Thursday, November 8, 2012

සොහොන හන්දිය - 2

 
කලින් කොටස මිස් උන අය  බලන්න..
මේ වෙද්දි වෙලාව රෑ දොලහ කිට්ටු කරලා ඇති, බල්ලෝ උඩබුරලන සද්දෙයි, රැහැයියන්ගේ සද්ද, වවුල් බකමූනු සද්ද ඇරුනාම වෙන සද්දෙකට කියලා තිබ්බේ මගේ ඉක්කාවේ සද්දෙයි, අඩි සද්දෙයි විතරයි....
ඉක්කයි මමයි ගාලු ගියා, ඉක්කා තියලා මං ආවා... සිය පාරක් කිව්වත් ඉක්කා නෙමෙයි මාව දාලා ගියේ..
ඔහොම ඉස්සරහට ඇවිදන් යද්දි යාන්තමට වගේ මම දැක්කා පහන් එලියක් වගේ මොකක් හරි සොහොන් පිටියේ ඈත කෙලවර හරියෙන්.. මගේ උසට හැදුන තන කොල / තණ කොල (අකුර ශුවර් නෑ ) අස්සෙන් යන්තම් තමඉ මන් ඔය එලිය දැක්කේ...
මට මතක විදියට සොහොන් පිටිය මැද්දෙන් ගියත් දුර මීටර් පන්සීයකට වඩා අඩු උනේ නෑ.
මේ වෙලාවට ඉතින් ඕකේ ගානක් නෑ.. මොකෝ වැඩි දුරක් පේනවා කියලයැ..
මෙහෙම වෙලාවට ඉතින් පුරුද්දට වගේ සින්දුවක් කිය කියා තමයි යන්නේ. තව ටිකක් විපරමෙන් බලද්දි මම දැකා ගොක් කොල වාගේ මොනවා හරි ලාවට හමාගෙන ගිය හුලඟට නටනවා..
මම යන පාර වැටිලා තිබ්බෙත් ඔය පේන එලිය පැත්තෙන්.
යකාටවත් බය නෑ කිව්වට මගේ හිතටත් පොඩි බයක් නොදැනුනා නෙමෙයි. ආපහු හැරිලා යන්නත් කම්මැලියි.. ඕන මගුලක් කියලා, ඔන්න ඔහේ ඉස්සරහට ඇවිදන් ගියා පුටාර් එකත් තල්ලු කරගෙන..
අප්පටසිරි ගොක් කොල විතරක් නෙමෙයි තව මොනවා හරි කලු පාටට වගේ යාන්තම් චායාවල් වගයක් හෙලවෙනවත් පේනවා..
පොඩ්ඩක් නැවතිලා බැලුවා මොකද්ද මේ සීන් එක කියලා.. උදලු බිම ගැටෙන සද්දෙට සමාන සද්දයක් යන්තම් ඇහෙනවා...
මට ඔය අස්සේ මතක් උනා අපේ ආච්චි කිව්ව කතාවක් දවසක්, රෑ ජාමෙට මැරිච්ච උන් සොහොන් වලින් නැගිටලා ඇවිත් එක එක සීන් කරන කතාවක්,
උන්දැත් අපිට බත් කවන්නෙ හාර්ට් එක නැවතෙන ගානට බය කරලනේ..
වෙරි මරගාතෙ ඒ මගුලත් මතක් උනානෙ..
දැන් ඉතින් කරන්න දෙයක් නෑ හිත හදාගෙන ඉස්සරහට යනවා ඇරෙන්න..
ඒක නොදැක්කා වගේ අහක බිම බලන් ඉස්සරහට ගියා ටිකක් හයියෙන්...
දැන් නම් උදලු සද්දේ ටිකක් වැඩියෙන් ඇහෙනවා..
අයිනෙ තිබුන ගහකට මුවාවෙලා මම පොඩ්ඩක් බැලුවා.. කලු පාටට මොක්කුද සෙට් එකක් වල හාරනවා හෙන කලබලෙන් වගේ..
මේ නම් ඇවිදින මලමිණීම තමයි..
දැන් නම් මට පොඩ්ඩක් වත් වෙරි නෑ.. මුලු ඇඟම සීතලයි..
එක පාරටම සද්දෙ නැති උනා.. කොයි එකටත් පොඩි වෙලාවක් ඉඳලාම හෙමිහිට ආයෙත් ඔලුව දාලා බැලුවා..
බුදු අම්මේ මෙන්න බොලේ සුදු පාටට මිණියක් කෙලින් වෙලා වල ලඟ...
දැන් නම් වැඩේ දෙල් වෙන්නයි යන්නේ..
බය උන පාරට මගේ අතින් පුටාර් එකත් ඇතෑරුනා.. ඒත් එක්කම මම යාන්තමට වගේ දැකා අර සුදු පාටට පෙනුනමිණිය ආයෙත් වලට වැටෙනවා වගේ නොපෙනී යනවා..
ඒත් එක්කම වගේ කලු පාට උන් සෙට් එක කැලේ කඩාගෙන දුවනවා..
හිත හිතා ඉන්න තරම් වෙලාවක් නෑ මමත් ඊලන්ගට කරන්න ඕන දේ කලා..

No comments:

Post a Comment