රිදී ජලකඳ ගලා යනු දැක වැව් බැමි තැනූ පැරකුම් ලෙසින්...
මහා ජන ගඟ ගලා එනු දැක පොලිස් බැරියර් තනවා ඉදින්...
රටේ මහ රජ කියා දස අත ලොකු බැනර් එල්ලා මේ හොරුන්...
පතුරවයි අනසක පුරා දෙරණත යොදා හමුදා සොල්දාදුවන්...

රටේ කාසිය රටට නොයොදා තමන්ගේ මඩි තර කරන්
හැම එකා පරයා තම තමන්ගේ පවුලේ අනසක පතුරවන්
අනාගතයක් සුභ කරන්නට රට භාරගත් මේ හොර රජුන්
රටෙන් පන්නා දමන්නට එව් වීර සිංහල හෙල පුතුන්

Comments

Popular posts from this blog

Father's Day 2021