Posts

Showing posts from December, 2013
මම දන්නේ නැතිවග ඔයා දන්නවද කියලා මම දන්නේ නෑ ඔයා දන්නේ නැතිවග මම දන්නවද කියලා ඔයා දන්නේ නෑ
දස මාසයක් කුසේ තියන් හැමදේම නුඹත් සමග බෙදාහදාගත් අම්මාට මෙලොව එලිය දකින්නටත් මත්තෙන් උපන් ගෙයිම නුඹගේ නික්ම යාම නුඹැ දෑතට වඩින තෙක් නොයිවසිල්ලෙන් බලාසිටින ඇයට මම කොහොමද පැහැදිලිකරදෙන්නේ පුතේ...
Everyone likes to successors stories… But I like to read failures stories… Because I can learn something from week points of them.
කාලය ගෙවී ගිහින් නුඹටත් මටත් හොරෙන්... මම නැවතුනත් එතනින්... බොහෝ දුර නුඹ ගොසින්...
ඔයා යන්න ඕන කරන හේතු හොයාගනිද්දි... මම ඉන්න ඕන කරන හේතු හොයාගත්තා... අවසානේ ඔයා ගියා මම නැවතුනා
ඔයා මට ගොඩක් දේවල් මතක් කරලා දුන්නා... ඔයා මාව අමතක කලාට පස්සේ....
කතා කරලා ආදරේ ගැන වඩා ඕනෑවට.. මගහැරිලා දේවල් මට ඕසෙට.. —
මලේ වටිනකම, ලස්සන තියෙන්නේ අතුඅග තියෙනකම් විතරයි.. මලක් නෙලීමෙන් අප කරනුයේ යම් ආකාරයක ගබ්සාවක් නොවෙද..
මම බලා උන්නේ පුර පෝය දින එනකන්... නුඹ බලා උන්නේ අමාවක දින එනකන්...
හඳ දිහා බලන් කවි කල වරදට... මෙන්න හැදිලා අතපුරා කරගැට....
එයා දැන් හුඟක් වෙනස්වෙලා...
හඳේ හාවටත් ඉරට මාරුවීමක් ලැබිලා....
ඔයාට මගහැරුන දේවල් අතර මමත් ඉඳලා...
සොරි සොරි.... අමතකවෙලා ස්විච් එක දැම්මේ... ____________________ හපොයි මෙහෙමත් ටියුබ්ලයිට්
ලොකෙ රවුම් නම් ඇයි අපිව හැලෙන්නෙ නැත්තේ... මුහුදේ වතුර ඇයි හැලෙන්නේ නැත්තේ... රෑට තියෙන තරූ දවල්ට මොකද නැත්තේ... සමහර දවසට හඳේ කෑලි අඩු ඇයි... රේඩියෝ එකේ රූප පේන්නේ නැත්තේ ඇයි... මම තාත්තගෙන් අහපු දාහක් ගොන් ප්‍රශ්න අතරින් කීපයක් ඒ.. තාත්තටත් නොපෙනෙන කොයිතරම් නම් දේවල්, මාව කරේ තියන් මට පෙන්නලා ඇත්ද.. කොච්චර බඩගිණි තිබ්බත්, මම කන්න ආස දේවල් අරන්දීලා, මං කන දිහා බලන් ඉඳලා සතුටුවෙලා ඇත්ද.. තාත්තටත් යන්න බැරි උන් කොච්චරක් නම් තැන් වල මාව යවලා ඇත්ද... ඒකාලේ මට කියලා දීපු ජාතියේ මිනිස්සු මම දැක්කේ එදා විතරයි තාත්තේ.. ලෝකේ කැරකෙනවා තමයි.. ඒත් ඇයි අපිත් කැරකෙන්නේ..
ඔයා මට ගොඩක් දේවල් මතක් කරලා දුන්නා... ඔයා මාව අමතක කලාට පස්සේ....
අපි ජීවිතේ කීවතාවක් අලුතෙන් පටන්ගෙන ඇතිද... එක ජීවිතයක් ඇතුලේ ජීවිත කතා ගොඩක්... හරියට කෙටිකතා පොතක් වගේ.. එක එක ජාතියෙ කතා.. ගොඩක් ඒවගේ අවසානය දුකක්.. සතුටින් කෙලවරවුන කතාවක් උනත් අවසානයේ ඉතිරිකරන්නේ දුකක්.. සාරාංශය ගත්තොත් ජීවිතේ කියන්නේ දුකක්...
ඇති නැති බේදයකින් තොරව අපි කවුරුත් කරන දෙයක් තමයි අනුන්ගේ බත් පත දිහා බලන එක... ඒකයි තමන්ගේ එකයි සන්සන්දනය කරන එක... මේ තියරිය හැමදේකටම වගේ පොදුයි...
මම ආයෙත් දවසක එනවා විල්ලුවට... පොප්ලර් ගස් මියදිලා ඇති... තණ පිටියේ ගෙවල් හැදිලා ඇති.. දොල පාර හරහා පාලම් හැදිලා ඇති... ඒත් අපේ මතක දලුලමින් ඇති... නේද අල්තිනායි..
හීනියට කඩලා හීනියට ඔතලා හීනියට ඇදලා පැත්තකින් වාඩි උන ගමන් ගිහින්ලු පැය ගානක්.. ඒත් තාම මං පටන්ගත්තු තැනමයි...
ආදරය කියන්නේ ගීතයක් නම්... ඔබ එහි පදරචනයද... ඔහු \ ඇය එහි තනුව විය යුතුයි.. එ දෙකෙහි නිවැරදි සමිශ්‍රනය මත ගීතයේ සාර්තකත්වය රඳාපවතියි...
පායපු හඳෙන් කුමටද අහස පුරා කලු වලාකුලු නම්
අද 2013 අන්තිම 1වෙනි දවස... මේ අවුරුද්දේ අකවුන්ට් බැලන්ස් කරන්න මාසයක්ම තියෙනවා.. දුක සතුට ගිණුම්ගත කරලා.. සතුට බැලන්ස් එක විතරක් ඉස්සරහට ගෙනියන්න.. ඉගෙනගත් පාඩම්, වත්කම් ගිණුමකට දාලා තියාගන්න...
මට ආසයි  ආදරේ කරන්න, ඇබ්බැහිවෙන්න...
මගේ හිත  කෝලම් මඩුවක්.. ඔයා  හිතේ හැටියට රඟපු...
නාමල් අයියේ.. අපිටත් පොඩි චාන්ස් එකක් දෙන්න CNR එකේ වැලි කොට්ටෙකටවත් ඉන්න..
ටිකෙන් ටික අපි ගිහින් හුඟක් දුර... විටෙන් විට හමුවුනත් ගල් පර... ටිකෙන් ටික ඈත් වන බව මා මගහැර... දැනුනේ මට හුඟක් ඉස්සර... බිව්වත් බෙහෙත් හොරෙන් උගුරට... කටට දැනෙනා තිත්ත රසත් අමතක කර... හිනැහුනා අපි අපේ සිත්වලටම හොරකර... එදා ආදරේ මේකයැයි කී ඔබම අද කියනවා ඒක නෙමෙයි මේක බව... මම තාම හොයනවා හරියටම කෝකද වග... වැටහුනොත් කියනවද කාටත් හොරෙන් මට.. ආදරේ මොනවගේද කියන වග...