එකම පොලවෙන් ඇහිඳ ගල් කැට
දෙකට බෙදිලා දීලා ගුටි බැට..

බිමට වැටිලා ලේ කඳුලු කැට කැට
එකතුවී ගඟ ගැලුවේ පහලට..

එකතුවී ගොඩනැගුවේ මේ රට
බෙදාගන්නද තුනට හතරට..

හෙට දිනට උපදිනා මිණිකැට
ගුණමදව නොමවේද ගල්කැට..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021