මගේ හිත වෙත
ආව ගිය අය
රිද්දලා ගිය බොහෝ තැන් ඇත.....

හෙමින් එකිනෙක
තෝරගෙන නුඹ
බෙහෙත් කල තැන් සුව වෙමින් ඇත....

මටද අවනත
නොමැති මගේ හිත
නුඹේ ලඟ දැන් අවනතව ඇත....

ඉතින් නුඹ වෙත
හදවතින් මම
තවත් වැඩියෙන් පෙම් බඳිනු ඇත....

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021