__ගොළු හදවත

දුටුව මුල් දිනේම
බැඳුනා සෙනෙහෙන් මුළු හදින්ම
නුඹේ දෙනුවන් දුටුවනම
දොඩමලු උනා මා නෙත් සමග

ඔබට නොදැනුනාට
මම එන්න ඇති නුඹ පසු පසම
නුඹේ සෙවනැල්ලත් සමග
පොරබදමින

කතාවකට එක් වන්නට
සිතුවත් මා සෑම උදෑසනකම
එය සිහිනයක් වුනා නුඹ නෙත ගැටෙන
සෑම මොහොතකම

දරාගත්තේ බොහොම අමාරුවෙන්
නුඹයි මගේ පළමු පෙම
නුඹ දුටුවාද බියෙන් ගොළු වූ දෙතොල්
නුඹට ඇසුනාද වේගවත්ව නැගෙන ලබ් ඩබ් හඬ

නුඹත් මා දෙසම හැරි හැරී බැලුවාට
මමත් නුඹ මත්තෙම නැහි නැහී උන්නාට
තව තවත් ආදරෙන් මා බැඳුනාට
නුඹට නොවේ දැනුනේ මගේ ගොලු හදවත

කාලය අප අතරින් ගෙවී ගිය සඳ
අයිති වෙලා නුඹ ගට ඇති තවෙකෙකුට
තනි වෙලා මා ගොළුවූ හදත් සමගම
තවත් දන්නේ නෑ නුඹ, මා නුඹට පෙම් කල බව

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...