රෝස මලයි - කළු දෙබරයි

දුටුවාද පැද්දෙන වැටකෙයියා පඳුරු...
සුළන් පොදක් නැති ගොම්මන් යාමෙක...
වෙරල ඉමේ ඇවිදන් යන විට....
ඇසුනද කළු දෙබරුන් රොන් උරනා හඬ...

මෑත් කොට බැලීමි අත්තේ කෙලවර...
මතකය දිව ගියා නොදුරු අතීතෙට...
ස්ටේසම ලඟදි මට ගස්සාගෙන ගිය...
රෝස මල මෙන්න පෙති ගලවාගෙන...

මලක මෙලෙක දැක බොලඳ වූ මෙමට..
මේකත් හොඳ පාඩමකි හිතුනා මෙමට..
කළු දෙබරා සිනා වෙයි ඉතින් කින්ඬියට..
දෙන්න හිතුනා උගෙ දත් ටික බඩට යන්නට..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...