Posts

Showing posts from June, 2014
පොලවේ පය ගැසූ මිනිසුන් පයින්ද... අනෙක් මිනිසුන් අඩි කිහිපයක් උඩින්ද... . ගමනේ යයි.. . ____________ ජීවිතය | Life
සිංහල මුස්ලිම් වෙනම ඇරගන්නවා... . ආණ්ඩුව දෙගොල්ලොන්ටම අරිනවා... _____________ අඩෝ | ඇයිඩෝ
මගේ ජීවිතේ මටත් මගහැරුන තැන් ඇති... නුඹ ඇවිදින් එකිනෙක මතක් කර දෙන හැටි...
උඩට නැග්ගම සමහරු පහල බලන්නේ නෑ.. . එක්කෝ ලොකුකම එක්කෝ මුල අමතක කම.. . ඒත් උඩ බලාගෙනම යද්දි පය ලිස්සලා වැටෙන්න පුලුවන්.. . එතකොට ආයෙත් අතීතෙ මතක් වෙන්න ගන්නවා..
අපි වැඩියෙන්ම කැමති... _____________________ දුක බෙදාගෙන කන්න.. . . සතුට බදාගෙන කන්න...
එකම විදියට ඉපදුනාට.. මැරුනම, සමහරු යන්නෙ අපායට.., සමහරු යන්නෙ දිව්‍ය ලෝකෙට.. සමහරු යන්නෙ නිවන හොයන්.. සමහරු යන්නෙ ස්වර්ගෙට.. සමහරු යන්නෙ අල්ලාහ් දෙවියන් ලඟට..
හොඳ *මල් පිපෙන්නෙම කටු අතුවල එක්කෝ විල් මැද එක්කෝ මහ රෑට.. ඒ ඔක්කොම තියෙන්නෙත් අනුන්ගෙ වතුවල
සැකයක් නැතත් හැරිලා බැලුවේ ඉන්නවද කියලා මගේ *හෙවනැල්ල
අපේ ගෙදර උන් සිංහල කතා කරපු නිසා මමත් සිංහල පුරුදු උනා.. අපේ ගෙදර උන් පන්සල් එක්ක ගිය නිසා මමත් බුද්ධාගම් කාරයෙක් උනා.. අපේ ගෙදර උන් ඉස්කෝලේ යවපු නිසා මම ඉගෙනගත්තා.. ජීවත්වෙන්න ඕන නිසා දැන් රස්සාවක් කරනවා.. වෙන ජාතියක, ආගමක ඉඳලා සිංහල හෝ බෞද්ධ උන එකෙක් ඇරෙන්න, අවබෝධෙකින් මේ දේවල් කරපු එකෙක් ඇති කියලා මං හිතන්නේ නෑ..
හම්බෙන තුරු දවසේ සලාකය.. උඩබලියගෙන ඉන්නවා කූඩුව ඇතුලේ.. බලු උන සිංහයා... ඒත් ගෙරවිල්ලේ නම් අඩුවක් නෑ... මොකද ඌ සිංහයානේ.. කොඩියේ ඉන්න එකාගෙන් ඉල්ලගෙන කඩුව... කොටාපන් සනුහරේටම කොඩියට මුවාවී ජාතියට අකුල් හෙලන
අපි ජීවත් වෙන්නේ බඩගිණ්න විකුණලා ලැම්බෝගිනි ගෙන්නන රටක... අපි බඩ ගැන නොහිතන ජාතියක්.... හුහ්..

වාසිටි

අවුට්පුට් එක චාටර් උනාට . ඉන්පුට් එක හෙන මාකට්
වහසි බස් දී දුන්නේ උඩගෙඩි.. ගල් මුල් වැදී පැලුනේ ඔලුගෙඩි.. පාදලා බැලුවොත් ඔය ඇස්ගෙඩි.. වැඩකරයි මතු නුඹලාගේ මොලගෙඩි..
අපේ ප්‍රශ්න විසඳන්නට දෙවියන් බුදුන් වඩින්නේ නැත.. ඇත්තේ ධර්මයම පමණකි... අපේ ආයුධයද, පලිහද එයයි.. අපි සටන් වැදිය යුත්තේ අප සමගම මිස අන් අය සමග නොවේ.. මන්දයත් අප ජයගතයුත්තේ සසර මග කෙලවර නිසාවෙනි.. අන් ආගමික සොයුරණි, නුඹලා අදහන ආගමක දහමකට අනුව සැනසුම නුඹලා ලබාගන්න.. බෞද්ධ ආගමික සොයුරණි, අපි අපේ දහම රැකගමු... වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැත..
ඉස්සර . පොඩි පින්නටත් ලෙඩ උනාට . දැන් . මහ වැස්සටත් බය නෑ මං ඔයා ලඟ ඉන්න නිසා
ඉස්සර මං හඬ කැවීම් ශිල්පියෙක් . දැන් රංගන ශිල්පියෙක් . ජීවිත වේදිකාවේ
එකම පොලවෙන් ඇහිඳ ගල් කැට දෙකට බෙදිලා දීලා ගුටි බැට.. බිමට වැටිලා ලේ කඳුලු කැට කැට එකතුවී ගඟ ගැලුවේ පහලට.. එකතුවී ගොඩනැගුවේ මේ රට බෙදාගන්නද තුනට හතරට.. හෙට දිනට උපදිනා මිණිකැට ගුණමදව නොමවේද ගල්කැට..
බේරුවල අලුත්ගම රත්තරංලා... වෙල්ගමලා කෝ... ඔය පැත්තේ හැම ගෙදරකම වගේ පින්තූර එල්ලගෙන, මල් තියලා වඳින්නේ නැති එක විතරයි... දෙපැත්තේම ඡන්ද ටික ඕන නිසා කට්ටිය මිසින්ග් වෙලා ඉන්නේ... හොඳ වැඩේ බොලාට...
නලුවෝ - ගැලරියේ ප්‍රේක්ෂකයෝ - වේදිකාවේ ________ $
අපේ සීනි කූඹි කද්දි, අනුන්ගෙ සීනි කිරන ජාතියක් අපි

සාගරිකා

ගමන අතරමග දෙදෙන පෙම් පලහිලව්වක... එකට ගැටෙන මංගල මුදු වෙනම පටලැවිල්ලක..
දුකට වාගෙම සතුටටත් ඉඳහිට ඇසෙන් කඳුලැලි පිටවෙනා හින්දා.. සතුට දුක මම එදා වාගෙම දොසක් නෑරම විඳවනා හින්දා.... හදෙහි කොතැනක හෝ හිඳින නුඹ මගෙමයැයි මට හැඟෙන හින්දා... ආයෙත් අදත් මම නුඹට හොරැහින් ආදරෙන් යලි නලල ඉම්බා...

ජී වි ත ය | L I F E

පදේ මොක උනත් නටන්නේ එකම නැටුම ඒත් රිදම් එක පොඩ්ඩක් වෙනස්
අතීතය සතුටු උනත් දුක උනත් ගණුදෙනු කරන්නේ කඳුලු එක්ක