Posts

Showing posts from August, 2014
Image
if love is a wall which made by collection of bricks and every brick has made with thousands of feelings...
Image
  මගහැරුන තැන් තව ඇති කිසිවකුට හමුවී නැති මට මාද නැති විටකදි නුඹ හිටියාම මට ඇති
මගේ හිත වෙත ආව ගිය අය රිද්දලා ගිය බොහෝ තැන් ඇත..... හෙමින් එකිනෙක තෝරගෙන නුඹ බෙහෙත් කල තැන් සුව වෙමින් ඇත.... මටද අවනත නොමැති මගේ හිත නුඹේ ලඟ දැන් අවනතව ඇත.... ඉතින් නුඹ වෙත හදවතින් මම තවත් වැඩියෙන් පෙම් බඳිනු ඇත....
මං ආසයි අහසට හොරෙන් හඳට යන්න
මගේ කියා තිබු එකම වස්තුව මට හොරෙන් කවුරුද අරන්... දරාගන්නට බැරිව මේ දුක මැරුනොතින් මම වෙඩි තියන්.. වෙඩි වැදී කුඩු වෙච්ච හදවතේ ලොකුම කොටසක් නුඹ අරන්... තබා ගනුමැන නුඹ සන්තකයෙම ලෝකයෙන් හැම වසන් කරන්... කෙදිනකදි හෝ අප පැතු පුතුන් සමගින් මහ එලි තැන්නේ නුඹ ගොසින්... රැගෙන යනු මැන මගේ හදවත ලෝකාන්තය දකිනකන්... තුරුලුවෙන්නට බලාසිටි මම එතන ඉන්නවා මග බලන්.. ගෙනා හදවත මහා හෙල වෙත විසි කරනු දුක ගුලි කරන්.. යලිත් දවසක හමුවෙන්න අප පෙරුමන් පුරමු රත්තරන්... බැන වැදුනහොත් කිසිවකුන් හෝ සමා වුව මැන රත්තරන්... නුඹට බැඳි පෙම එහෙමමයි තව ආදරෙයි මගෙ රත්තරන්
උත්සාහය කැපවීම පීලි දෙක මත දුවන ජීවිතය
හීනයක් ඇත හිතේ පීදුන මටත් නිතරම සතුට ගෙනඑන . ප්‍රේමයක් ඇත හදේ පීදුන ගීතයකි නුඹ නිතර සුගැයෙන
සොඳුර නුඹ ගැන ගෙතූ කවි පද නිතර කියවමි එකක් නෑරම ඉඳ හිට හෝ මේ හිත රිදුන තැන විඳවමින් තව දවයි හදවත
Image