Posts

Showing posts from January, 2012

වර්තමාන වලව් පරම්පරාව.....

__උදේ මම:- (වෙලාව 9:15යි ) හෙලෝ සර්... මම අද වැඩට එන්න පොඩ්ඩක් පරක්කු උනා... සර්:- ඇයි ඒ... බලනවා දැන් වෙලාව කියද...? බ්ලා... බ්ලා... බ්ලා... __හවස මම:- රින්ගින්ග්..... රින්ගින්ග්.... රින්ගින්ග්..... යකෝ මූ නෙමෙයි පොන් එකට ආන්සර් කරන්නේ...... (වෙලාව 11යි ) ඉතින් දැම්මා එස් එම් එස් එකක්.... සර් වැඩ ටික ඔක්කෝම ඕකේ, මම ගෙදර යනවා.. .. .. .. .. නෝ රිප්ලයි... .. .. ඔන්න ඕකයි තත්වේ.

__බව්වා ශොප් එකකට ගියෙමි.

ඇයි යකෝ බල්ලොන්ගේ ගනන්.... චූටිම එවුනුත් හෙන ගනන්.....

__කොටු.

ගැහැණු ළමයි පොඩි කාලෙදි පනිනවා..... පිරිමි ළමයි ලොකු කාලෙදි පනිනවා......

__දෙවන ලෝක යුද්දෙට දෙවෙනි නෑ.

දන්න සෙල්ලම් ඔක්කෝම දාලා... ලොකු සටනක් කරලා... හෙන සෙට් එකක් මරලා දැම්මා.... . එකෙක් වත් සද්ද නෑ.... ඉතින්... මම හිතුවේ ගේම මම දින්නා කියලා.... කිසිම හැල හොල්මනක් නෑ....... පොඩි වෙලාවයි ගියේ.... මෙන්න බොලේ මේක ආරංචි වෙලා..... තවත් සෙට් එකක් ගේම ඉල්ලන්න ඇවිත්.... දැන් ඉතින්........ නෙට් එකේ පිහිට තමයි...

රෝස මලයි - කළු දෙබරයි

දුටුවාද පැද්දෙන වැටකෙයියා පඳුරු... සුළන් පොදක් නැති ගොම්මන් යාමෙක... වෙරල ඉමේ ඇවිදන් යන විට.... ඇසුනද කළු දෙබරුන් රොන් උරනා හඬ... මෑත් කොට බැලීමි අත්තේ කෙලවර... මතකය දිව ගියා නොදුරු අතීතෙට... ස්ටේසම ලඟදි මට ගස්සාගෙන ගිය... රෝස මල මෙන්න පෙති ගලවාගෙන... මලක මෙලෙක දැක බොලඳ වූ මෙමට.. මේකත් හොඳ පාඩමකි හිතුනා මෙමට.. කළු දෙබරා සිනා වෙයි ඉතින් කින්ඬියට.. දෙන්න හිතුනා උගෙ දත් ටික බඩට යන්නට..
දනෙන දුකෙන් බිඳක්.. කියන්නට සිතෙයි කවියක් කර.... ඒත් ඉතින් කෙසේ ඇසෙන්නද නුඹට.... මා හැර ගොසින් නුඹ... කිසිදා ලං වීමට වත් නොහැකි... අන් සතු ලෝකයකට..... අප දෙදෙන පමනක් සිටි අපේ ලෝකය.... මටත් නොකියා නුඹ හැර ගිය අපූරුව... තවමත් හඬා වැලපෙනවා ප්‍රියේ... නුඹ පාරවා ගිය මගේ හදවත.... මා අද තනිවෙලා... මතකයන් අතරම...
මිරිඟුව නුඹ යැයි සිත මගෙන් ඇහුවාම මට හිතුනා එකවරම සිතද මෝඩයා මමද...?

රටක් අදුරන 'නන්දා මාලිනී' මහත්මිය

අගමැතිවරයා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඈ නන්දා මාලිනීය. වාරය පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්‍රෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවක් තවරාගෙනය. බොහෝ දෙනෙක් සිතුවේ ඈ බොදු ගීතයක් ගයනු ඇති බවය. එනම...ුත් බොදු ගීතයට පෙර ඈ සිය ජීවන ගීතය මෙසේ ගැයුවාය. කොටහේනේ හැට දෙකේ වත්ත මගේ ගම. උප්පත්තියෙන්ම මට උරුම වෙලා තිබුණේ දුප්පත්කම විතරයි. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක්. පුංචි කා‍ලේ අපට කන්න අඳින්න නැති වුණාම දීපදුත්තමාරාමයේ නායක හාමුදුරුවෝ අපට උදව් කළ හැටි මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මේ කතාව අසාගෙන් හුන් අගමැතිවරයා කම්මු‍ලේ අත තියා ගත්තේය. සම්භාවනීය අමුත්තෝ මුව නොපියා නන්දා මාලිනිය දෙස බැලුවේ විශ්මයෙනි. ගී ලොව මිණි කිරුළ දරා සිටින ඈ මුඩුක්කුවක උපත ලැබුවායි අසන්නට ලැබිම ඔවුන් විශ්මයට පත් කැරන්නට ඇත. හැරත් ඒ කතාව නොබියව කීමට තරම් නන්දා මාලිනියට මේ සා ආත්ම ශක්තියක් නිහතමානීකමත් ලැබුණේ කොහොමදැයි අමුත්තෝ කල්පනා කරන්නට ඇත. අපේ කල්පනාවේ හැටියට නන්දා මාලිනියගේ මධුර ස්වරයෙන් ගයන ගී අස

__අපේ කාලේ මල්.

මල් කඩන්න තමයි හැමෝම කැමති..... ඒත්, මල් වවන්න කැමති කව්ද.....?

__වාහන පන්තිය සහ ගැහණු පන්තිය.

වාහනේ හැටියට තමයි.... ඉතින්... අනිත් සීට් එකේ එක්කෙනත්.....

__කසාදේ.

මීට පස්සේ මාත් එක්ක විතරයි ඈහ්......

__රහසින් ඇවිත්

මා වෙනුවෙන් නැතත් නුඹේ හදවතේ ඉඩක් නුඹ වෙනුවෙන් තවත් පූදී පැතුම් මල් මිටක් දැනෙනවා මහ දුකක් රිදෙනවා මගේ හදත් හැර ගියා නුඹ මමත් මුලු හදින් පෙම් කලත් ලොවට රහසින් උනත් පෙම් කලා අපි කලක් අතීතය සුන්ඳර උනත් මතකයක් පමණයි එයත්

එකම සිහිනයක්

මටද නුඹ එකම සිහිනයක් නුඹ කොතෙක් සායම් කලත් සැමදිනම එක ලෙස දුටුවත් නැහැ නොවෙද එහි කිසිම පාටක් ඔව් ඉතින් නුඹ තවත් තරුවක් නොවුනේ ඇයිද සඳවතක් අහසෙහි ඇත තරු කෝටියක් සොයනු කෙලෙසක වෙනස් තරුවක් නුඹ නමින් පිදුවෙමි මලක් එමල පමනක් රැඳි පුදසුනක් කාටවත් එය නොපෙනුනත් සුවඳ වූ නුඹ දනී තවමත් ගතින් දුර ඈතක ගියත් සිත අමතක විය මටත් දුටුවෙහිද එය නුඹ වත් අවසර ඇතිද ඉන්නට තවත්...
මමත් කොම්පියුටර් එකක් උනා නම්, ෆොර්මැට් කරලා, ඕ එස් එකයි, ඩ්‍රයිවර්ස් ටිකයි, සොෆ්ට්වෙයාර් තිකයි අළුතෙන් ගහලා, අළුතෙන් පටන් ගන්න තිබ්බා ජීවිතේ..... බැරි බව දැන දැනම ඒකම කියන්න එපා අනේ....
මමත් කොම්පියුටර් එකක් උනා නම්, ෆොර්මැට් කරලා, ඕ එස් එකයි, ඩ්‍රයිවර්ස් ටිකයි, සොෆ්ට්වෙයාර් තිකයි අළුතෙන් ගහලා, අළුතෙන් පටන් ගන්න තිබ්බා ජීවිතේ..... බැරි බව දැන දැනම ඒකම කියන්න එපා අනේ....
දාලා හැට හතර මායම්... දාලා හොඳ හොඳ සෙල්ලම්.... වෙමින් සැමටම කෝලම්... පාරේ යයි මල හොල්මන්... ටොක් ටොක් සද්දෙටයි ගමන්.. ඇඟෙන් බාගයක්ම ඕපන්.. හැරි හැරී බලයි ඉතින් කොල්ලන්.. කෙල්ලටත් ඉතින් මාර ෆන්.
දාලා හැට හතර මායම්... දාලා හොඳ හොඳ සෙල්ලම්.... වෙමින් සැමටම කෝලම්... පාරේ යයි මල හොල්මන්... ටොක් ටොක් සද්දෙටයි ගමන්.. ඇඟෙන් බාගයක්ම ඕපන්.. හැරි හැරී බලයි ඉතින් කොල්ලන්.. කෙල්ලටත් ඉතින් මාර ෆන්.
දාලා හැට හතර මායම්... දාලා හොඳ හොඳ සෙල්ලම්.... වෙමින් සැමටම කෝලම්... පාරේ යයි මල හොල්මන්... ටොක් ටොක් සද්දෙටයි ගමන්.. ඇඟෙන් බාගයක්ම ඕපන්.. හැරි හැරී බලයි ඉතින් කොල්ලන්.. කෙල්ලටත් ඉතින් මාර ෆන්.

__රම්බරී

දුන්නේ නැත්තන් එදා උඹ නොම්ඹරේ... බලන්න වෙන්නේ නෑ අද මට උඹේ ගැම්බරේ....
දැනෙන පාලුව වැඩියි.. සිත දස අත දුවයි.. සැනසිල්ල බෝ දුරයි... දුක නිතර තුරුළු වෙයි... වසන්තය අවසානයි... සතුටු මල් නොපූදියි... කඳුල නුඹ මා ලඟම ඇයි.... සතුට නුඹ මා හැර දුවයි...
හදිස්සිවෙලා ගන්න සමහරක් තීරන නිසා නිවී සැනසිල්ලේ සෑහෙන්න කාලයක් තිස්සේ විඳවන්න වෙනවා...

හැමදාම හඬ සිත හදන්න....

හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නැහැනේ.... කවුරුවත් එපා ඔබ හැරුනම සිත රිදුනාවේ.. ඉස්සරවගෙ හීනෙන්වත් දැන් එන්නැහනේ... මට විතරද දුක දැනෙන්නේ මං දන්නැනැහැනේ... සඳ මඩලා උපමා කර කවි ලියු කාලේ... කාගෙත් දුක දැනෙනා හිතක් ඔබ සතු වූයේ... කඳුළු ගලා ඔබ අද මට හිනැහෙනවානේ... ඔබවම සිත පතනා කරුන මං දන්නැහැනේ.. හැමදාම හඬන සිත හදන්න... නෙතු තෙමුනා මගේ මතකෙට ඔබ එන ගානේ තාම හිතේ ඔබ හැරුනම කවුරුත් නැහැනේ අද නැති මුත් ලඟ හිටි දා හිත හැදුවානේ.. හිත මේ තරමට අසරණ ඔබ හන්දා නේ.. හැමදාම හඬන සිත හදන්න..... හැමදාම හඬන සිත හදන්න
ඕ ඩී සී... බැල්කනි.. බොක්ස්... .. .. දැන් කොතනින් ඉඳ ගත්තමද ෆිල්ම් එක හොඳට බලන්න පුළුවන්...__kaZza~"~
ඕ ඩී සී... බැල්කනි.. බොක්ස්... .. .. දැන් කොතනින් ඉඳ ගත්තමද ෆිල්ම් එක හොඳට බලන්න පුළුවන්...__kaZza~"~

__හිතට දැනුනු ඔබේ ආදරේ.

ඔයාව මම අඳුනගෙන බොහොම ටික කාලයයි... ආදරෙයි කිය කිය එවපු එස් එම් එස් ගනන සියයකට වැඩියි... දවසකට පැය කීයක් කතා කලාද... ගන්න සොච්චමෙන් කීයක් නම් ඔයාට වියදම් කලාද...... .. .. දැන් ඒ බර වෙන එකෙක් අදිනවා.... .. .. මගේ අම්මව මම ඉපදුන දවසේ ඉඳන් දන්නවා... ඒත් එයා ආදරේ ගැන එස් එම් එස් එවන්නේ නෑ... පැය ගනන් පෝන් එකෙන් කතා කරන්නේ නෑ... මගේ පඩිය ගැන අහන්නේවත් නෑ.... ඒත් එයාගෙ ආදරේ වෙනදටත් වැඩියෙන් මට දැනෙනවා...__kaZza~"~
ඇසට ගලන කඳුලු හෙමිහිට පිසින් දැනෙන දුක ලෝකයාගෙන් සඟවන් සිනාසී හිඳිනු මැන පෙර ලෙසින් සැමදේ වෙන්නේ හොඳට යයි සිතමින්
ඇසට ගලන කඳුලු හෙමිහිට පිසින් දැනෙන දුක ලෝකයාගෙන් සඟවන් සිනාසී හිඳිනු මැන පෙර ලෙසින් සැමදේ වෙන්නේ හොඳට යයි සිතමින්
මා වෙත නොආවත් නුඹ පෙර ලෙසේ සොයන්නේ නුඹවමයි දෙනෙත් මගේ සිහිනෙන් වත් නොපෙනෙයි නුඹ සොඳුරේ ගෙවූ අතීතයද මතකයන් අතරින් දිය වේ..
ලස්සනයිද අළුත් ජීවිතේ.... සුන්ඳරයිද අළුත් ආදරේ.... නැහැ නේද මා නුඹ මතකේ.... කෙටි කාලීන වෙයි සැමදේ....

රීමික්ස් ජීවිතේ

දුක සතුට රීමික්ස් වෙයි ජීවිතයේ එක එක විදියට නමෙන්න හොඳ නෑ අපි එක එකා කියන විදියට විඳගන්නයි ඔනේ මේ ජීවිතේ හිතේ හැටියට ඉවසපන් නංගියේ තව බොහෝ දේ ඇත ඉදිරියට

මා දුටු ජීවිතය

අපි ආස කරන හැම දෙයක්ම අපිට ලැබෙන්න්ත් නෑ... කිසිම දෙයක් නොලැබී යන්නෙත් නෑ.... නිකන් ලබෙනකන් බලා හිටියොත් කිසිම දෙයක් ලැබෙන්නෙත් නෑ... දෙයක් වෙනුවෙන් ගන්න මහන්සියක් අපතේ යන්නෙත් නෑ...

__මල්ල.

ලිහලා බලන්න තියෙන බයට ඔබ.. ඔබ.. ඔබ.. ඔබ.. ඔබ.. ඔබ.. හිටියා මදැයි.... අන්න.... වෙන එකෙක් ලිහගෙනලු.....
දිය පොදක් වත් නැතිව පිපාසයෙන් දසත දිව ගිය හිත් පොඩියට... මිරිඟුව උනත් නොවේවිද මහ මෙරක්.....

__අනේද කියන්නේ.

අනේ බන්.. උඹ මගේ කකුල හැපුවා කියලා ඉතින් මමත් උඹේ කකුල හපන්නද.... හැබැයි සුදෝ, දඩාවතේ යන වෙලාවක අහු වෙනව නෙමෙයි... කඩනවා අඬු...

__සිතිවිල්ල.

හැමෝම ලස්සනට ඇඳලා... මුහුණු ලස්සන හිනාවෙන් පිරිලා... සුභ පැතුම් ඇහෙනවා හැම පැත්තෙන්ම.... හැමදාම අවුරුද්දේ පලවෙනි දවස වෙනවනම්.... නෑ... නෑ... ඒ සතුට හැමදාටමත් තියෙයි.... අවුරුදු තියෙන්නේ වෙන කොහේවත් නෙමෙයි... තමුන්ගේ හිතේ..... තමුන්ගෙ හිත සතුටින් තියන එක වගේම, අනිත් අයටත් සතුටින් ඉන්න උදව් කරන එක ඉතින්, තමුන්ගෙ යුතුකම....

වෙන් වී දැන් යන්න ඉතින්...

වෙන් වී දැන් යන්න ඉතින් වෙන්වී යන්නම ඔනේ නම් කීරි ගහෙයි හඬන සුසුම් ඉවසුම් නෑ මේ පපුවට දැන් මා වෙනුවෙන් මැව්ව සෙනේ - රහසේම කාටද පුදා වෙන් වී දැන් යන්න ඉතින් වෙන්වී යන්නම ඔනේ නම් මගේ සිහිනේ ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පියමැන්නේ... පෙම් පහසේ වෙලී ඉඳලා කෙලෙසද ඔබ මා හැර යන්නේ... සෙනහ්සින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා අද මෙසේ වෙන් වෙලා මා දවා යයි ඔයා.... පෙම් සිහිනේ දුක රන්ඳා... ගියාට කම් නෑ සතුට සොයා.. මගෙ සිහිනේ සිහි වේ නම් කවදා හෝ හරි එන්න සොයා... සෙනහ්සින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා අද මෙසේ වෙන් වෙලා මා දවා යයි ඔයා.... වෙන් වී දැන් යන්න ඉතින් වෙන්වී යන්නම ඔනේ නම්.... කීරි ගහෙයි හඬන සුසුම් ඉවසුම් නෑ මේ පපුවට දැන්... මා වෙනුවෙන් මැව්ව සෙනේ - රහසේම කාටද පුදා.. වෙන් වී දැන් යන්න ඉතින් වෙන්වී යන්නම ඔනේ නම්... අහලම බලන්න......

__ප්‍රමාදය.

ගූගල් දෙවියා එක්කත් මල පනින්නේ මේ වෙලාවට තමයි.... මොන විදියෙන් හෙව්වත් මට දෙන්නෙම අනිත් එවුන් අප්ලෝඩ් කරපු ඉමේජස් මනෙ... චික්.. නැද්ද අළුත් මොනවත්....

අනේ සංසාරේ.....

කතරගම :- අනේ අපෙනුත් ගන්නකෝ.... Facebook :- අනේ අපටත් like එකක් දෙන්නකෝ......__kaZza~"~