__මැශිමක් අවශ්‍යයි

කාමරේ පුරවලා විසිරුණු
මගේ කවි සිතිවිලි
එකතු කරන්..
දාලා තිබ්බා පස්සේ ගන්නට
රිසයිකල් බින් එකට..
අද උදේ ඇහැරිලා
බලනකොට
මෙන්න තියෙනවා
හිස් වෙලා ඒක..
කෝ යකෝ මගේ
සිතිවිලි ටික..
අම්මා ගෙනිහින් ඒවා දාලා
නගර සභාවේ කුණු ලොරියට..
දැන් ඉතින් කොහොමද
වෙන් කරගන්නේ
මගේ කවි සිතිලි ටික..
එක එක ඒවා දාලා හදපු
කොත්තුවකින්
පුළුවනිද වෙන් කරගන්නට
දාපු දේවල් වෙන වෙනම..
හම්බ උනොත් ඔබට කොහෙන් හරි
එහෙම මැශිමක්..
දෙනවද මටත් දාලා බලන්නට
ට්‍රයි එකක්..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...