වැලිකන්දේ සෆාරිය ආංක 3

මට හිටි හැටියේම උවමාම දේ අමතක වීම සාමාන්‍ය දෙයකි.. මනම්පිටිය කියන නම මතක් කර කරම ආවේ ඒකත් අමතක විය හැකි බැවිනි... බස් එකට නැග්ග ගමන් දුටු දේවල් නිසා පොඩ්ඩක් විතර හිත ගැස්සුනා කිව්වොත් මම නිවැරදිය.
කොන්දා ලඟටවිත්... අයියේ කොහේටද.. කිව්වාම මම උඩ බිම බැලුවේ බහින තැන මතක් කිරීමටයි... ම මනම්පිටිය හන්දියට.. බහින තැන පොඩ්ඩක් මතක් කරන්න යයි අන්තිමට කිව්වේ මනම් පිටිය සෙවීමට ගූගල් මැප් එක ලඟ නොතිබුනු නිසාවෙනි...
මනම්පිටියට කලින් තියෙන නගරය ගැන විමසා ජීවාට යැවූ මැසේජ් එක තාමත් ඩිලිවරි පෙන්ඩින්ය... ජාතික දුරකතන ජාලයේ උන්ගේ අම්මලා තාත්තලාට නියුමෝනියාව නොහැදුනොත් පුතුමය..
බස් එක්ක එන්ටර් වූයේ පට්ට කැලෑවකටයි.. දෙපැත්තේම ගස් වැවී පාර උඩින් වහලක් මෙන් වැසී ඇත.. කොළඹත් මෙහෙම උනා නම් මරු ඇහ්... මම මටම කියාගතිමි... නගර කිහිපයක් පසු කරමින් බසය ඉදිරියට ඇදුනි..
දෙසාට කෙලවෙන්න මට හරියන්න... අප්පටසිරි කස්සාට ඉඳගන්නට සීට් එකක් සෙට් විය.. වාඩි උන ගමන්ම ලන්ග ඉඳපු මාමාගෙන් ඇසුවේ කොහේට වෙනකන් යනවාද කියායි.

මාමා: බස් එකද..?
මම: නෑ ඔයා..
මාමා: මඩකලපුව හන්දියට
මම: මනම්පිටිය හන්දිය කොයි හරියෙද..
මාමා: යන්කෝ මම යන්නේත් ඒ පැත්තට...
මම: (හිතින්: දෙසාට කෙල වෙන්න මට හරියන්න වැඩේ ගොඩය) ඒක හොඳයි..

ඊට පස්සේ උන්දෑ ජනේලෙ පැත්තට ඔලුව හරවාගත්තා පමණි.. මම ක්‍රිකට් ගැන, දේශපාලනේ ගැන, එක එක මගුල් කිව්වද ඒ කිසිම දේකට පොර ඉන්ටරෙස්ටින් නැත...
ජීවාගෙන් ඇමතුමක්,

කස්සෝ දැන් කොහේද,
මම: දන්නේ නෑ බන්... සිරිපුර කියල එකක් පහු උනා...
ජීවා:ආහ් එහෙනම් ලඟයි...

මම අන්කල්ට නැවතත් ටෝක් එකක් දැමා...
තව දුරයිද...
අපොයි ඔව්, තව පැය එක හමාරක් වත් යන්න ඕනේ..

"ජීවා දන්න රෙද්ද" මම මටම කියා ගතිමි...

නගර, කැලෑ පසු කරමින් බස් එක ඉස්සරහට යනවා..

මාමා: කොහේටද යන්නේ...
මම: වැලිකන්දට
මාමා: වැලිකන්දේ කොහේද..
මම: යාලුවෙක් ඉන්නවා එහේ ආයුර්වේදේ, එයාව බලන්න
මාමා: මමත් ඒ හරියටම යනවා, මඩකලපු හන්දියෙන් බැහැලා වැලිකන්ද බස් එක ගන්න පුලුවන්...

මාමා හම්බුනේ නැත්නම් මම තවමත් වැලිකන්ද සොයනවා...

මඩකලපු හන්දියෙන් බහිනකොට පට්ට වැස්සකි.. මාමාගෙ කුඩෙන්ම පාරෙන් එහාපැත්තට පැන බස් නැවතුමට ගොඩ උනෙමි.. නොතෙමෙන තැනක් සොයාගැනීමට පට්ට ගේමක් දුන්නේ.. වහලේ හැමතනම හිල්..

ජීවාගේ ඇමතුමක්, කස්සෝ කොහේද,

මම: මඩකලපු හන්දියෙන් බැස්සා

ජීවා: ඔතනින් වැලිකන්ද - කදුරුවෙල බස් එකක නැගපන්.

මම: වැලිකන්දට යන කෙනෙක් හම්බුනා, මම පොර එක්ක සෙට් වෙලා එන්නම්.

ජීවා: හරි පරිස්සමෙන් වර, අරුන් දෙන්නා ආවා, උඹ එනකන් බලන් ඉන්නවා කන්න...

විනාඩි පහලවක් විතර තෙමී නොතෙමී සිට වැලිකන්ද බසයට ගොඩ උනෙමි...

පැය බාගෙකට අදික කාලයක් කැලෑව මැදින් ගමන්කොට වැලිකන්ද බස් නැවතුමට ලඟා උනෙමි, පාර පෙන්වූ මාමාට තුති කොට බස් නැවතුමට ගොඩ උනෙමි...

"ම්ම්හ්.. වැලිකන්ද සොයාගත්තෙමි...."

තඩි ගොම ගොඩවල් දෙකකින් බස් නැවතුම සන්නදද වී තිබුනි.. වැස්සට දියවී දස අත ගලාගොස්ය.. වහා ජීවාට ඇමතුමක් ගත්තෙමි.. පෝන් එක වැඩ නැත, ඊලඟට නිලාටත්, දෙසාටත් ගත්තෙමි.. එකක්වත් වැඩ නැත.. මුන්ගේ අම්මලා තාත්තලා සිහි කරමින් මම වටේ පිටේ කඩයක් වත් ඇත්දැයි සෙව්වේ බඩගින්න ඉවසාගත නොහැකි තැනයි...

ජීවාගෙන් ඇමතුමකි,

මම: මම ස්ටෑන්ඩ් එකේ ඉන්නේ කොහේටද එන්න ඕනේ..
ජීවා: ඔතනින් කටුවන්විල බස් එකේ නැගපන්..
මම: යකෝ තවත් බස් එකක එන්න ඔනේ නෙද... ග්‍ර්....

ජීවා කියූ බස් රථය පැය භාගෙකින් පමණ පැමිනියේය.. බස් එකට ගොඩ වී පැය දෙකක් පමණ තම්බියොන්ගේ දෙමල ටෝක්ස් ඇසීමට සිදුවිය... මේ අතතුරේ කිහිප විටක්ම ජීවාට ජාතිය ඇමතුවේ ඉවසාගත නොහැකි කේන්තිය නිසාවෙනි. ඒ අස්සේ කලවැද්දා " කොහේද හු... ඉන්නේ " මම ඌටත් හොඳ හැටි ඇමතුවේ දරාගන්න බැරි කේන්තියෙනි..

බස් එකට පැමිනි රියදුරා දෙමල රේඩියෝවක් දැම්මේ අලි මදිවට හරක් කියාය..

බස් රතය කටුවන්විල බලා ඇදුනේ අලි වනාන්තර පසු කරමිනි.. ජීවා කෙසේ මේ මහ වනයේ ජීවත් වෙනවාදැයි සිතාගත නොහැක... කිලෝමීටර් බර ගනනක් ගමන් කිරීමෙන් අනතුරුව රියදුරාගේ උපදෙස් මත අවසානයේ ජීවගේ රෝහල සොයාගතිමි... එතකොටත් තද වැස්සේ අඩුවක් නොවීය... ඉස්පිරිතාලය ඉස්සරහට ගොස් වට පිට බැලුවද ජීවෙක් පේන හරියක නැත... ටිකක් දුරින් හූවක් ඇසුනි... මගේ ආදරනීය මිත්‍රයා, කලවැද්දා කුඩයක් ගෙන එනු දැකිම සතුටට කාරනයක් වුවුඅත්, සියලුදෙනාගේම ජාතිය ඇමතුවේ දරගත නොහැකි කේන්තිය නිසාවෙනි.. කෙමෙන් ජීවාගේ නවාතැන වෙත ගියෙමි, කිඹුලා පොතක් කියවමින් සිටි අතර ජීවා සහ අම්මා ඉස්සරහට විත් මාව පිලිගත්තද එකෙකුගේවත් මුහුන නොබැලුවේ කස්සාට යකා වැහී තිබුන නිසාවෙනි...

හ්ම්ම්... පුටුවක් මත ඉඳගත්තේ පට්ට දිග සුසුමක් පිටකරමිනි...

සතුටින් පිරී ඉතිරෙන ජීවාගේ සහ අම්මාගේ ඇස් කඳුලින් පිරී තිබුනේ මා බලාපොරොත්තු නොවූ පරිද්දෙනි..
මගේ කේන්තිය සනෙන් පහව ගියේය, "මගේ අක්කේ අපි උඹව බලන්න ආවා, මගේ හදවත කියූ දේ ඇයට ඇසෙන්නට ඇතැයි සිතමි...
මගේ පොඩි අක්කා බලන්නට තනියම මන්නාරමට බඩගෑහටි මට සිහිපත් විය...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...