෑ... ඌට ඒක හැදුනා කියලා අමුතුවෙන් මොනවා වෙන්නද අඩු ගානේ ඒ ගැන කියලා කීයක් හරි හොයාගන්නවත් පුලුවන් ඔය මීදුම කියන එක... ආහ් මීදුම ගලන වෙලාවට තමයි එයා ආවෙ උනු උනු කෝපි එකක් අරන් එයා ඇඳලා හිටියේ දිගම දිග ගව්මක් මම බය උනා ඒක පෑගිලා වටෙයි කියලත්... ආහ් ඔය ගව්ම අරන් තිබ්බේ ඉරිදා පොලෙන් ඔය පොලට තමයි ගමේ කවුරුත් බඩු ගන්න ආවේ පොල තිබ්බ තැනට පොඩ්ඩක් එහායින් තිබුනා ලොකු තාප්පයක් ඕකේ ලොකුවට ගහලා තිබුනා මෙහි මුත්‍රා කිරීම තහනම් කියලා ඒක මට පේන්නෙම හරියට මෙහි මුත්‍රා කරපන් කියන්න වගේ.. මෙන්න ඒකම ගහලා ඉස්ටේශමෙත් මෙච්චර හොඳ වැසිකිලියක් තියෙද්දි අයි මේ මිනිස්සු ඒකෙ බිත්තියටම ඕක කරන්නේ... ආයෙත් මම ආවා අර කාමරේ දොර ලඟට ආවේ පොඩි කෙඳිරියක් විතරයි.. ඒ කියන්නේ ඌ තාමත් පන පිටින්...

අගක් මුල නැති කතාවක්

වෙලාවා පාන්දර හතරයි තිහයි.. කෝච්චිය නැවැත්තුවා නානුඔය ඉස්ටේසමේ.. මං ආපු කෝච්චිය මාවත් පහු කරන් ගියා මීදුමේම නොපෙනී හූවක් කියාගෙන වේදිකාවේ දෙපැත්ත බැලුවේ කවුරුත් ඉන්නවාද බලන්න ඒත් පේන මානේ කිසි කෙනෙක් නෑ.. සීතලේ ගුලි වෙලා නිදන බලු කුක්කෙක් ඇරුනාම පට්ටම සීතලයි මට දැනුනේ හරියට ෆ්‍රිජ් එකක් ඇතුලේ ඉන්නවා වගෙයි.. ටිකක් දුර වේදිකාව දිගේ ඇවිදන් යද්දි මට හම්බුනා වතුර කරාමයක් ඒකෙන් එන්නෙත් කූල් වතුර... ටිකක් එහායින් පෙනෙන්න තිබුනා මහතුන්ගේ විවේක කාමරය කියලා පොඩි බෝඩ් එකක් ගහපු කාමරයකට ඇතුල් වෙන දොරටුවක්... ඔය දොරටුව අයිනේම වැටිලා තියෙනවා දැක්ක යන්තම් පන අදින, නිවීගෙන යන සිගරට් කොටයක්... ඒ කියන්නේ මම තනි නෑ...

වියපත් වූ පසු

දැරිය නොහැකි බර ඇද්දෙමි දිවිය පුරාවට හෙටක් ගැන අදහසක් නැත අද නින්දට යන මට කොතරම් ගැරහුම් ලැබුනත් සමාජයෙන් මට කිසි තරහක් නම් නෑ නුඹලා ගැන මට වියපත් වෙලා මා සිටිනා ඉසව්වේ ගොදුරක් සොයා දවසම සැරිසැරුවේ බඩගින්නත් වදයක් ලෙස මට සිතුනේ දෙවියන් වුවද නොබලති වියපත් අප දේසේ අඹු දරුවන් රැක්කෙමි මම දිවි පුරාවට ඇති හැකි ලෙසින් සෙත සැදුවෙමි ලක් මවට මම සිටවූ පැල උස ගොස් අහස උසට ගෙඩියක් කඩන් කන්නට වාරුව නැත මෙමට

සොහොන හන්දිය - 1

අපේ ගෙදරට යන පාර තිබුනේ ගමේ සොහොන් පිටිය ලඟින්, ඇත්තම කිව්වොත් ශොර්ට්ම කට් එක තිබ්බේ සොහොන් පිටිය මැදින්.. හවස හයෙන් පස්සේ ඕක මැද්දෙන් ගියොත් ඉතින් ඩෝප් කාරයෙක්, නැත්නම් සතෙක් සිව්පාවෙක්, නැත්නම් ලොකු හදිස්සියකට දුවන හිත හයිය එකෙක්.. කාලෙක ඉඳන් රාත්‍රී කාලෙ එක එක දේවල් ඔතන උනා කියලා කට කතා තියෙනවා... ඇවිදින මලමිණී එහෙම දැකපු උදවියත් හිටියා, වැඩේ කියන්නේ බය වෙන එකා එතනම සිහි නැති වෙලා වැටෙනවා.. ඊට පස්සේ ඌට සිහිය ගත්තේ අහල ගම් හතේම නම් දරා සිටි මණි කට්ටාඬියා කියන ගුරුන්නන්සේ.. ගාල්ලේ කරණ්දෙනිය අවට කරක් ගහපු කෙනෙක් ඉන්නවා නම් උන්දෑ ගැන අහලා ඇහි... ඉතින් සිහිය ආවට පස්සේ ඌට උන් හිටි තැන් මතක නෑ. ඉතින් කොහෙද වෙච්චි දෙයක් දැනගන්නේ.. ඒලෙවල් කරන කාලේ ගෙදරට හොරා වල බහින එක සාමාන්‍ය දෙයක්, ඉතින් ඔහොම කොහේ හරි ගුබ්බෑයමක රින්ගුවාට පස්සේ රෑ වෙන්න කලින් ගෙදර යනවා බොරු.. අන්තිම බින්දුව දක්වාම සටන් කරලා තමයි එන්න වෙන්නේ.. කට්ටියම ෆුට් බයිසිකලෙන් තමයි ගමන.. හෙල්මට් ඕනේ නෑ, ලයිසන් ඕනේ නෑ, වැඩිපුර මගීන් පටවන් ගියා කියලා දඩ ගහන්නේ නෑ... ඔය කොහේ යන අතරවාරෙ පැච් එකක්, චේන් එක කැඩීමක් වගේ අබ

__සත්කාරයට කෙටි වදනක්.

කොළඹ හතේ ලොකු ගෙවල් වල පොහොර කකා හැදෙන, ඉංගිරිසි නම් වලින් හඳුන්වන සුපිරි මල් ගස් වගේම, ඒවා හිටි ගමන් අපිට හම්බෙනවා ගම්මාන වල කලෑවල් ඇතුලේ තිබිලා... හැබැයි ඒවාට පොහොර, වතුර දානේ නෑ කවුරුත්... ඉබේටම හැදෙනවා බොහොම දුප්පත් විදියට... නියන් කාල වලදි යන්තම් තමයි පණ ගැටගහගන්නේ... ඉතින් අපේ මේ වෑයම එවන් මල් පැල කිහිපයකට අපිට හැකි අයුරින් වතුර ටිකක්, පොහොර ටිකක් ගෙනිහින් දාන්නයි.... හෙට දිනයේ සුපිපෙන මලින් ගම රට සුවඳවත් වෙයි... හටගන්නා ගෙඩි වලින් රටට සේවයක් වෙයි... අපේ වෑයමේ සාර්ථකත්වය අපිට දකින්නට නොලැබුනත් වතුරින් පොහොරින් පණ ගහලා නැගිටින පැල දැකලා අපිට සතුටුවෙන්න පුළුවන් අනාගත කාලෙදි ලොකු සේවයක් කරයි කියන බලාපොරොත්තුව උඩ අපි අපේ සත්කාරයට කරගහමු... ඔබ අප කාගේත් ගඩොලින්, බදාමෙන් ඉදිවන රූ පවුලට උනුසුම් සුභපැතුම්... ජයෙන් ජය
කවිකාර හිත ගාව නවතින්න හිතුවාට පව්කාර කම ගාව අසරණයි මගේ හිත දඟකාර ඇස ගාව නතර උනි මගේ සිත නොපෙනෙන්න කිසිවකුට මල්ලක දමා ගුලි කොට විසි කරනු පාර පැත්තට නොපෙනෙන්න කිසිවකුට පාරේ යන ලොරියකට යටවී මැරී යන්නට ඇසුනාට මර හඬ එන්න එපා පාර දිහාවට කියන්නට එපා කිසිවකුට විසිකෙරුවේ නුඹ වග නොපෙනීම කිසිවකුට පාවෙලා යාවි දුර ඈතකට
පුර පෝය දවසකට එන්න සිටියේ අහසට වලාකුලු විත් කලුවට වසා ගති මුලු අහසම ආයෙත් එන්න වෙන්නෑ කාලෙකට පෝය ලබන්නේ එක දවසයි මාසෙකට යන්නට උනි මට නුඹටත් නොකියාම
දුක් බර හීනයක අනන්තය සොයාගෙන ඇවිද ගිය මගේ සිත නතර උනි එක තැනක දැක නුඹේ නෙත් සඟල නැත කිසි විටක පාලුව ඇත හැම විටම ආදරය හඳුනාගතිමි මම ප්‍රේමය ඉන්නට දෙනවාද ටිකක් මට නුඹේ ඔය තුරුලේම

වැලිකන්දේ සෆාරිය අංක 4

ඉතින් දවසම වැලිකන්දේ කැලේ වැස්සේ තෙමි තෙමීම කරක් ගැසූ අපි ජීවාගේ නවාතැන්පලට විත් නාගෙන, කඩිමුඩියේ ලෑස්ති වී දහවල් ආහාරය ගෙන සමුගැනීමේ මොහොත හෙවත් සෆාරියේ දුක්බරම අවස්ථාවට සූදානම් උනා.. ජීවාගේ විතරක් නෙමෙයි අම්මාගෙත් මූන ඇඹුල් වෙලයි තිබුනේ.. හවස හතරයි කාලට තමයි කටුවන්විල සිට වැලිකන්ද බලා ධාවනය වන බස් රථය ඒමට නියමිතව තිබුනේ... ඒලියට බැහැලා සමුගැනීමේ පින්තූරෙට මුහුන දෙන්න අපි සූදානම් වන අතරතුරේ නිලා පොටෝ මැශිම පුටුවක් උඩ තියලා වැඩේට සූදානම් උනා. ඉතින් පොටෝ එක එහෙම අරගෙන අපි පාරට බහින්න සෙට් වෙද්දිම බස් එක ගියයි කියමුකෝ :( ජීවාගේ අදහස නම් උනේ රෑ දොලහේ බස් එකේම අපි පිටත් විය යුතු බව. ඒ දෙන්නාම කමතියි අපි හැමදාම උනත් එහේ ඉන්නවට, ඒත් ඉතින් අපේ ජීවිකාව කරගන්න කොළඹ එන්න එපැයි.. ඇඬූ කඳුලින් ජීවයි අම්මයි බලාගෙන ඉද්දි අපි ඒ දෙන්නාගෙන් සමු අරගෙන ඇවිදින පය දහස් වටී කියලා එන්න පිටත් උනා. තෙත රෙදි නිසා බෑග් එක තවත් බරයි. ඒකටත් හරියන්න මගේ බෑග් එකේ පටිත් කැඩිලානේ තිබුනේ.. අපි ඉතින් ජීවිතේ එක එක දේවල්, විශ්මය ජනක දේවල් එහෙම කතා කර කර කැලේ මැදින් වැටුන පාර දිගේ ඉස්සරහට ඇදුනා.. වැඩි

වැලිකන්දේ සෆාරිය ආංක 3

මට හිටි හැටියේම උවමාම දේ අමතක වීම සාමාන්‍ය දෙයකි.. මනම්පිටිය කියන නම මතක් කර කරම ආවේ ඒකත් අමතක විය හැකි බැවිනි... බස් එකට නැග්ග ගමන් දුටු දේවල් නිසා පොඩ්ඩක් විතර හිත ගැස්සුනා කිව්වොත් මම නිවැරදිය. කොන්දා ලඟටවිත්... අයියේ කොහේටද.. කිව්වාම මම උඩ බිම බැලුවේ බහින තැන මතක් කිරීමටයි... ම මනම්පිටිය හන්දියට.. බහින තැන පොඩ්ඩක් මතක් කරන්න යයි අන්තිමට කිව්වේ මනම් පිටිය සෙවීමට ගූගල් මැප් එක ලඟ නොතිබුනු නිසාවෙනි... මනම්පිටියට කලින් තියෙන නගරය ගැන විමසා ජීවාට යැවූ මැසේජ් එක තාමත් ඩිලිවරි පෙන්ඩින්ය... ජාතික දුරකතන ජාලයේ උන්ගේ අම්මලා තාත්තලාට නියුමෝනියාව නොහැදුනොත් පුතුමය.. බස් එක්ක එන්ටර් වූයේ පට්ට කැලෑවකටයි.. දෙපැත්තේම ගස් වැවී පාර උඩින් වහලක් මෙන් වැසී ඇත.. කොළඹත් මෙහෙම උනා නම් මරු ඇහ්... මම මටම කියාගතිමි... නගර කිහිපයක් පසු කරමින් බසය ඉදිරියට ඇදුනි.. දෙසාට කෙලවෙන්න මට හරියන්න... අප්පටසිරි කස්සාට ඉඳගන්නට සීට් එකක් සෙට් විය.. වාඩි උන ගමන්ම ලන්ග ඉඳපු මාමාගෙන් ඇසුවේ කොහේට වෙනකන් යනවාද කියායි. මාමා: බස් එකද..? මම: නෑ ඔයා.. මාමා: මඩකලපුව හන්දියට මම: මනම්පිටිය හන්දිය කොයි හරියෙද..

වැලිකන්දේ සෆාරිය ආංක 2

දෙසාගෙන් ඇමතුමක් එනතුරු මද වේලාවක් බලාසිටි මම, සිග්නල් ආවරන කලාපයේම දුරකතනය තබා, වැව පැත්තට ගියෙමි. වේලාව උදේ හයයි තිහ පමණ ඇතැයි අනුමාණ කරමි. වැස්ස නිසා වැවේ වතුර මට්ටමටම මීදුම බා තිබුනි. මෙවන් අවස්ථාවක වැවකට බසින්නට තරම් මා පිං කොට තිබුනි. වහා කැමරාව මානා පැනෝරමා දෙක තුනක් ගත් මම, වැව අවට තිබූ ගස් වල, මල් වල පින්තූර කිහිපයක් ලබා ගතිමි.. ඉර දෙවියෝ නම් වඩින්න තියා ඒ ගැන අදහසක් වත් නැති පාටය.. මම එතැන පැය එක හමාරක් වත් ගත කරන්නට ඇත... නැවතත් රාත්‍රී නවාතැන් ගත් නවාතැන්පොල වෙත අකමැත්තෙන් වුවද පිය මැන්නෙමි.. බොහෝ දෙනෙකු සූදානම්ව බස් රථයට ගමන් මලු රැගෙන එමින් සිටියහ... කොහේද මල්ලි ගියේ අන්න උඹේ පෝන් එක කෑගහනවා... මිස් කෝල් බරගනනකි... එස් එම් එස් දෙක තුනක්ද විය... "කෝ යකෝ තෝ... නිලා තාම මග, යනගමන්ලු... " ඒ දෙසාගෙනි.. දෙසාට ඇමතුමක් ගෙන සීන් එක හරිහැටි දැනගතිමි.. ට්‍රින්කෝ යනගමන් සිටි නිලාව පොලොන්නරුවට ගෙන්වා ගැනීමට දෙසා සමත් වී ඇත... පොඩ්ඩක් හිටු තව පාරක් කල්පනා කර බැලිය යුතුය.. ආයෙත් මම සෙට් උනේ වැටක් උඩටය... මුන් එක්ක දුන්හිඳ යනවාද, උන් එක්ක පොලොන්නරු යනවාද... උ

වැලිකන්දේ සෆාරිය ආංක 1

පහුගිය විසිහය වැනිදා දින තුනක විනෝද චාරිකාවක් සඳහා කාර්යාලයේ මිතුරන් සමග යාමට ඔවුන් සියලු කටයුතු සූධානම් කොට තිබුනත් අවසාන මොහොත වන තෙක්ම මාගේ සාහභාගීත්වය තිබුනේ වැට උඩය. උදේ පාන්දරම සගයන්ගේ දුරකතන ඇමතුම් වලින් අඩුවක් නොවූ හෙයින් අතට අසු වූ අඳුම් කිහිපයක් ගමන් මල්ලක ඔබාගෙන ගමන යන්නට සූදානම් උනෙමි. අන්තිම මොහොත දක්වා ගෙදරට නොදන්වා සිටීම බරපතල වැඩ ඇතිව දඬුවම් ලැබිය යුතු වරදකි. හොඳ වෙලාවට ගෙදර සිටියේ අම්මා පමණකි. වෙනදා නොවැඳි වැඳුම් කර කෙසේ හෝ අවසර ලබාගෙන ගෙදරින් පැන ගතිමි. ලාබ බඩු වල හිල් තිබීම සාමාන්‍ය දෙයකි ඒත් සිදු වූයේ නිකන් ලැබුන බෑග් එකේ පටිය ගෙදරින් එලියට බැසීමටත් පෙර කැඩීමය. ආපසු හැරෙන්නට වෙලා නොතිබුනු හෙයින් කෙසේ හෝ කුදලාගෙන ඔෆීසියට ගොඩ වැදුනෙමි. *මෙතනට අදාල නොවන හෙයි කතාවේ මැද කොටස මග හරිමි... දින දෙකක් මහියංගනය ප්‍රදේශයේ නොයෙකුත් තැන් වල සිරි නරඹමින් කාලය ගත කලෙමු.. තුන් වෙනි දින උදේ පාන්දරම පොල් ගෙඩි සයිස් වතුර වැටෙන වරුසාවකි.. හදිසි කටයුත්තක් සඳහා දෙසා පොලොන්නරු ප්‍රදේශයේ සැරිසරන බව ආරංචි වූයේ පෙරදින රාත්‍රියේදීය.. දුරකතනය අතට ගෙන සිග්නල් සොයා දැවන්ත මෙහෙය
විල්ලුව දිගේ මම ඇවිද සෙව්වෙමි නුඹ කොහේදෝ හැන්ගුනේ උන්නු තැන නුඹේ සලකුනක්වත් ඉතිරි කරනම් නෑ අනේ.. කූඩුවත් නෑ ගසත් නෑ අද පළාතම පාලුයි පණේ යන්න හැකිනම් පියඹලා මට නුඹ සොයා එමි මගේ ප්‍රියේ සිහි සුන් වෙලා මම තවම සොයනෙමි මගේ පණ කොහිදෝ අනේ කිව්ව දේ මම අහුවනම් නුඹ අදත් ඇත මගේ කූඩුවේ නුඹ නොමැති ලොව තනි වෙලා කිම මමත් මිය යමි ගං දියේ

කෝ මගේ නින්ද

කෝ මගේ නින්ද නින්ද නෑ මට උන්නු දා නුඹ දෙගොඩ හරියෙත් වැඩ තමයි යන්න ගියදා දාලා ගිය නුඹේ ඇඳුම් තාමත් මගේ ලඟයි දුන්නු සැප මට තවම මතකයි කන්නවත් හිත නෑ තමයි එන්න හැකිනම් ඇවිත් යන්නට නුඹේ සුව මට තාම මතකයි ඇත්තමයි
එදා ගමේ සිටි සුට්ටි කෙල්ලන් ලොකු මහත් වී මොඩ් වෙලා... ඒක විතරද ගමන එහෙමත් එන්න එන්නම පොශ් වෙලා... කලින් දැකලා නැතිව වාගේ මූන ඩින්ගක් ඔරවලා... අඳුන ගන්නට බැරි උනා වද නංගි මම අර ජැක් සනා....
නොසිතූ දවසක නොසිතු මොහොතක නොසිතු අයුරින් හමුවූ ඔබ... මටත් හොරෙන් මගේ හදින් සෙනෙහේ විඳිමින් මගේම වෙලා ඔබ...
ම ම අපේ ජීවිතේ පාට කරනවා හිමි හිමිහිට.. ඔ යා පාට කෑලි එක දෙක විසිකරනවා හිමි හිමිහිට