Posts

Showing posts from August, 2013
අහන් ඉන්න..
අහගෙන ඉන්න..
එනවද..
ආසයි මට...
ඔහේ කියවන්න..
හිත අස්සේ ගුලිවෙච්ච..
යල්පැනගිය හැඟීම්
එකින් එක පිලිවෙලට...
පැන්නොතින් පෝලිම්..
තෙරපුම වැඩිකමට...
සමාවෙයන් මගේ
බ්‍රේක් නැති හදවතට..
දෙනවද මට
ඔයාගේ පෑන
පොඩ්ඩකට...

මටත් ආසයි ලියන්න
ඔයා වගේ
ලස්සනට...
ගස්ලබු කනගමන්..
රට ඇපල් වලට
ආදරය කරන අපි...

ඇතිදේට වඩා
නැතිදේ ගැන
සිතන අපි...
නෙතට බර වැඩි කඳුලු බිඳුවක්
කොයිවෙලෙත් නෙත තෙමනවා..
සිතට බර වැඩි හැඟුම් පොදි ගෙන
නුඹට කවියක් ලියනවා...
ලියවෙනා කවි එකක් නෑරම
නුඹත් ඇවිදින් බලනවා...
මට හොරෙන් නුඹ ආව ගිය වග
සුපුරුදු නුඹේ සුවඳ මට කියනවා...
මට හරිම
interesting

ඔයාට පට්ට
boring

මගේ කතාව

කියනවාද මටත් හිත හදාගන්න හැටි

Image
මට වගෙම ඔයාටත් දුක දැනෙනවා ඇති
ඒත් නොදැනුන ගානට ඉන්නවා ඇති
මගේ අතෙත් නොකියූ වැරදි තව ඇති
කියනවාද මටත් හිත හදාගන්න හැටි

සංසාරේ කල පව් තව බොහොම ඇති
එකින් එක මේ පලදෙනවා වෙන්න ඇති
එක්වීමට තරම් පිනක් මට නැතිව ඇති
කියනවාද මටත් හිත හදාගන්න හැටි

අහිංසක ඇස් තවත් නුඹ සොයනු ඇති
නේනා බව දැන දැනත් තවත් මග බලනු ඇති
දැනුනොත් අඩුවක් කෙදින හෝ මම නැති
ආපසු හැරී බලුවොතින් එතන මම ඇති

මතකයි තවමත් ආදරේ කියාදුන් හැටි
ආදරේ මුලකුරු ගොත ගහ ගහ කිව් හැටි
මගේ අතෙත් නොකියූ වැරදි තව ඇති
කියනවාද මටත් හිත හදාගන්න හැටි

නුඹට නොකී කවි

ආදරේ ගැන
නොකී කවි මම
තව හිතේ ඇති
හැංගිලා...
ආවොතින් නුඹ
තව වතාවක්
කියමි එකිනෙක
ගලපලා....