කියනවාද මටත් හිත හදාගන්න හැටි


 
මට වගෙම ඔයාටත් දුක දැනෙනවා ඇති
ඒත් නොදැනුන ගානට ඉන්නවා ඇති
මගේ අතෙත් නොකියූ වැරදි තව ඇති
කියනවාද මටත් හිත හදාගන්න හැටි

සංසාරේ කල පව් තව බොහොම ඇති
එකින් එක මේ පලදෙනවා වෙන්න ඇති
එක්වීමට තරම් පිනක් මට නැතිව ඇති
කියනවාද මටත් හිත හදාගන්න හැටි

අහිංසක ඇස් තවත් නුඹ සොයනු ඇති
නේනා බව දැන දැනත් තවත් මග බලනු ඇති
දැනුනොත් අඩුවක් කෙදින හෝ මම නැති
ආපසු හැරී බලුවොතින් එතන මම ඇති

මතකයි තවමත් ආදරේ කියාදුන් හැටි
ආදරේ මුලකුරු ගොත ගහ ගහ කිව් හැටි
මගේ අතෙත් නොකියූ වැරදි තව ඇති
කියනවාද මටත් හිත හදාගන්න හැටි

Comments

Popular posts from this blog

Father's Day 2021