Posts

Showing posts from October, 2012

ගමේ සුවඳ

ගමේ සුවඳ කහවනුවලට දිය කර.. හිරිවැටුනු බඹර තුඩට සුවය සදන.. ගමේ සිහිල හැරදා කොළඹ ආ ඇය.. කොළොම්පුරේ සිට සැදු සිහින මාලිගාව අහිමිව.. මාරයා සමග සටන් කරමින්.. අන්න ජාතික රෝහලේ ඇඳක් උඩ... රොන් ගත් බඹරුන් එයිද පිළිසරණට... ගමේ නෑයන් එයිද මලගමට...
මගේ හදවත පිච්චෙනවා.. මට මේ කිසිදෙයක් තේරෙන්නේ නෑ.. ලන් වෙන්න පැතුවාට සෙවනැල්ල වගේ.. සුලඟක් වෙලා වත් දැවටෙන්න අවසරද.. නුබේ ඔය වතේ.. මුව පුරා හිනැහෙන්න ආසයි මට ඉතින්.. ඒ නැතත් නුඹෙ සිනහවම පතමි මම ප්‍රියේ... තරහක් නෑ නුඹ විඳින්න මට අහිමි ජීවිතේ...
දැන් ආදරේ විකිනෙන්නේ තුට්ටු දෙකට කොටුවේ පේමන්ට් එකේ.. ඉස්සර තමයි ලන්සු තිබ්බේ වෙන්දේසියේ...
ඔයා දන්නවද, මගේ ආදරේට ඩොලර් රේට් එක පරාදයි.... රුපියලට හැරෙන්නවත් බෑ ඒකත් එක්ක
ඔයා අහක බලාගෙන ගැහුවත් හරියටම වදින්නේ මගේ නිල වලට.... මම හරියටම ඉලක්කේ අල්ලලා ගැහුවත් වදින්නේ කොහේවත් තියෙන පඳුරකට...
මට කතා කරන්න බෑ උපතින්ම ගොලුයි මම ජීවත් වෙන්නේ කුලී වැඩ කරලා මගේ අත් දෙකම නෑ.. මම ජීවත් වෙන්නේ වලන් හදන වැඩපලක කකුල් දෙකෙන් මැටි අනලා හම්බවෙන මුදලින්... මම උපතින්ම අන්දයි මම ජීවත් වෙන්නේ පාරේ සින්දු කියලා හම්බෙන මුදලින්... මගේ කකුල් දෙකම නෑ.. මම ජීවත් වෙන්නේ.. රෝද පුටුවෙන් පාරවල් ගානේ ගිහින් ලොතරැයි විකුණලා... මම හොඳට ඉගෙනගෙන කාර්‍යාලයක ගිණුම් වැඩ කරන්නේ... මම කැතයි, කලුයි, කොටයි කියලා එයා මට කැමති උනේ නෑ, මට ඉතින් මෙහෙම ජීවත් වෙලා වැඩක් නෑ, මං යනවා මැරෙන්න... *කවියක් නම් නෙමෙයි, කියවලා ගන්න තියෙන දෙයක් ගන්න... එහෙම දෙයක් හම්බුනේ නැත්නම් කතා කරන්න.. :)
මම අමාරුවෙන් ඔයා කැමති දේවල් වලින් තරාදිය බැලන්ස් කරන්න හදද්දි... ඔයා මං අකමැති දේවල් දාලා එක පැත්තක බර වැඩි කරනවා... ඇයි දෙයියනේ අපිට මීට වඩා ආදරෙන් ඉන්න බැරි...?

අඬන්නට කඳුලු නෑ මට

නුඹට දුන්නු ජීවිතේ නුඹට එපා නම් නුඹට දුන්නු ආදරේ නුඹට එපා නම් නුඹට දුන්නු මෙ හිත නුඹට එපා නම් නුඹට මා මෙන් මටද නුඹ අහිමි නම් රැගෙන යන්න සියලු මතකයන් තවත් අඬන්නට කඳුලු නෑ මට නම්..

නුඹේ රුව

ගලවලා දැම්මා මම බිත්ති පුරා තිබුන දූවිල්ලෙන් වැසුන පින්තූර ඔක්කොම... කැත පින්තූර මොකටද සුදු පාට බිත්තියට බලන බලන තැන නුඹේ රුවම පෙනෙනකොට දෑස් පියා සිටියත් දෑස් ඇර බැලුවත් පෙනුනේ නුඹේ රුවමයි තව තවත් පින්තූර එල්ලන්නේ නෑ මම තවත්
තීන්ත ඉහිරිලා සැමතැන පින්සල් විසිරිලා තැන තැන බාගෙට නිමවූ සිතුවම් ගොඩ අතන ඒත්, තාමත් ආදරෙන් අඳිනවා මගේ පළමු සිත්තම....

ඒ සඳ ගැනයි

බොහෝ විට වලාකුලු විත් වසා සිටියත් නුඹ... දකින සුලු මොහොතක පවා සනසයි මගේ හද නුඹ...

කවි පොත Missed

පරන කුණු ඔක්කොම හොඳ හැටි අතුගාලා ගුලිකර තඩි බක්කියකට තද කර ඔබාලා විසි කෙරුවා ලොබ කම් පැත්තක තියාලා අද උදේ නැගිට බලුවෙමි කවි පොත සොයාලා මලකෙලියයි ඒකත් මම කුණු ගොඩටම විසි කරලා නොදැනිම මගේ අත ලොකු වරදක් කරලා මගෙ තනිකම ගැන නුඹ විතරයි දැනගෙන උන්නේ.. හිතට ආපු හැම මගුලම එතනනෙ තිබුනේ... දුටුවොත් මගදි මගහැරදා නුඹ නොයන්නේ... පිං සිදුවෙයි පොත හැකිනම් රිටර්න් කරන්නේ...
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා...
මගේ හතවත ලිපේ තියලා ඔයා යන්න ගියා... හැඟීම් සිතුම් ගිණි දලු ලා හොඳටම ඇවිලෙනවා... දරාගන්නට බැරි තරමටම හදවත පිච්චෙනවා... හඳුනාගත්තොත් ඉතින් ඔබ මා....

එකම concept එක, වෙනස් විදියට

ගමේ කඩේ _________________ ණයට ඉල්ලා අමනාප නොවන්න... නගරේ කඩේ _________________ VISA/ Master card accepted
හිතාගත්තාට වහලාම තියන්න අදත් අමතක උනා යතුර ගන්න හැම එකාම ට්‍රයි හොරෙන් රින්ගන්න අහුමුලුවල කුනු හොයන්න
තනිකමින් හමදාම මම උන්නේ කාමරේ ලඟකදි ඉඳන් දැල් බැඳන් මකුලුවෙක් කෙලවරේ ඊයේ වෙනකන්ම ඌ හිටියා පාඩුවේ අද මෙන්න පැටලිලා තව එකෙක් උගේ දැලේ තනිකඩව හිටි වෙලේ ඌ හිටියා මං වගේ ඌත් දැන් හිනාවෙන්නේ මට කින්ඩියට වගේ ඇයි යකෝ බොටත් දැන් මුල අමතකයි වගේ දැන ගනින් උඹ ඉන්නේ තවම මගේ කාමරේ කේන්තියෙ නිසා මන් කිව්වේ සැරයෙන් වගේ දැල දමා උන් ගිහින් බලනකොට අද උදේ මට පුරුදු තනිකමේ ආයේ තනි උනා වගේ ගිය තැනක සතුටින් ඉඳින් මගෙ මකුලු යාලුවේ..
වතුර 1%කුත් හැඟීම් 99%ත් එකතු වෙලා හැදුන කඳුලක් ඔන්න දැනුත් වැටුනා...
පාළුවයි තනිකමයි ගොඩ ගැහුන කාමරේ... ආදරේ අරගෙනම ආවොත් අද උනත් ඉඩ තියේ... මහ දවල් දුටු හීන එසැනෙකින් සැබෑවේ.. මගේ හීන ලෝකෙටත් හොඳ කලක් උදාවේ...
කාමරේ මුල්ලක තනිවෙලා උන් සිතුම් පොදි එකිනෙක අරන් තුඩු කැඩී පරන වී ගිය පැන්සල් කොටත් එකතු කරන් කෙලවරක් මීයන් කා දැමු කැන්වස් රෙද්දකුත් දිගහැරන් රැයක් නිදිවරා ඇන්ද සිතුවම මෙන්න බොලේ අද හොරු අරන්...
පිළිවෙලක් නැති මගේ සිතිවිලි එකින් එක ගෙන අමුනලා ලියූ කවි ඇති හැම කොලේකම කාමරේ හැමතැන විසිරිලා මගෙන් අවසර නොගත් සුළඟක් අද හවස මෙහි පැමිනිලා නුඹට ලියු කවි එකක් නෑරම හිරු සඳුට ගෙනිහින් පවසලා කවිත් නෑ මට නුඹත් නෑ අද මගේ කාමරේ මම තනිවෙලා තනිකමත් මට අහිමි කර අද හිරු සඳුත් එකවර පායලා
නිකන් තිබිලම වල් වැදීලා පාලු වී ගිය හදවතක් සින්නක්කරව ලබාගෙන සංවර්ධනය කිරීමට කැමති අයෙක් වෙතොත් අමතන්න..
දෑසත් පියා සුදුවතින් සැරසිලා දෑතත් එකට බැඳ තබා නුඹ ඉඳියි අද සැතපිලා.. වෙනදා නුඹ සිටියා මා එනතුරු දොරකඩට වෙලා සිනහව කතාව නැවතිලා නුඹ ඉඳියි අද සැතපිලා.. මා තවමත් හිඳියි නුඹ ලඟටම වෙලා මගේ රන් කඳ ඇයි මා තනි වෙලා නුඹ ඉඳියි අද සැතපිලා.. මගේ ජීවිතෙත් මග නැවතිලා නුඹේ චරිතය හදිසියේම නවතලා යන්නේ කොහේද ප්‍රියේ මා දමා නුඹ ඉඳියි අද සැතපිලා..
ඇති එකා වෙත පෝලිමේ එති කෙල්ලෝ ආදරේ ඉල්ලලා... නැති එකා හට මොකෙක්වත් නැති හිතෙහි ආදරේ පල් වෙලා..

ආයුර්වේද සම්බාහන

ඇඟ අතගාගන්න 1000යි... ඇඟ අතගානවනම් තව 1000යි අඟත් අතගාගන්නවනම් තවත් 500යි අනිත් ඒවා ඔප්ට්ශනල්
අතට අසුවන හැඩ ගලපමින් මවා ගත්තෙමි නුඹේ රුව මම කනට ඇසෙනා හඬ ගලපමින් මවා ගත්තෙමි නුඹේ හඬ මම තනිවෙලා මම අඳුරු ලෝකෙක එළිය කවදද දකින්නේ මම දහසකුන් නෙක ප්‍රශ්න අසමින ලොව දකින්නට වෙර දරමි මම නිරතුරා මගේ ලඟම රැඳෙමින අඳුරු ලෝකෙට පහණ වුනි ඔබ හෙට දිනක යලි එලිය දකිනට දිරිය දුන් ඔබේ හඬ නොමැත අද වෙනදා උදයෙම ලඟට විත් හිඳ නලලත සිඹ උනි මා තුරුල් කර මහ සෙනග විත් කෑ ගසන හඬ සමහරෙකු ඉඳහිට ඉකි ගසයි තව ඇසුනි සමහරු විමසනා හඬ අර ඉන්නේ තනි වුන කොලු පැටියා නෙව දින දෙකක් ගතවුනි නොනිදාම මම ඔබේ හඬ තවම නෑ ඇසුනේ මගේ කනට මටත් නොකියා නුඹ ගොසින් ඇත මගේ ලොව තිබු එකම පහණ් සිල පතමි නුඹ හට උතුම් බුදු බව මතු සසරෙ උපදිනා භවයෙක
මම ගැහුවා වඳුරු තඩියෙකුට තඩි ගලකින්.... ඩෝං..... අප්පටසිරි... ජනෙල් වීදුරුව කුඩු... ගල ගහලා තියෙන්නේ වීදුරු ජනේලෙන් මෙහා පැත්තේ ඉඳන්නේ.... :(
අලුතෙන් හැදුන පාලම දෙස කඳුලු මුසු සතුටකින් පාලු පාරුව මත ඉඳ බලා සිටින තොටියා නුඹ.... අලුත් පාලමේ උජාරුවෙන් ඇවිද යන මුල අමතක නැහැදිච්ච කොල්ලා මම... ලෝක දෙකක තනිවූවද එකම ඉර හඳෙන් එලිය ලබන අප....
ඇවිද යන්නට නුඹත් සමගම එන්න හිතුනද ඉඩක් නෑ මට සිහින අහසක තනිවෙලා මම නුඹ මගහැරුනු තැන ඉතින් නුඹත් සමු ගන්නේ නෑ මමත් සමුදෙන්නේ නෑ පරව යනමුත් සිහින පැතුම් ගිලිහෙන්නේ නෑ..
හිතට නිවනක් නැති උනොත් මම ඔහේ කවියක් ලියනවා ලියන්නට කවි වදන් නැති විට පරණ ගොනුවෙත් සොයනවා සොයාගත් කවි එකින් එක ගෙන වැරෙන් පොලවේ ගසනවා එවන් විටකදි මගේ හිතටත් ලොකුම අඩුවක් දැනෙනවා ඉතින් ආයෙම වරක් ඔබ ලඟ තුරුලු වෙන්නට හිතෙනවා
කොලේ, මලේ, ගෙඩියේ බර වැලට ගානක් නැති උනාට.... බලන් ඉන්න උන්ට තමයි අමාරුව...
පුළුවනි නම් ඔයාට එකම අවස්ථාවක් දෙන්න ජිවිත කාලයක්ම ඔයාගෙ හිත ලඟට වෙලා ඉන්න මට ඔයා ලඟට වෙලා මොහොතක් ඉන්න...