මම හරි ආසයි
හවසට නුවර වැව වටේ
ඇවිදින්න යන්න
මාලිගාව දිහා දුර ඉඳන්
බලාගෙන ඉන්න
ඒත් මම ආස නෑ
මාලිගාව ඇතුලට ගිහින්
වඳින්න
මෙතන ඉඳන් බලාගෙන ඉද්දි පේන්නේ
කොට සායවල්, සුදු කකුල් විතරයි

හිත පොඩ්ඩක් හරි
පාලනය කරගන්න පුළුවන්
ඒත් මාලිගාවේ ඇතුලට ගිහින්
වාඩිවෙලා වඳිනකොට
හිත ඇහැ කොහේ යනවද කියලා
මමවත් දන්නේ නෑ
කොටින්ම එතනට ගිහින් පුරවගන්න වෙන්නේ
මහා පව් ගොඩක්
මේක බලන උන් කියයි
මං මහා පවු කාරයෙක්
ලංකාවේ උතුම්ම තැනට
අපහාස කලා කියලා
ඒත් මම එහෙම කලාද...?

Comments

Popular posts from this blog

Father's Day 2021