පිළිවෙලක් නැති මගේ සිතිවිලි
එකින් එක ගෙන අමුනලා
ලියූ කවි ඇති හැම කොලේකම
කාමරේ හැමතැන විසිරිලා

මගෙන් අවසර නොගත් සුළඟක්
අද හවස මෙහි පැමිනිලා
නුඹට ලියු කවි එකක් නෑරම
හිරු සඳුට ගෙනිහින් පවසලා

කවිත් නෑ මට නුඹත් නෑ අද
මගේ කාමරේ මම තනිවෙලා
තනිකමත් මට අහිමි කර අද
හිරු සඳුත් එකවර පායලා

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...