Posts

Showing posts from March, 2014

වෙ න ස

ඉස්සර ඔයා කතා කලා මම අහගෙන හිටියා... දැන් මම කතා කරනවා ඔයා ඇහුනේ නෑ වගේ ඉන්නවා
අමතක කරන්නට වෙර දරණ හැමවිට... නැවත නැවතත් එනවා නුඹ මතකයට... ආදරය යනු අමතක නොවෙන පාඩමකි මට... නුඹ රහසේවිත් කියාදුන්නු මගේ ලෝකෙට...
සීමිත හදවත් ගණනක අසීමිතව ආදරය ඉතිරිව ඇත...
හඳට ගල් මුල් ගහපු මිනිසුන් හෙටත් එයි හිරි අරිමිනේ.. මටත් වැඩිපුර නින්ද ගියෝතින් උඹත් ඉවරයි හාමිනේ..
රිදී ජලකඳ ගලා යනු දැක වැව් බැමි තැනූ පැරකුම් ලෙසින්... මහා ජන ගඟ ගලා එනු දැක පොලිස් බැරියර් තනවා ඉදින්... රටේ මහ රජ කියා දස අත ලොකු බැනර් එල්ලා මේ හොරුන්... පතුරවයි අනසක පුරා දෙරණත යොදා හමුදා සොල්දාදුවන්... රටේ කාසිය රටට නොයොදා තමන්ගේ මඩි තර කරන් හැම එකා පරයා තම තමන්ගේ පවුලේ අනසක පතුරවන් අනාගතයක් සුභ කරන්නට රට භාරගත් මේ හොර රජුන් රටෙන් පන්නා දමන්නට එව් වීර සිංහල හෙල පුතුන්
සැලුන් අයියා උනත් හිනාවෙන්නේ කොන්ඩෙ වැවිලා තියෙන උන් එක්ක විතරයි..
පුරවනවා මම වීදුරුව.. හිස්වෙනතුරු හැඟුම් බෝතලය.

ආදරණීය සැමී

Image
අපේ ගමේ ඉස්සර හිටියා පොඩි පවුලක්, අම්මයි, තාත්තයි, පුතයි. පුතාට තිබුනා සනීප කරන්න අමාරු ලෙඩ කිහියපක්, මීමැස්මොරය, අත් දෙකත් කොරවෙලා වගේ, ඇවිදින්නෙත් පොඩ්ඩක් වෙනස් විදියකට. ඉතින් ඒකාලේ පොඩි උන්ගේ හොඳ බයිට් එකක් විදියට තමයි මේ පොඩි එකා හැදුනේ වැඩුනේ. ඒ කොහොම උනත් ඒ අම්මටයි තාත්තටයි තමන්ගේ පුතාව රත්තරං. තාත්තවයි අම්මයි තියාගෙන බයිසිකල් එක පැද්දේ පුලුවන්කමකට නෙමෙයි. ඒ වයසේ ළමයින්ට බයිසිකලයක් තල්ලු කරගෙනවත් යන්න බැරි වයසකදි මේ දරුවා බර දාගෙන බයිසිකලේ වී ටික කොටාගෙන එන්නත් ගියා. ඊට පස්සේ සමහර කාලවලදිත් මම පාරෙදි දැකලා තියෙනවා. කුඹුරු වැඩ පවා කරනවා.. අදරත් කොහේ හරි හොඳින් ඉන්නවා ඇති.. අද සැමීගේ කතාව අහන්න දකින්න ගිය වෙලාවේ, ඒකේ තිබ්බ දසුන් හරහා මම අර මුලින් කිව්ව දරුවා ලඟට මගේ හිත ගියා. දුක, සතුට ප්‍රකාශ කරන විදිය සුපිරි.. සැමීගේ කතාව ඒ තරම් සිත් ඇදගන්නාසුලුයි සහ, චරිතය ඒ තරමටම සාර්තකයි. අපේ ජීවිතේ නොයෙකුත් අවස්තාවල තවත් ඕන තරම් සැමීලා මුණගැහිලා ඇති. ඔබ මොහොතකට සැමීට ඇහුම්කන් දුන්නොත්, ඔබ එවන් මිනිසුන්ට දක්වපු ප්‍රතිචාර ගැන ඔබ දුක්වනවා නොඅනුමානයි... මට දැනුන විදියට සැමී අපිව ජීවිතේ අමුතුම ප